විවාහයට සූදානම් වෙමින් සිටි මනාලියට ඇයගේ පැරැණි පෙම්වතා විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ බරපතළ පිලිස්සුම් තුවාල කිරීමේ සිද්ධියක් වැලිගම දෙනිපිටිය මධුරාපුර ප්‍රදේශයෙන් පසුගිය 27 වාර්තා වූ බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.
ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ මනාලිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටී.
ඇය සැකකාර තරුණයා සමග වසරකට ආසන්න කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇතැයි ද, ඔහු මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා දෙමාපිය විරෝධය මත එය නවතා ඇතැයි ද කියති.
තරුණිය 27 වැනිදා වෙනත් තරුණයකු සමගින් විවාහ වීමට සියලු කටයුතු සූදානම් කර තිබිය දී අලුයම 3ට පමණ ඇගේ නිවසට ඇතුළු වී ඇති පැරැණි පෙම්වතා, මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම විවාහය ගාල්ල ප්‍රදේශයේ දී සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි. ඇසිඩ් ප්‍රහාරය එල්ල වන විට මනාලිය නිවසේ නිදාගෙන සිට ඇති බව පොලිසිය කියයි. තරුණිය ප්‍රේම සම්බන්ධතාව අතරමග නවතා වෙනත් තරුණයකු සමග විවාහ වනවාට පලිගැනීමක් ලෙස මෙම අපරාධය සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
ඊට සම්බන්ධ මදුරාපුර පදිංචි සැකකාර තරුණයා වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
gossiplankanews










