• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩු ඡන්ද කල්දාන්න හදනකොට උසාවි ඡන්ද තියන්න නියෝග කළේ මෙහෙමයි… මේ සැරෙත් මේකම වෙයිද?

October 25, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
ආණ්ඩු ඡන්ද කල්දාන්න හදනකොට උසාවි ඡන්ද තියන්න නියෝග කළේ මෙහෙමයි… මේ සැරෙත් මේකම වෙයිද?
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය පාලනය පහසු කරවන මෙවලමක් ලෙස ගම්මාන විධිමත් පාලනයකට යටත් කිරීම පුරාතන සමාජයන්හි පවා දක්නට ලැබුණු ලක්ෂණයකි. ගම් පාලන ක්‍රමය ක්‍රි.පූ. 5 වැනි සියවසයේදී පමණ සිදුවූ ආර්යයන්ගේ පැමිණීමත් සමග මෙරටට හඳුන්වා දෙනු ලැබූ බවත්, එය ඉන්දියාවේ ජනප්‍රියව පවතින පංචයත් නමැති ග්‍රාම පාලන ක්‍රමයට සමාන බවත් පිළිගැනේ. එලෙසින් ආරම්භ වූ ලංකාවේ ගම්මාන සහ ගම් පාලනය 3 වැනි පරාක්‍රමබාහු රජ සමයේදී වඩාත් දියුණු තත්ත්වයක පැවැති බවත්, එකල්හි රුහුණු මායා පිහිටි යන ත්‍රි සිංහලය පුරා පැතිරුණු ගම්මාන ලක්ෂයකට වඩා තිබූ බව කියවේ. මෙම ක්‍රමය දීර්ඝ කාලීනව දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පරිණාමය වෙමින් ශ්‍රී ලංකාවේ අතීතයේ ක්‍රියත්මක වූ ගම්සභා ක්‍රමය දක්වා වර්ධනය වූ බවත් කියැවේ.

පසුකාලීනව ලංකාව අත්පත් කරගත් බි්‍රතාන්‍යයන් පවා මෙරට පැවති ග්‍රාම පාලන ක්‍රමයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට උත්සුක විය. 1856 දී හෙන්රි වෝර්ඩ් ආණ්ඩුකාරයා ගම්සභා ක්‍රමය පණගන්වා ඉදිරියට ගෙන ආවේය. මේ ආකාරයේ දීර්ඝ ඉතිහාසයක් ඇති ලංකාවේ ගම්සභා ක්‍රමය 1980 දී අහෝසි කර ඒ වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා සහ ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමය ස්ථාපනය කරන ලදී. එකී ග්‍රාම පරිපාලනය ආයතන තව දුරටත් වෙනස් කරමින් 1987 අංක 15 දරන ප්‍රදේශීය සභා පනත මගින් ශ්‍රී ලංකාවට ප්‍රාදේශීය සභා හඳුන්වා දෙනු ලැබීය. දැන් ශ්‍රී ලංකාවේ පුංචි ආණ්ඩු ලෙස සලකනු ලබන්නේ මෙකී ප්‍රාදේශීය සභාවන්ය.

මේසා දිග පූර්විකාවක් ඔබ හමුවේ තබනුයේ අතීත ග්‍රාම පරිපාලනය ගැන කතිකාවකට නොව ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යය වර්තමානයේදී පත්වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය ගැන යමක් කියන්නටය.

ලාංකේය දේශපාලන බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක පරිපාලන ව්‍යුහයක් වන පළාත් පාලන ආයතනවලට අදාළ නියෝජිතයන් පත්කර ගැනීම මේ වන විට ආණ්ඩුව හිතාමතා දැඩි අර්බුදයකට පත්කර ඇත. ඒ, ලබන වසරේ මාර්තු මසයට පෙර පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය තම වාසිය තකා කල්දැමීමට පිඹුරුපත් සැකසීම තුළිනි.

දේශපාලන වශයෙන් කෙසේ අර්ථ දැක්වුවද ශ්‍රී ලංකාවේ අද පවතිනුයේ එ.ජා.ප. පොදුජන පෙරමුණු ඒකාබද්ධව සෑදුණු අර්ධ මිලිටරි පාලනයකට සමාන පාලන ව්‍යුහයකි. එවන් පාලන ක්‍රමයක් තුළ ජනතා පරමාධිපත්‍යය යනු හුදු නාමමාත්‍ර සංකල්පයක් පමණි. ලබන වසරේ මාර්තු 22 වැනිදාට පෙර පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගනු වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට කඩිමුඩියේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට සිතක් පහළ වනුයේ එකී අර්ධ මිලිටරි මානසිකත්වය යටතේය. පාර්ලිමේන්තුවේ බහුතරය හොබවන පොදුජන පෙරමුණටත්, එක් මන්ත්‍රී ධුරයකට පමණක් අයිතිවාසිකම් කියන එ.ජා.ප. යටත් මේ මොහොතේ මැතිවරණයක් යනු බියකරු සිහිනයකි. ඡන්දයක් ජයගනු තබා එවැන්නක් ගැන සිතීමටවත් ඔවුනට නොහැක. එබැවින් යෝජිත ඕනෑම මැතිවරණයක් කල් දැමීම වෙනුවෙන් අතක් නොව දෑතම ඉස්සීම ඔවුනට සුළු දෙයකි. නිසි කලට මැතිවරණයක් අප ඉල්ලන්නේ එවන් පක්ෂ සංයුතියක් සහිත ආණ්ඩුවකිනි.

අද වන විට ශ්‍රී ලංකිකයන් මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ සංකීර්ණතම අර්බුදයටය. එවන් අර්බුදයක් හමුවේ සිටිනා මිනිසුන්ට මැතිවරණ ඉල්ලා වීථි බසින්නට තරම් ඉස්පාසුවක් නැත. ඒ බව ඉඳුරාම දන්නා වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දමන්නට නොබියව උත්සාහ ගනිමින් සිටී. එහෙත් කොතරම් අර්බුද මැද්දේ වුවද සටන්කාමී මිනිසුන් ජනතා අයිතීන් වෙනුවෙන් සටනට පිවිසීම ඉතිහාසය පුරා නැවත නැවතත් දැකගත හැකි තත්ත්වයකි. ආණ්ඩුවේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ දුෂ්ට උත්සාහයට එරෙහිව සටන් කරන්නටද ඒ ආකාරයේ මිනිසුන් පිරිසක් මේ වන විටත් පෙරමුණට පැමිණ සිටී. රටේ ප්‍රධාන විපක්ෂය සමග එක්ව වැඩකරන ‘සමගි තරුණ නීතිඥ බලවේගය’ නම් මේ ජන එකමුතුව මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කල් දැමීමේ ප්‍රයත්නය නිවැරැදිව වටහා ගන්නට පමණක් නොව ඊට එරෙහි සටනට කඩු මුවහත් කරන්නටද පටන්ගෙන තිබේ.

‘ජනතාවගේ ඡන්ද අයිතිය පික් පොකට් ගසන්නට වලිකන ආණ්ඩුවට එරෙහිව තමන් කරන සටන ගැන සමගි තරුණ නීතිඥ බලවේගයේ සභාපති නීතිඥ තාරක නානායක්කාර දරනුයේ මෙවැනි අදහසකි. ‘දැනට රටේ ක්‍රියාත්මක පළාත් පාලන ආයතන බලයට පත්වූයේ 2018 වර්ෂයේ. මේ පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු මාසයෙන් ඉවරයි. නිවැරැදි ක්‍රමයට ඡන්දය තිබ්බා නම් 2022 මාර්තු මාසයේ පළාත් පාලන මැතිවරණය පැවත්විය යුතුව තිබුණා. ඒත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව එම මැතිවරණය නියමිත කාලයට පැවැත්වූයේ නෑ. ඒ සඳහා ඔවුන් පළාත් පාලන පනත මගින් විෂය භාර අමාත්‍යවරයාට පවරා ඇති ප්‍රතිපාදන පාවිච්චි කරලා මැතිවරණය වසරකින් කල් දැම්මා. එලෙස දීර්ඝ කරන ලද කාලය 2023 මාර්තු 23 වැනිදා අවසන් වෙනවා. ඒ අනුව ඊට පෙර පළත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්විය යුතුයි. එත් ආණ්ඩු එම දිනට මැතිවරණය නොපවත්වා එම අභියෝගය මඟහරින්නට කටයුතු කරනවා’ නීතිඥ තාරක නානායක්කාර පවසන්නේය.

ආණ්ඩුවෙ මෙම උත්සාහයට විරුද්ධව සටන් කරන්නට සමගි තරුණ නීතිඥයෝ සන්ධානගත වූහ. වීථි සටන්වලින් පිරීගිය මාස හතරක් පහක් ගෙවාදැමූ අපට සමගි තරුණ නීතිඥයන්ගේ සටන එක්තරා විදියක අමුතු අත්දැකීමකි. මුළුමනින්ම වෘත්තීය ස්වරූපයක් ගත් එම සටන මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් අරඹා ශ්‍රේෂ්ඨාධිකරණය තෙක් ගෙන යන්නට සැලසුම් කර ඇත. නීතිඥ තාරක නානායක්කාරගෙන් අප ඒ පිළිබඳ විමසූවෙමු.

‘ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව දෙකම ඉන්නේ ජනතාව හමුවට යන්න බැරි තත්ත්වයක. ඒ නිසා ඒ අය මැතිවරණය කල් දාන්න හදන්නේ. නීතිය දන්නා ඒ වගේම නීතියට ගරු කරන පිරිසක් හැටියට අපිට බෑ ඒකට ඉඩ තියන්න. අපි මේ පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තියෙනවා. ආණ්ඩුව පැත්තෙන් ජනාධිපති කියන කතාව තමා සභික ධුර අඩුකිරීම. ඒක සංකීර්ණ ක්‍රියාවක්. ඒ සඳහා කොට්ඨාස අඩුකරන්නත් වෙයි. එතකොට සීමා නිර්ණයට යන්න වෙනවා. ඒක ආණ්ඩුව හිතාමතා ගහපු ගැටයක්. මොකද එතකොට අවුරුදු දෙක තුනකින් තමා මැතිවරණය තියන්න වෙන්නේ. මේ ඔක්කොම කල් ඇදෙන වැඩ…’ ඔහු පවසන්නේය.

පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ආ අවසන් අවස්ථාවේ එය ශ්‍රේෂ්ඨාධිකරණයේ සුපරීක්ෂණයට බඳුන් වූ අතර එහිදී ලබාදුන් තීන්දුවෙන්ද මැතිවරණය ජනතාවගේ මූකික අයිතියක් බව තහවුරු කර ඇත. ඊට අමතරව එගොඩවෙල/මැදිවක එරෙහිව දයානන්ද දිශානායක අංක 2001/1/SLR/177 දරන නඩුවේ තීන්දුව මගින්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඉ) වගන්තිය මගින් තහවුරු කර ඇති සර්වජන ඡන්ද බලයේ ජනතා පරමාධිපත්‍යයේ අයිතිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නතර නොවී පළාත් පාලන මැතිවරණ තෙක්ම පුළුල් වන බව පවසා ඇත. ඊට අමතරව අංක SCFR/35/2016 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින්ද මැතිවරණය ජනතාවගේ මූලික අයිතියක් බව තහවුරු කර තිබේ.

මෙකී නීති පසුබිම පිළිබඳ අප හා අදහස් දැක්වූ නීතිඥ උදයන කිරිඳිගොඩ පැවැසූවේ මැතිවරණ කල් දැමීම මගින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බව අධිකරණය වරක් නොව කිහිප වරක් සිය තීන්දු මගින් තහවුරු කර ඇති බවයි. ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා පැමිණවීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) අ වගන්තියෙන් තහවුරුව ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් අංක SCFR/25/26/2002 දරන සෝතිලිංගම් නවනාදන්/කනපතිපිල්ලෙයි එරෙහිව දයානන්ද දිශානායක නඩුවේ තීන්දුවෙන්ද තහවුරුව ඇති බවත් පැවැසීය. ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමක් බවත්, ජනතාවගේ රහස් ඡන්දය මූලික අයිතිවාසිකම්වලට අයත් බවත් අංක 1999/1/SLR/157 දරන දේශප්‍රිය/කරුණාතිලක එරෙහිව මැතිවරණ කොමසාරිස් සහ තවත් අය නඩුවේ තීන්දුවෙන්ද තහවුරු වෙන බවත් නීතිඥ උදයන කිරිඳිගොඩ පවසයි.

එහෙයින් පළාත් පාලන මැතිවරණය කල්දැමීම පවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේ යැයි කිසිවෙක් තර්ක කරන්නේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

මේ අනුව බලන කල මාර්තුවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවට කොතෙක් අවශ්‍ය වුවත් ඊට නෛතික බාධාවන් බොහෝ බව වටහාගත හැක. එහෙත් පාර්ලිමේන්තුව සතු නීති සම්පාදනය කිරීමේ බලය යොදාගනිමින් පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන එමින් එය බලාත්මක කරන තෙක් මැතිවරණය කල් දමන්නට ආණ්ඩුවට හැකි නොවේදැයි අප නීතිඥ තාරක නානායකක්කාරගෙන් විමසුවෙමු.

‘ආණ්ඩුව ඒ උත්සාහය ගත්තොත් අපි ඊට විරුද්ධව අධිකරණයට කරුණු දක්වනවා. එවැනි අවස්ථාවක මැතිවරණය පවත්වන තෙක් මන්ත්‍රී ධුර බලාත්මක කර පවත්වාගෙන යාමට විරුද්ධව අපි කරුණු දක්වනවා….’ ඔහු පවසන්නේය. ආණ්ඩුව මොන දහන් ගැටයක් ගැහුවත් පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට මැතිවරණ කොමිසම උනන්දුවක් දක්වනු ඇති බව සමගි තරුණ නීතිඥයෝ විශ්වාස කරති. එහෙයින් මේ දිනවල ආණ්ඩුවේ හැසි‍රීම් නිරීක්ෂණය කරමින් ඉදිරියේදී ගතයුතු පියවර සඳහා ඔවුහු සූදානම් වෙති. එබැවින් තම හිතුමනාපෙට පළාත් පාලන ඡන්දය කල්දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහය සාර්ථක කරගැනීම හිතන තරම් පහසු නොවන බව පැවසිය හැක. මන්ද යත් මෙවර ජනතා අයිතීන් රැකගන්නට විද්වත් පෙරමුණක් සමග සටනට ආණ්ඩුවට සිදුවන බැවිනි. කල් ඉකුත්වූ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලින් පමණක් ජනතා සටන් මර්දනය කර පුරුදු ආණ්ඩුවකට සමගි තරුණ නීතිඥ බලවේගය සමග කරන සටන සිතූ තරම් පහසු නොවනා බව අවසන් වශයෙන් සඳහන් කර සිටිමු.

රජු කේන්ද්‍ර කරගත් පාලනයක් ක්‍රියාත්මක වූ අතීත සමාජයේ පවා ගම්මාන පාලනය ගමරාළලා දක්වා විමධ්‍යගත කර තිබුණේ ප්‍රාදේශීය වශයෙන් ජනතාව පරිපාලනයට සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාව වටහාගෙන තිබූ බැවිනි. නොඑසේ නම් අතීතයේදීද ප්‍රාදේශීය පාලනය රජුට ඍජුව වගකියන නිලධාරීන් කිහිප දෙනකුට පවරන්නට හැකියාව තිබිණි. එහෙත් වත්මන් පාලකයන්ට රජවරුන්ට තිබූ දැක්ම නැත. පළාත් සභා මැතිවරණය නොපවත්වා සියලු පළාත් සභා ආණ්ඩුකාරවරුන්ට පවරා ඒ ඔස්සේ පළාත් සභා සතු බලතල ජනාධිපති අතට ගත්තා සේ පළාත් පාලන මැතිවරණය කල්දමා පළාත් පාලන ආයතන සතු සියලු බලතල කොමසාරිස්වරුන් හරහා විෂය භාර අමාත්‍යවරයා යටතට ගන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටී. ඒ උත්සාහයේ අවසානය වනුයේ පළාත් සභා සතු බලතල මෙන් පළාත් පාලන ආයතන සතු බලතලද ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවේ ලස්සනම තැන පානම සීක්‍රට් පොයින්ට් අල්ලන්න හදන ඇමැති කවුද?

Next Post

බ්‍රිතාන්‍ය අලුත් අගමැතිට රනිලුත් සුබ පතයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.