• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිපය හදන්න ගිහින් දයාසිරිට වුණේ විජයට වෙච්ච දේමද I Sri Lanka latest News

September 18, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිය. ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා වූයේද ඔහුය. ආන්දෝලනාත්මක කතා සඳහා රුසියෙක් වූ ඔහුගෙන් මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා අපූරු පැනයක් විමසුවේය. ඒ ශ්‍රීලනිපයේ බෙදීම ගැනය. ඊට පිළිතුරු ලෙසින් මෛත්‍රී පැවැසුවේ සියලු දේශපාලන පක්ෂ බෙදී ඇති බවත් නොබෙදුණු දේශපාලන පක්ෂ රටේ නැති බවත්ය. ඒ කතාව ඇත්තම ඇත්තය. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ බෙදෙනා වේගය ආලෝකයේ වේගයට සමාන යැයි සිතෙන තරමට සියලු දේශපාලන පක්ෂ වේගවත් බෙදීමකට ලක්වෙමින් පවතී.(Sri Lanka latest News)

ශ්‍රීලනිපයෙන් වෙන්ව ගිය කණ්ඩායමක් බිහිකළ පොදුජන පෙරමුණ මේ වනවිට කෑලි කීයකට බෙදී ඇත්දැයි මෙහි නොලියන්නේ පත්‍රය මුද්‍රණය කරන අවස්ථාව වන විට එම සංඛ්‍යාව වලංගු නැති වීමට ඉඩ තිබෙන බැවිනි. මේ දිනවල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ස්වාධීන වීම නිතර දැකගත හැකි අතර, එසේ ස්වාධීන වන මන්ත්‍රීවරුන් පක්ෂයක් හෝ සන්ධානයක් අටවා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මාධ්‍යවේදීන්ට කී කතාව ඇත්තෙන්ම නිවැරැදිය.

මේ දිනවල ලංකාවේ දේශපාලන තත්ත්වය විමසීමේදී වඩාත් හොඳින් දැකගත හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමය. ලෝකයට සඟවමින් ඇතුළතින් පවත්වාගෙන ගිය ශ්‍රීලනිප අර්බුදය පසුගියදා කරළියට එන්නේ එහි මහ ලේකම් ධුරය හෙබවූ දයාසිරි ජයසේකර එම ධුරයෙන් නෙරපන්නට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීමත් සමගය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක, ඩී.ඒ. රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂය හැරදමා ගොස් 1952 සැප්තැම්බර් 02 වැනිදා ශ්‍රීලනිපය පිහිටුවාගත් අතර, එහි සමාරම්භක මහලේකම් ධුරය දරනුයේ මාතලේ සිට පැමිණි බර්නාඩ් අලුවිහාරේය. ඔහුගෙන් ඇරඹෙන ශ්‍රීලනිප මහලේකම් නාමාවලියේ දයාසිරි ජයසේකර දොළොස්වැනි මහාලේකම්ය. මෙම මහලේකම්වරු 12 දෙනාගෙන් හතර දෙනකුම ඉවත් කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලයේය.

2014 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වනුයේ අන්තිම මොහොතේය. එය කෙතරම් රහසිගතව සංවිධානය වූයේද යත් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශ කිරීමට පැය 18කට පෙර මෛත්‍රීපාල සිරිසේන රාත්‍රී ආහාරය ගත්තේ මහින්ද රාජපක්ෂ සමග බව පසුව අනාවරණ විය. එමෙන්ම ඒ වන විට ඔහු පක්ෂයේ මහලේකම්වරයා විය. ජනාධිපති ධුරයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කර පැය 24ක් යන්නට පෙර මෛත්‍රීපාල සිරිසේන දරමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය ධුරය සහ පක්ෂ මහලේකම් ධුරය ඔහුට අහිමි කිරීමට එවක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ කටයුතු කළේය.

මෛත්‍රී දැරූ මහලේකම් කම හිමිවූයේ කටුගම්පොලින් පාර්ලිමේන්තුවට ආ අනුර ප්‍රියදර්ශන යාපාටය. එහෙත් මහින්දගේ කෙරුම් නිම කරමින් 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රී ජනාධිපති වූයේය. ජනපති වී ටික දිනකින් මෛත්‍රීට සිය නිර්පාක්ෂික බව අමතක වූයේය. ඔහු ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයට ගොස් එහි බලය අල්ලා ගත්තේය. ඉන් අනතුරුව ඔහු කළ මුල්ම ක්‍රියාව මහලේකම් ධුරය දැරූ අනුර ප්‍රියදර්ශනගේ ටිකට් කැපීමය.

අනුර ප්‍රියදර්ශන යාපා ඉවත් කිරීමෙන් පසු මහලේකම් වූයේ දුමින්ද දිසානායකය. 2015 අගෝස්තු 14 වැනිදා මහලේකම් ධුරය භාරගත් දුමින්ද, 2018 ජූනි 03 වැනිදා තනතුරින් පහකරන්නට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරන්නේය. ඉන් පසු ඔහු ශ්‍රීලනිප මහලේකම් ධුරය සඳහා දේශපාලනඥයෙක් නොවූ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වූ රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කරන්නේය.

2018 වසරේ ජුනි 03 වැනිදා වැඩ අරඹන රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ලේකම් ධුරය 2019 ජනවාරි මස 03 වැනිදා නිමා කරමින් ඒ තනතුර සඳහා දයාසිරි ජයසේකර පත්වෙන්නේය. එලෙස මහලේකම්කම භාරගත් දයාසිරි ජයසේකර, පසුගිය සතියේ එළවා දමන්නට කටයුතු කළ මෛත්‍රී වැඩ බලන ලේකම් ලෙස සරත් ඒකනායක පත්කරන්නේය. එහෙත් සරත් ඒකනායකට වැඩ බලනවා තබා ඒ ගැන සිතන්නටවත් ඉඩ නොතියා හිටපු ලේකම් දයාසිරි ජයසේකර උසාවි ගොස් තහනම් නියෝගයක් ලබාගන්නේය. අවසානයේ පක්ෂයේ මධ්‍යම කාරකසභාව විසින් සාරතී දුෂ්මන්ත වැඩ ආවරණ මහලේකම් ලෙස පත්කරන්නේය.

දයාසිරි ජයසේකර මහලේකම්කමින් නෙරපීම යනු හුදු අහම්බයක් නොවේ. එහි ආරම්භය ගෝඨාභය රාජපක්ෂ ජනපතිකම හැරදමා පලාගොස් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාරගත් කාලවකවානුව තෙක් විහිදෙන්නේය. රනිල් යනු පොහොට්ටුවේ අවශේෂ ජනයාගේ දැඩි විවේචනයට ලක්වූ දේශපාලනඥයාය. ඊටත් රනිල්ට වැඩි කලක් අගමැතිකම දරන්නට අරගලකරුවෝ ඉඩ නොතබන බව පොහොට්ටුවේ අය පවා විශ්වාස කළහ.

එහෙයින් ඔවුන්ගෙන් බහුතරය සිටියේ අතේ දුරිනි. නමුත් රනිල් යනු දේශපාලනයේ නූල් සූත්තර මුල සිට අගටත් අගසිට මුලටත් වනපොත් කළ අයෙකි. එහෙයින් ටික කලක් යද්දී රනිල් අගමැතිකමෙන් ජනපතිකමට මාරු වෙන්නේය. ඒ සමගම සැකබිය අතහැර බහුතරයක් ඔහු සමග එක්වන්නේය. 2018 යහපාලන රජයේ අගමැතිකම උදුරා රනිල් දේශපාලන වංකගිරියක අතරමං කරන්නට ගොස් අධිකරණය විසින් පස්ස බිම ඇන්නූ මෛත්‍රීපාල සිරිසේනටද ආණ්ඩුවට එක්වීමට ආසාවක් තිබුණද රනිල් ඔහු ගණන් ගත්තේ නැත.

මෛත්‍රී නොඉල්ලා ඉල්ලූ අගමැතිකම රනිල් දුන්නේ රෝයල් එකේ තම ක්ලාස්මේට් වූ දිනේෂ්ටය. ඉන් අනතුරුව සිය මාමාගේ දේශපාලන න්‍යායට අනුව වැඩ අරඹන ඔහු මෛත්‍රීගෙන් තම පරණ ඇරියස් එක කවර් කරගත්තේ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් වූ නිමල් සිරිපාල සිල්වා, මහින්ද අමරවීර වැනි අයට ඇමැති ධුර ලබාදී ඔවුන් තම ළඟට ගැනීමෙනි. ගාලුමුවදොර අරගලය දියකළ රනිල්ට ශ්‍රීලනිපය කඩාබිඳ දැමීම සුළු දෙයක් බව මුලින්ම දැනගත්තේ දයාසිරි ජයසේකරය. ඔහු පක්ෂයේ තීන්දුව ඉවතලා ආණ්ඩුවේ ඇමැතිකම් ගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට විනය පියවර ගන්නට උත්සාහ ගන්නේය.

එහෙත් මෛත්‍රී ඊට සහාය දෙන්නේ නැත. පක්ෂයේ ආසන සංවිධායකවරුන් බහුතරයක් දයාසිරි සමග හිටගන්නේ ඔහු පක්ෂය රැකගන්නට ගන්නා උත්සාහය අගය කරමිනි. එහෙත් ආසන සංවිධායකවරු දයාසිරි වටා සිටගැනීම මෛත්‍රී දකින්නේ වෙනත් ආකාරයකටය. මහලේකම් මෙතරම් ජනප්‍රිය වීම මෛත්‍රී කියවාගන්නේ තම නායකත්වයට තර්ජනයක් ලෙසය.

අවසානයේ පක්ෂයේ 72 වැනි සංවත්සරය හෙට්ටිපොළදී පවත්වන්නට තීරණය වන්නේය. හෙට්ටිපොළ යනු දයාසිරිගේ බළකොටුවය. ඕනෑම කුකුළෙක් තම කොටුවේදී හොඳින්ම කොටන බව ප්‍රකට කරුණකි. ඒ අනුව දයාසිරි පක්ෂ සංවත්සරය ඉහළින් සංවිධාන කර ලකුණු ලබාගන්නා බව ආණ්ඩුවට ගොස් සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරු දැනගන්නේය. ඔවුන් නිලේ බලා මෛත්‍රීට කටුව ගසන්නේය.

හෙට්ටිපොළ පක්ෂ සංවත්සරයට බැනර් පෝස්ටර්ද ගැසූ පසු මෛත්‍රී සභාපතිකමේ බලය පෙන්වන්නේය. දයාසිරිගෙන් විමසීමක් පවා නොකර හෙට්ටිපොළ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ සංවත්සරය තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයට ගෙන එන්නට මෛත්‍රී තීරණය කරන්නේය. ඒ තීරණය පිටුපස සිටියේ රනිල්ගේ කැබිනට්ටුවේ සිටින පොහොට්ටු සාමාජිකයෝ දෙදෙනෙක් බව දැන් රටම දනී. ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේ මිලියන 5ක් වූ බිල ගෙවන්නට මුල්වී ඇත්තේ මින් එක ඇමැතිව‍රයෙක් බව කියවේ.

පක්ෂය ගොඩගන්නට ගිය දයාසිරිගේ කකුලෙන් ඇදීම නිසා මේ වන විටත් ශ්‍රීලනිප ආසන සංවිධායකයන් සහ බිම් මට්ටමේ සාමාජිකයන් දැඩි කලකිරීමට පත්ව සිටිති. ඔවුන්ගෙන් ජ්‍යෙෂ්ඨයෝ පවසන්නේ මේ සිදුවන්නේ දශක හතරකට පෙර ජේ.අර්.ගේ දැඩි මර්දන හස්තයෙන් ශ්‍රීලනිපය බේරාගන්නට ඉදිරිපත්වූ විජය කුමාරතුංගට සිදුවූ දේම දයාසිරිටද සිදුවෙමින් පවතින බවය.

1977 මහ මැතිවරණයෙන් 6/5ක බලයක් ලැබූ ජේ.ආර්. ජයවර්ධනට සිය බලය කල් පවතින ලෙස ස්ථාපිත කරගන්නට ඕනෑ විය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ දේශපාලන හතුරන් බෙදා හුදකලා කර විනාශ කිරීමය. ඒ අනුව සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇයගේ දේශපාලන අයිතිය නැතිකිරීම ජේ.ආර්.ගේ මුල්ම පියවර විය. 1982 ජනාධිපතිවරණය ජේ.ආර්. කැඳවන්නේ මේ සියල්ල කිරීමෙන් අනතුරුවය.

මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනුයේ හෙක්ටර් කොබ්බෑකඩුවය. එහෙත් ශ්‍රීලනිපයේ ඔටුන්න හිමි කුමරා ලෙස හැඳින්වූ අනුර බණ්ඩාරනායක කොබ්බෑකඩුවගේ කකුලෙන් ඇද්දේය. ‘කොබ්බෑකඩුව කරන්නේ කොන්ත්‍රාත් එකක්’ බව අනුර එළිපිටම කීවේය. මේ කතාව නිසා ශ්‍රීලනිප ඡන්දදායකයෝ මුළාවට පත්වූහ. ඒ අවස්ථාවේ කොබ්බෑකඩුවගේ පිහිටට එන්නේ විජය සහ චන්ද්‍රිකා දෙපළය. ජනාධිපතිවරණය වෙනුවෙන් කොබ්බෑකඩුව රට පුරා කරගසාගෙන යන්නෙ ඒ දෙදෙනාය. අනුර සහ මෛත්‍රීපාල සේනානායක කළේ කොබ්බෑකඩුව යන පාරට ගල් පෙරළීමය.

මේ වන විට අනුර බණ්ඩාරනායක සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙක් එක්ව සිටීම නිසා කොබ්බෑකඩුව පාර්ශ්වය දුර්වල වන්නේය. අනුර සහ පිරිවර ශ්‍රීලනිප මූලස්ථානය අල්ලාගැනීම නිසා කොබ්බෑකඩුව වෙනුවෙන් පෙනී සිටි විජය සහ පිරිස බලවත් අපහසුතාවකට පත්වූයේය. මැතිනියගේ හිතවතුන් අධිකරණයට යන්නැයි ඇයට බලකරන්නේය. මේ අතරතුර නැක්සලයිට් චෝදනාව පෙරට දමා විජය අත්අඩංගුවට ගැනීමට ජේ.ආර්. කටයුතු කරන අතර අවසානයේ පක්ෂය රැකගන්නට සෑම දුකක්ම විඳි විජයට පල නොකියා පලාබෙදන තැනට ශ්‍රීලනිප නායකයෝ කටයුතු කරන්නට වූහ.

එම නිසා විජය, චන්ද්‍රිකා සහ තුම්පනේ සමාජවාදියා යැයි දේශපාලනයේ හැඳින්වූ ටී.බී. ඉලංගරත්න සමග එක්ව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවන්නේය. පසුකාලයකදී එම පක්ෂය තවත් වාමාංශික පක්ෂ සමග එක්ව එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවන්නට කටයුතු කළද, ඊට පෙර විජය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුකරුවකුට බිලිවන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම් ආරම්භ වනුයේ එහි නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඝාතනය වී කෙටි කලකට පසුවය. 1952 ශ්‍රීලනිපය මුහුණ දුන් පළමු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වන ඉඹුල්ගොඩ සිංහයා ලෙස පසුකාලයක හඳුන්වන එස්.ඩී. බණ්ඩාරනායක 1960 ශ්‍රීලනිපයෙන් ඉවත්වී බෝසත් බණ්ඩාරනායක පක්ෂය නමින් අලුත් පක්ෂයක් බිහිකිරීම ශ්‍රීලනිපය බෙදීමේ මුල්ම අවස්ථාවය.

ඉන් අනතුරුව ශ්‍රීලනිපය කඩාගෙන ගියේ එහි ජ්‍යෙෂ්ඨතම නායකයෙක් වූ සී.පී. සිල්වාය. මින්නේරියේ දෙවියන් ලෙස හැඳින්වූ ඔහු, 1964 මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව රාජාසන කතාවේදී ඡන්දය දී වෙනම පක්ෂයක් සාදා 1965 එජාපය සමග සන්ධානගතව තරග කර ආසන 5ක් දිනාගත්තේය. මේ ආකාරයෙන් වැඩී වර්ධනය වූ ශ්‍රීලනිප බෙදීමේ කූටප්‍රාප්තිය ලෙස අනුර බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයට එක්වීම සහ චන්ද්‍රිකා බන්ඩාරනායක ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වීම දැක්විය හැකිය. එහෙත් ඉතිහාසය සමග සන්සන්දනය කිරීමේදී පෙනෙන අපූරු කරුණ නම් ශ්‍රීලනිපය රැකගන්නට කටයුතු කළ විජය කුමාරතුංග සහ දයාසිරි ජයසේකර යන දෙදෙනාම එම පක්ෂයේ නායකත්වය විසින් පලවාහැරීමය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අලුත් සතිපොළ විවෘත කරන්න දේශපාලකයො එන නිසා ගමේ මිනිස්සු කවුරුවත් උත්සවයට ඇවිත් නෑ! හිටපු ඇමැතියි නිලධාරිනුයි ඇවිත් පැය ගාණක් ඉඳලා හැරිලා ගිහින්! ගමේ මිනිස්සු උත්තර දෙන්න පටන් අරන් වගේ! PHOTOS I Sri Lanka Latest News

Next Post

IMF හොඳයි කියන්නේ මිනිස්සුන්ගෙන් 28%ක් විතරයි! 45%ක් විරුද්ධලු! අලුත්ම සමීක්ෂණ වාර්තාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා වහාම පක්ෂයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය ඇතුළෙන්ම නාමල්...

Read more
බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.