• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය කළේ මොනවාද I Sri Lanka Latest News

June 25, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩමවාගෙන එන්නේ කාන්තාවකි. ශ්‍රී ලංකාවට දළදාව වැඩමවාගෙන එන්නේ කාන්තාවකි. ශ්‍රී මහා බෝධිය රැකගැනීම වෙනුවෙන් කාන්තාවන් ඇතුළු පිරිස ගත් අප්‍රමාණ වෙහෙස පිළිබඳ ඉතිහාස කතා අතිවිශාලය.(Sri Lanka Latest News)

‘දරමිටි බැන්දා – රෑ නිදි වැරුවා
ගිනිමැල ගහගෙන රැක සිටියා…
එහෙව් අපට අද එන්න තහංචි ද
ජය සිරිමා බෝ හාමුදුරුවනේ….’

එදා වන සතුන්ගෙන් ශ්‍රී මහා බෝධිය සුරක්ෂිත කරගන්නට දර මිටි බැඳ ගිනිමැල ගහගෙන දුක්විඳි කාන්තාවන් අද එහෙම ප්‍රශ්න කරන්නීය.

කාන්තාව වනාහි ගැරහුම් ලබන්නට මිස පැසසුම් ලබන්නට නුසුදුසු යැයි ඇතැම් බමුණු කුල විශ්වාස කරද්දී ඒ අප්‍රමාණ පීඩාවන් මැද කාන්තාවන් රට වෙනුවෙන් බොහෝ දේ සිදුකොට ඇත. කන්දක් සේ පරිභව මේ වේදනා විඳිමින්, අහස සේ ඒ පිළි වදන් සියල්ල දරාගනිමින් නිහඬවම ඔවුන් බොහෝ මෙහෙවර ඉටුකරන්නීය.

බුදු සසුනේ චිරස්තිථිය පිණිස අප්‍රමාණ මෙහෙවර කළ කාන්තාවන් පිළිබඳ ඉතිහාස කතා බොහෝය.

කාන්තාව සැබෑ නිදහසක් ලබා ස්වයං හැකියාවක් ඔස්සේ පිබිදුණේ බුදුරජාණන් වහන්සේ කාන්තාව කෙරෙහි දැක්වූ මධ්‍යස්ථ හා යථාර්ථවාදී ස්වභාවය නිසාය.

බුදුරජාණන් වහන්සේ කාන්තාවට නිදහස ලබාදුන්නේ අංශ 4ක් ඔස්සේය. ඒ, භික්ෂුණියක් වශයෙන් , මවක් වශයෙන්, ගෘහණියක් වශයෙන් සහ උපාසිකාවක් වශයෙනි.

මේ අනුව භික්ෂුණී සමාජයේ ඒ ඒ දක්ෂතා ඇති භික්ෂුණීන්ට තනතුරු පිරිනැමූ බවක් ද දක්නට ලැබේ.

චිරරාත්‍රඥ භික්ෂුණීන් අතර අග්‍රස්ථානය – ප්‍රජාපතී ගෝතමී භික්ෂුණිය
නුවණැති භික්ෂුණීන් අතර අග්‍රස්ථානය – ඛේමා භික්ෂුණිය
ඍද්ධිමත් භික්ෂුණින් අතර අග්‍රස්ථානය – උප්පලවණ්ණා භික්ෂුණිය
විනයධර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය – පටාචාරා භික්ෂුණිය
ධ්‍යානලාභී භික්ෂුණීන් අතර අග්‍රස්ථානය – නන්දා භික්ෂුණිය
දිවැස් ඇති භික්ෂුණීන් අතර අග්‍රස්ථානය – සකුලා භික්ෂුණිය

ආදී භික්ෂුණීන් අග්‍රස්ථාන ලැබූහ. චුල්ල නන්දා භික්ෂුණියගේ දහම් දෙසීම පිළිබඳ ප්‍රසාදයට පත්වූ රජතුමා තම සාටකය පිදීය. එම භික්ෂුණිය ‘ධම්ම පාඨ භානකා’ යන පදවියෙන් ද පිදුම් ලැබූහ. උපාසිකාවක් වශයෙන් ද කාන්තාවට සමාජයේ උසස්ම තැනක් බුදු සමය තුළින් ලැබිණි.

අතීත ලංකාවේ රජ කළ කාන්තාවෝ සිටියහ. කාන්තාවන් සිහිපත් කරමින් ඇතැම් බෞද්ධ ස්ථූප ඉදිකර තිබේ. අපේ වීරවරුන්ගේ නාමාවලියේ කාන්තාවන්ගේ නම් ඕනෑ තරම් තිබේ.

උපාසිකාවන් වශයෙන් ගත් කල ලංකාවේද මෑතකාලීන සුවිශේෂ නම් සලකුණු තැබූ කාන්තාවන් බොහෝය. හෙලේනා විජේවර්ධන, මිලීනා සුමතිපාල මෙන්ම නූතන කැලණියේ විශාඛාව සේ සැලකෙන හෙලේනා මැතිනියද බුදු දහමේ චිරස්තිථිය වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවර ඉටුකළ කාන්තාවන්ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට පසුගියදා ගෞරව නාමයක් පිරිනැමෙන්නේ ඇය විසින් ශාසනික චිරස්තිථිය උදෙසා කරනු ලැබූ මෙහෙවර අගය කරමින්ය.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය සහ චිරස්තිථිය උදෙසා දශක එකහමාරක් පුරා ඇය සිදුකරන ලද ශාසනික සේවය අගයනු වස් ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ජලනි දෛත්‍යා ජයවර්ධන ප්‍රේමදාස මැතිනියට ‘ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී’ යන ගෞරව නාමය ප්‍රදානය කරනු ලැබීය.
මේ වෙනුවෙන් ඇය සිදුකොට තිබූ ශාසනික මෙහෙවර කුමක්ද? ඒ බොහෝ කටයුතු ඇය සිදුකරනු ලැබුවේ නිහඬවය.

අටමහා කුසල්හි ප්‍රධානතම පිංකම වන කඨින සිවුර පූජා කිරීම සිදුකිරීමේදී මේ වන විට තුන් මසක් මුළුල්ලේ වස් වසන මහා සංඝයා වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කරමින් ඇය මුල්වී කඨින මහා පිංකම් 20ක් අඛණ්ඩව සිදුකළාය. අටපිරිකර පූජා කිරීමේදී මහා සංඝරත්නයට මෙතෙක් පූජාකර ඇති අටපිරිකර ප්‍රමාණය දහස් ගණනකි. ආවාස ගෙවල් ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම්, දාන ශාලා ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම් ද විශාල ප්‍රමාණයක් සිදුකිරීමට ඇය මුල් වූවාය. මහා සංඝරත්නය විෂයයෙහි පිරිනමා ඇති සාංඝික දාන පිංකම් ප්‍රමාණය ද සිය ගණනකි.

ඉතා විශාල ප්‍රමාණයක් චෛත්‍ය රාජයාණන් වහන්සේලා අලුත්වැඩියා කිරීම්, තීන්ත ආලේප කිරීම් සිදුකිරීම සඳහා දායකත්වය ලබාදීම සිදුකළ ඇය, බුද්ධ මන්දිර ඉදිකිරීම්, බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීම්, රන් වැට ඉදිකිරීම්, වාහල්කඩ ඉදිකිරීම් බොහොමයක් සිදු කළාය. මහා සංඝරත්නය වෙනුවෙන් විහාරස්ථානවල ඉදිකර දී ඇති සහ අලුත්වැඩියා කර ඇති වැසිකිළි කැසිකිළි ප්‍රමාණයද අතිමහත්ය. ගෞරවනීය ස්වාමින් වහන්සේලා වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙන්ම සාමණේර ස්වාමින්වහන්සේලා සඳහා ශිෂ්‍යත්ව ලබාදීමටද ඉතා විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කළාය.

බොහෝ දුෂ්කර විහාරස්ථානවල විවිධ පිංකම් සඳහා මෙන්ම අවශ්‍යතාවන් වෙනුවෙන් පිරිකර සහ පූජා භාණ්ඩ අතිවිශාල ප්‍රමාණයක් පූජා කිරීම මෙන්ම වෙසක් උත්සව, පොසොන් උත්සව මෙන්ම පෙරහැර පිංකම් සඳහා ආධාර ලබාදීම්, විදුලි ආලෝකයෙන් ආලෝකවත් කිරීම් ද සෑම වසරකම පාහේ සිදු කරන්නීය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකර පූජා කර ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇය විසින් සිදුකළා වූ සුවිශේෂ කුසල කර්මයකි. 2021 වර්ෂයේ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකමට සමගාමීව ධාතු මන්දිරය ඉදිකිරීම කරන්නේ ඇය විසිනි. තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ අනේකවිධ කටයුතු ඇය විසින් ඉටු කරනු ලැබ තිබේ.

2022 වර්ෂයේ ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ අටමහා කුසල් සිදුකරමින් කඨින මහා පිංකම සිදුකිරීම ඇය සිදුකරන අතර, ඓතිහාසික බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම, සංඝාවාස ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම, කෙත්වතු ප්‍රදානය කිරීම ඇතුළුව අටමහා කුසල් පුණ්‍යකර්මයන් ඇය එවර සිදුකරන්නීය. 2023 අප්‍රේල් 18 දින ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ දළදා පූජාව සිදුකිරීම සහ සාංඝික දානමය පිංකම පැවැත්වීම, කඨින චීවර පූජාව, කෙත්වතු පූජාව, ආවාස ගෙවල් සහ දානශාලා තනවා පූජා කිරීම, ධර්ම ග්‍රන්ථ මුද්‍රණය, ප්‍රකාශ කිරීම සහ බෙදාහැරීම ඇතුළු අටමහා කුසල් ලෙස සැලකෙන මහා පුණ්‍ය කර්මයන්ට ඇය දායක වී ඇත.

දහස් ගණනක් මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දාන පිංකම් දහස් ගණනක් සිදුකර ඇති ඇය, චෛත්‍ය රාජයාණන් වහන්සේලා අලුත්වැඩියා කිරීම් සහ ඉදිකිරීම් සඳහාද දායක වී ඇත.

මේ සියල්ල මුල්කර ගනිමින් චිරාත් කාලයක් මුළුල්ලේ ඇය සිදුකරනු ලබන ශාසනික මෙහෙවර ඇගැයීමට ලක්කරමින් ත්‍රෛනිකායික ප්‍රාදේශීය මහා සංඝරත්නය මුල්වී ‘ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී’ යන ගෞරව නාමය ඇයට පුදකරනු ලැබීය.

මේ සියල්ල ඇය විසින් ඉල්ලා ලබාගත් දේවල් නොව, ඇය කෙරෙහි කරුණාව පෙරදැරිව ගරුතර මහා සංඝරත්නය විසින් ලබාදුන් පරිත්‍යාග කළ ඒවාය.

එදින සජිත් ප්‍රේමදාස මහතා විශේෂ කතාවක් සිදුකරනු ලැබීය.

‘සැබෑ ප්‍රායෝගික බෞද්ධයන් විශාල පිරිසක් බුදු දහම ගොඩනැංවීම වෙනුවෙන් විශාල කටයුත්තක් සිදු කරද්දී සුළුතරයක් වූ ඇතැම් කුමන්ත්‍රණකාරී පිරිසක් ඔවුන්ට චෝදනා එල්ල කරමින් ඒ මෙහෙවර අඩපණ කිරීමට කටයුතු කරනවා.

ප්‍රායෝගිකව බුදුදහම නැංවීම වෙනුවෙන් මොන තරම් මෙහෙවරක් ඉටු කළත් ඔවුන්ට එරෙහිව අවලාද නගමින් විවිධ අයථා චෝදනා එල්ල කිරීමේ කුමන්ත්‍රණයක් දිගින් දිගටම සිදුවෙමින් තිබෙනවා.

ඒක පුද්ගලයන් ඉලක්ක කරගෙන කරනු ලබන කුමන්ත්‍රණයක්.

මට මතකයි මගේ පියාණන් නිරන්තරයෙන් විහාරස්ථානවලට ගියා. ප්‍රායෝගික බෞද්ධයෙක් විදිහට ඒ විහාරස්ථාන ගොඩනගන්න සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න දායක වුණු අතර, එතුමා ඒ යන සෑම විහාරස්ථානයකටම මල් පහන් පූජා කරන්නත් සහභාගි වුණා. එදා එතුමාට විවිධ අපහාස උපහාස කළා. එතුමාට විවිධ නම් පටබැන්දා. මල් පහන් පූජා කිරීම පවා වරදක් විදිහට ඇතැම් කුමන්ත්‍රණකාරීන් දැක්කා.

බුදු දහම වෙනුවෙන් සිදුකරන සේවය අඩපණ කරන්න මඩ ගහලා කුමන්ත්‍රණ කරලා බොරු චෝදනා එල්ල කරලා මොන තරම් උත්සාහ කළත් ඒ කුමන්ත්‍රණකරුවන්ට එදා ඒක කරන්න පුළුවන් වුණෙත් නැහැ. අද කරන්න පුළුවන් වෙන්නෙත් නැහැ…’

පසුගිය දිනවල ඇතැම් කණ්ඩායම් ජලනි ප්‍රේමදාස මහත්මිය ඉලක්ක කරගෙන පදනම් විරහිත, අවලාද පන්නයේ මඩ ප්‍රචාර සිදුකරමින් තිබුණේ ආගමික මතවාදයක් ඉවහල් කරමින්ය. මේ හිස් ප්‍රලාපයක් බවත්, මේ මඩ ප්‍රහාරය එල්ල වන්නේ කුමන්ත්‍රණකාරී පිරිසකගෙන් බවත්, එය හුදෙක් ගොබෙල්ස් පන්නයේ මාධ්‍ය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් පමණක් බවත් රටම දනී.

කෙසේ වෙතත් එවන් වටපිටාවක් තුළ ත්‍රෛනිකායික ප්‍රාදේශීය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ඇයට ගෞරව සම්මානයක් පිදීම අතිශයින් සුවිශේෂය.

පුබුදු උදයංග

SendShareShare
Previous Post

කෝමා තත්ත්වයේ සිටියදීත් ජීව විද්‍යා අංශයෙන් ප්‍රථමයා වෙච්ච දිරිය දියණියක් ! VIDEO I Sri Lanka Latest News

Next Post

නැනෝ පොහොර ගෙන්වීමේදී වැඩිපුර කෝටි 5ක් ගෙවලා! ආයෙ අයකරගන්නත් බෑ! ගිණුම්ගත කරලත් නෑ! ජාතික විගණන කාර්යාලය පොහොර වංචාව හොයාගනී! I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.