• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ලෑස්තිවෙන්නෙ මොනවටද? හමුදාව වේයන්ගොඩ ආයුධ හදන්න පටන් ගනී…

December 16, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
මේ ලෑස්තිවෙන්නෙ මොනවටද? හමුදාව වේයන්ගොඩ ආයුධ හදන්න පටන් ගනී…
Share on WhatsAppShare on Facebook

රටට බරක් නොවී රටට සේවය කිරීමේ සංකල්පය මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව තුළ ක්‍රියාත්මක වන වැදගත්ම සංකල්පයකි. විශේෂයෙන්ම තමන් ස්වයංපෝෂිත වී රටට අවශ්‍ය සේවය මෙන්ම ඉන් ඔබ්බට ගිය මෙහෙවරක් ඉටුකිරීමට මේ තුළින් ශ්‍රී ලංකා යුද හමුදාවට හැකි වී ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට කෘෂිකර්මාන්තය වෙනුවෙන්ම වූ බළකායක් ස්ථාපනය කර යුද හමුදාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පානදය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. එලෙස නිෂ්පාදනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය සහන මිලකට යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් ලබාදීමේ වැඩසටහනක් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ සංකල්පයක් අනුව පසුගියදා ආරම්භ කෙරිණි.

ඉන් නොනැවතී ශ්‍රී ලංකා යුද හමුදාව තමන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවන් යුද හමුදාව තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර අවසන්ය. එහි කූටප්‍රාප්තිය ලෙස සඳහන් කළ හැකි වන්නේ වේයන්ගොඩදී ඉදිකළ ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ කර්මාන්ත ශාලාව ARMY ORDNANCE INDUSTRIES නමින් ඉකුත් දෙසැම්බර් 08 දින යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් විවෘත කිරීමයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය යුද්ධෝපකරණ භාණ්ඩ යුද හමුදාව තුළම නිෂ්පාදනය කරගැනීමේ මූලික අභිමථාර්ථය සහිතව කළුතර දොඹගොඩදී යුද්ධෝපකරණ කර්මාන්ත ශාලාව ආරම්භ කරන ලද්දේ බි්‍රගේඩියර් කෙම්පිටිය සහ බි්‍රගේඩියර් පියසෝම විසින් ‘කෙම්පියා’ මෝටාරය නිෂ්පාදනය කටයුතු අත්හදා බැලීමත් සමගය. එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාසිලාන් – 200 මෝටාරයට එරෙහිව අත්හදා බලන ලද මෝටාරයයි. එහි සියලු නිෂ්පාදනයන් හා අත්හදාබැලීම් එම යුද්ධෝපකරණ භූමියේ සිදුවිය.

ඉන් අනතුරුව දශකයකටත් වැඩි කාලයක් නිහඬව පැවැති දොඹගෙඩ යුද්ධෝපකරණ කර්මාන්තශාලාව 2014 වසරේදී යළි ආරම්භ කෙරිණි. ඒ, කර්නල් එච්.එල්. ගුරුගේගේ පූර්ණ අධීක්ෂණය යටතේ අඩු පිරිවැය ඉහළ ගුණාත්මකභාවය යන සංකල්පය පෙරදැරි කරගනිමිනි.

ශ්‍රී ලංකා යුද හමුදා 2020-2025 මූලෝපායික සැලැස්මට අනුව මෙන්ම කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් සැපයුම් දාමය අඩපණ වීමත් සමග යුද හමුදාවට අවශ්‍ය යුද්ධෝපකරණ ද්‍රව්‍ය යුද හමුදාව තුළින්ම නිෂ්පාදනය කරගැනීමේ අවශ්‍යතාව පැණනැඟුණු නිසාත් මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයන් වඩාත් පුළුල් කිරීම සහ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. ඒ අනුව අත්හැර දාමා තිබූ වේයන්ගොඩ පෙහෙකම්හල් සංකීර්ණය නවීකරණය කර ARMY ORDNANCE INDUSTRIES නමින් ආරම්භ කෙරිණි.

එලෙස යළි ආරම්භ කළ කර්මාන්තශාලවේදී යුද හමුදාවට අත්‍යාවශ්‍යය භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර ලදී. ඊට යකඩ ඇඳන් නිෂ්පාදන අංශය, හණෝපකරණ අංශය, ඇඟලුම් නිෂ්පාදන අංශය, ටයර් කට්ටා නැවත ඇලවීමේ අංශය වැනි අංශයන් ඇතුළත්ය. පසුගිය කොරෝනා වසංගත සමය තුළ යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ විසින් පවත්වාගෙන ගිය සියලු නිරෝධායන මධ්‍යස්ථාන වෙත අවශ්‍ය යකඩ ඇඳන් 20,000කට අධික ප්‍රමාණයක් සහ ඇඳ ඇතිරිලි සහ කොට්ට උර 40,000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලැබුවේද කළුබෝවිල රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් දින දෙකක් වැනි කාලයක් තුළ යකඩ ඇඳන් 200ක් නිෂ්පාදනය කිරීමටත් කටයුතු කළේ මෙම කර්මාන්ත ශාලාවෙනි.

ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ආධුනික සෙසු නිලයන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය නිල ඇඳුම්, කොට කලිසම්, හිස්වැසුම්, වැඩ ඇඳුම්, ටී ෂර්ට්, ඇඳ ඇතිරිලි, කොට්ට උර නිෂ්පාදනය කරනු ලබන අතර ටයර් කට්ටා ඇලවීමේ අංශය මගින් යුද හමුදාවේ ධාවනය වන සියලු බර වාහන සඳහා ටයර් කට්ටා ඇලවීම සිදුකරනු ලබයි. උපකරණ නිෂ්පාදන අංශය වෙතින් සියලු වර්ගවල පැක් වර්ග, වැහිකබා, පොංචො කේප්, වාහන කැනපි, සියලු වර්ගවල කූඩාරම්, නිලධාරීන් සහ සෙසු නිලයන් පලඳින සියලු වර්ගවල බෙල්ට්, ඇසෝල්ට් ජැකට්, ෆ්ලැට් ජැකට් වැනි විශේෂ උපකරණ නිෂ්පාදනය කරනු ලබයි.

රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරමින් බැලැස්ටික් හෙල්මට් නිෂ්පාදනය කිරීමද මෙම කර්මාන්ත ශාලාවේ සිදුකිරීම සුවිශේෂ කරුණකි. ඊට අමතරව නියමු ව්‍යාපෘතියක් ලෙස බෙරට් (හිස්වැසුම්) නිෂ්පාදන අංශය, පාවහන් නිෂ්පාදන අංශය, අත්යන්ත්‍ර හා රෙදිපිළි නිෂ්පාදන අංශය ආරම්භ කර ඇති අතර, එම අංශයන් මගින් උසස් ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදීම සිදුකෙරේ. එමෙන්ම ගෑස් ලිප්, ගෑස් උදුන්, පිහි වැනි උපකරණද යුද්ධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කිරීම තුළින් රටට විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකිවී ඇත.

මේ වන විට මෙම කර්මාන්ත ශාලාව සඳහා අතිනවීන පහසුකම් සහිත අධිවේගී යන්ත්‍ර 115ක් නිෂ්පාදන ක්‍රියාවලියට එක්කර ඇති අතර ඒ නිසා නවතම ආර්.සී.එච්. 100 පැක්, 58 මාදිලියේ පැක්, ඇලිස් පැක් වැනි සංකීර්ණ නිෂ්පාදන පවා මෙහිදී සිදුකෙරේ.

මේ වන විට වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පෑස්සුම් ශිල්පී සහ මැහුම් ශිල්පී පාඨමාලාවන් සිදුකරනු ලබන අතර ඒ සඳහා NVQ – L3 සහතිකය ලබාදී වෘත්තීය මට්ටමේ සෙබළුන් බිහිකිරීමටද කර්මාන්ත ශාලාව විසින් සිදුකරනු ලැබේ. මේ වන විට මෙම කර්මාන්ත ශාලාව තුළ පුහුණු ශ්‍රමිකයන් 240ක් සේවය කරනු ලබයි.

මෙම කර්මාන්ත ශාලාව ස්ථාපනය කිරීමත් සමග යුද හමුදාවේ ඉහත සඳහන් කළ අවශ්‍යතාවන් දේශීය සහ විදේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමෙදී වැයවන මුදලින් 40%ක් අවම කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකි වී ඇත. එය ශ්‍රී ලංකා යුද හමුදාව රටට ලබාදෙන සුවිශේෂ දායකත්වයකි.

ශ්‍රී ලංකා යුද හමුදාව සෑමවිටම කටයුතු කරනු ලබන්නේ ජාතියේ ආරක්ෂකයා ලෙසිනි. රට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්ව සිටින මේ අවස්ථාවේ දී විදෙස් විනිමය රටට ඉතිරි කර ජාතික අර්ථිකයට ශක්තියක් වන්නේද ඔවුන් සැබැවින්ම රටේ ආරක්ෂකයන් වශයෙන් රටට අවැසි ඕනෑම මොහොතක රට වෙනුවෙන් පෙරට එන්නට සූදානම් නිසාය.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

මුලු කොළඹම හොල්ලපු සම්මේලනයෙන් පසු සජබ නායක සජිත් මරික්කාර්ව පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරට පත් කරයි!

Next Post

මොකක්ද මේ කොළඹ වහගත්ත දිල්ලි මීදුම…

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.