• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජෙරම්ගේ පිටේ නැගලා කට්ටිය එන්න යන්නෙ මොකාටද? I Sri Lanka Latest News

May 22, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආගම යනුවෙන් හඳුන්වන්නේ යම් ඇදහීමකි. එහෙමත් නැත්නම් විශ්වාසයකි. තවත් විදියකට කියනවා නම් ආගම කියන්නේ යම් ආකාරයක දර්ශනයකි.(Sri Lanka Latest News)

කුමක් හෝ ආගමක් ඇදහීම මෙලොව උපදින කිසිම මිනිසකුට අනිවාර්ය නැත. නමුත් ලොව දසත විසිර සිටින විවිධ ජාතීන්වල මිනිස්සු කුමක් හෝ ආගමික නිකායක් තම තමන්ගේ ජීවිතවලට ඈඳා ගනිති.

සාර්ථක ජීවිතයක් ගෙවීමට මිනිසුන්ට ආගම අවශ්‍යද? එහෙම ප්‍රශ්නයක් හමුවේ එක් එක් අයගේ පිළිතුරු එකිනෙකට වෙනස් වනු නිසැකය.

‘ආගම කියන්නේ පන්සලවත් පල්ලියත් නෙවෙයි. ආගම කියන්නේ තම තමන්ගේ හිතේ තියෙන්න ඕනෑ හැඟීමක්…’

අදේවවාදීන් කියන පිරිස එහෙම උත්තර දෙති.
‘හිත නිවාගන්න මිනිහෙකුට ආගමක් අවශ්‍යමයි…’

ඒ තව උත්තරයකි.
‘ආගමක් නැති එකා යන්නෙ යකාටම තමයි’
තවත් සමහර පිරිස් එහෙම අදහස් කරති.

ඉහත උත්තර කොයික වුණත් නැහැදුණු වැඩක් කරන කෙනකු හෝ පිරිසක් හඳුන්වන විශේෂණවල පරණ මුතුන්මිත්තන් අතර නිතර කියැවෙන අදටත් අහන්න ලැබෙන කතාවක් වේ.


ඒ, ‘අනේ උන්ට ආගමක් ධර්මයක් තියෙන එකක්යෑ’ යන වචන පෙළය.

කොහොම වුණත් සමස්තයක් වශයෙන් ගත් කල ආගම ධර්මය යනු ලොව පිළිගත් සුවිශේෂ න්‍යායකි. පන්සලකට පල්ලියකට ගොඩවූ විටෙක කහ වතුරෙන් සෝදා පිරිසිදු කළ රෙදි පටිවල ගැටගැසූ බාරහාර අහුරු ගණන් අපේ ඇස් දකින්නේද, බඩට කන්න තියෙන කීයක් හරි අතේ ගුළිකොට පඬුරු පෙට්ටිවල දමන බැතිමතුන් තවමත් සිය දහස් ගණන් සිටින්නේද ඒ නිසාය.


‘හරිහම්බ කරන ධනයෙන් දහයෙන් එකක් දෙවියන්ට දෙන්නේ නම් එය යහපත්ය’ යන කියමනක් ශුද්ධ වූ බයිබලයේද ලියැවී ඇති බව කියැවේ.

බෞද්ධයන් අතරද බොහෝ ඈතම ඈත අතීතයේ සිටම පිණ්ඩපාතයේ වඩින බුද්ධ පුතුන්ට දාන ධර්මයන් දීම ඉතා බැති සිතින් පුදකරන පිරිස් අදටත් දකින්නට ඇත.

ඒ කියන්නේ ආගම යනු මිනිසා සමග තදින් බැඳී ඇති අතිශය වැදගත් නියාමකයකි. ඒ නියාමකය තුළ බෞද්ධයාට බුදු දහමත්, කතෝලිකයාට ක්‍රිස්තියානි ආගමත්, මුස්ලිම් ලබ්ධිකයාට ඉස්ලාම් ආගමත්, හින්දු භක්තිකයාට හින්දු ආගමත් වැදගත්ය. ඒ, ඔවුන්ගේ දහමය. ඔවුන්ගේ දර්ශනය සහ ඇදහීමය. එයට එරෙහිව අපහාස කිරීම හෝ ඒ ඒ ආගමික නිකායන් බාල්දුවට හෝ හෑල්ලුවට පත්කරවීම අශෝභනය.

ඒ නිසා පාස්ටර් ජෙරම් කී කතාව හෝ කළ ප්‍රකාශය හොඳ මදිය. ඔහු එහෙම ප්‍රකාශයක් නොකර උන්නා නම් හුඟක් හොඳය. ‘ෆාදර් ජෙරම් ෆාදර් ජෙරම්’ කියා හැඳින්වූවාට ඔහු ‘ෆාදර්’ කෙනෙක් නොවේය. ක්‍රිස්තියානි ආගමට අනුව ‘ෆාදර්’ කියන හැඳින්වීමෙහි සරල අරුත වන්නේ ‘පියතුමා’ කියන එකය. එහෙම පියතුමන්ලාට කිතුනු නීතියට අනුව අල්තාරයෙහි දේශනා කරමින් කසාද බැඳ පවුලක් හදාගන්නා අවසර නැත. ‘ජෙරම්’ යන ආගමික නායකයා ගිහි ජීවිතයට ඇතුළත්ව දරු පවුලක් ප්‍රසිද්ධියේම තනාගත් පුද්ගලයෙකි. ‘ෆාදර්’ යන නාමය වෙනුවට පාස්ටර් (Pastor) යන නාමය ඔවුන් භාවිතයට ගන්නේ ඒ නිසාය. මෙතැනදී මෙම ලියන සටහනේදී ඔහු ෆාදර් ජෙරම්ය.

පාස්ටර් ජෙරම් බෞද්ධාගමට විරුද්ධව හෝ පටහැනිව කරපු ප්‍රකාශය කිසිසේත්ම හොඳ නැත. තම ආගමට දහමට ආවේණික පල්ලියක අල්තාරයක් මත හිටගෙන පළාතම දෙදරුම් කවන ආකාරයේ මහා සද්දයකින් පාස්ටර් ජෙරම් ප්‍රකාශ කොට තිබුණේ ‘බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමට නාසරෙත්හි ජේසුතුමන්ගේ ආභාසය අවැසි වූ බවත්, බුදුරජාණන් වහන්සේට වැඩිය ජේසුස් වහන්සේ බලවත් බවත්ය. එලෙසම බෞද්ධයාට බුදුන්ට වැඩිය ජේසුව සහ උන්වහන්සේව ඇදහීම අත්‍යාවශ්‍ය බවද එතැනදී වැඩිදුරටත් ඔහු පවසා තිබිණි.

මෙවැනි ප්‍රකාශයක් පාස්ටර් ජෙරම් කළේ කුමන පදනමක් මත සිටදැයි කියන්නට දන්නේ නැත.
මෙය ඔහු හුදෙක් කයිවාරුවට කී කතාවක්දැයි හරියටම කියන්නට දන්නේ නැත. සමහර විටෙක යම් ජනප්‍රියත්වයක් හෝ කතාබහකට ලක්වීමක් අරමුණු කරගෙන පාස්ටර් ජෙරම් මෙවැනි කමකට නැති කතාවක් කිව්වා වෙන්නට පුළුවන.

එහෙම ඉලක්කයක් ගත්තා නම් ඔහුගේ එල්ලය හරියටම හරිය. ඔහුට වුවමනා දේ සිද්ධ වී අවසානය. හිතුවාටත් වඩා හරි ඉක්මනට හරි ලෙහෙසියෙන් ඔහුගේ හීය හාවාට වැදෙන්නේ නැතිව පඳුරටම නියමෙට වැදිණි. සමාජ ජාලමාධ්‍ය, ටෙලිවිෂන් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය පාස්ටර් ජෙරම්ගේ ප්‍රකාශය නිසා ගිනි ඇවිලෙන පදමට ඇවිස්සී ඇත. ඇල්ලේ ගුණවංශ සහ ඥානසාර යන හිමිවරුන්ද බෞද්ධ ධර්මයට මහා විනාශයක් වූ නියායෙන් පරලවී කෑමොර දෙන්නට පටන්ගෙන ඇත. ඒ විතරක් නොව, ජනාධිපති රනිල්ද ඉහත සඳහන් කළ බුද්ධ පුත්‍රයන්ගේ යකා නැටිල්ලට අවනතව පාස්ටර් ජෙරම්ව වහා විනය පරීක්ෂණයකට කැඳවන්නැයි සී.අයි.ඩී.යට අණකර ඇත.

ඒ කියන්නේ පාස්ටර් ජෙරම්ගේ ප්‍රකාශයට විරුද්ධව කරන විරෝධය වැරැදිය කියලාද?

නැහැ. පාස්ටර් ජෙරම්ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරැදියි. එය අපහාසයක්. යම් නිකායකට හෝ පල්ලියකට මුවාවී වෙනත් ආගමික නිකායකට හෝ නායකයකුට විරුද්ධව එවැනි පදනම් විරහිත විහිළු මත පළකිරීම හෝ විශේෂයෙන් බුදුන් වැඩිය දේශයක එවැනි ධර්මයකට සරදම් කිරීම අන්තිම නරකය. එය සදාචාර විරෝධීය.

හැබැයි, මේ සංගදිය ගැන අප මේ වාගේ කෝණයකින් බැලුවොත්,

පාස්ටර් ජෙරම් කියන්නේ කවුද? ඔහු ජේසුස් වහන්සේ නෙවෙයි. එහෙමනම් පාස්ටර් ජෙරම් කවුද?

මේ අහවලාය කියා හඳුන්වන්නට පාස්ටර් ජෙරම් කළ විශේෂයක් නැහැ. ඔහුට අවැසි විශේෂත්වය තනාගෙන තියෙන්නේ මවාගෙන තියෙන්නේ ඔහු විසින්මයි. පිටස්තරයකු විසින් ඔහුව හඳුන්වනවා නම්, පාස්ටර් ජෙරම් මූලික ක්‍රිස්තියානි නිකායෙන් බැහැරව තැනුණු අතු ආගමික දූතයෙක්. නිල ලත් දේව ධර්ම විද්‍යාලයකට ඇතුළත්ව ඔහු ලද ආගමික අධ්‍යාපනයක් හෝ පෙර පුහුණුවක් නැහැ. ආගමික නීතිරීති නැහැ.

ඔහු අඳින්නේ පලඳින්නේ සාමාන්‍ය අයකුට භාවිතයට ගත නොහැකි බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම්. පාවිච්චි කරන්නේ මිල අධික ෆෝන් සහ කෝටි ප්‍රකෝටි ගණන්වල වාහන.

කොටින්ම කියනවා නම් ඔහු ගතකරන සුපිරි කුමාර ජීවිතය හැරෙන්නට බෞද්ධ දහම හෝ බුදුරජාණන්වහන්සේව හෑල්ලු කරන්නට තරමේ උසස් දියුණු ආධ්‍යාත්මයක් හෝ දේවත්වයක් ඔහු සතුව නැහැ.

තමාට යම් දේව අනුහසක් ඇතැයි යන මායාවක් ඔහු විසින්ම මවාගෙන ඉන්නවා.

වරෙක ඔහු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ සිය දක්ෂකම් පෙන්වූයේ තමාගේ අනුහස නිසාය යන විකාර කතාවක් ඔහුව අදහන බැතිමතුන් අතර ප්‍රචලිත කළා. භානුක හිටි අඩියේ අදක්ෂයකු වූයේ තම සංගමයෙන් ඉවත් වූ නිසාය යන විලම්බීත කතාවද පසුව මවාලූයේ ඔහු විසින්මය.

තමාට ආවේණිකව තමන් විසින්ම මවාගත් අනුහසක් මත ජේසුස් වහන්සේගේ අනුගාමිකත්වය තුළ සිය ආගමික කටයුතු මෙහෙයවන පාස්ටර් ජෙරම් නීත්‍යනුකූලව විවාහ වී යුග දිවියටද ඇතුළත්ව සිටිනවා.

ඒ තමයි තොරතුරු අනුව පාස්ටර් ජෙරම්ගේ පැටිකිරිය.

ඉතින් යූටියුබ් මාධ්‍ය හරහා ජනප්‍රිය මෙවැනි සාමාන්‍ය ආගමික දූතයකු පැවසූ කතාවකට බෞද්ධ ප්‍රජාව කලබල විය යුතුද? විශේෂයෙන් ඥානසාර සහ ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ඔහු කටට ආවාට කී හිස් කයිවාරුවකට පරල විය යුතුද? අනෙක ඔහුගේ ඒ කතාවට ශ්‍රී ලාංකේය බෞද්ධයන් ජේසුතුමන්ව අදහා ගැනීමට ලක ලැහැස්ති වෙතැයි අනුමාන කිරීමට තරම් උන්වහන්සේලාගේ මානසික මට්ටම මොට වුණේ කොහොමද?

මුහුණු පොත හරහා පාස්ටර් ජෙරම්ගේ ප්‍රකාශයට ලැබුණු ප්‍රතිචාරය කොහොමද?

ඒක ඇත්තටම පුදුමය. ප්‍රසිද්ධ නාහිමිවරුන් සමග ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණත් එකී ප්‍රකාශයෙන් මහා කම්පනයකට මැදිව පරල වෙද්දී මුහුණු පොත ඒ ගැන අද මෙය ලියන මොහොතේද ඒ වෙනුවෙන් කිසිදුම විරසක පෝස්ටුවක් නිර්මාණය කොට තිබුනේ නැත.

හැබැයි, ඒ වෙනුවට මුහුණු පොතේ තිබුණේ වෙනම කතාවකි. ඒ වෙනුවෙන් පළවූයේ මෙවැනි පෝස්ටු කිහිපයකි.

‘ජෙරම් නෙවෙයි, ඕල්කට්තුමා වළෙන් නැගිටලා ඇවිදින් හරි මොනව කිව්වයි කිව්වත් බුදුදහමට තඹ දොයිතුවක හානියක් වෙන්නෙ නෑ. ඒ නිසා කලබල වෙච්ච කට්ටිය එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන අවධානයෙන් ඉන්න…’

‘හාමුදුරුවො අම්මා එක්ක එකට බීලා දුවව දූෂණය කරලා, ජෙරම්ගේ පිස්සු කතාවට වඩා සාසනේ කට්ටිය ඒ ගැන කතා කළා නම් හොඳයි…’

‘තරහ අවසර ඥානසාර හාමුදුරුවනේ. ලක්ෂ ගණනක පාසල් ළමයි කන්න නැති නිසා ඉස්කෝලෙ යන්නෙ නෑ. ජෙරම්ගේ පලකට නැති කතාවට වැඩිය ඒ ගැන සද්දයක් දැම්මා නම් නියමයි…’

‘රනිල් රාජපක්ෂටයි මේ කියන්නේ, අඩු මිලට ගෙනැල්ලා වැඩි මිලට බෙහෙත් විකුණන මහා පරිමාණ ඖෂධ වංචාව හොයන්න සී.අයි.ඩී. එකට ඕඩර්ස් දීපං. ජෙරම්ගේ පුස් කතා පැත්තකට දාලා…’

හැබෑවටම කියනවා නම් බලනකොට ඒ පෝස්ටුවල තියෙන කතන්දරවල අදහස්ද නරකම නැත. එච්චරට ප්‍රශ්න දහසකුත් එකක් උඩුදුවන මේ රටේ පාස්ටර් ජෙරම්ගේ කතාවත් ප්‍රශ්නයක්ද? ඒ අතර තවත් එක් පෝස්ටුවක ජෙරම්ගේ ෆොටෝ සමග සහරාන්ගේ ෆොටෝ එක දමා,
‘මොන විදියට බැලුවත් අන්තිමේට මුන් ඔක්කොම රනිල් සහ රාජපක්ෂලාගේ ඉත්තෝ..’ යනුවෙන් සටහනක් තබා තිබිණි.

ඒකත් බොරුවකැයි කියන්නට බැරිය. ජෙරම්ව විනය පරීක්ෂණකට කැඳවන්නැයි රනිල් අණ කරන කොට ඔහු සිය පවුලත් සමග ටටා බායි කියා රට පැනලත් හමාරය.

නැවතිල්ලේ බලනකොට මේ සියල්ල කේන්ද්‍ර වන්නේ දේශපාලන කඩේ යෑම් හරහාය. අර කිව්වත් වාගේ ශාසනය විනාශව යන්නට වඩා හේතුපාදක වන්නේ හාමුදුරු නමක් බවලතකු සමග එකට මත්පැන් බී බවලතාගේ බාල වයස්කාර දියණියව දූෂණය කිරීමද, එහෙමත් නැත්නම් පාස්ටර් ජෙරම් වැන්නකු කළ පදනමක් නැති හිස් ප්‍රකාශයක්ද?

අනෙක එතැනින් ගියාම ඖෂධ වංචාව, අහස උසට නැග ඇති බඩු මිල, කරන්ට් එක වදින තරමට තිගැස්සෙන ලයිට් බිල, ඇයි එතකොට කන්නට බඩට යමක් නැතිකමට ඉස්කෝලේ නොයන ගම්මානවල ඒ දරුවෝ… ? තව තව රටේ ප්‍රශ්න කොයි තරම්ද? මීට පළමුව වුවද බුද්ධ පුත්‍රයන් අතින් කී වතාවක් නම් බාල දූ දරුවන් අපයෝජනයට ලක්වුණාද? ඒ අයහපත් නොහොබිනා සංසිද්ධීන් තුළ පන්සල සහ බෞද්ධයන්ගේ ප්‍රතිරූපය විනාශ වූයේ නැතිද? පාස්ටර් ජෙරම් සිය දේශනයකදී ප්‍රසිද්ධියට හෝ කතාබහට ලක්වීමට කළ පුරසාරම් ප්‍රකාශය එකී ළමා අපයෝජනයන්ට වඩා දරුණුයිද? ජෙරම්ගේ කතාවට පරල වූ ඥානසාර, ඇල්ලේ ගුණවංශ වැනි දැනඋගත් භික්ෂුන් වහන්සේලා ඒ සිදුවීම් වන විට සිටියේ කොහේද? ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහත්තයෝ මේ කියන්නේ ඔබතුමාටත් එක්කය.

හැමදාමත්, මේ රටේ වුණේම ඔය වාගේ බහුබූත විකාරය. රාජපක්ෂලාට කඩේ ගිය පැවිද්දෝ හැමදාමත් කළේ ඔවුන්ගේ ආණ්ඩුව කරන අලුගුත්තේරු වැඩ පසෙක දමා වෙන වෙන සිල්ලර මදිපුංචිකම් ගැන අඩව් අල්ලන එකය. අදටත් තවමත් සිදුවන්නේද ඒකමය. ආර්ථිකය හිටි අඩියේ අස්ප ගණනින් උඩු යටිකුරු වෙනකොට, ගෑස් පෝලිම බොහෝ දුරට ඇදී යන විට, තෙල් පෝලිම්වල මිනිසුන් එකා දෙන්නා මැරී ඇදවැටෙන විට, රටට ජාතියට ආගමට ළැදි මේ කියන බෞද්ධ පුතුන් කොහේ සිටියේද නොදන්නෙමු.

අනේ ඉතින් මේවා කාට කියන්නද?

ඔන්න වදේ ඒ සංගදියටත් තව දවස් දෙක තුනකින් ‘මතු සම්බන්ධයි’ කියා ෆුල්ස්ටොප් එක වැටෙනු ඇත. නැවතිල්ලේ කල්පනා කරලා බලනකොට අර මුහුණු පොතේ කවුදෝ කියා තිබුණා සේ අන්තිමේදී ඔය කවුරු කවුරුත් සමහර දේශපාලන බලපුළුවන්කාරයන්ගේ ඉත්තෝය.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

ෆේස්බුක් එකෙන් සෙට්වෙලා පෝරුව පෙන්වා නිළියකගෙන් ලක්ෂ 65ක් කඩපු අවුරුදු 27ක කොල්ලා! මීට ඉස්සෙල්ලා නීතීඥවරියන් දෙන්නෙකුටත් බඳිනවා කියලා ලක්ෂ 49ක පොල්ලක් තියලා! I Sri Lanka Latest News

Next Post

පානගමුවේ ධම්මරතන නාහිමියෝ කෑගලු දිසාවේ සංඝනායක ධූරයෙන් පිදුම් ලබති! අටලෝ දහමින් කම්පා නොවීමේ උන්වහන්සේගේ ගුණාංගය ගැන විපක්ෂනායක සජිත් විශේෂ කතාවක් කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.