• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

60,70,80 දශකවල හැමෝම LOVE කරපු කරුණාසේනගේ ගොළු හදවතේ ඇත්ත දම්මි හොයාගත්තා හැබැයි ඇය දැන් ජීවතුන් අතර නෑ I Sri Lanka Latest News

June 2, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ගොළු හදවත’ යනු 60 දශකයේ මෙරට බිහිවූ සාර්ථකම ප්‍රේම කතාව විය. පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැලඳගත් එම නවකතාව කරුණාසේන ජයලත්ගේම අත්දැකීමක් බව දන්නේ ඉතා සුඵ පිරිසකි. ජයලත් අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මහා විද්‍යාලයෙනි. එකල ඔහු ඩී.කේ. ජයලත් විය. කලෙක නවකතාකරුවකු, මාධ්‍යවේදියකු හා සිනමා විචාරකයකු ලෙස ප්‍රසිද්ධියට පත් ඔහු කරුණාසේන ජයලත් නමින් ප්‍රකට විය. කලක් ‘සිරිලක’ පුවත්පතේ කතුවරයා වූ ජයලත් නවකතා රැසක් රචනා කළේය.(Sri Lanka Latest News)

ගොළු හදවත, බඹා කෙටූ හැටි, මුව දඩයම, ලස්සන ඇස්, ගැහැනු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි, මව සහ දුව, ඇවැස්ස නෑයෝ, හතුරු හිතක්,රිදී නිම්නය, සතීගේ කතාව, කුල කුමරිය වැනි නවකතා ඔහු රචනා කළ අතර, ඒ අතරින් වඩාත් ජනප්‍රියම නවකතාව වූයේ ගොළු හදවතය.

ඔහුගේ එම ප්‍රේමණීය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් විය. ඒ, සුගත්, දම්මි සහ නිහාල්ය. මේ තිදෙනාම සැබෑ චරිත වූහ. එවක හොරණ තක්ෂිලාවේ සිටි එක්තරා යුවතියක පිළිබඳ ජයලත්ගේ සිතෙහි ප්‍රේමයක් ඇති වී තිබිණි. ඇයට වෙනත් පන්තියක සිටි සිසුවකුද ඇලුම් කළ බැව් ඔහු දැන සිටියේ නැත. අවසානයේ ඔවුන් දෙදෙනාටම එම යුවතිය හිමි වූයේ නැත. ඔහු තම නවකතාවේ දම්මිගේ චරිතය මැවුවේ එම යුවතියගේ චරිතය පදනම් කර ගනිමිනි.

එදා තක්ෂිලාවේ සිටි දම්මිට පෙම්කළ නිහාල් ‍දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී.බී. කුරුප්පුය. ඔහුද ප්‍රකට ලේඛකයකු විය. ජීවිතයේ අවසන් කාලයේ ඔහු ජීවත් වූයේ ඔස්ටේ්‍රලියාවේය. ඔහුගේ පසුකාලීන කෘති කිහිපයක් සඳහා පිටකවර නිර්මාණයෙන් දායක වීමට මට හැකි විය. එම සම්බන්ධතාව ගොඩනගා දුන්නේ අප මිතුරු නිමල් දිසානායකය.

නවකතාවේ සුගත්, සැබෑ කතාවේ ජයලත් විය. හොරණ තක්ෂිලාවේදී ජයලත්ගේ හා බෝල්ඩ්වින්ගේ ප්‍රේමයට පාත්‍ර වූ දම්මි කුරුප්පු ආරච්චිගේ පද්මා නාලනී ගුණරත්නය. පසු කාලයේ ජයලත් තක්ෂිලාවේම උගත් රූපා නම් යුවතියක සමග විවාහ විය. කුරුප්පුද වෙනත් යුවතියක හා විවාහ වී පසුව ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ගියේය. පද්මා නාලනීද විවාහයෙන් පසු පද්මා ගුණරත්න විය.

ජයලත් අද අප අතර නැත. නිහාල් වූ බෝල්ඩ්වින් ද අප අතර නැත. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට මැදිව ප්‍රේමණීය නවකතාවක් නිර්මාණය කරන්නට දායක වූ පද්මා නාලනී ගුණරත්නද 2018 මැයි මස 22 දින ජීවිතයෙන් සමුගත්තාය. ජයලත් 1995 අගෝස්තු 25 දිවියෙන් සමුගත් අතර, බෝල්ඩ්වින් කුරුප්පු 2017 ජූලි මාසයේ සමුගත්තේය.

එහෙත් ගොළු හදවත 60 වසරකට අධික කාලයක් මුළුල්ලේ මෙරට පාඨකයන්ගේ සිත් තුළ සදානුස්මරණීය නවකතාවක් බවට පත්ව ඇත්තේය.

ඔහුගේ සෑම නවකතාවකම නමේ විශේෂත්වයක් තිබේ. සෑම නවකතාවකම නමට ඇත්තේ අකුරු හයකි. පද්මා නාලිනී යන්නටද ඇත්තේ අකුරු හයකි. පද්මා සිහිපත් වීම සඳහා ඔහු අකුරු හයකින් යතුව තම නවකතා නම් කළේදැයි මම නොදනිමි.

පද්මා නාලිනී මහත්මිය පිළිබඳ තොරතුරු ලබාදුන්නේ අප හිතවත් පාලිත නාරංගොඩ මහතා විසිනි. පද්මා නාලිනී ගුණරත්න මහත්මිය නාරංගොඩ මහතාගේ මවගේ එකම සොහොයුරියයි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

SendShareShare
Previous Post

කොලොන්නාවෙ කුණු කන්දට පොසොන් සඳ පායයි I VIDEO I Sri Lanka Latest News

Next Post

ඩොලරය වැටෙනවා, රුපියල ශක්තිමත් වෙනවා, කට්ටිය නටනවා, හැබැයි ඇත්තටම වෙන්න යනදේ අපි කියනවා I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.