• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවදිවන්න… අවදිවන්න… මර්දනයට සූදානම් I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය 19 වැනිදා ගැසට් කෙරිණි. ව්‍යාපාරික අවශ්‍යතා, පෞද්ගලික අවශ්‍යතා, ප්‍රවෘත්ති පළකිරීම ඇතුළු විවිධ අරමුණු වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලබන මෙම පනත් කෙටුම්පත පිළිබඳ කෙරෙන කෙටි විමසා බැලීමකි මේ.(Sri Lanka Latest News)

සමාජ මාධ්‍ය නියාමනයට නව නීති අවශ්‍ය වන්නේ ඇයි?

කෙටුම්පතේ ආරම්භයේම සඳහන් වන ආකාරයට එමගින් අපේක්ෂා කරන අරමුණු කිහිපයක් ඇත.

★ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම.
★ ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම.
★ තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම.
★ ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම.
★ අසත්‍ය ප්‍රකාශ සඳහා මුදල් හා අනෙකුත් ආධාර සැපයීම වැළැක්වීම.

මෙහි අර්ථ දක්වා ඇති ‘අසත්‍ය ප්‍රකාශ’ මොනවාද?

අසත්‍ය ප්‍රකාශයක් යනුවෙන් කෙටුම්පතේ සඳහන් කර ඇත්තේ මෙවැන්නකි.

‘යම් ප්‍රකාශයක් එය වැරැදි බව හෝ අසත්‍ය බව එය සිදුකරන්නා දන්නා වූද, නැතහොත් ඒ බවට විශ්වාස කරන්නා වූද, විශේෂයෙන්ම රැවැටීමේ හෝ නොමඟ යැවීමේ චේතනාවෙන් සිදුකරන්නා වූද ප්‍රකාශයක් අදහස් වන නමුත්, ඊට සද්භාවයෙන් කරන ලද අනතුරු ඇඟවීමක්, සද්භාවයෙන් පළකරන ලද මතයක් හෝ සද්භාවයෙන් කරන ලද අධ්‍යාරෝපණයක් ඇතුළත් නොවේ.’

කෙටුම්පතේ සඳහන් ආකාරයට ‘මාර්ගගත ගිණුම්’ ලෙස හඳුන්වන්නේ මොනවාද?

කෙටුම්පතෙහි ඒ බව මෙසේ සඳහන් කර ඇත.

‘අන්තර්ජාල අතරමැදි සේවාවක් භාවිත කිරීම සඳහා අන්තර්ජාල අතරමැදියකු සමග නිර්මාණය කරන ලද ගිණුමක් අදහස් වේ.’

මෙම නව නීතිය සම්මත වුවහොත් සිදුවන්නේ කුමක්ද?

මාර්ගගත ගිණුම් හරහා සිදුකරන යම් ප්‍රකාශයක් අසත්‍ය ප්‍රකාශයක් ලෙස තීරණය කිරීමේ බලය ලැබෙන්නේ ජනාධිපතිවරයා පත්කරන කොමිසමකටය. කොමිසම විසින් යම් ප්‍රකාශයක් අසත්‍ය යැයි තීරණය කළහොත් එම ප්‍රකාශය තහනම් කිරීමට, එම ප්‍රකාශය සිදුකළ මාර්ගගත ස්ථානය තහනම් කිරීමට, නඩු පැවරීමට මෙන්ම සිර දඬුවම් නියම කිරීමටත් එමගින් අවස්ථාව ලැබේ.

ගෙන ඒමට නියමිත මෙම නව නීතිය මගින් වැරැදි ඔන්ලයින් ක්‍රියාකාරකම් ලෙස හඳුන්වන්නේ මොනවාද?

ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදිනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම, අසත්‍ය ප්‍රකාශ මගින් කැරැලි ගැසීමක් සිදුකිරීම සඳහා නිකරුණේ ප්‍රකෝපකරවීම, අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, වංචා කිරීම, අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම, සාමය කඩකිරීමක් සිදුකිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතවම නින්දා කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපයෝජන, වරදක් සිදුකිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම.

ඉහත සඳහන් කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා බලය ලැබෙන නව කොමිසම කුමක්ද?

මෙහි නාමය ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව’යි. එහි සාමාජිකයන් පස් දෙනකු සිටින අතර, ඔවුන්ව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබයි. කොමිෂන් සභාවේ සභාපති ලෙස පත්වන්නේද අදාළ සාමාජිකයන් අතරින් කෙනකු වන අතර, ඔහුව තීරණය කරන්නේද ජනාධිපතිවරයා විසිනි. කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් ඉවත් කිරීමේ බලයද ජනාධිපතිවරයාට හිමිවේ.

කාලයෙන් කාලයට අවශ්‍ය රෙගුලාසි සෑදීමට ඇමැතිවරයාට බලය ලබාදීමටද කෙටුම්පත මගින් යෝජනා කර ඇත.

කොමිසමට ලැබෙන වෙනත් විශේෂ බලතල මොනවාද?

සමාජ මාධ්‍ය ඇතුළු ඕනෑම ඔන්ලයින් ක්‍රමවේදයකින් සිදුකරන ක්‍රමවේද අසත්‍ය ප්‍රකාශ ලෙස සලකා තහනම් ප්‍රකාශයක් බව තීරණය කිරීමට කොමිසමට හැකියාව ඇත. එවැනි ප්‍රකාශවලට ප්‍රවේශ වීම වැළැක්වීම හෝ ඉවත් කිරීමට හෝ අක්‍රීය කර දැමීමට අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නාට හෝ අතරමැදියන්ට නියෝග කිරීමේ බලය කොමිසමට හිමිවේ. පොලිසියේ සහාය ඇතිව විමර්ශන සිදුකිරීමට, පරිශ්‍රවලට ඇතුළු වී පරීක්ෂා කිරීමට, නඩු පැවරීමට, තහනම් කිරීමට සහ දඩ ගැසීම වැනි කටයුතු සඳහා බලයක් කොමිසමට ලබාදීමට යෝජනා කර ඇත.

සමාජ මාධ්‍ය ඇතුළු ඔන්ලයින් ක්‍රියාකාරකම් මර්දනයට අලුත් නීති යෝජනා වෙන්නේ ත්‍රස්ත මර්දනය මුවාවෙන් තවත් මර්දනකාරී නීති යෝජනා කරන කෙටුම්පතක් ගැසට් කර ඇති පසුබිමකය. මාර්තු මස ගැසට් කළ කෙටුම්පතට එල්ල වූ විවේචනවලින් පසුව අලුත් කෙටුම්පතක් සකස් කර, 15 වැනිදා එය නැවත ගැසට් කෙරිණි. යම් මහජන භාවිත ස්ථානයක, රාජ්‍ය හෝ ආණ්ඩුවේ පහසුකමකට, යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට හෝ පරිසරයට බරපතළ හානි සිදුකිරීම වරදක් ලෙස ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ (සංශෝධිත) දක්වා ඇත.

නව කෙටුම්පතෙන් ‘මහජන භාවිත ස්ථානය’ යනු කුමක්දැයි අර්ථ දක්වා ඇත. එම අර්ථ දැක්වීමට අනුව අදාළ වේලාවේදී මහජනතාවට අයිතියක් ලෙස හෝ අන්‍ය ආකාරයෙන් ප්‍රවේශ වීමට ඇති හෝ අවසර ලද යම් මහාමාර්ගයක් සහ වෙනත් යම් පරිශ්‍රයක් හෝ ස්ථානයක් මහජන භාවිත ස්ථානයක් ලෙස හඳුන්වා ඇත. නව කෙටුම්පතට අනුව එවැනි ස්ථානයකට හානි කිරීම ත්‍රස්තවාදය පිළිබඳ වරදක් ලෙස සැලකිය හැකිය.

පෙර කෙටුම්පතේ සඳහන්ව තිබූ අයුරින්ම නව කෙටුම්පතේත් ත්‍රස්තවාදය පිළිබඳ වරදක් දිරිගැන්වීම හෝ පෙලඹවීම සිදුකරන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, අන්තර්ජාල හෝ ඕනෑම ප්‍රකාශනයක්ද ත්‍රස්තවාදී වරදක් ලෙස හඳුන්වා ඇත.

මේ අතරතුර, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ඉදිරිපත් වූ මෙම නව කෙටුම්පතෙන් බරපතළ මහජන මර්දනයකට නීති යෝජනා කර ඇතැයි පාර්ශ්ව ගණනාවක් පසුගියදා අවධාරණය කෙරිණි. ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

‘රජය විසින් ගැසට් කරලා තියෙනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතක්. ඒ පනත් කෙටුම්පතේ අන්තර්ගතය බලනකොට ඇත්ත වශයෙන්ම අන්තර්ජාලයේ සුරක්ෂිතභාවයවත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවයත් නෙවෙයි ඒකේ අරමුණ වෙන්නේ. එහි අරමුණ වෙන්නේ සමාජ මාධ්‍ය පාලනය කිරීමයි. කොමිෂන් සභාවක් පිහිටුවන්න උත්සාහ කරනවා. ඒ කොමිෂන් සභාව තමයි තීරණය කරන්නේ සත්‍යය මොකක්ද, සත්‍යය නොවන්නේ මොකක්ද කියන එක. ඊට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් නියම කරන ප්‍රතිපාදන ගණනාවක් තියෙනවා.

සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල ගැටලුවක් වෙනවා මේ අලුත් පනත් කෙටුම්පතෙන්. මේ පනත් කෙටුම්පත සකස් කරලා තියෙන්නේ අවශ්‍ය පාර්ශ්වයන්ගේ අදහස් විමසලත් නෙවෙයි. රහසිගතව තමයි මේ පනත් කෙටුම්පත සකස් කරලා තිබෙන්නේ. මේ පනත් කෙටුම්පත නීතිගත වුණොත් සේවා සපයන්නන්ටත් දඬුවම් පමුණුවන්න ඉඩ තිබෙනවා. එතකොට සමහර සේවා සපයන්නන් ඉන්නේ ලංකාවේ නෙවෙයි.

සේවා සැපයීම අඩාළ වෙන තත්ත්වයකුත් ඇතිවෙන්න පුළුවන් ලංකාව තුළ. සමාජ මාධ්‍ය තමන්ගේ ව්‍යාපාරවලට භාවිත කරන අයටත්, එදිනෙදා කටයුතුවලට සමාජ මාධ්‍ය භාවිත කරන අයටත් මේ හරහා විශාල ගැටලුවක් වෙන්න ඉඩ තිබෙනවා. මෙවැනි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට සභාගත කළොත් ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝග කරන්න ඕනේ. හැබැයි මම හිතන්නේ අපි අවධානයෙන් ඉන්න ඕනේ. මේ ගැන මතවාදයක් අපි ඇතිකරන්න ඕනේ මෙවැනි පනත් කෙටුම්පත්වලින් වෙන භයානක ප්‍රතිඵල ගැන….’

එසේම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයකදීද සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ගෙන ඒමට සූදානම් වන මෙම නව නීති පිළිබඳ අදහස් පළවිය. එම සංගමයේ නියෝජිත මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පළ කළේ මෙවැනි අදහසකි.

‘ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හඳුන්වා දීලා තියෙනවා. මේක පැහැදිලිවම විසම්මුතිය, ප්‍රකාශනය, මිනිස්සු ඒකරාශී වීම, කතාකිරීම සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය වන විදියට අපැහැදිලි අර්ථ දැක්වීමක් සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. ආණ්ඩුවකට විරුද්ධව කතාකිරීම පවා ත්‍රස්තවාදය විදියට අර්ථ දැක්වීමක් සහිතව මාර්තු මාසයේ ආපු ත්‍රස්ත විරෝධී මේ නමින්ම ආපු පනත් කෙටුම්පත සංශෝධනය කරලා කියලා තමයි මේ දාලා තියෙන්නේ.

ඒකෙ තිබුණු ඒ භයානකකම එලෙසම වගේ මේ කෙටුම්පතෙත් තියෙනවා. කතා කළොත් ත්‍රස්තවාදය, ආණ්ඩුවට විරුද්ධව වැඩකොළොත් ත්‍රස්තවාදය, යම් කිසි වෘත්තීය ක්‍රියාකාරකමක් කළොත් ත්‍රස්තවාදය. ගිය අවුරුද්දේ සිදුවුණු අරගලයෙදී වගේ මිනිස්සු පාරට බැස්සොත් ත්‍රස්තවාදය. පත්තරයක් ගහන එක, ෆේස්බුක් එකේ ලියන එක, ටීවී එකේ කතා කරන එක, ටීවී එකේ ප්‍රවෘත්තියක් දාන එක වගේ සියල්ලම ත්‍රස්තවාදී ප්‍රකාශන විදියට ඉස්සරහට නම්වෙන්න ඉඩ තිබෙනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙන්.

මේගොල්ලෝ හඳුන්වා දෙනවා තහනම් ප්‍රකාශ. කොමිෂන් සභාවක් හඳුන්වා දීලා තියෙනවා. ඒගොල්ලෝ තමයි ඒ කොමිසම පත්කරන්නේ. එතකොට ආණ්ඩුව පත්කරන ඒ කොමිසම තමයි කියන්නේ ඇත්ත මොකක්ද, බොරු මොකක්ද කියලා. ඒගොල්ලෝ හිතුවොත් යමක් බොරු කියලා, ඒවා තහනම් කරන්න බලය දෙනවා මේ පනතෙන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන අනාගතයේ කතාකරන එක තහනම් කරන්න පුළුවන්.

මොකද පාස්කු ප්‍රහාරය ගැන කතාකරද්දී ආණ්ඩුවට, මේවා කරපු අයට, පිටිපස්සේ හිටපු අයට ලේසි නෑ. ඊළඟට කියනවා කැරැලි ගහන්න, ජනතාව ප්‍රකෝප කරවන්න බැරිලු. ජනතාව ප්‍රකෝප කරවන්න දෙයක් නෑ. මේගොල්ලෝ අවුරුදු 70ක් තිස්සේ මේ රටට කරපු දේවල් සහ දැන් කරන දේවල් දැක්කම මිනිස්සුන්ට කේන්ති යනවා. ඒගොල්ලෝ වැරැදියි කියන ප්‍රකාශ අයින් කරන්න විතරක් නෙවෙයි අවුරුදු, 3, 5 ආදී වශයෙන් දඬුවම් කරන්නත් බලතල දීලා තියෙනවා. ඉතාම පැහැදිලිව කියනවා මේ පනත් දෙකම අපි සම්මත කරන්න දෙන්නේ නෑ. මේ පනත් දෙක පරාජය කරන්න අපට කළ හැකි සෑම පියවරක්ම අපි ගන්නවා…..’

එක්සත් පුරවැසි සන්ධානයේ කඳවුම්කරු චමීර පෙරේරා මහතා මෙම නව පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ මෙම නව පනත ආණ්ඩුව ගෙන එන්නේ ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා නොව, ජනතාව ත්‍රස්තවාදීන් කිරීම සඳහා බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ පැවැසීය.

‘ඉදිරි මාස ගණනාව ඇතුළත ජනතාවගේ රීරි මාංශයම හූරගෙන කෑවට පස්සේ ජනතාවට ඉතුරු වෙන දෙයක් නැතිවෙනකොට ජනතාවට පාරට බහින්න වෙනකොට රටේ සාමාන්‍ය ජනතාව තමයි පාරට බහින්නේ. සාමාන්‍ය ජනතාව පාරට බහිනකොට මේගොල්ලන්ට අවශ්‍යයි මේ මර්දනය. මේක සමතලා කරලා පොඩිපට්ටම් කරලා දාන්න. මේ හදන්නේ මේ සමාජය සමතලා කරන්න. මේ ලෑස්ති වෙන්නේ මේ රට අත්තනෝමතික සර්වාධිපතිවාදී සර්වාධිකාරී පාලනයකින් යකඩ සපත්තුවලට යටකරන්න….’

Newsfirst.lk ඇසුරිනි…

SendShareShare
Previous Post

ඒරොප්පෙ හීන එළිවෙද්දී අම්මලා තාත්තලා හුදකලාවේ I Sri Lanka Latest News

Next Post

රටවල් 14කට ගිහින් බලලා ඇවිල්ලා හැදුවලු! කෝටි 8ක් වියදම් වුණාලු! මෙන්න එහෙම හදපු අඟුනකොලපැලැස්ස සතිපොළේ අද තත්ත්වය! මරු…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.