• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒරොප්පෙ හීන එළිවෙද්දී අම්මලා තාත්තලා හුදකලාවේ I Sri Lanka Latest News

September 27, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලිපියට මූලාශ්‍ර කරගන්නේ එක්තරා සමීක්ෂණයක්. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව හඳුනාගෙන තිබෙනවා ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ අදහස වෙලා තියෙන්නේ තවදුරටත් මේ රටේ ඉන්න එක නෙවෙයි කියලා. ඔවුන් තීරණය කරනවා ලංකාවෙන් යන්න. ලංකාවෙන් යන්න තීරණය කරපු විශාල පිරිසක් ගැන අපට කියන්න පුළුවන්. බොහෝ දෙනකුට අවශ්‍ය වෙලා තියෙන්නේ ලංකාවෙන් යන්න.(Sri Lanka Latest News)

ලංකාවේ ඉන්න නෙවෙයි. මේ තත්ත්වය ඇති කළේ කවුද? මේ තත්ත්වයට හේතුව මොකක්ද කියන එක අලුතෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. අපේ දේශපාලකයෝ ජනතාවට තමන්ගේ රටේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය නොකර, තමන්ට අවශ්‍ය කරන දේශපාලන ගුණ්ඩු උපක්‍රමවලින් තම තමන්ගේ බඩ වඩාගත්ත එක විතරයි කළේ. ඒ නිසා අද වෙද්දී ලංකාව ජීවත් වෙන්න නුසුදුසු රටක් බවට පත්වෙලා ඉවරයි.

මේ විදියට යන්න බලාපොරොත්තු වෙන්නේ කවුද කියන එක මේ සමීක්ෂණයේදී හඳුනාගන්නවා. ඒ අනුව වයස අවුරුදු 26ත් 35ත් අතර අය තමයි වැඩිපුරම රටෙන් පිටව යන්න අදහස් කරන්නේ කියන එක එහිදී හඳුනා ගැනෙනවා. ඔවුන්ගේ සමීක්ෂණය කෙසේ වෙතත් ‘මව්රට’ සහ අපි විසින් සිදුකළ සමීක්ෂණයක් ඇසුරින් අපි හොයාගන්න කාරණය තමයි ලංකාවේ බොහෝ තරුණ තරුණියන්, උසස් පෙළ හදාරන වයසේ තරුණ තරුණියන්, නව යොවුන් වයසේ තරුණ තරුණියන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ලංකාවෙන් යන්න කියන එක.

ඒ කියන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටින්නෙත් නැතිව හැකි ඉක්මනින් ලංකාවෙන් පිටව යෑම තමයි ඔවුන්ගේ අපේක්ෂාව. උසස් පෙළ කරන්න අලුතෙන් එකතු වෙන ශිෂ්‍යයන්ගෙන් අපි ඇහුවොත් ඔබේ පරමාර්ථය මොකක්ද කියලා, ඔවුන් තීරණය කරනවා ලංකාවෙන් යන්න. ඒ නිසා තමයි උසස් පෙළ කරන්නේ. 2023 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින්න නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර වැඩි ප්‍රමාණයක් ඉන්නවා විදේශීය භාෂා ඉගෙන ගන්න අය.

ඒ වගේම 2024 උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරිනුත් බොහෝ දෙනකුට අවශ්‍ය වෙලා තියෙන්නේ අයි.ටී., ජපන් හෝ වෙනත් භාෂාවන් සහිත පාඨමාලා හදාරලා හැකි ඉක්මනින් මේ රටෙන් පිටව යන්න. ඔවුන් තවදුරටත් උසස් පෙළ කියලා කියන්නේ විශ්වවිද්‍යාල යෑමට වරම් දිනාගැනීමට උදව් කරන දෙයක් විදියට පිළිගන්නේ නෑ. ඔවුන් දැන් හිතන්න පුරුදු වෙලා තියෙනවා උසස් පෙළ කරන එක නෙවෙයි වැදගත්, රටෙන් පිටව යන එක තමයි වැදගත් කියලා.

මේ සමීක්ෂණයේදී මතුකරන කාරණය ඊට වඩා බොහෝ වෙනස් සහ බොහෝ සංකීර්ණ එකක්. ඔබ ලංකාවෙන් යන්න තීරණය කළාට ඔබේ වැඩිහිටියන් ලංකාවෙන් යන්න තීරණය කරලා නෑ. ඒක තමයි පළමු කාරණාව. දෙවැනි කාරණාව තමයි ඔබට ලංකාවෙන් යන්න පුළුවන් වුණාට ඔබේ වැඩිහිටියන්ට ලංකාවෙන් යන්න පුළුවන්කමක් නෑ. සමහර විට ඔවුන්ගේ රෝගාබාධ නිසා වෙන්න පුළුවන්, ඔවුන් ලංකාව අතහැර යන්න තියෙන අකැමැත්ත වෙන්නත් පුළුවන්.

ඊළඟට ඔවුන්ට ඒ රටවලට යෑම සඳහා තිබෙන අවස්ථාව නැතිවීම වෙන්න පුළුවන්. මොකද ලෝකෙ රටකට යෑම කියන එක අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව නිර්මාණය කරගැනීමේදී අධ්‍යාපන සුදුසුකම්, ඔවුන් ඒ රටට කොච්චර අවශ්‍යද කියන දේවල් බලපානවා. එහෙම නැත්නම් ඔවුන්ට වීසා ලැබෙන්නේ නෑ. යම් රටකට අනවශ්‍ය පුද්ගලයන්, සුදුසුකම් නැති පුද්ගලයන් ඒ රටට ගෙන්වා ගැනීම සිදුවෙන්නේ නෑ.

ඒ නිසා වැඩිහිටි ජනගහනය තමන්ගේ රට ඇතුළේ පුරවා ගැනීමට විදෙස් රටවල් වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටකින් ඔවුන් ගෙන්වා ගැනීමට වැඩි අවස්ථාවක් දෙන්නේ ශ්‍රමිකයන්ට. වැඩ කරන්න පුළුවන් වයසේ අය. එහෙම නම් මේ ප්‍රශ්නය තවත් දරුණු සහ නරක අතට හැරෙනවා.

අපි සාමාන්‍යයෙන් කියන වැදගත් කාරණාවක් තමයි මේ අය ලංකාවෙන් යන්න කැමැති නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්. මේ විදියට ගත්තම රට ඇතුළේ ඇතිවීමට නියමිත සුවිශාල ප්‍රශ්නයක් ගැනයි මේ සමීක්ෂණය ඇතුළේ පැහැදිලි කෙරෙන්නේ. ඒකට හේතුව තමයි වැඩිහිටියන් හුදෙකලා වීම සහ ඔවුන් අතහැර දමා දරුවන් විදෙස්ගත වීම. ඒ අයට මිල මුදල් තිබුණත්, යළි කිසි දිනෙක ලංකාවට නොඒම කියන බලාපොරොත්තුව මත මේ රටෙන් පිටව යෑම සිද්ධ වෙන නිසා. මේ හරහා ඇතිවිය හැකි ප්‍රශ්නය ඉතා දරුණුයි.

මේ වැඩිහිටියන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය ලංකාවේ නිර්මාණය වෙන්නේ මොන විදියටද? ඒ වගේම මේ අයට අවශ්‍ය කරන රැකවරණය ලංකාව තුළදී ලැබෙනවාද කියන ප්‍රශ්නය දරුණු ලෙස උද්ගත වෙනවා. මේ කාරණාවේදී තවත් සැලකිය යුතු දෙයක් වෙන්නේ තව අවුරුදු පහක් වගේ කාලයක් ඇතුළත ලංකාවේ අවුරුදු 35ට අඩු සාමාන්‍ය පුරවැසියන් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් පිටවෙලා ගියාම සක්‍රීය බළකාය ලෙස ඉතා කර්යක්ෂමව කටයුතු කළ හැකි පුද්ගලයන් ලංකාවට අඩු වෙනවා.

ඒ වෙනුවට ඉතිරි වෙන්නේ යැපෙන්නන් ලෙස කටයුතු කරන විශ්‍රාම සුවයෙන් ඉන්නා පුද්ගලයන්. එතකොට විශ්‍රාමිකයන් නඩත්තු කිරීම, ඔවුන්ට අවශ්‍ය කරන බෙහෙත් හේත් පහසුකම් සැපයීම රජයට භාරගන්න සිද්ධ වෙනවා. රජයට අවශ්‍ය කරන මිල මුදල් ටික හොයාගන්න, ලෝකයේ විදේශ විනිමය ලංකාවට ගේන්න අවශ්‍ය කරන ශ්‍රම බළකාය ලංකාව අතහැරලා ගිහිල්ලා. මේ හරහා විදේශ විනිමය ලංකාවට ලැබෙනවා නම් එය ඉතාම හොඳයි.

නමුත් එය ක්‍රමානුකූලව සිද්ධ නොවුණොත් මේ තත්ත්වය ඉතා නරක අතට හැරෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම මේ විදේශ විනිමය ලංකාවට ලැබෙනවාය කියන කාරණාව 100%ක් සිද්ධවේදැයි සැක සහිතයි. ඒක නිසා මේ තත්ත්වයෙන් රට මුදාගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ යොදන්න කියලා අපි පාලකයන්ට මතක් කරනවා. මොකද අපි දන්නවා මේ වෙලාවේ පාලකයෝ ඉන්නේ නින්ද ගිහිල්ලා. ඒ නින්දෙන් පාලකයන්ව ඇහැරලා, මේ රටේ තියෙන යථා ස්වභාවය ඔවුන්ට පැහැදිලි කරලා දීලා යම් ක්‍රමවේදයක් නිර්මාණය කරලා දෙන්න අත්‍යාවශ්‍යයි. එහෙම නොවුණොත් ඇතිවීමට නියමිත මේ ප්‍රශ්නය ඉතා දරුණු විය හැකි බවයි බැලූ බැල්මට නම් පේන්න තියෙන්නේ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25ත් 36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව තමයි ඔය කතන්දරයේ ගණිතමය අගය. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය ප්‍රසාදිනී ගමගේ ඇතුළු පර්යේෂක කණ්ඩායමක් මේ ගැන හෙව්වා. ලංකාවේ පදිංචි පුද්ගලයන් 2,946ක් සහ මේ වන විට විදේශගත වී ඇති 665 දෙනකු සහභාගි කරවාගෙන ඇතැයි මහාචාර්යවරිය මේ ගැන මාධ්‍යයට කියලා තිබුණා. මෙම පිරිස අතරින් සියයට 58ක් සහ සියයට 42ක් කාන්තාවන් මේ සඳහා සහභාගි කරවාගත් බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 26ත් 35ත් අතරේ පසුවෙන අය බවත් සඳහන්. සමස්ත පිරිසෙන් සියයට 57ක් විදේශගත වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ කිසිදු අපේක්ෂාවක් නැති අය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හෙට සජිත් අක්කරෙයිපත්තුවට යනවා…! හිස් අතින් නෙමෙයි! එහේ පාසලක දරුවන්ට බස් රථයකුත් අරගෙනයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අවදිවන්න… අවදිවන්න… මර්දනයට සූදානම් I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.