• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ… වටිනා සියලු දේ විකිණිය යුතුය රටේ… අමන දනා කෑගැසුවත් හතර වටේ… ඒවා නොවික්කොත් අප හැම මකර කටේ… I Sri Lanka Latest News

July 17, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
වටිනා සියලු දේ විකිණිය යුතුය රටේ
අමන දනා කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අප හැම මකර කටේ’(Sri Lanka Latest News)

මේ විශාරද නන්දා මාලනිය දශක කිහිපයකට පෙර ‘පවන’ ප්‍රසංගය වෙනුවෙන් ගැයූ ගීතයක කොටසකි. එහෙත් අද මෙරට සිදුවෙමින් පවතින දේ දෙස බැලීමේදී මේ ගීය අකාලික ගීයක්දැයි අපට සිතේ. ඊට හේතුව වටිනා සියලු දේ විකිණීම වෙනදාටත් වඩා වේගයෙන් අද සිදුවෙමින් පැවතීමය.

බංකොලොත් වී නන්නත්තාර වී සිටින ලංකාවේ අපට කඩිනම් ඩොල‍ර් අවශ්‍යතාවයට හොඳම ක්‍රම දෙකක් ඇත. ඉන් එකක් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම්ය. අනෙක විදෙස් සංචාරකයන්ගේ පැමිණීමය. වත්මන් රජය රටේ සම්පත් විකිණීමට හේතුවක් කර පෙන්නන්නේ මෙකී සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවන්ය. ඒ අනුව මෙරට ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන ගණනාවක් ඇතුළුව ඉහළ වාණිජ වටිනාකම් සහිත ගොඩනැගිලි රැසක් විදෙස් සමාගම් වෙත විකිණීමට හෝ දීර්ඝකාලීනව බදු දීමට කටයුතු කරමින් සිටී. මේ ආකාරයෙන් වඩාත් මෑත කාලයේ සිදුවූ ගනුදෙනුව ලෙස විසුම්පාය හෝටල‍යක් සඳහා බදුදීම දැක්විය හැකිය.

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයට නතුව තිබූ සමයේ කොළඹ යූනියන් පෙදෙසේ ඉදිවූ විසුම්පාය 1835 වසරේදී විවෘත කරන ලදී. එය මුල් යුගයේ ලංකා රයිෆල් රෙජිමේන්තු නිලධාරීන්ගේ නේවාසිකාගාරය ලෙස භාවිත කර තිබිණි. විදේශීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවී ඇති මෙම ගොඩනැගිල්ල මුලින්ම හඳුන්වනු ලැබුවේ ඇක්ලන්ඩ් හවුස් නමිනි. සුද්දෝ හැදූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

පසුකාලීනව මෙම සුවිසල් ගොඩනැගිල්ල බොහෝ දේශපාලන නායකයන්ගේ නිල නිවාසය බවට පත්විය. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී.එල්. පීරිස් ආදී අමාත්‍යවරුන් වරින් වර විසුම්පායේ පදිංචිව සිටියෝය. ලංකාවේ පමණක් නොව මෙරට සංචාරයේ යෙදුණු විදෙස් රටවල නායකයන්ද විසුම්පායේ නවාතැන්ගත් බව වාර්තා වේ.

ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඒ ආකා‍රයෙන් විසුම්පායේ නවාතැන්ගත් රාජ්‍ය නායිකාවකි. එහෙත් මෙතරම් දිගු ඉතිහාසයක් හිමි විසුම්පාය මින් ඉදිරියට හෝටලයකි. එය හෝටලයක් කිරීම සඳහා පවරා දී අත්තේ Azotels Hospitility limited නම් ආයතනයට. ඒ වසර පනහක කාලයක් සඳහාය. එම ගනුදෙනුවට අදාළ ගිවිසුම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ Hospitility limited ආයතනයේ සභාපති ඒඩි්‍රයන් සෙචා අතර පසුගියදා අස්සන් තැබීය.

සුද්දන් ඉතිරි කර ගිය පෞරාණික ගොඩනැගිලි හෝටල් කිරීම ලංකාවට කියාදුන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඒ කාලේ ඔහු කොළඹ රේස්කෝස් ගොඩනැගිල්ල නවීකරණය කර සාප්පු සංකීර්ණයක් සහ හෝටලයක් බවට පත්කළේය. ඒ, සංචා‍රකයන් ආකර්ෂණය කර ගැනීමටය. සියවසකට වඩා පැරණි ගොඩනැගිලි අලුතින් කපරාරු කර ඇළුමිනියම් ජනේල සවිකර වායුසමනය කර ඉදිකරන ලද ගොඩනැගිලි සාප්පු සංකීර්ණ ලෙස මුළුමනින්ම අසාර්ථක වී ඇති බව එහි යන ඕනෑම කෙනකුට දැකගන්නට හැකිය. ඊට අමතරව දේශීය සංචාරකයන් අතළොස්සක් විනා විදේශිකයෙක් එම අවන්හල්වල දැකගන්නට නැත.

මේ ආකාරයෙන් කොළඹ සහ අවට ඇති පෞරාණික ගොඩනැගිලි රැසක් හෝටල් කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටී. ඒ අනුව විදේශ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, ගුවන් හමුදා මූලස්ථානය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, පැරණි පාර්ලිමේන්තුව ආදී පෞරාණික ගොඩනැගිලි රැසක් නුදුරේදීම හෝටල් සඳහා බදු දීමට නියමිතය. කොළඹ නගරයේ ඇති ඉහළතම පෞරාණික වටිනාකම් සහිත ගොඩනැගිලි හෝටල් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ සංචාරක ආගමනය වැඩි කරගැනීම‍ය.

එහෙත් පැරණි කොළඹ හෝටල් වසාදමා සංචාරකයන්ට කොළඹ නරඹන්නට තියෙන්නේ කොටුව දුම්රියපොළ සහ දුගඳ හමන බේරේ වැව පමණක් බව මේ සැලසුම් සකස් කරන උදවියට නොතේරීම බරපතළ අපුපාඩුවකි. සංචාරක නැරඹුම් මධ්‍යස්ථාන හෝටල් කිරීමෙන් පසු සංචාරකයන් පැමිණ නරඹන්නේ මොනවාදැයි අප ආණ්ඩුවෙන් විමසිය යුතුය. මේ ගොඩනැගිලි හෝටල් කරන්නට පෙර පැරැණි නගර ශාලාව වැනි බි්‍රතාන්‍ය පාලන සමයේ ගොඩනැගිලි සංරක්ෂණය කරන්නට ආණ්ඩුවට කල්පනා නොවීම බරපතළ අඩුපාඩුවකි.

හෝටල් සඳහා ආණ්ඩුව තෝරාගෙන ඇති අලුත්ම බිල්ල නුවරඑළිය තැපැල් කාර්යාලයයි. නගර මධ්‍යයේ පිහිටි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම ඇති බි්‍රතාන්‍ය සම්ප්‍රදායේ හොඳම ගොඩනැගිලි දෙක තුනෙන් එකකි. එම ගොඩනැගිල්ල හෝටලයකට බිලි දීම වූ කලී රත්තරන් බිත්තර දමන කිකිළිය මරා බිත්තර සියල්ල එකවර ලබාගන්නට උත්සාහ ගන්නවා වැනි ක්‍රියාවකි.

ඊට හේතුව නුවරඑළිය තැපැල් කාර්යාලය වූ කලී මධ්‍යම පළාතේ ඉහළම සංචාරක ආකාර්ෂණය සහිත ගමනාන්තය වීමය. නුවරඑළියට එන සෑම සංචාරකයෙක්ම නොවැරදීම නුවරඑළිය තැපැල් කාර්යාලයට යාම සිරිතක් වී ඇත. එහි ගොස් ඒ අසිරිමත් වාස්තු නිර්මාණය දැක බලාගන්නා සංචරකයෝ ඊළඟට යන්නේ එහි අලෙවි කවුන්ටරය වෙතය. එහි ගොස් තැපැල් කාර්යාලයේ ඡායාරූපය සහිත ‘පික්චර් පෝස්ට්කාඩ්’ මිලට ගැනීම ඔවුන්ගේ ඊළඟ පියවරයි. අනතුරුව ඉන් කාඩ්පත් කිහිපයක් තම නෑ සිය මිතුරන්ට සහ තමාගෙම ලිපිනයට තැපැල් කිරීම ඔවුන්ගේ සිරිතය.

තම අතින් මිලටගත් පික්චර් පොස්ට්කා‍ර්ඩ් එකට තමා ඉදිරියේදීම මුද්‍රා තබා එහි ඇති පැරණි පන්නයේ තැපැල් පෙට්ටියට දැමීමෙන් ඔවුහු අපමණ අස්වාදයක් ලබති. ඔවුන් ආපසු තම රටට යන විට නුවරඑළියෙන් තැපැල් කළ පික්චර් පෝස්ට්කාර්ඩ් එක නිවෙසට ලැබී ඇත. සුරක්ෂිතව අතේ ගෙනයා හැකි සිහිවටනයක් තැපැල් කි‍රීම මගින් නුවරඑළියේ තැපැල් කාර්යාලය සහ ලංකාවේ තැපැල් සේවය සදාතනික සිහිවටනයක් කරගැනීම සංචාරකයන්ගේ සිරිතය. එහෙත් නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් කළ පසු ඔවුනට තව දුරටත් බි්‍රතාන්‍ය පාලන සමයේ තැපැල් කාර්යාල අත්දැකීම ලබන්නට නොහැක.

සංචාරකයන් ලංකාවට එන්නේ නූතන කොන්ක්‍රීට් වනාන්තර දැකගන්නට නොවේ. ඔවුන් බහුතරයකගේ අවශ්‍යතාව ලංකාවේ සොබා සුන්දරත්වය දැකබලා ගැනීමය. එහෙත් බහුතර ලාංකිකයන්ගේ ආකල්පමය දිළිඳු බව සහ පාලකයන්ගේ ඔළමොට්ටලකම් නිසා ලංකාවේ ස්වභාවික පරිසරය ඇත්තේ විනාශයේ මුවවිටේය. වනෝද්‍යාන, වෙරළ තීරය, මධ්‍යම කඳුකරය විනාශකාරී මානව භාවිතයන් නිසා ඉදිරි දශක කිහිපයේදී බරපතළ විනාශයනට මුහුණදෙනු ඇත.

සංචාරක ආකර්ෂණය දිනාගත් අනෙක් අංගය ඉතිහාසයය. එහෙත් තවමත් මෙරට බහුතරයක් සිතන්නේ ගල්කණු, සෙල් පිළිම, වැව්, දාගැබ්වලින් වියුක්ත ඉතිහාසයක් අපට නැති බවය. අප අකැමැති වුවත් වසර 450කට අධික කාලයක් මෙරට පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යටත් විජිත ලෙස පැවැතිණි. ඒ යුගයන්හි ඉදිකළ බොහෝ ගොඩනැගිලි, බළකොටු වැනි දේ සහ බි්‍රතාන්‍ය යුගයේ භාවිත කළ කාර්මික මෙවලම්, වාහන ආදියද කීර්තිමත් විදේශිකයන්ගේ නමින් නම්කළ මංමාවත් පවා අපේ මෑත ඉතිහාසයට අයත්ය.

නූතන ලෝකයේ සංචාරකයන් අතර මෙකී මෑත ඉතිහාසයට ඇත්තේ ලොකු ඉල්ලුමකි. නමුත් රටක් ලෙස අපි අන්තිම අවාසනාවන්තය. කලකට පෙර මෙරට භාවිත කළ ට්‍රෑම් කාර් එකක්වත් අද දැකගන්නට නැත. 60 දශකය තෙක් ධාවනය වූ ට්‍රොලිබස් ද එසේමය. පැරණි වාහන යම් තරමක් හිමිකරුවන් විසින් ‍රැකගෙන තිබුණද අණ පනත් සංශෝධනය මගින් ආණ්ඩුව ඒවා යකඩ කඩයට දක්කන්නට කටයුතු කරමින් සිටී. මෙරට සතුව තිබූ අසමසම දුම්රිය උරුමයන් බහුතරයක් යකඩවලට විකුණා අවසානය. 1980 දශකය තෙක් සුරැකී පැවති උඩ පුස්සැල්ලාව මාර්ගයේ ධාවනය කළ බේයර් පීකොක් ගැරට් එන්ජිම සහ 1990 වනතෙක් කැලණිවැලි මාර්ගයේ ධාවනය කළ සෙන්ටිනල් කැමල් රේල් කාරය ඒ ආකාරයෙන් අපට අහිමිව ගිය දුම්‍‍රිය උරුම කිහිපයකි.

අදටත් ඉතිරිව ඇති වාෂ්ප එන්ජින් දෙක යොදා ධාවනය කරන වයිස් රෝයි දුම්රියට ඇති සංචාරක ඉල්ලුම මෑතකාලීන ඉතිහාසයට ඇති සංචාරක ඉල්ලුමට හොඳ සාක්ෂියකි. මේ ආකාරයේ මෑත ඉතිහාසය විනාශ කරගත් අපට හදිසියකටවත් කියා ඉතිරිව තිබුණේ කොළඹ ඉතිරිව තිබූ බි්‍රතාන්‍ය සමයේ ගොඩනැගිලි කිහිපය පමණි. ආණ්ඩුව මේ සූදානම් වන්නේ ඒ ටිකද වනසාලන්නටය.

මෙවැනි අමනෝඥ වැඩ නිසා සිදුවන්නේ සංචාරක ව්‍යාපාරය වර්ධනය නොව මර්දනය වීමය. ඒත් ඒ බව ආණ්ඩුවට කියාදෙන්නට කෙනෙක් නැත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හදවත් සැත්කම් කරගන්න ළමයින් 2500ක් රිජ්වේ රෝහලේ වේටින් ලිස්ට් එකේ! දවසට කරන්න පුලුවන් 5යි! සැත්කම් කරන්න හදාගෙන ආපු මහල් 11ක අලුත් ගොඩනැගිල්ලත් සල්ලි නැති නිසා නැවතිලා! Sri Lanka Latest News

Next Post

පොලිස් පෙම්වතාගේ බල කිරීමට වීඩියෝ ‌කෝල් එක අතරතුර පොලිස් පෙම්වතිය නිල ඇඳුම ගලවලා! අයිස්වලට තදින්ම ඇබ්බැහි වී සිටි පොලිස් පෙම්වතා වීඩියෝ එක සමාජ මාධ්‍යයට දාලා! පොලිසිය ඇතුළේ කරපු විමර්ශනයෙන් හෙළිවෙච්ච දේ! Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.