• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ ලොකු ජාතික පත්තර කිසිවක පළ කළේ නෑ… හැබැයි දැනගන්නට ඕන… ආණ්ඩුවේ ජනප්‍රිතාව ගැන සිදු කරපු ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණයේ තොරතුරු තමයි මේ…

February 27, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
මහ ලොකු ජාතික පත්තර කිසිවක පළ කළේ නෑ… හැබැයි දැනගන්නට ඕන… ආණ්ඩුවේ ජනප්‍රිතාව ගැන සිදු කරපු ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණයේ තොරතුරු තමයි මේ…
Share on WhatsAppShare on Facebook

අද අපට සමාජයේදී විටින් විට අසන්නට ලැබෙන්නේ එක්තරා ආකාරයක අරුම පුදුම පුවත්ය. එදිනෙදා පත්තර, රූපවාහිනී, සමාජ මාධ්‍ය සහ වෙනත් නොයෙකුත් මාධ්‍යයන් හරහා මේ පුවත් අසන්නට ලැබෙයි. ඡන්දය හෝ මැතිවරණය පැවැත්වෙන්නේ යැයි අද කියැවෙන පුවත හෙට වනවිට කියැවෙන්නේ ඡන්දය පැවැත්වෙන්නේ නැතැයි කියාය. කොතැනකින් කවුරු මේ තීරණ ලබාදෙන්නේ දැයි හෝ කොතැනකින් කවුරු මේ අරුම පුදුම පුවත් ප්‍රකාශ කරන්නේ දැයි කියා හෝ කවුරුවත් දන්නේ නැත. ඒ අතරම රාජ්‍ය ආයතන තමන් කරන්නේ මොනවා දැයි එම ආයතනවත් දන්නේ නැත. එසේම මැතිවරණයට අදාළව ගත් කල එම ආයතනවල ප්‍රධානීන් පවා නිසි වගතුගක් දන්නේ නැත. හතර හිනා නැගෙන කතාව නම් කොහේදෝ නැති බාහිර බලවේගයකින් පැමිණෙන විවිධ නීතිරීති සහ නියෝග නිසා රාජ්‍ය සේවය පවා නන්නත්තාරයේ ගොස් තිබීමය. ඡන්දය හෝ මැතිවරණය යන මාතෘකාව ගත් විට එම තත්ත්වය අතිශයින්ම පැහැදිලි වනු ඇත. මෙවැනි ශෝකී වටපිටාවක් තිබියදී අද ජනතාව පත්ව සිටින තත්ත්වය කුමක්ද? ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව නොසිටින්නේද? අද මෙරට තිබෙන්නේ වැල හැරෙන පැත්තට මැස්ස ගහන රාජ්‍ය පාලනයකි.

අද මෙරට ජනතාව රජයේ විවිධ අපභ්‍රංශ තීන්දු තීරණ ගැන දක්වන පුදුමාකාර ප්‍රතිචාර දහස් ගණනක් අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය තුළදී දැකිය හැකිය. මේවා විටෙක කෝපය, ද්වේශය සහ වෛරය දනවන අතර, තවත් විටෙක හාස්‍ය දනවයි. මේ ආකාරයේ අපූරු ජනතා ප්‍රතිචාර තිබෙන පුවතක් පසුගියදා මාධ්‍යවල පළවී තිබිණි. එයින් ප්‍රකාශ වූයේ ශ්‍රී ලංකාව තුළ වරක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන වර්ග කිහිපයක් තහනම් කිරීමේ පුවතකි. වත්මන් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය පවා හිමිවූ බව එම පුවතෙන් ප්‍රකාශ විය. 2023 වසරේ පුනි 01 වැනිදා සිට මෙම පියවර ගැනීමට කටයුතු යොදන බවද ප්‍රකාශ වී තිබිණි. එනම් එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට, යෝගට් හැඳි, කෝප්ප, සාමාන්‍ය හැඳි, ගෑරුප්පු, පිහි සහ ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි ආදිය මෙම තහනමට ලක්වී තිබිණි. එහිදී ප්‍රකාශ වූ අපූරු වගතුග නම් එම ලැයිස්තුවේ යෝගට් හැඳි තිබුණත්, යෝගට් කෝප්පවලට එම තහනම අදාළ වී නොතිබීමය. මෙය සැබැවින්ම හතරබීරි කතාවකි. එයින් ප්‍රකාශ වන්නේ යෝගට් හැඳි නිෂ්පාදනය තහනම් වන අතර, යෝගට් කෝප්ප නිෂ්පාදනය තහනම් නොමැති බවය. රජයේ මෙම විගඩම් තීරණය ගැන එය සවනට වැටුණු පොදුජ ජනතාව ප්‍රකාශ කර ඇත්තේ අපූරු කියුම්ය.

ඔවුන් ප්‍රකාශ කර තිබුණේ යෝගට් කෝප්ප නිෂ්පාදනය කරන්නේ රජයේ ඇමැතිවරයකුගේ කම්හලක නිසා එසේ තහනම අදාළ නොවනු ඇති බවය. එසේම ඉඳිආප්ප වට්ටි භාවිත කර වීසි කරන්නේ මොන මෝඩයකුද යන පැනයද මතුකර තිබිණි. එසේම මෙම තහනමට පොලිතින් බෑග් අදාළ නොවී තිබීමද තවත් අපූරු කතාවකි. එනම් ඕනෑම ජාතියක පොලිතින් බෑග් භාවිත කිරීමටද තහනමක් නැත. තවත් පාඨකයකු පවසා තිබුණේ අද පාරක කෙටි දුරක් ගියත් පාර අයිනේ යෝගට් කෝප්ප 30-40ක්වත් දැකිය හැකි බවය. ඒ නිසා මොනවා තහනම් කළත් යෝගට් කෝප්ප තහනම නොමැති වීම මදුරුවන්ට වාසිදායක එකක් බව තවත් අයකු ප්‍රකාශ කළේය. තවත් පුද්ගලයකු කියා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේදීත් ඔය නීතිරීති ගෙන එන්නට හැදුවත් අද වනතුරු ඒ කිසිවක් ක්‍රියාත්මක නොවූ බවය. ඔවුන් මේ මත සියල්ලක්ම කියන්නේ අතිශයින් හාස්‍යයකින් සහ පරිභවයකිනි. එවැනි වටපිටාවකදී අපට පෙනී යන්නේ කුමක්ද? එනම් එය වෙනත් කිසිවකුත් නොව ජනතාවගේ අතිශය කලකිරීම එයින් පෙන්නුම් කරයි. කෙටියෙන් කිවහොත් අද ජනතාව සිටින්නේ රජය ගැන මහත් කලකිරීමකිනි.

මෙලෙස වර්තමානයේදී සිදුකෙරෙන සජීවී ජනතා ප්‍රතිචාර ගැන ඉහත උදාහරණ දක්වමින් ඔබට යමක් ප්‍රකාශ කර සිටියේ කුමන හේතුවක් උදෙසාද? එයට හේතුව නම් මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණු එක්තරා සුවිශේෂ කතාවකි. එය නම් වත්මන් ආණ්ඩුව නොහොත් රජය ගැන ජනතාව දක්වනු ලබන ප්‍රතිචාර පිළිබඳ සිදුකෙරුණු විශේෂ සමීක්ෂණයක වගතුගකි. මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධානතම සමීක්ෂණ මෙහෙයුම් ආයතනයක් වන ‘වෙරිටේ රිසර්ච්’ (Verité Research) ආයතනය විසිනි. Verité Research යනු වර්තමානයේදී මෙරට තුළ විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව පුළුල් සමීක්ෂණයන් සහ විශ්ලේෂණයන් සිදුකරනු ලබන ප්‍රධානතම ආයතනයයි. මෙම ස්වාධීන ආයතනය ආරම්භ කර ඇත්තේ 2010 වසරේදී වන අතර, මෙය දැනට වසර 12ක් පැරැණි ආයතනයකි. වෙරිටේ රිසර්ච්හි ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති අතර එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවෙයි. එනම් එම ආයතනය ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සමීක්ෂණයන්ට අමතරව ආසියානු කලාපයේ තවත් රටවල් කිහිපයකටද තම සේවය ලබාදෙයි. එහිදී ඔවුන් එම රටවල රජයන් සහ වෙනත් පෞද්ගලික අංශ සඳහාද සේවය ලබාදෙයි. මම ප්‍රධාන පෙළේ සමාජ සමීක්ෂණ ආයතනයේ ප්‍රධානතම පර්යේෂණ අංශ වන්නේ දේශපාලනය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, නීතිය සහ ජනමාධ්‍යයන් වෙයි. මෙහිදී ඔවුන් තම ප්‍රධානතම කාර්යභාරය වෙන්කර ඇත්තේ ජනතාවාදී තත්ත්වයන් ගැන සමීක්ෂණයන් සහ විශ්ලේෂණයන් සිදුකිරීමටය. මෙම ප්‍රධාන පෙළේ ස්වාධීන නිර්පාක්ෂික සමීක්ෂණ සංවිධානය 2010 වසරේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ කරන ලද්දේ මෙරට සිටින කීර්තිමත් විද්වතකු සහ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයකු වන ආචාර්ය නිශාන් ද මෙල් මහතා විසිනි. ඔබට මෙලෙස මෙම සංවිධානය ගැන යම් වගතුගක් ලියා තැබුවේ එහි යම් හඳුනාගැනීමක් උදෙසාය.

වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය දශකයකට අධික කාලය පුරා ශ්‍රී ලංකාවේ පොදු ජනතාවට අදාළ වන සමාජයීය තත්ත්වයන් ගැන සමීක්ෂණයන් සහ විශ්ලේෂණයන් රැසක් සිදුකරනු ලැබුවේය. එහිදී ඔවුන් සිදුකළ නවතම සමීක්ෂණය වන්නේ මෙම 2023 පෙබරවාරි මාසයේදී සිදුකළ අධ්‍යයනය වෙයි. මෙයට දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත්වූයේ එහි ප්‍රතිඵලයයි. මෙම පුළුල් මට්ටමේ සමාජයීය ගවේෂණ සිදුකෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීන පදනමක් මතය. එහෙයින් එහි ප්‍රතිඵලවල නිරවද්‍යතාව ඉහළින්ම තිබේ. දැන් එසේ නම් මෙම කීර්තිමත් සමීක්ෂණ ආයතනය පසුගියදා සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් කියැවෙන්නේ කුමක්ද? එහි ප්‍රධාන සාරාංශය ගත් කල ප්‍රකාශ වී ඇත්තේ වත්මන් රජය හෝ ආණ්ඩුව ගැන මහජනතාවගේ තිබෙන දැඩි කලකිරීම් තත්ත්වයයි. එමෙන්ම එම ජනතා ප්‍රතිචාරය තවත් දිනෙන් දින වැඩිවන ආකාරය ගැන මෙම විශ්ලේෂණ වාර්තාව බොහෝ කරුණු පැහැදිලි කරයි. 2023 නවතම දීපව්‍යාප්ත ජනමත සමීක්ෂණයේ ඉහළින්ම ප්‍රකාශ කර ඇති වදන් ගැන සොයා බලමු.

‘රට යන අත ගැන ජනතාව තවත් කලකිරේ…’

‘ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබුණු තැනම…’

එම වාර්තාවේ ප්‍රධාන සිරස්තල දෙක යටතේ දක්වා ඇත්තේ ඉහත වදන්ය. මෙය කෙතරම් බැරෑරුම් මෙන්ම පැහැදිලි ප්‍රකාශයක් දැයි එයින් සිතිය හැකිය. අප මෙම වාර්තාවේ සඳහන් ආකාරයටම ඉතිරි සමීක්ෂණ ප්‍රතිඵල ගැනද සොයා බලමු. ඔවුන්ගේ වදනින්ම එය මෙසේය.

‘වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 2022 ඔක්තෝබර් මාසයේ පැවැති මට්ටමේම පවතිනමුත්, රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජනතාවගේ තෘප්තිය එම මාසයේ පැවැති අගයෙන් තවදුරටත් පහතට වැටී තිබේ…’

‘රට හිතන හැටි ජනමත විමසුමේ 2022 ඔක්තෝබර් මස ප්‍රතිඵලවලින් ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත කරන බව රටේ වැඩිහිටි ජනගහනයෙන් 10%ක ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්කර තිබුණු අතර රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් වන බවට ප්‍රකාශ කර තිබුණේ රටේ වැඩිහිටි ජනගහනයෙන් 7%ක ප්‍රතිශතයකි.’

‘මෙවර ප්‍රතිඵලවලට අනුව ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන අනුමැතිය පෙර පැවැති 10%ක අගයේම පවතිනමුත් රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජනතාවගේ තෘප්තිමත්භාවය 7%ක අගයේ සිට 4%ක අගයක් දක්වා පහතට වැටී ඇත…’

‘ආණ්ඩුවේ වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 10%ක් යනු ඉතා පහළ අගයකි…’

‘වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට පෙර පැවැති හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ වූ ආණ්ඩු සමයේද සිදුකරන ලද මෙම සමීක්ෂණයේදී 2022 ජුනි මාසය සඳහා ලැබුණු අගයන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 3%ක් ලෙස සහ රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිය 2%ක් ලෙසත් විය…’

‘මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසයද ඇගයීමට ලක්කර තිබෙන අතර, පෙබරවාරි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ -78.4ක් ලෙසය…’

‘මෙම අගැයුම සිදුකිරීමට බහුවරණ ප්‍රශ්න භාවිත කර තිබෙන අතර එම ප්‍රශ්නවලට ලැබී තිබෙන ප්‍රතිචාරයන් -100 සිට +100 දක්වා පරාසයක තබා අගැයුමට ලක්කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. ‘0’ට වඩා අගයක් මෙම අගැයුමට ලැබීම යනු, ජනතාව වැඩි වශයෙන් ආර්ථිකය ගැන ඍණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බවයි…’

‘ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලු දෙනා සිතන්නේ නම් ලැබෙන අගය -100 වෙයි. රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට 2023 පෙබරවාරි මාසය වන විට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.3%ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 6%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම තවත් 6.3%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත් විට ආර්ථිකය ගැන තිබෙන විශ්වාසයට ලැබෙන්නේ -78.4ක අගයකි. මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී -78ක් සහ ජුනි මාසයේදී -96ක්ද විය….’

දැන් ඔබට මේ තත්ත්වය හොඳින්ම පැහැදිලි වනු ඇත. වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව එසේ විශ්ලේෂණය සිදුකර ඇත. මෙහිදී අපට ඍජුවම පෙනීයන කාරණය කුමක්ද? එසේම සමස්ත නිගමනය වන්නේ කුමක්ද? එනම් වත්මන් රජයේ ක්‍රියාවලිය ගැන රටේ ජනතාවගේ තිබෙන අතිශය ප්‍රබල කලකිරීම සහ අප්‍රසාදයයි. මෙයට මාස 04කට පෙර රජයේ කටයුතු ගැන ජනතාවගේ තිබුණු ආකල්පය ඒ ආකාරයෙන් වර්තමානයේදී තිබීමද මෙලෙස හෙළිවී ඇත. එසේම ඉහත දත්ත අනුව පෙනීයන්නේ රට යන අත ගැන ජනතාවගේ තවත් වැඩි අප්‍රසාදයයි. එම මතය තව තවත් අගාධයට යනවා හැරෙන්නට කිසිදු උද්දීපනයක් ලබා ඇති ආකාරයක් පෙනෙන්නට නැත. එසේම මෙම සුවිශේෂ වාර්තාව කියාසිටින්නේ මෙරට ජනතාව මුහුණදී සිටින අතිශය ඛේදනීය තත්ත්වයයි.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සියලු සමීක්ෂණයන් සහ විශ්ලේෂණයන් සිදුකරනු ලබන්නේ අතිශයින්ම උසස් ප්‍රමිතියකින් යුත් ජාත්‍යන්තර ක්‍රමවේදයකට අනුවය. එනම් දැනට ලෝකයේ ඇති පැරැණිතම සමාජ සමීක්ෂණ සහ ගවේෂණ සංවිධානයක් වන ඇමෙරිකාවේ ‘ද ගැලප්’ (The Gallup) ආයතනයේ ක්‍රමවේදයන්ට අනුවය. 1935 වසරේදී ආරම්භ කරන ලද, දැනට වසර 88ක් පැරැණි මෙම සංවිධානයේ නිර්මාතෘවරයා ජෝර්ජ් ගැලප් (George Gallup) නමැති ඇමෙරිකානු ජාතික විද්වතෙකි. ඇමෙරිකානු විශ්වවිද්‍යාල උපාධිධරයකු වන ඔහු, සමාජ විද්‍යාත්මක පර්යේෂකයකු ලෙස ප්‍රකටය. ආචාර්ය උපාධියක්ද හිමි ඔහු ආචාර්ය ජෝර්ජ් ගැලප් ලෙසින්ද හඳුන්වයි. පසු කලෙක ඔහු විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇත. 1901 වසරේ උපන් ඔහු 1984දී මියගිය අතර, අදත් ඔහු නිර්මාණය කළ ‘ද ගැලප්’ ආයතනය ලොව පුරා ක්‍රියාශීලීව කටයුතු කරයි. මෙම ආයතනය සිදුකරනු ලබන ප්‍රකටතම සමාජ සමීක්ෂණයක් වන ‘ද මූඩ් ඔෆ් ද නේෂන්’ (The Mood of the Nation – ජාතියේ මනෝභාවය) නමැති විශ්ලේෂණ ක්‍රියාවලිය ආශ්‍රිත කරගනිමින් ශ්‍රී ලංකාවේ වෙරිටේ රිසර්ච් ආයතනය මෙරට සමීක්ෂණයන් සිදුකරනු ලබයි. ඇමෙරිකානු සමාජ විද්‍යා ආයතනය එරට ජනමතය විමසුමට ලක්කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැළපෙන අයුරින් සකසා ශ්‍රී ලංකාවේ Mood of the Nation විමසුම සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාවම නියෝජනය කෙරෙන නියැදියක් හරහා රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකි වීම මෙම ක්‍රමයේ විශේෂත්වයකි. මෙය ජාත්‍යන්තරව ප්‍රමිතිගත කිරීමක් වෙයි.

කෙටියෙන් කිවහොත් මෙරට බහුතර ජනතාවට ‘මේ ආණ්ඩුව හොඳටම තිත්තයි. වහකදුරු වගේ.’ ඒ කියන්නේ ‘දැන් ඇති, පලයල්ලා…’ යන කියුමයි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

තාත්තා එක්ක රණ්ඩු වෙච්ච අම්මා දරු පැටව් දෙන්නව බෙන්තර පාලම උඩ තියා ගඟට පැනලා!

Next Post

රට පුරාම ඉන්න විදුලි සේවකයන් අද කොළඹට කැඳවයි! වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්! කොළඹ විරෝධතාවක්!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.