• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉඳ ඉඳ එක වෙහෙර බුදු බණ පවා බොරු කර සැප විඳ ධනය රැස් කර අනේ දෙව්දත් නොදිටි මොක්පුර…

October 26, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ඉඳ ඉඳ එක වෙහෙර බුදු බණ පවා බොරු කර සැප විඳ ධනය රැස් කර අනේ දෙව්දත් නොදිටි මොක්පුර…
Share on WhatsAppShare on Facebook

‘දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බණත් අහන්නැති ඒ කාලේ – නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ’ කියලා සින්දුවක් ඇහුවට ඇත්තටම මේක ජීවිතේ ඇත්තක් විදියට දැනෙයි කියලා අපි හිතුවේ නෑ. මොකද මේක සින්දුවක්. ගී පද රචකයෙක්ට ඕනෙ දෙයක් ලියන්න පුළුවන්. ඒක බණ පදයක් නෙවෙයි, මෙලඩි එකක් දාලා තාලයට ගායනා කරද්දී අපි ඒකට ආසා වුණත්, අපට ඒක හෘදයාංගම වුණත් ඒක සනාතනික සත්‍යතාවක් විය යුතු නෑ. හැබැයි දැන් අපට හිතෙනවා ඒක සනාතනික සත්‍යතාවක් කියලා. ඒ විතරක් නෙවෙයි ‘ඉඳ ඉඳ එක වෙහෙර – විඳ විඳ දහම් මනහර – සිඳ බිඳ දුක් සසර – අනේ දෙව්දත් නොදිටි මොක්පුර’ කියන එකත් දැන් අපට දැනෙන්න පටන් අරගෙන. ඒකට හේතුව අපේ රටේ භික්ෂු වේෂධාරීන්ගේ නොපනත්කම්, නොහොඹිනාකම් ඒ වගේම මේ භික්ෂු වේෂධාරීන්ගේ සටකපටකම් නිසා. මොනවද මේ සටකපටකම්? මොනවද මේ නොහොඹිනාකම්? රටට අර්ථයෙන්, ධර්මයෙන් දේශනා කරන්න මිනිස්සුන්ගේ ගුණයහපත්කම් වගා කරන්න, මිනිස්සුන්ගෙ ජීවිතවලට පාර කියන්න, රට හරි මඟට ගන්න මේ අයට වගකීමක් තියෙනවා. කුමන හෝ ආකාරයේ ආගමික පූජකයෙක්ට මේ වගේ සමාජ ආර්ථික දේශපාලනික රටාවක් ඇතුළේ තමන් දන්න දේවල් ටික කියලා දීලා, මිනිස්සුන්ට ගුණයහපත්කම් කියලා දෙන්න යුතුකමක් තියෙනවා. මේ වගේ රට කඩාවැටිච්ච මොහොතක, රට අර්බුදයක තියෙන මොහොතක මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි තත්පරයක ඒ අය කරන්න ඕනෙ මේ මිනිස්සුන්ට පාර කියන එක. ඒත් ඒ මිනිස්සුන්ට පාර කියන්න තරම් බොහෝ භික්ෂු වේෂධාරීන්ට දැනුමක් නෑ වගේම, ගුණයහපත්කමක් නෑ. ඒ වගේම මනුස්සකමක් නෑ සහ වුවමනාවකුත් නෑ.

තිළිණි ප්‍රියමාලිගෙ කතන්දරේ එළියට ආවට පස්සේ අපේ බොහෝ භික්ෂු වේෂධාරීන්ගේ රෙදි ගැලවුණා. රෙදි ගැලවෙනවා නම් ලොකු දෙයක්. රෙදි ගලවන්න බැරිකමයි රටේ තියෙන ප්‍රශ්නේ. මේ අයගෙ රෙදි ගැලවිලා දැන් ඉන්නේ අමුඩ ලේන්සුව පිටින්. ඒත් තවමත් වැදි බණ කියනවා. කටකමිසිරියාවක් නැතිකමයි එලෝ මෙලෝ නැතිකමයි කියලා කියන්නේ වෙනමම දෙයක්. ඒක මොනවා නැතත් මේ භික්ෂු වේෂධාරීන්ට තියෙනවා සමහර වෙලාවට භික්ෂු වේෂධාරීන් තමන් කරපු තුට්ටු දෙකේ වැඩ වහගන්න සරමෙන් මූණ වහගන්නවා කියන වැඩේ කරනවා. සරමෙන් මූණ වහගත්තම, මූණ වැහුණට යට කෑල්ල හෙලුවෙන්. ඒ කියන්නේ මොනරා නැටුවට පස්ස පැත්ත එළියේ කියනවා වගේ කතන්දරයක්. සිවුපසය කාලා, තමන්ට ඕනෙ වෙලාවට සැපහසුකම් විඳලා මිනිස්සුන්ගේ දානමාන පූජා සිරිත් විරිත්වලින් පෝෂණය වෙලා උන්දැලා දැන් ඉන්නේ සැපට ආරලා. ඒක නිසා හුඟක් දේවල් ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ. මේ කතන්දරය ඒ විදියට කිව්වේ පහුගිය දවස්වල අලුතින් එළියට ආපු වී – 8 නාඩගම නිසා. වී – 8 නාඩගමත්, ඉහළ කියපු ආරම්භයත් අතර සමහර වෙලාවට සම්බන්ධයක් නැතිවෙනත් පුළුවන්. ඇතැම් වෙලාවට සම්බන්ධයක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ දෙක අතර සම්බන්ධයක් හදාගන්නවා නම් හදාගත්තත් අපේ අමනාපයක් නෑ. ඒක තම තම නැණ පමණින් දැනගත යුතුයි කියන කතන්දරයට තමයි ගැළපෙන්නේ. තමන්ට අවශ්‍ය විදියට මේවා පටල ගත්තට පස්සේ ඒවායෙ තියෙන සම්බන්ධතාව ඔබටම තේරේවි ඇයි මෙහෙම භික්ෂු වේෂධාරීන්ගේ නොපනත්කම් ගැන අපි කතාකරන්න පටන්ගත්තේ කියලා.

තිළිණි ප්‍රියමාලිගේ කතන්දරයත් එක්ක අපේ රටේ ඉන්න ලොකු කට්ටියගේ ලොකු රෙදි ලොකුවට ගැලවුණා. ඇත්තටම අප්පිරියාවක් වගේම, හිරිකිතත් වගේම කනගාටුවකුත් දැනෙනවා. මොකක්ද මේ එක පාරටම එළියට ආපු වී-8 නාඩගම? කාගෙද වී-8 එක? පළමු කතන්දරය තමයි වී-8 එකක් පන්සලකට අවශ්‍ය නෑ. ඒකට හේතුව අපේ මේ භික්ෂුන්වහන්සේලා කඳු පර්වත ගිරි ශිඛර තරණය කරලා, යන්න බැරි ජල දුර්ග, වන දුර්ග පහුකරලා, ගම් නියම්ගම පහුකරගෙන, ගමින් ගමට වැඩලා, අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන උන්දැලා නෙවෙයි. ඒ වගේම උන්දැලා ෆෝවීල් රේස් පදින උන්දැලත් නෙවෙයි. දුෂ්කර මඟක ගිහිල්ලා රට හරි මඟට ගන්න වෙහෙසෙන කට්ටියත් නෙවෙයි. බුදුහාමුදුරුවො කරන්න එපා කියපු කාමසුඛල්ලිකානුයෝගයේ ඉහළටම ගිය මේ අයට ඇත්තටම ජීවිතේට එහෙම දෙයක් අවශ්‍යයි කියලා අපි හිතන්නේ නෑ. වී-8 එකක් කියලා කියන්නේ විශාල මිලක්. ඒ වගේ මිලකට ඒ වාහනයක් අරගෙන කරන්න වැඩක් උන්දැලට තියෙනවා කියලා අපට පේන්නෙ නෑ. සමහර විට ඇති. ඒ වැඩේ මොකක් වුණත් දැන් මේවා කාගෙද? මේවා කොහෙන්ද ආවේ? මේවට සල්ලි කොහෙන්ද? එක්කෙනෙක් කියනවා මම දුන්නෙ නෑ කියලා. අනිකා කියනවා නෑ එයා මට දුන්නා කියලා. ඒවා මහ පුදුම දාන මාන පින්කම්.

දුන්න එකාට පින් දෙන්නවත්, පින් අනුමෝදන් කරන්නවත්, අඩුම තරමේ දෙවියන්ට හතර පැත්තෙ ඉඳන් පොතේ ලියාගන්නවත් කවුද පින් කෙරුවේ කියලා හොයාගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. හැබැයි එහෙම තමයි. හැබැයි ප්‍රසිද්ධ කරලා එක එකාට කිය කියා පින් කරන්න ඕනෙ නෑ.
ලොකු මල් වට්ටි අරගෙන, පූජා වට්ටි කරේ තියාගෙන ගිහිල්ලා සුදු ඇඳුම් ඇඳලා ෆොටෝ ගහලා ෆේස්බුක් දාන හරක්ට වඩා කොහොම වුණත් මේ වගේ කාටත් නොකියා පින්කම් කරන ගුණයහපත් මහත්තුරු ඉන්නවා නම් ඒක හරි වැදගත් මොකද අපේ රටේ එහෙම ඉතිහාසයක් තියෙනවනේ.

සමහර වෙලාවට ඉඩම් කඩම්වල යෝධ මන්දිර මතුවුණාට ඒ මන්දිරවලට අයිතිකාරයෙක් නෑ. කාකෙද කියලා හොයන්න ගියාම අන්තිමට ඔප්පු තිරප්පුවල පවා නම්ගම් නැති ඕපපාතික භූත බංගලා අපේ රටේ මතුවුණා පහුගිය කාලෙ. ඒක නිසා මේවත් එහෙම වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ වී-8 කතන්දරය ඇතුළේ කවුද, කාගෙද රෙදි ගැලවෙන්නේ? කවුද මේවා පූජා කරන්නේ? කාටද මෙහෙම දෙයක් වුවමනා වෙන්නේ? කෙනෙක්ගෙ නමක් ගෑවෙනවා එක පැත්තකින්. තව තැනකින් නාගරික මන්ත්‍රීතුමියකගේ නමකුත් ගෑවෙනවා. මේ නාගරික මන්ත්‍රීතුමිය දැන් කියනවා එහෙම දෙයක් නෑ කියලා. එතකොට අපේ භික්ෂු වේෂධාරීන්වහන්සේ තව වෙලාවක තව එකක් කියනවා.

මේ වගේ දේවල් නිසා ඇත්තටම අපහසුතාවට පත්වෙන්නේ සැබෑවටම ධර්මය විනය රකින ගුණයහපත් භික්ෂුන්වහන්සේලා. දානයට මානයට වඩින, අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන අපේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවො වගේ හාමුදුරුවරුත් මේ වගේ වැඩ නිසා අපහසුතාවට පත්වෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේත් මේ වී-8 කතන්දරෙන් අපහසුතාවක් වුණා නම් අපි හරියට කනගාටුවට පත්වෙනවා. එහෙම දෙයක් වුණු නිසා උන්වහන්සේ ඇත්තේ කනගාටුවෙන්. දුකෙන්.

හොයලා බලමු කාගෙද වී-8 එක කියලා. කාගෙ වුණත් කමක් නෑ, අයිතිකාරයෙක් නැත්නම් ඒවා අපට දෙන්න. අපි රට වෙනුවෙන් ඕවා පාවිච්චි කරන්නම්. මොකද පත්තර කන්තෝරුවකට වී-8 එකක් කියලා කියන්නේ හරිම වටින වාහනයක්.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඔළුවට-බඩට-මුළු ඇඟටම, වදින්න යන බදු ගැහිල්ල හරියට වදින විදිහ…

Next Post

යාල සිද්ධිය උසාවියට යයි! ආපු කට්ටිය ගැන-සුපිරි ජිප් ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.