• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔළුවට-බඩට-මුළු ඇඟටම, වදින්න යන බදු ගැහිල්ල හරියට වදින විදිහ…

October 25, 2022
in Exclusive, News
Reading Time: 9 mins read
A A
ඔළුවට-බඩට-මුළු ඇඟටම, වදින්න යන බදු ගැහිල්ල හරියට වදින විදිහ…
Share on WhatsAppShare on Facebook

මිණිබිරිය, අසේනි
ආණ්ඩුවේ හිස් භාණ්ඩාගාරය පිරවීම සඳහා රජය පසුගියදා දැඩි බදු වැඩිකිරීමක් යෝජනා කළා. එහෙත් අද පවතින ආර්ථික තත්ත්වයට නොගැළපෙන සහ රටේ කඩාවැටුණු ආර්ථික තත්ත්වයට මරු කැඳවීමක් ලෙස මේ බදු යෝජනා බොහෝ දෙනාගෙ විවේචනයට ලක්වෙලා තිබෙනවා. මේ විවේචන සාධාරණද?

සීයා, සරත් මහත්තයා
1948දී බි්‍රතාන්‍යයන්ගෙන් මෙරට නිදහස ලැබූ දා සිට ශ්‍රී ලංකාවේ අයවැය සහ අයවැය ප්‍රතිපත්ති අර්බුදයකයි පවතින්නේ. එම වැඩසටහන් සඳහා අරමුදල් සැපයිය යුතු ආකාරය දෙස නොබලා රාජ්‍ය වියදම් වසරින් වසර ඉහළ යන වැඩසටහන් පමණයි අනුප්‍රාප්තික රජයන් විසින් සැලසුම් කළේ. තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමටම අන්ත ලෙස පිරිහී ගිය පසු රනිල් වික්‍රමසිංහ පාලනය විසින් එය විසඳාගැනීමට උත්සාහ කරන්නේ IMF නොහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත රජයේ ආදායම වැඩිකර ගනිමිනුයි. එය මූල්‍ය ඒකාග්‍රතාව ලෙස හැඳින්වෙන උපායමාර්ගයයි. එය වැඩි ආදායමක් මගින් රජයේ අයවැයකරණයේ ගැටලු විසඳීමට ගන්නා ක්‍රියාමාර්ග විස්තර කිරීමට භාවිත කරන යෙදුමක්. කෙසේ හෝ 2019දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු ගෙවන්නන් හට විශාල ලාභ බදු සහනයන් ලබාදෙමින් රාජ්‍ය ආදායම් පදනමේ විශාල කඩාවැටීමක් ඇතිකළා. එහෙයින් රාජ්‍ය වියදම් කප්පාදු කිරීමට නොහැකි වූ අතර ඒ නිසා අඩු වූ ආදායම සමග දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% සිට 12% දක්වා විශාල අයවැය හිඟයකට රට තල්ලු වුණා. IMF ඇපයක් සොයන රනිල් වික්‍රමසිංහ රජය නැවත වරක් ආදායම් වැඩිකර ගනිමින් එය විසඳීමට උත්සාහ කරන පැරැණි යුගයට යෑමට සැලසුම් කරමින් සිටිනවා. එහි සැලසුම වන්නේ දැනට පවතින දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක පමණ පවතින ආදායම මධ්‍යකාලීනව 12% දක්වාත්, ඉන් පසු අවසානයේදී 2025 වන විට 15% දක්වාත් ඉහළ නැංවීමයි. කෙසේ වෙතත් රජයේ බදු සහ ආදායම් වැඩිකිරීමේ අවශ්‍යතාව විචාරකයන්ද දන්නවා.

මිණිබිරිය, අසේනි
සීයා, ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී මිල්ටන් ෆ්‍රීඩ්මන් මහාචාර්යවරයා (Proffessor Milton Friedman, Nobel Prize Laureate in Economics – 1976) 1978 තරම් ඈත අතීතයේදී පවත්වන ලද ප්‍රසිද්ධ දේශනයකදී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ගැන බොහෝ ආන්දෝලනාත්මක මත ඉදිරිපත් කළා නේද? ඔහු බදු වැඩිකිරීම මෙන්ම රජයක වියදම්ද දැඩි ලෙස විවේචනය කළ අයෙක්. එවැනි මතිමතාන්තර රනිල් වික්‍රමසිංහ පරිපාලනයට සිය අයවැය ප්‍රතිපත්තිය සැකසීමට උපකාර වන්නේ කෙසේද? අදටත් එම මහාචාර්යවරයාගේ අදහස් ගැළපෙනවා නේද?

සීයා, සරත් මහත්තයා
පැහැදිලිවම. මහාචාර්ය මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ එම අදහස් අදටත් කාලීනව ගැළපෙනවා. අපගේ අයවැය ප්‍රතිපත්තිය සැකසීමටත් එම සියුම් කරුණු රාශියක් බලපානු ලබනවා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහගේ සියලු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔහුගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඉගෙනීමේ අභ්‍යාසය බවට මෙය පත්කළ යුතුයි. මොකද ෆිස්කල් ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය පාලනය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා ඡන්දදායකයන්ගේ හැසිරීම පිළිබඳ සියුම් කරුණු රාශියක් ඇති බවට අපට දැනෙන්නේ මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ කතාවට සවන් දෙන විටයි. මෙම කණ්ඩායම් දෙකම වැඩකරන්නේ ආත්මාර්ථකාමීත්වයෙනුයි. එම ස්වාර්ථය රටේ යහපත සඳහා යොදාගැනීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පාලකයාගේ, ජනාධිපතිවරයාගේ යුතුකමක්.

මිණිබිරිය, අසේනි
මොනවද සීයේ ඒ සියුම් කරුණු?

සීයා, සරත් මහත්තයා
ඔහුගේ ප්‍රධාන කරුණ සහ අප සාමාන්‍යයෙන් අගය නොකරන කරුණ නම් ජනතාව මත පැටවෙන බදු බර ඔවුන් ඔවුන්ගේ වර්තමාන ආදායමෙන් රජයට බදු ලෙස ගෙවන දේ නොවන බවට තිබෙන විශ්වාසයයි. අප දන්නවා දැන් ජනතාවට බදු බර වැඩි කරලා බදු වැඩියෙන් ගෙවන්නට සිදුවී තිබෙන බව. ණය මූල්‍යකරණය සහ බදු මූල්‍යකරණය යන අංශ දෙකම ආර්ථිකයට සමාන බලපෑමක් ඇති කරනවා. මේ අවස්ථා දෙකේදීම රාජ්‍ය වියදම් පවත්වාගෙන යෑමට ජනතාවට ඉහළ බදු ගෙවන්න සිදු වෙනවා. ඒ නිසා ඔවුන් කනස්සල්ලට පත්වෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට ගියහොත් දැන් ශ්‍රී ලංකාවේ වර්තමාන උද්ධමනය 70%ක් වන අතර, ආහාර උද්ධමනය 94%ක් වෙනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්. මෙයින් අදහස් කරන්නේ මීට මාස 12කට පෙර තිබුණු රුපියල් 100 දැන් වටින්නේ රුපියල් 30යි.

මිණිබිරියගේත්, සීයාගේත් දෙබස ගලාගෙන යන මෙම අපූරු කතන්දරය කුමක්ද? මෙය කියවන්නට ලැබුණේ පසුගිය ඉරිදා පළවූ ඉංග්‍රීසි පුවත්පතක ලිපියක් හරහාය. රසය දනවන ලෙස මෙය ලියා තබන්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා විසිනි. ආචාර්ය විජේවර්ධන යනු ශ්‍රී ලංකා මහබැංකුවේ සිටි නියෝජ්‍ය අධිපතිවරයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවලින් උපාධි හිමිකරගෙන තිබෙන කීර්තිමත් විද්වතකු වන අතර ග්‍රන්ථ සම්පාදනය කරන ලේඛකයකුද වෙයි. ඉහත ඉංග්‍රීසි පුවත්පතෙහි පළවූ ලිපිය ඔහු ලියා තබන්නේ පාඨකයාට රසවත් සංවාදයක් ලෙසිනි. එනම් එහි මිණිබිරිය යනු ආර්ථික විද්‍යාව ඉගෙනගන්නා ශිෂ්‍යාවකි. ඇය ‘අසේනි’ ලෙසින් හඳුන්වයි. ඇගේ සීයා වන්නේ ‘සරත් මහත්තයා’ නමැති පුද්ගලයකු වන අතර, ඔහු කාලයක් පුරා රාජ්‍ය මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ආර්ථික විද්‍යාව ගැන අවබෝධයක් ඇති විද්වත් නිලධාරියෙකි. ලේඛකයා මෙම දෙදෙනා අතර සංවාදය ගොඩනගන්නේ පාඨකයාට කියවීමට රුචි වන රසවත් ආකාරයෙනි. මෙහිදී ඔවුන් අතර සිදුවන සංවාදයට පාත්‍ර වන්නේ පසුගියදා වත්මන් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව බදු සංශෝධන ක්‍රියාවලියයි. මෙම බදු සංශෝධනය හරහා මෙරට ජනතාව ඉතා දරුණු අසහනකාරී තත්ත්වයකට පත්වන බව මේ වන විට විශාල සමාජ කතිකාවක් ඇතිවී තිබේ. එම තත්ත්වය පදනම් කරගෙන ආචාර්ය විජේවර්ධන ඉහත ලිපිය සකස් කරනු ලබයි. රජය මෙම බදු සංශෝධනය ගැසට් පත්‍රයක් හරහා පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, එම ප්‍රකාශ කරන ලද නව බදු වර්ග දැනට බලගැන්වීම සිදුකර ඇත. ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට නියමිත IMF සංවිධානයේ (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) විශේෂ නිර්දේශයන් සහ නියෝගයන් මත මෙම නව බදු සංශෝධනය සිදුකර ඇතැයි මේ වන විට විවිධ පාර්ශ්ව ගණනාවක් දෝෂාරෝපණය කර සිටියි. ඉහත දෙබස තවදුරටත් ගලායන්නේ මෙසේය.

මිණිබිරිය, අසේනි
රජය ශ්‍රී ලංකාව තුළ මුදල් නොමැතිකම නිසා විදේශයන්ගේ ණය ලබාගෙන රජයේ වියදම් සඳහා මුදල් යෙදවුවහොත් කුමක් සිදුවේද? එය අනාගත බදු වගකීමක්ද?

සීයා, සරත් මහත්තයා
ඔව් ඇත්තෙන්ම. එහෙත් එය දේශීය වෙළෙඳපළෙන් ණයට ගන්නවාට වැඩිය නරක දෙයක්. එසේම එම ණය ගෙවීමට රටට සිදුවූ විට ඊට වඩා විශාල කැපකිරීමක් කිරීමට සිදුවන්නේ මූලික මුදල පොලිය සමග ගෙවිය යුතු නිසයි. එසේම අභ්‍යන්තර සම්පත් පිටතට ගලායෑමක් සිදුවෙනවා. එම පිටවීම රජයට ගෙවන බද්දකට සමාන වෙනවා. එබැවින් දේශීය ණය ගැනීම් සහ විදේශීය ණය ගැනීම් යන දෙකෙහිම මෙම ප්‍රශ්න දැකිය හැකියි. මෙම තත්ත්වය ජනතාව මත පටවනු ලබන බදු වගකීමක් වෙනවා.

මිණිබිරිය, අසේනි
රජය බැංකු පද්ධතියෙන් ණය ලබාගෙන එහි වියදම් සඳහා මුදල් යෙදවුවහොත් කුමක් සිදුවේද? ඒකත් මිනිස්සුන්ට බද්දක් ගෙවන්න හේතු වීමක්ද? මුදල් නෝට්ටු අසීමිතව මුද්‍රණය කරමින් ඒවා මිනිසුන් අතට පත්වූ විට ඔවුන්ගේ ධනය වැඩිකිරීමක් සිදුවෙනවද?

සීයා, සරත් මහත්තයා
ඒක ජනප්‍රිය විශ්වාසයක්. නවීන මූල්‍ය න්‍යාය නොහොත් Modern Monetory Theory (MMT) නම් නව ආර්ථික න්‍යායකට දායක වන ආර්ථික විශේෂඥයන් එහෙම ප්‍රකාශ කරනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ රජය මුදල් මුද්‍රණය කර වියදම් ලෙස යොදාගත්තාට හානියක් වෙන්නේ නැහැ කියලයි. නමුත් එය සත්‍ය වන්නේ රජය විසින් නිර්මාණය කරන ලද නව මුදල් ආර්ථිකයේ සැබෑ භාණ්ඩ හා සේවාවල වර්ධනයට සමාන නම් පමණයි. කෙසේ වෙතත් මෙම සැබෑ වර්ධනයට ඉහළින් මුදල් මුද්‍රණය කරන්නේ නම් එය උද්ධමනයට හේතු වෙනවා. මෙය සත්‍ය වශයෙන්ම පුද්ගලයන් මත පටවනු ලබන උද්ධමන බද්දක් වෙනවා. ඒ නිසා උද්ධමනය ඇති නොකර රජයක් විසින් මුදල් මුද්‍රණය කිරීමේ ආරක්ෂිත ක්‍රමය වන්නේ මුදල් සැපයුමේ වර්ධනය, සැබෑ ආර්ථික වර්ධනයට සමාන වන සේ කසක් කිරීමයි.

මිණිබිරිය, අසේනි
නමුත් උද්ධමනය බද්දක් වන්නේ කෙසේද? ඒ වගේම උද්ධමන බද්ද නපුරු බද්දක්ද?

සීයා, සරත් මහත්තයා
ඔව්, එය අනෙකුත් බදු වර්ගවලට වඩා බෙහෙවින් හානිකරයි. ඒ මගින් සියලු ආර්ථික කටයුතුවලට විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙනවා. උද්ධමනයට එරෙහි වැටක් ලෙස මූල්‍ය වත්කම්වල සිට ඵලදායී නොවන සැබෑ වත්කම් වෙත මාරු වීමට එය මිනිසුන්ට බලකිරීම් කරනවා. උද්ධමනය රටකට පැමිණි විට මිනිසුන් හෙටට වඩා අද ගැන සැලකිලිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අනාගත ආයෝජන පහත වැටීම නිසා ආර්ථිකයේ ධාරිතාවට වඩා අඩු නිෂ්පාදනයක් සිදුවෙනවා. ගෙවුම් ශේෂය හිඟය විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට තවදුරටත් පීඩනයක් ඇති කරනවා. මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ ආදායම අහිමි වූ විට ඔවුන් දුප්පත් වන අතර රටේ ස්ථාවරත්වයට තර්ජනයක් වන සමාජ හා දේශපාලනික ව්‍යාකූලත්වයක් අතිවෙනවා. එහෙයින් අංක එකේ මහජන සතුරා වන්නේ උද්ධමනය සහ උද්ධමන බද්දයි. ඒ නිසා සියලු බදුවලට වඩා මේ බද්ද ඉතා බියකරුයි. රජයේ වියදම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුවලට අනුව 2022දී රජයේ වියදම් රුපියල් ටි්‍රලියන 4.67 සිට 2023දී ටි්‍රලියන 7.92 දක්වා වැඩි වෙනවා. මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ මුළු බදු වගකීම 70%කින් පමණ වැඩිවන බවයි. මේ නිසා එම තත්ත්වය ජනතාවට දරාගන්නට බැහැ.

ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා විසින් රසවත් සංවාදයක ආකාරයෙන් මෙම ලිපිය ලියා ඇත්තේ අපූරු මාතෘකාවක් යටතේය. එනම් එය ඉංග්‍රීසි බසින් හඳුන්වා ඇත්තේ Child’s Guide to Ranilnomics නොහොත් ‘රනිල් නොමික්ස් සඳහා දරුවාගේ මාර්ගෝපදේශය’ යනුවෙනි. මෙහි ‘රනිල්නොමික්ස්’ යන වදන නිර්මාණය වී ඇත්තේ ‘රනිල්ස් ඉකොනොමික්ස්’ (Ranil’s Economics) යන වචන දෙක එකට එකතු වීමෙනි. මෙය තවත් ආකාරයකින් සිංහල අරුතින්ම පැහැදිලි කරනවා නම් ‘රනිල්ගේ ආර්ථික විද්‍යාව’ යනුවෙන් අර්ථ ගැන්විය හැකිය. එම ආර්ථික විද්‍යා ක්‍රමවේදය දරුවකුගේ මාර්ගෝපදේශය තුළින් සංවාදයට ගැනෙයි. ඉංග්‍රීසි පුවත්පතේ ලිපිය අර්ථ ගැන්වෙන්නේ එලෙසය. කෙසේ හෝ මේ ලිපිය මගින් ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන ශ්‍රී ලංකාවේ වර්තමාන බදු සංශෝධන අර්බුදය ගැන යම් පැතිකඩක් කතාකරනු ලබයි. වත්මන් රජය මෙසේ පසුගියදා සිදුකරන ලද නව ආදායම් බදු සංශෝධනය ගැන දැනටමත් රටේ ජනතාව නිසි වගතුගක් නොදනිති. එසේ වන්නේ එම ක්‍රමවේදය ගැන නිසි ලෙස පැහැදිලි කිරීමක් සිදු නොවන බැවිනි. එහෙයින් අප මෙම අර්බුදය ගැන කරුණු කාරණා සොයා බලමු.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් නව කෙටුම්පත (සංශෝධිත) පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය 2022 ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කරනු ලැබීය. මුදල් හා ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණි.

ගැසට් නිවේදනයට අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අයකරගනු ලබයි. මෙතෙක් බදු අයකරනු ලැබුවේ මාසික ආදායම රුපියල් 2,50,000ට (ලක්ෂ දෙකහමාර) වැඩි ආදායම් ලැබූ පුද්ගලයන්ගෙන් පමණි. එසේම රුපියල් ලක්ෂය දක්වා මාසික ආදායම් ලබන පුද්ගලයන්ගෙන් බදු අයකිරීමක් නොමැත. රජයේ නව බදු සංශෝධනයට අනුව අනෙක් සංශෝධනයන් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

මාසික ආදායම රුපියල් 100,000 (ලක්ෂය) හෝ ඊට වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අයකරනු ලැබේ.

අඩුම බදු අනුපාතය 6%ක් වන අතර, ඉහළම බදු අනුපාතය 36%ක් වෙයි.

කාණ්ඩ 6ක් යටතේ බදු අයකෙරෙන අතර එය 6%, 12%, 18%, 24%, 30%, 36% ලෙස ආදායම අනුව බදු ප්‍රතිශතයන් ඉහළ දැමෙනු ඇත.

2022 ඔක්තෝබර් 01 වැනිදා සිට 2023 මාර්තු 31 වැනිදා දක්වා තක්සේරු වර්ෂයේ ඉතිරි මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 06ක් හෝ ඊට අඩු නම් එම පුද්ගලයෝ ආදායම් බදුවලින් නිදහස් වෙති.

එම දෙවැනි මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 06 සීමාව ඉක්මවන්නේ නම් එහිදී වැඩිවන පළමු රුපියල් 2,50,000 සඳහා 6%ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.

දෙවැනි මාස හයේ මුල් රුපියල් ලක්ෂ 06 හැර එතැන් සිට රුපියල් 2,50,001 සිට රුපියල් ලක්ෂ 05 අතර ආදායම පවතින පුද්ගලයකුගෙන් 12%ක් සහ මුල් ලක්ෂ 05 සීමාව ඉක්මවා රුපියල් ලක්ෂ හතහමාරක් දක්වා (7,50,000) 18%ක ආදායම් බද්දක් අයකර ගැනීමට යෝජනා කර ඇත.

රුපියල් 7,50,001ත් රුපියල් මිලියනයත් අතර ආදායම පවතින පුද්ගලයකු 24%ක්ද, රුපියල් මිලියනයේ සිට මිලියන 1.2ක් උපයන පුද්ගලයන්ගෙන් 30%ක ආදායම් බද්දක් සහ රුපියල් මිලියන 1.2කට වැඩි ආදායමක් ලබන පුද්ගලයකුගෙන් 36%ක් ආදායම් බදු ලෙස අයකර ගැනීමට යෝජිතය.

2023 අප්‍රේල් 01 වැනිදා සිට ඉදිරි වර්ෂයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය ආදායම් බදු නීතිය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන පුද්ගලයකුගෙන් ආදායම් බදු අයකිරීමක් සිදු නොවේ.

එසේ වුවද එතැන් සිට උපයන අතිරික්ත රුපියල් ලක්ෂ 05ක් සඳහා 6%ක බදු මුදලක් අයකෙරෙයි. එසේම මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 10 දක්වා උපයනු ලබන පුද්ගලයකුගෙන් 12%ක්ද අයකෙරෙයි.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂිකව ආදායම් උපයන පුද්ගලයකුගෙන් 18%ක් බදු වශයෙන් අයකර ගැනෙනු ඇත.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වාර්ෂික ආදායම් ලබන පුද්ගලයකුගෙන් 24%ක්ද, මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වාර්ෂිකව උපයනු ලබන පුද්ගලයකුගෙන් 30%ක් සහ මුල් ලක්ෂ 12 හැර ආදායම රුපියල් ලක්ෂ 25 ඉක්මවනු ලබන පුද්ගලයකුගෙන් 36%ක ආදායම් බද්දක්ද අයකර ගැනීමට යෝජිතය.

මෙම බදු සංශෝධනවලින් ධනවතුන්ට යම් ඉහළ බදු අයකිරීමක් ඇති බව පෙනී යයි. එහෙත් සාමාන්‍ය ජනතාව මෙහිදී ගෙවනු ලබන බදු කන්දරාව එළියට පෙනෙන්නේ නැත. එය සැඟවී ඇත.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

19 ‌ගෙනාවෙත් රාජපක්ෂලාට ගහන්න! 22 ගෙනාවෙත් රාජපක්ෂලාට ගහන්න! එතකොට පොහොට්ටුවේ එවුන් ඡන්දෙ දුන්නේ මොකාට ගහන්නද? අනේ සාගර කියන්නකෝ! (VIDEO)

Next Post

ඉඳ ඉඳ එක වෙහෙර බුදු බණ පවා බොරු කර සැප විඳ ධනය රැස් කර අනේ දෙව්දත් නොදිටි මොක්පුර…

MORE NEWS

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

2029 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් ලෙස තරග වැදීමට සූදානමින් සිටින විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් මුල්කරගෙන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ...

Read more
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.