• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශාලා මහනුවර දුර්භික්ෂය ශ්‍රී ලංකාව ගිලගනීද?

September 5, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
විශාලා මහනුවර දුර්භික්ෂය ශ්‍රී ලංකාව ගිලගනීද?
Share on WhatsAppShare on Facebook

මිනිසුන් රෙදි අඳින්නේ විළි වහගන්නටය. බුදුරජාණන්වහන්සේගේ සමයේදී උන්වහන්සේට එරෙහිව විවිධ අන්‍යාගමිකයන් තම මිථ්‍යාදෘෂ්ටික ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඉදිරියට පැමිණියේය. නිගණ්ඨ නාථපුත්ත ඉන් එක් අන්තවාදී ආගමික නායකයකු වූ අතර ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් සියල්ලෝම ජීවත් වූයේ නිරුවතිනි. එහෙත් එකල බුදුරජාණන්වහන්සේ මේ සියලු මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ මතවාද පරදවමින් තම පිරිසිදු සද්ධර්මය දේශනා කළ සේක. කෙසේ හෝ මෙවැනි අපූරු ඉතිහාසගත වටපිටාවක් ඇති ලෝකයක් තුළදී මිනිසුන් තම විළි වසාගන්නට රෙදි ඇන්දේය. අප ශ්‍රී ලංකාවේද මිනිසුන් පැය 24 පුරාම රෙදි ඇඳගෙන සිටින්නේ ඒ නිසාය. සමහර විට අපි යාර ගණන් රියන් ගණන් රෙදි පටලවාගෙන සිටින්නේ එහෙයිනි. එහෙත් මෑත සමයක සිට අපගේ මෙම රෙදි ගැළවී යන තත්ත්වයකට අප පත්ව සිටිමු. එසේ වන්නේ කෙසේදැයි දැන් නිරන්තරව අසන්නට ලැබෙන විවිධ කතාන්දරවලින් හොඳින්ම පෙනී යයි. මෙසේ ශ්‍රී ලංකාවේ රෙදි ගැළවෙන කතා ඇසෙන්නේ වෙනත් කොතැනකින්වත් නොව, ජාත්‍යන්තරයෙනි. එනම් මේ කතා අද ලෝක වාර්තා තබන කතාන්දර වී හමාරය.

මෙයට සති දෙකකට පමණ පෙර අපට දැනගන්නට ලැබුණේ ශ්‍රී ලංකාව යනු ලෝකයේ 05 වැනි ස්ථානයට ආහාර උද්ධමනය ඇති රට ලෙස වාර්තා වීමය. ඒ ගැන අප කතා කරමින් සිටින විටදී මෙයට දින කිහිපයකට පෙර තවත් ශෝචනීය කතාවක් ආරංචි වුණේය. එනම් ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර 06 වැනි ස්ථානයට පත්ව තිබීමය. එක් කතාවක උණුසුම නිවී යන්නටත් පෙර අනෙක් වගතුග ආරංචි විය. තවද මෙම ලෝක වාර්තා අප රට වෙත එන්නේ එසේ මෙසේ තැන්වලින්ද නොවේ. පසුගියදා ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර 05 වැනි ස්ථානයට පත්වුණු පුවත නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ලෝක බැංකුව විසිනි. එසේම ඉන් පසුව ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව 06 වැනි ස්ථානයට පත්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ යුනිසෙෆ් සංවිධානය මගිනි. යුනිසෙෆ් සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ ලෝක අරමුදලයි. මෙසේ එක් ගිනිගෙඩියක උණුසුම නිවී යන්නටත් පෙර ශ්‍රී ලංකාවට පාත්වුණු අනෙක් ගිනිගෙඩියේ වගතුග කුමක්ද? මේවා සැබෑ ලෙසම ශ්‍රී ලංකාවට එරෙහිව යමෙකු විසින් සිතා මතා ඇතිකරනු ලබන ගිනිගෙඩි නොවේ. මේවා අද ලෝක සත්‍යයෙන් අප වෙත හිමිවන වාර්තාමය වගතුගකි. එසේත් නැතිනම් පිළිගත් ලෝක තක්සේරුවකි. තවත් අයුරකින් කියනවා නම් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයක්ය. මෙවැනි ශෝචනීය වටපිටාවකදී අද තවමත් අප රටේ රාජ්‍ය පාලකයන් කටයුතු කරන්නේ නිගණ්ඨ දහමට අනුව යැයි සිතෙයි. ඔවුන් යාර ගණන්, රියන් ගණන් පෙරදිග සහ අපරදිග රෙදි පැලඳ සිටියත් සත්‍ය ලෙසම ඔවුන් සිටින්නේ නිරුවතිනි. අහිංසක ජනතාව විනාඩියෙන් විනාඩිය අගාධයට ඇදගෙන යද්දී මෙම නිගණ්ඨ රාජ්‍ය පාලකයන්ගේ සිරිත විනාඩියෙන් විනාඩිය තම බලය තහවුරු කරගැනීමට උත්සාහ කිරීමය. මෙරට කිරි දරුවන් මහා මන්දපෝෂණයකට ඇද දමා තිබෙන බව ජාත්‍යන්තරය කියා තිබියදීත් පාලකයන් සිදුකරන්නේ කුමක්ද? අපි එදා කතා කළේ ඉතියෝපියාව, සෝමාලියාව ගැනය. අද ඉතියෝපියාවේ, සෝමාලියාවේ මිනිසුන් කතා කරන්නේ අප ගැනය. මේ කිසිවක් වත්මන් රාජ්‍ය පාලකයන්ට ඇසෙන්නේ නැත. අද පාන් භාගයක් මිලදී ගන්නට බැරි දුප්පත් මිනිසුන් තම දරුවන්ට කන්නට බොන්නට දෙන්නේ කෙසේද? මෙම පාලකයන්ගේ ඔළුගෙඩි සහ බඩගෙඩි නම් ඉතා පෘෂ්ටිමත්ව තිබෙන අයුරු හොඳින්ම පෙනෙන්නට ඇත. මෙලෙස පසුගියදා යුනිසෙෆ් සංවිධානය විසින් ළමා මන්දපෝෂණය අතින් අපට ලබාදුන් අතිශය ඛේදනීය තක්සේරුව ගැන සොයා බලමු.

ජාත්‍යන්තර යුනිසෙෆ් සංවිධානය මෙම තක්සේරුව පසුගියදා ලබාදෙන්නට ප්‍රථම මෙයට මාස දෙකකට පමණ උඩදී තවත් තක්සේරුවක් ලබාදී තිබුණේය. එනම් දකුණු ආසියාවේ රටවල් අතරින්ද ළමා මන්දපෝෂණයට අදාළව ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය ලබා තිබීමය. එලෙස ප්‍රකාශ වී මාස දෙකක් ගතවත්ම ලෝකයෙන්ම 06 වැනි ස්ථානයටද ශ්‍රී ලංකාව පත්විය. මේ අනුව මෙය කෙතරම් බැරෑරුම්, ශෝචනීය තත්ත්වයක්ද? කෙසේ හෝ මෙම සියලු ප්‍රමිතීන් අපට හිමිවන්නේ වත්මන් රජය යටතේදීය.

මන්දපෝෂණය (Malnutrition) යනු අවිධිමත් හා ප්‍රමාණාත්මක නොවන ආහාර රටාවක් නිසා ඇතිකරන තත්ත්ව විග්‍රහ කිරීමට භාවිත කෙරෙන වෛද්‍ය විද්‍යාත්මක යෙදුමකි. මෙය බොහෝ අවස්ථාවලදී යොදාගනුයේ ‘අවපෝෂණය’ විග්‍රහ කිරීමට වන අතර මෙහිදී ප්‍රමාණවත් නොවූ ආහාර පරිභෝජනය, ආහාර අවශෝෂණයේදී ඇතිවන ගැටලු හා පෝෂක කොටස් සිරුරෙන් අධිකව ඉවත්ව යෑමක් සිදුවේ. මන්දපෝෂණයෙහි විරුද්ධාර්ථය වන්නේ අධිපෝෂණය වන අතර එය ඇතිවනුයේ අධිකව ආහාර පරිභෝජනය කිරීමෙනි. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන්නේ අධිපෝෂණයක් නොව මන්දපෝෂණයකි. යම් කිසි පුද්ගලයකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නියමිත ප්‍රමාණයට පෝෂ්‍ය පදාර්ථ හා සංඝටකවලින් යුත් සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් පරිභෝජනය නොකළහොත් මන්දපෝෂණයට ලක්වෙයි. මෙලෙස මන්දපෝෂණය ඇතිවීමට හේතු වන්නේ නිරාහාරව සිටීම, නොයෙකුත් රෝගාබාධ හා ආසාදනයන්ය. සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව නිසා නිරෝගී සෞඛ්‍යසම්පන්න දේහ ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීමට තරම් ප්‍රමාණාත්මක අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී යෑම නිසා මන්දපෝෂණය ඇතිවේ. ලෝකයේ රටවල ඇතිවන දුර්භික්ෂ තත්ත්වයන්ද මෙහිදී අවධානයට ගත හැකිය. ලෝකයේ බහුතරයක් වූ මන්දපෝෂණයට ලක්වූ ජනතාවගේ ආහාර වේලෙහි ප්‍රමාණාත්මකව කැලරි ප්‍රමාණයන් අන්තර්ගත නොවන අතර, ආහාර වේලෙහි ප්‍රෝටීන, විටමින් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටකවලින්ද ඌන වේ. මේ නිසා මන්දපෝෂණ තත්ත්වය යටතේ විවිධ රෝගාබාධද ඇතිවේ. බහුලවම දක්නට ලැබෙන මන්දපෝෂණ තත්ත්වය වන්නේ ප්‍රෝටීන ශක්ති මන්දපෝෂණය වන අතර මෙය නිසි පරිදි ප්‍රෝටීන නොලැබී යෑම හේතුවෙන් සිදුවෙයි.

පසුගියදා ජාත්‍යන්තරයෙන් අපට හිමිවූ මෙම තක්සේරුවෙහි අපූරු වගතුග හෙළිවන්නේ මෙතැන සිටය. එනම් අපගේ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ශෝකී කතාන්දරය හරහා එම පිටු පෙරළෙයි. මෙලෙස එක්සත් ජාතීන්ගේ ලෝක ළමා අරමුදල (යුනිසෙෆ්) අනුව ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ 06 වැනි ස්ථානයේය. ඒ අනුව අපට ඉහළින් රටවල් 05ක් තිබිය යුතුය. මෙම තක්සේරුව සිදුකරන්නේ ලෝකයේ රටවල් 195ක් ආශ්‍රිත කරගනිමිනි. එනම් අප ශ්‍රී ලංකාවට පහළින් තවත් රටවල් 189ක් තිබිය යුතුය. මේ සියලු ලැයිස්තු මෙහි ලියා තබන්නට ඉඩකඩ මදිය. එහෙත් අපට අවැසි දේ පමණක් සොයා බලමු. අද ළමා මන්දපෝෂණය අතින් ලෝකයෙන්ම අංක එකට සිටින රට වන්නේ සෝමාලියාවයි. අප එම රටවල් ගැන සොයා බලමු.

  1. සෝමාලියාව
  2. යේමනය
  3. මධ්‍යම අප්‍රිකානු ජනරජය
  4. කොංගෝ
  5. හයිටි රාජ්‍යය
  6. ශ්‍රී ලංකාව
  7. සුඩානය
  8. ඉතියෝපියාව
  9. මලාවි ජනරජය
  10. බුරුන්දි රාජ්‍යය

මෙහි අපට පසුව ඇති ඉතිරි රටවල් පහද ලියා තැබුවෙමි. එනම් ලෝකයේ ළමා මන්දපෝෂණය අතින් ප්‍රධානතම රටවල් 10 වන්නේ මෙම දේශයන්ය. කෙසේ හෝ මෙම දත්ත එක්රැස් වන්නේ 2021 වසරේ අවසානයේ සිට වන අතර අවසාන මාස 06ක පමණ කාලයක් ඒ සඳහා තක්සේරු වෙයි. එම ක්‍රමවේදය එසේ වුවද කලින් කලට මෙම රටවල් පත්වන ස්ථානය වෙනස් වීමද සිදුවෙයි. එහෙත් දැන් අප රට පත්ව තිබෙන ස්ථාවර ස්ථානය නම් 06 වැනි ස්ථානයයි. මෙයට වසර 02-04කට පමණ පෙර කාලයක් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ අප එම ලැයිස්තුවේ ඉතා පහළ ස්ථානයන්හි සිටි බවයි. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? අප රට දෙනෙත් අදහාගත නොහැකි ආකාරයෙන් ඉහළට පැමිණ ඇත. කෙසේ හෝ කොවිඩ් වසංගතයට පෙරදී මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටියේ ඉතියෝපියාවය. එහෙත් දැන් ඉතියෝපියාව ශ්‍රී ලංකාවටත් වඩා ස්ථාන 02ක් පහත බැස ඇත. මෙහිදී ඔබට යම් සිදුවීමක් මතකද? මෙම මන්දපෝෂණය ලැයිස්තුව පැමිණීමට දින ගණනාවකට පෙර පැමිණි ආහාර උද්ධමනයට අදාළ වූ ලැයිස්තුව එම වගතුගයි. එනම් එම ලැයිස්තුවේද ඉතියෝපියාව සිටින්නේ ශ්‍රී ලංකාවට පහළ සමීප ස්ථානයකය. මේ අනුව බලන කල ඉතියෝපියාවද අප රට අභිභවමින් යම් කේන්ද්‍රීය, සතුටුදායක තත්ත්වයකට පැමිණ ඇත. එහෙත් අපගේ තත්ත්වය දිනෙන් දිනම අගාධයට වැටෙමින් පවතී. මෙහිදී පෙනෙන පැහැදිලි කතාන්දරය නම් ඉතියෝපියාවට වඩා අද ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ඉහළ ගොස් තිබීමය. අප වසර ගණනාවක් පුරා විවිධ දසුන්වලින් දැක ඇත්තේ දරුණු මන්දපෝෂණයකට පත්වුණු ඉතියෝපියාවේ කුඩා දරුවන්ය. එහෙත් අද අපේ දරුවන්ගෙන් එම දසුන් පෙන්වන තත්ත්වයට අප පත්ව ඇත.

මෙයට මාස 02කට පෙර යුනිසෙෆ් සංවිධානයෙන්ම එළිදැක්වුණු වාර්තාවක දකුණු ආසියාවේ ළමා මන්දපෝෂණය තත්ත්වයට අනුව අප රටට 02 වැනි ස්ථානය හිමිවිය. මෙහිදී අපට එම ශෝචනීය තක්සේරුව ලැබෙන්නේ දකුණු ආසියාවේ ළමා මන්දපෝෂණය සඳහා ප්‍රථම ස්ථානය ඇෆ්ගනිස්තානයට හිමිවීමෙන් පසුවය. එහිදී ශ්‍රී ලංකාවට පසුව සිටින රටවල් ගැන වගතුගක්ද ලියා තබමු. එනම් එම ප්‍රථම රටවල් 07 මෙසේය.

  1. ඇෆ්ගනිස්තානය
  2. ශ්‍රී ලංකාව
  3. බංග්ලාදේශය
  4. ඉන්දියාව
  5. භූතානය
  6. පාකිස්තානය
  7. නේපාලය

මෙම ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වයන් ගැන නිල වාර්තාව මෙයට පෙර අවස්ථාවලදීද තවත් පිළිගත් සංවිධාන විසින් ඉදිරිපත් කර ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ප්‍රකට ආයතන විසින්ද මේ ආකාරයේම වාර්තා ඉදිරිපත් කර තිබිණි. කෙසේ හෝ ඉහත වාර්තාවන් යුනිසෙෆ් සංවිධානය සහ ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ලද අලුත්ම වාර්තා විය. මෙයට කලකට පෙර උතුරු නැගෙනහිර දරුවන්ගේ මන්දපෝෂණය ගැන වාර්තාවක් ආසියානු මානව හිමිකම් කොමිසම විසින්ද ඉදිරිපත් කර තිබිණි. තත්ත්වය එසේ වුවද යම් කාලවලදී ශ්‍රී ලංකාවේ මෙසේ මන්දපෝෂණ තත්ත්වයන් පහව යන ආකාරයන්ද ඇතැම් වාර්තා මගින් දක්නට හැකිය. එනම් තිබෙන උච්ච ප්‍රතිශතයන් අඩුවන ආකාරය පෙන්නුම් කිරීමකි. එහෙත් දැන් වසර 02ක පමණ කාලයක සිට සිදුවන්නේ දිනෙන් දිනම එම ප්‍රතිශතයන් ඉහළ යෑමය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) දකුණු ආසියානු අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා ඇඩ්ජේයි මෙම තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කර ඇත.

‘ශ්‍රී ලංකාවේ දරුවන් විශාල ප්‍රමාණයක් මෙම කාලයේදී ඉතා කනගාටුදායක තත්ත්වයකට මුහුණ දීලා තිබෙනවා. ඔවුන්ගෙන් ඇතැමකු උදේ පාසල් යන්නේ නිරාහාරවයි. එසේම තවත් සමහරකු රාත්‍රිය නින්දට යන්නේත් කිසිදු ආහාරයක් නැතිවයි. මෙම ළමයින්ගෙන් විශාල පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. අපගේ සංවිධානය 2021 වසර අග භාගයේ සිට මේ දක්වා සිදුකර ඇති සමීක්ෂණවලදී ලබාගත් දත්තවලට අනුව පෙරපාසල් දරුවන් 5,70,000ක ප්‍රමාණයකින් 1,27,000ක පමණ ප්‍රමාණයක් මන්දපෝෂණයට ගොදුරුවී සිටිනවා. මේ අනුව ළමුන්ගෙන් 30%කට අධික පිරිසකට මෙම තත්ත්වය බලපා තිබෙනවා. ඒ අතරම දිනෙන් දින ඉහළ යන රටේ ආර්ථික අර්බුදය මත මෙම තත්ත්වය තව තවත් උග්‍ර වේවි. මේ තත්ත්වය අද හරියට රොකට්ටුවක් ඉහළ යනවා වගේ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. අද මෙම ළමයින්ට තමන්ගේ ඊළඟ ආහාර වේල ලැබීම ඉතා අවිනිශ්චිතයි. මෙම මන්දපෝෂණ තත්ත්වය නිසා ඔවුන් තවත් විවිධ රෝගාබාධයන්ටද මුහුණ දෙමින් සිටිනවා. මම මේ තත්ත්වයන් මගේ දෙනෙතින්ම ශ්‍රී ලංකාව තුළදී දැක තිබෙනවා. මෙම තත්ත්වයෙන් දරුවන් ගලවා ගැනීම සඳහා යුනිසෙෆ් සංවිධානය ඩොලර් මිලියන 25ක හදිසි ආධාර අපි ඉල්ලුම් කර තිබෙනවා. එම ආධාර අප රටවල් කිහිපයක් හරහා ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. එය දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා…’ යැයි පවසා ඇත.

මේ අතර මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා රජයද විවිධ රටවලින් හදිසි ආධාර ඉල්ලීම් සිදුකර ඇත. මේ අනුව පසුගියදා ඇමෙරිකාව, ජපානය, චීනය සහ තවත් රටවල් කිහිපයක් විවිධ ආධාර ලබාදීම් සිදුකර තිබිණි. යුනිසෙෆ් සංවිධානයේ නවතම දත්තවලට අනුව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 07ක්ම තම එදිනෙදා ආහාර වේල් ප්‍රමාණයක් කප්පාදුකර (අඩුකර) ඇති බවයි. එනම් පෙරදී දිනෙකට ආහාර වේල් 03ක් ගත් පවුල් දැන් ආහාර වේල් 02ක් පමණක් ලබාගන්නා බව එම වාර්තා පෙන්වා දෙයි. එසේම ආහාර වේල් 02ක් ලබාගත් පවුල් දැන් ආහාර වේල් 01ක් පමණක් ලබාගන්නා බවද මෙම යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි. මේ නිසා එම පවුල්වල සිටින දරුවන් අනිවාර්යයෙන්ම මන්දපෝෂණයට මුහුණ දෙන බවද අවධාරණය කර ඇත. කෙසේ හෝ මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 1.8ක් (ලක්ෂ 18) පමණ මෙලෙස මන්දපෝෂණයට ගොදුරුවී ඇතැයි එම නවතම වාර්තා ප්‍රකාශ කරයි. මෙවැනි තත්ත්වයන් පාසල් ළමුන් වෙත ඇතිවූ විට එම ළමුන්ගේ අධ්‍යාපනය පවා භයානක අයුරින් කඩාවැටෙන බව පෙන්වාදී ඇත. මේ අතර යුනිසෙෆ් වාර්තාවලට අනුව පෙන්වා දෙන භයානකම තත්ත්වය වන්නේ මෙවැනි දරුවන් මරණයට පත්වීමේ අවදානමද වැඩිවිය හැකි බවයි. එහිදී එම ළමුන්ට විවිධ රෝගාබාධයන් වැලඳී මරණයට පත්වීම සිදුවිය හැකි බවද පෙන්වා දී ඇත. අද ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව මෙසේ ලෝක වාර්තා තබමින් ඉදිරියට පැමිණීම අතිශයින්ම බියකරු තත්ත්වයක් බවද මෙම වාර්තා අවධාරණය කර සිටියි. එදා විශාලාමහනුවර ඇතිවූ මහා දුර්භික්ෂය අද ශ්‍රී ලංකාවම ගිලගෙන ඇත. එහෙත් පසේබුදුවරු නැත.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

විමල්ගෙ සන්ධානයටයි චන්ද්‍රකා-වෙල්ගමගෙ සන්ධානයටයි ප්‍රහාරයක්! (VIDEO)

Next Post

පොලීසියේ පරකාසේ රනිල් හිටියෙ ආකාසේ… “ගෝල්ෆේස් එකෙන් උඩට ආපු අලුත්ම විරෝධය”

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.