• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලීසියේ පරකාසේ රනිල් හිටියෙ ආකාසේ… “ගෝල්ෆේස් එකෙන් උඩට ආපු අලුත්ම විරෝධය”

September 6, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
පොලීසියේ පරකාසේ රනිල් හිටියෙ ආකාසේ… “ගෝල්ෆේස් එකෙන් උඩට ආපු අලුත්ම විරෝධය”
Share on WhatsAppShare on Facebook

‘බඩ පුම්බා උඩ අරිනවා’ යනු දෙකේ තුනේ පන්තිවල කොල්ලන් සිය ප්‍රතිවාදීන් කටින් මට්ටු කිරීමට කියනා ප්‍රලාපයකි. එහෙයින් පන්තිභාර ගුරුවරු එවැනි කතා කනකට ගණන් ගන්නේ නැත. පන්තිභාර ගුරුවරුන් එසේ සිතුවත් ලංකාවේ පොලිසිය බඩ පුම්බන්නේ නැතිව හෝ මිනිසුන් උඩ හැරීම සිතන්නේ මහා බරපතල ක්‍රියාවක් ලෙසය. මිනිසුන් යැයි කීවාට සෑම මිනිසකු ගැනම පොලිසිය එසේ සිතන්නේ නැත. පොලිසිය උනන්දු වන්නේ ලොකු ලොක්කන් පොඩි මිනිසෙක් විසින් උඩ යවන්නට ගත්තොත් පමණි. පසුගිය 26 වැනිදා ගාලුමුවදොරදී ‘බවලතුන්ගේ සංවිධානයක්’ සංවිධානය කළ සරුංගල් යැවීමේ උත්සවයක් අල්ලපනල්ලේද මිනිසෙක් උඩ යවන්නට ‍ගත් උත්සාහයට කොටුව පොලිසියේ නිලධාරීන් මැදිහත්වන්නේ අන්න ඒ නිසාය.

නිර්මාණශීලී මිනිසුන්ට සතුටේදී මෙන් දුකේදීත් සිය නිර්මාණ කෞෂල්‍යය මතුකර ගැනීම අසීරු දෙයක් නොවේ. එහෙයින් පාලකයන්ට සහ ද්‍රෝහි බලවේගයන්ට එරෙහිව කරන විවේචන, විරෝධතා පවා සම්ප්‍රදායිකත්වය ඉක්මවා ගිය නැවුම් බවකින් යුතුව ඉදිරිපත් කරන්නට ජනතාව පුරුදුව සිටිති. මෙය ශ්‍රී ලංකවට පමණක් නොව ලොකයේ බොහෝ රටවලට පොදු තත්ත්වයකි. අතීතයේ ලෙඩ නිවාඩු දැමීමට, කළු පටි බැඳීමට සීමාවී තිබූ විරෝධය පෑම් අද වනවිට කාන්තාවන්ගේ ‘සමීපතම ඇඟළුම්’ විරුද්ධවාදියාගේ වැටේ, තාප්පයේ එල්ලන තැනට වෙනස් වී ඇත්තේ එහෙයිනි. පසුගිය කාලයේ ගාලුමුවදොර අරගලයේදී විරෝධතාකරුවන් හඳුන්වා දුන් ‘නන්දෙට ජංගියක්’ විරෝධතාව ඊට එක නිදසුනකි.

රාජපක්ෂවරුන් කල් තබා දැවීගිය හෙයින් ‘නයිට් වොච්මන්’ ලෙස පිටියට පැමිණි රනිල් වික්‍රමසිංහ සිය ඉනිම කෙමෙන් ස්ථාවර කර ගන්නට යන්නේ ලකුණු රැස්කිරීමෙන් නොව ප්‍රතිවාදී පන්දු යවන්නන් පිටියෙන් ඉවත් කිරීමෙන් බව පැහැදිලිව පෙනේ. ඒ සඳහා ඔහු තමාට එරෙහි සියලු බලවේග මෙන්ම අනාගතයේ එරෙහි වියහැකි බවට සිතන්නන්ද ක්‍රමානුකූලව නිශ්ක්‍රීය කරමින් සිටී. ඒ සඳහා පවතින නීතියේ ඇති ප්‍රතිපාදනම ව්‍යාජ ලෙස යොදාගනිමින් අරගලකරුවන් සහ ඊට නන් අයුරින් සහාය දුන් අය හඹායමින්, අත්අඩංගුවට ගනිමින් සිටී. මෙම තත්ත්වය ආණ්ඩුවේ මර්දනයට එරෙහිව කටයුතු කරන්නට ජනතාව පෙළගස්වන නිරන්තර උත්තේජනයක් බවට වර්තමානයේ පත්වෙමින් තිබේ. She talk නම් වනිතා එකමුතුවද රනිල්ගේ මර්දනයට අමුතුම ආකාරයේ විරෝධතාවයක් ගෙන එන්නට තීරණය කිරීමටද හේතුව එකී උත්තේජනයමය.

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අමුතුම ආකාරයේ විරෝධතවයක් ගෙන එන්නට කල්පනා කරන She talk එකමුතුව ඒ සඳහා නිල් අහස අවකාශය කරගන්නට තීරණය කරන්නේය. මේ සංකල්පය ලාංකේය විරෝධතාකරුවන්ට අලුත් දෙයක් ලෙස පෙනුනද විරෝධතා පාඨ රැගත් බැලුන් ගුවන්ගත කිරීම වැනි දේ මගින් අහස අවකාශය කර විරෝධතා දියත් කිරීම ලෝකයේ කලක සිට පවතින ක්‍රමයකි. මෙම ක්‍රමයට නැවුම් වෙනසක් එක් කරන She talk වනිතාවෝ බැලුන් වෙනුවට සරුංගල් යොදාගෙන සිය විරෝධතව දැක්වීමට තීරණය කරති. ඒ පිළිබඳ ‘මව්රට’ට අදහස් දැක්වූ She talk හි සම සභාපතිනි නීතිවේදිනී නිරූපා සේරසිංහ මෙසේ පවසන්නීය.

‘අද වෙනකොට ආණ්ඩුවේ මර්දනය සෑම අතකටම විහිදිලා. අරගලකරුවන් විතරක් නොවෙයි ඒක බලන්න කොළඹ ආපු අයත් ආණ්ඩුව අත්අඩංගුවට ගන්නවා. මේ මර්දනයට එරෙහිව විරෝධය පාන්න අපිට ඕනෑ වුණා. ඒත් ඒක සාම්ප්‍රදායික විදියෙන් චුට්ටක් එහාට ගිහිල්ලා අලුත් විදියට කරන්න ඕන නිසා අපි ඒකට සරුංගලය යොදා ගන්න තීරණය කළා….’

නීතිවේදිනී නිරූපා සේරසිංහ පවසන පරිදි ඔවුන් සිය විරෝධතාවට කල්තබා සූදානම් වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රචාරය නිසා පසුගිය 26 වැනිදා සවස් වරුව වන විටත් සැලකිව යුතු පිරිසක් සරුංගල් සමග ගාලුමුවදොරට එක්රැස්ව සිටියහ. සුළං සැරට තිබෙන අගෝස්තුවේ සරුංගල් යවන්නට ගාලුමුවදොරට මිනිසුන් පැමිණීම සාමාන්‍ය දෙයකි. එහෙත් එදා පැමිණි අය අත වූ සරුංගල්වල වූයේ සැබෑම වෙනසකි. ඒ සෑම සරුංගලයක්ම හැඩ කරන්නට යොදාගෙන තිබුණේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන මර්දනයට එරෙහි විරෝධතා පාඨයන්ය. ඇතැම් ඒවායේ විරෝධතාකරුවන්ගේ ශක්තිය හඟවන සලකුණු ආදිය සිතුවම් කර තිබිණි.

මේ අමුතුම ආකාරයේ විරෝධය ගාලුමුවදොරට රැස්වූ දහස් ගණනකට ගෙන ආවේ ආමුතුම අත්දැකීමකි. ගුවන්ගත වන සරුංගල්වල ලියැවුණු සටන් පාඨ හඬනගා කියවීමෙන් ඔවුහු සතුටු වූහ. ඊට අමතරව එවායේ වූ නිර්මාණශීලීත්වයද ඔවුනට නැවුම් අත්දැකීමක් විය. ගාලුමුවදොර ආකාසයේ සුළං සමග පොරබදමින් සටන් පාඨ ප්‍රදර්ශනය කරන සරුංගල් අතරේ කාගේත් සිත් බැඳගත් අපූරු සරුංගලයක් විය. ඒ නයෙක්, මොනරෙක් වැනි සාම්ප්‍රදායික සරුංගලයක් නොව අමුතුම ආකාරයේ එකකි. එහි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයකි. එහෙත් වැඩි වෙලාවක් එම සරුංගලය යැවූ පුද්ගලයාට එම කාර්යය කරන්නට ලැබුණේ නැත. එතැනට පැමිණි පොලිස් නිලධාරියෙක් ඔහුගේ අතින් ඇදගෙන යන්නට සැරසුනි. එතැන් සිට කාතාව නීතිඥ නිරූපා සේරසිංහ පවසනුයේ මෙසේය.

‘විශාල පිරිසක් සරුංගල් විරෝධය බලගෙන හිටියා. ඒ අතර පොලිසියේ කිහිප දෙනකුත් හිටියා. ඊට අමතරව බුද්ධි අංශයේ අයත්, සී.අයි.ඩී.යේ අයත් එතැන ඉන්න බව අපි දන්නවා. මොකද අපි යන එන හැම තැනම එයාලා ඉන්නවා. ඒක අලුත් දෙයක් නොවෙයි. ඉතින් එදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපය තියෙන සරුංගලය යවමින් සිටි පුද්ගලයාට බාධා කරන්නට පොලිසියේ නිලධාරියෙක් කටයුතු කරන්න ගත්ත නිසා මම වහාම එතැනට ගියා’ ඕ පවසන්නීය. පොලිස් නිලධාරියා වෙත ගිය නීතිවෙදිනිය සරුංගල් යැවීම අත්අඩංගුවට ගතහැකි වරදක් නොවන බැවින් ඔහු රැගෙන යන්නේ කොහේදැයි විමස ඇත. එවිට පොලිස් නිලධාරියා පවස ඇත්තේ මෙම සරුංගලය යැවීමට ඉඩදිය නොහැකි බවයි. ඊට හේතුව විමසද්දී පොලිස් නිලධාරියා පවසා ඇත්තේ මෙය නීති විරෝධී බවයි. මෙම පිළිතුර හමුවේ පසුනොබෑ නීතිවේදිනිය තම වෘත්තීය අනන්‍යතාව හෙළිකරමින් මෙම සරුංගලය යැවීම තහනම් වන්නේ කුමන නීතිය කුමන වගන්තිය යටතේ දැයි පවසන මෙන් නිලධාරියාට දන්වා ඇත. තමා පැටලී ඇත්තේ වැරදි තැනක බව වටහාගත් පොලිස් නිලධාරියා නිරුත්තර වෙද්දී ඔහුගේ සහායට කොටුව පොලිස් ස්ථානාධිපති සහ තවත් කිහිප දෙනෙක් පැමිණ ඇත. ඒ අතර සිවිල් ඇඳුමෙන් සිටි අය සි.අයි.ඩී.යේ අය යැයි තමන් සැක කරන බව නිරූපා සේරසිංහ පවසන්නීය.

කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාද පවසනුයේ මෙම සරුංගලය යැවීමට ඉඩදිය නොහැකි බවයි. එවිට නීතිවේදිනිය පවසනුයේ මෙම පුද්ගලයා භාවිත කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ප්‍රකශන අයිතිය බවත්, ඔහු රැගෙන යන්නේ නම් ඒ කුමන නීතිමය තත්ත්වය යටතේද යන්න පවසන ලෙසත්ය. එවිට පොලිස් නිලධාරීන් පවස ඇත්තේ ජනාධිපතිගේ රුව රැගත් සරුංගලය යවන තැනැත්තා පොලිසියට රැගෙන එන ලෙස තමාට උපදෙස් ලැබී ඇති බවය. එම ප්‍රකශය හමුවේ දුර්මුඛ නොවූ නීතිවේදිනී නිරූපා සේරසිංහ පවසනුයේ එසේ උපදෙස් දුන්නේ කවුදැයි තමාට පවසන ලෙසය. කැත්තට පොල්ල මෙන්වූ ඇගේ ප්‍රතිචාරය හමුවේ ජනපතිගේ රුව රැගත් සරුංගලය යැවූ තැනැත්තා පොලිසියට රැගෙන යාමට ඉඩ නොලැබෙන බව දැනගත් කොටුව පොලිසියේ නිලධාරීහු තවත් පිරිසක් රැගෙන එන බව පවසමින් එතැනින් ඉවත් වී ගොස් ඇත.

‘එහෙම කියලා ගියාට ඒ අය ආවේ නෑ. අපි දිගටම වැඩේ කළා. මම පහදලා දුන්නා ජනාධිපති කියන්නේ ප්‍රසිද්ධ චරිතයක්. එක නිසා පුද්ගලිකත්වයට හානියක් නෑ. අපිට අපේ ප්‍රකාශන අයිතිය පාවිච්චි කරන්න දෙන්න කියලා. කොකොම වුණත් මම එතැනට මැදිහත් නොවුණා නම් ඒ පුද්ගලයා රැගෙන යන්න තිබුණා….’ නිරුපා පවසන්නීය.

මේ සිදුවිම පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන නීතීඥ නිරූපා සේරසිංහ පවසනුයේ ජනතාව තම අයිතීන් පිළිබඳ මනා වැටහීමකින් සිටිය යුතු බවයි. ‘

ඕනෑම නිලධරියෙක් විවේචනය කරන්න මහජනතාවට අයිතිය තියනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෙතරම් දරුණු අපහාසවලට මුහුණ දුන්නාද? ලංකාවේ විතරක් නොවේ ලෝකයේ සෑම රටකම රාජ්‍ය නායකයන් ජනතාවගේ විවේචනයට ලක්වෙනවා. ඒ විතරක්ද? කාටුන් අඳිනවා, ආනුරූ පුළුස්සනවා. ඒ වගේ කොයි තරම් විරෝධතා තියනවද? එහෙම කළා කියලා පොලිසියට ඇදගෙන යන්න බෑ…’ ඕ පැවැසූවාය.

මේ ආකාරයේ බලහත්කාරකමකදී අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව හඬ නැගීමට ඔබ නීතීඥයකු වීමට අවශ්‍යම නැත. ඊට අවශ්‍ය වනුයේ නීතිය පිළිබඳ සාමාන්‍ය දැනුමක් සහ ඔබේ ආත්ම ශක්තිය පමණි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබට ඊට සූදානම් වීමට සිදුවෙනු ඇත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විශාලා මහනුවර දුර්භික්ෂය ශ්‍රී ලංකාව ගිලගනීද?

Next Post

උසාවි නියෝගයක් නැතිව දුරකතන සමාගම් දෙකක් පුද්ගලයන්ගේ දුරකතන විස්තර එළියට දීලා! (VIDEO)

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.