• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහමෙරකට උසයි
ශක්තිය හිත පතුලේ
පිළිකාවට උනත් නැහැ
ඇය දණ නැමුවේ…

July 13, 2021
in Exclusive, News
Reading Time: 6 mins read
A A
මහමෙරකට උසයිශක්තිය හිත පතුලේපිළිකාවට උනත් නැහැඇය දණ නැමුවේ…
Share on WhatsAppShare on Facebook

“මට අසනීපයි. ලෝකේ තියෙන දරුණුම කැන්සර් එකක් මට හැදිලා තියෙන්නේ. මං මගේ ජීවිතේදි බෙල්ලේ වැලදාගෙන ඉඳිද්දි අයියයි තාත්තායි ඇවිත් මාව ගලවලා අරගෙන තියෙන්නේ. මම මැරෙන්න බය නැහැ. මගේ හස්බන්ඩ් තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ. ඔයා මෙහෙම අඳින්න මෙහෙම ලස්සනට යන්න කියලා එයා තමයි එහෙම කියන්නේ. එයා තමයි මට කියුටෙක්ස්, නේල් පොලිෂ් අරන් එන්නේ. කිමෝ තෙරපි කරලා ෆස්ට් ටයිම් ගෙදර ඇවිත් කොණ්ඩේ අවුල් හදනකොට කොණ්ඩේ මගේ අතට එනවා. මම කෑගහලා ඇඬුවා. මනුස්සයෙක් මැරිලා මළගෙයක් වගේ. මගේ කොණ්ඩේ තට්ටේ. මගේ කොණ්ඩේ නැහැ. මම ඒකත් මගේ ලස්සනට හරෝගත්තා. මම අද හොඳට හිටියට තව දවස් දෙකකින් කිමෝ කරලා ගෙදර ආවාම මාව කළුවෙලා කට දෙපැත්තේ තුවාල දානවා. කන්න බැරුව යනවා. මම වේදනා නාශක බොන්නේ නැහැ. කැන්සර් එක හැදිලා අවුරුද්දක් වගේ කාලයක් තමයි මට ජීවත්වෙන්න පුළුවන් කියලා මගේ ඩොක්ටර් කියලා තියෙන්නේ. මම දන්නේ නැහැ මට හැදිලා කොච්චර කල්ද කියලා…”

ඇය නමින් උදාරි චතුරිකා මුණසිංහ. වයස අවුරුදු තිස්හතරක් වන රූමත් තරුණියකි. ඇයව සමාජය හඳුන්වන්නේ පිළිකාවට අභියෝග කරන තරුණ යකඩ ගැහැනිය ලෙසයි. ඇත්තෙන්ම ඇය මරණයට බිය නැති බව ඇය පවසන ධෛර්යවන්ත වචන හෙට දවස ගැන බලාපොරොත්තු තබනවා. වෛද්‍යවරුන් නම් කියන්නේ ඇයට වැලඳී තිබෙන පිළිකාව ඉතා දරුණු එකක් බවයි. ඒ පිළිකාව හැදුණු කෙනෙක් ජීවත් වෙන්නේ අවුරුද්දක් වගේ කාලයක් කියලයි.

අපි නම් හිතන්නේ පිළිකාවක් කිව්වාම ජීවිතය ඉවරයි කියලා. පිළිකා ලෙඩකුගේ මරණය කියන්නේ හරියට කිනවා නම් මරණ දඬුවමට නියම වෙලා කොයි වෙලේ හිස ගසාදායිද කියලා දන්නේ නැතුව බලන් ඉන්නවා වගෙයි. ඒත් චතුරිකා නම් කියන්නේ එහෙම හිතන්න හොඳ නැහැ, හෙට දවස ගැන ධනාත්මකව සිතන්න, අවසන් හුස්ම හෙළන තුරුම හෙට දවස ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කියලයි. ඇය පිළිබඳ පසුගිය සතියේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක පළවූ සම්මුඛ සාකච්ඡාවකින් ඇය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. නමුත් මේ වන තෙක් කිසිම මුද්‍රිත මාධ්‍යයක මේ කතාව පළවී තිබුණේ නැහැ. ‘මව්රට’ පුවත්පත පිළිකා රෝගීන්ගේ හෙට දවසේ මානසික ශක්තිය උදෙසා අප එය මෙසේ පළකරමු.

ඇගේ උපන් ගම පිළියන්දලයි. පාසල කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයයි. ඇගේ පවුලේ සිටින්නේ අම්මා, තාත්තා සහ අයියා. විවාහයෙන් පසුව අවුරුදු පහක සහ පහළොවක දියණියන් දෙදෙනෙක් ඇයට සිටියි. අර්ජුන් මුණසිංහ ඇගේ ස්වාමි පුරුෂයායි.

ඇය ජීවිතය පිළිබඳ අත්දැකීම් වගේම ඇගේ ආත්මශක්තිය, දරාගැනීමේ හැකියාව ගැන විස්තර කළේ මෙහෙමයි.
“මම පාසල් ගිහින් ඉවරවෙන්නේ අවුරුදු දහසයෙන්. ඉන් පසුව මම රැකියාවල් ගොඩක් කළා. මුල්ම රැකියාව ලෙස බයින් ඔෆිස් එකක වැඩ කළා. ජීවිතයේ බරක් පතලක් නැති ඒ කාලයේ ඒ රැකියාව කළේ කම්මැලිකම නැති කරගන්නයි. පසුව ඇඳුම් එක්ක මම බොහෝ ගනුදෙනු කළා. ඒ නිසාම පසු කලක ගාමන්ට් ෆැක්ටරියක් ගොඩනැගීමටත් හැකියාව ලැබුණා. ඒ වගේම ඕස්ටේ්‍රලියන් හයි කමිෂන් එකේ ෆ්රන්ට් ඔෆිස් එකේත් සේවය කළා. ඉන් පස්සේ මෙඩිකල් ඔෆිස් කම්පැනි එකක වැඩ කළා.

පසුව නිරූපණ ක්ෂේත්‍රයේද කාලයක් රැඳී සිටියා. ඒක නම් කළේ මගේ ආසාවටයි. දෙයක් ලබාගැනීමේ චේතනාවෙන් නම් නෙවෙයි. වෙළෙඳ දැන්වීම් හත අටකත් විෂුවල් හතර පහක වගේ හිටියා. මට මේ ක්ෂේත්‍රයට එන්න සුපුන් රත්නායක කියලා අධ්‍යක්ෂවරයෙක් උදව් කළා. චූටි දූ හම්බුණාම මම අයින් වුණා. මෑතකදී රෙස්ටුරන්ට් එකක් දැම්මත් මගේ අසනීප තත්ත්වය නිසා මේ දිනවල ඒක වහලයි තියෙන්නේ.

මගේ පිළිකාව පිළිබඳ කියන දෙයින් මිනිසුන්ගේ හිත් දහස් ගණනක් සුවපත් වෙනවා නම් ඒක තමයි ප්‍රාර්ථනය.
මට මේ ලෝකේ දරුණු කැන්සර් එකක් හැදිලා තියෙන්නේ. අපි ජීවිතය දිහා බලන හැටි ජීවිතය දකින හැටි ජීවිතයේ වැටෙන තැන්, මිනිසුන්ට ජීවිතයේ වැරදෙන තැන්… මොනවා කරත් මිනිසුන්ට යන්න තැනක් අන්තිමට හැමෝටම හම්බවෙනවා. කවදාවත් ජීවිතයේ පිළිකා රෝගියෙක් කියලා නම්කරන්න එපා. පිළිකා වැලඳුණු කෙනෙක්ට දැනෙන දේවල් වෙන කාටවත් දෙන්න බැහැ. මම මැරෙන්න බය නැහැ. මට ජීවිතයේ ගොඩාක් අත්දැකීම් තියෙනවා. ගොඩක් හැල හැප්පීම් එක්ක මම ජීවිතයේ ඇවිත් තියෙන්නේ. බෙල්ලේ වැල දාගෙන ඉඳිද්දී අයියයි තාත්තයි ඇවිත් ගලෝගෙන ගිහින් තියෙනවා. ඇයි මම මැරෙන්න බය? ඇයි අන්තිම මොහොතේ කලබල වුණේ? මට දැනිච්ච දේ මම තේරුම් ගත්තු විදිය තව කාට හරි තේරෙනවා නම් ඒ කෙනා ජීවිතය හැරයන කොට හිනාවෙලා සතුටින් යන්නේ. ඒ සතුට අනෙකුත් පිළිකා වැලඳුණු අයටත් දෙන්න ඕනේ.

මට පිළිකාව වැලඳුණා කියලා මුලින්ම දැනුණේ මට කන්න බැරි වුණා. ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ වෙනකොට කටවල් දෙක තුනක් කනකොට බඩ පිරෙනවා. ඒ වෙලාවේ මගේ හස්බන්ඩ් බැන්නා. මම කන්නේ නැහැ ඩයට් කරනවා කෙට්ටු වෙන්න කියලා. අපි ශරීරය ගැන සොයා බැලුවේ නැහැ. මොකද දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ වගේම ෆැක්ටි්‍රයේ වැඩ නිසා. එහෙම කරන්න හොඳ නැහැ. එහෙම වුණාම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනේ. මට මුලින්ම කොන්දේ අමාරුවක් ආවා. ඒක මම ගණන් ගත්තේ නැහැ.

වාතේ කියලා සිංහල බෙහෙත් තෙල් ගෙනත් ගෑවා. ගැස්ටි්‍රක් වගෙත් ආවා. මගේ ෆැමිලි ඩොක්ටර් ඉන්නවා ෂෆ්රාස් කියලා. එයාට පෙන්නුවාම බොහෙත් දුන්නා කොන්දට වේදනා නාශක. ඒවා බිව්වාම දරුවෙක් ප්‍රසූත කරන්න යනවා වගේ වේදනාවක් දැනුණා. ඊළඟ සැරේ ඩොක්ටර් කිව්වා අපි උදරයේ ස්කෑන් එකක් කරලා බලමු කියලා. ඒක කළාම අපි දැනගත්තා තුවාල වගේ තියෙනවා කියලා. ඉන් පසු සීටී ස්කෑන් එකක් කළාම පිළිකාවක් කියලා දැනගත්තා. මම ඒ වෙලාවේ කඩාවැටුණා. මම කෑගහලා ඇඬුවා.

ඒක අග්න්‍යාශයේ ඇලදිව කියන කොටසේ. ඒක ලිවර් එක දක්වාම පැතිරිලා ගිහිල්ලා. ඔපරේෂන් එකක්වත් කරන්න බැරි තත්ත්වයකලු තියෙන්නේ. සාමාන්‍යයෙන් පිළිකාවක් කිව්වාම ගොඩක්ම මානසිකව වැටෙනවා. පිළිකාවක් කිව්වාම අපි හිතන්නේ එතැනින් ජීවිතය ඉවරයි කියලා. නැදෑයෝ වුණත් කියන්නේ එයා මැරෙන්න ඉස්සෙල්ලා ටක් ගාලා ගිහින් බලන්න ඕනේ කියලායි. ඒක අපේ සමාජයේ වෙලා තියෙන දෙයක්. කට්ටිය එන්නේ මැරෙන්න කලින් කියලා හැඟීමක් තියෙනවා, දුකක් මිනිසුන්ට අද එන්නේ නැහැ. කැන්සර් ලෙඩෙක් බලන්න එන්නේ ඒ හේතු නිසා. ඒක නිසා තමයි කැන්සර් රෝගීන් මානසිකව කඩාවැටෙන්නේ. මමත් හිතුවේ නැහැ මුලින් මට මේ දේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මම කවදාවත් ඇහුවේ නැහැ ඇයි මට මේක වුණේ කියලා. මම කල්පනා කළා එදා මැරෙන්න බය නැති මට ඇයි අද මැරෙන්න බය කියලා.

ගොඩක් අයගේ ජීවිත ඒ බයටම නවතිනවා. එතැනින් එහාට දෙයක් හිතන්නේ නැහැ. පවුලේ හැමෝම එහෙම හිතනකොට ඒක දැනෙනවා. හැදුණු කෙනා මානසිකව වැටෙනවා. පවුලේ කෙනෙක් ඇවිත් කියන්නේ ඕකට බයවෙන්න එපා. බෙහෙත් තියෙනවා, අරයා ඉන්නවා, මෙයා ඉන්නවා කියලා. ඒ සේරම දේවල් ඇවිත් කියන්නේ මේ පිළිකා රෝගියාට නේ. ඒක රෝගියෙක්ට දරාගන්න අමාරුයි. බය වෙන්න එපා බයවෙන්න එපා කියන එකෙන්ම බයවෙනවා.

මාව තේරුම් ගත්තු මාත් එක්කම ඉන්න හස්බන්ඩ් කෙනෙක් තමයි මට ලැබිලා තියෙන්නේ. ගෑනියෙක්ට ආදරේ කියන එක නැත්නම් මානසික නිදහසක් නැහැ. මට ඔහුව සැනසීමක් වුණා. ගෑනියෙක්ට හදවතට තට්ටු කරලා අහන්න. අද ගොඩක් ගෑනු ඉන්නවා විඳවනවා. මට එහෙම නැහැ. මාව ලස්සන කරන්නේ මට කියුටෙක්ස් නේල් පොලිෂ් ගෙනත් දෙන්නේ මගේ හස්බන්ඩ්. ඔයා මෙහෙම අඳින්න කියලා. මාව ලස්සන කරනවා. දුවලටත් එහෙමමයි. දුවලාගේ පස්සෙන් ඉන්නේ එයා තමයි. එයාලත් එක්ක සෙල්ලම් කරනවා. කෑගහනවා. හරිම හොඳයි. ගෙදරින් එළියේ හරිම සැරයි. ගේ ඇතුළේ එහෙම නැහැ. මගේ ගේ ඇතුළ දිව්‍ය ලෝකයක්. ඒ එකමුතුකම හින්දා විශ්වාසය ඒ ආදරය හින්දා අපි තීරණය කළා, අපි මෙතැනදි කෙළින් ඉන්නවා කියලා. අපි කෙළින්ම හැමෝටම කිව්වා කැන්සර් එක හැදුණාම එන්න එපා කියලා.

මහා සෙනඟක් වැල කඩාගෙන එනවා. බය හිතෙනවා මට. හෙට මට යන්න වෙයිද මාව මේ තරම් මේගොල්ලෝ බලන්න එන්නේ. බය හිතෙනවා…. හස්බන්ඩ් කැමැති නැහැ හිත් රිද්දන්න. මම වගේ නෙවෙයි අපි එයාලට හෙමින් කියමු කිව්වා. හිමින් කතා කරලා කිව්වා එයාගේ මානසිකත්වය හදාගන්න දෙන්න. ඊට පස්සේ කවුරුත් ආවේ නැහැ. ඒක පළමු පියවර. එතැනදි තමයි හයිය ආවේ. මගේ ගෙදර මාව බලාගන්න අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අපේ කඩේට ආව අම්මා කෙනෙක් මාව දාලා යන්නේ නැහැ. අපේ ගෙදර ඉන්නේ අපි හතරදෙනයි මේ අම්මයි. අපි එතැනදි පවුලක් විදයට තනිවුණා. මට මගේ අතීතයට යන්න පුළුවන් වුණා.

මම දුකින් අඬනකොට මගේ ගෙදර නිශ්ශබ්දයි. මෙහෙම දුකින් හිටපු ගෙදරක් නෙවෙයි අපේ ගෙදර. මගේ ගෙදර හරි විනෝද ගෙදරක්. මෙහෙම දෙයක් එකපාරටම වුණාම ඒක දරාගන්න අමාරුයි. මගේ හස්බන්ඩ් කැන්සර් එකක් කියලා දැනගත්තු දවසේ කොච්චිකඩේ පල්ලියට ගිහින් ඉල්ලුවේ මගේ ජීවිතයයි. මාව ගෙනියන්න එපා කියලයි. මම එදා ඒතැනම මැරුණා. මගේ වෛද්‍යවරයා ඩෙහාන් ගුණසේකර කියලා තියෙන්නේ මේ පිළිකාව හැදිච්ච දවසේ ඉඳලා අවුරුද්දක් තමයි මට ජීවත්වෙන්න පුළුවන් කියලා. මම දන්නේ නැහැ මට කොච්චර කල්ද හැදිලා කියලා. මේක ඩොක්ටර් කිව්වේ මගේ හස්බන්ඩ්ට. මම ඒක දැනගත්තේ ෆෝන් එකේ රෙකෝඩින් එකක තිබිලා. මම එදා හිනාවුණා. මම හිතෙන් දැනගෙන හිටියා හස්බන්ඩ් ටිකයි මට කිව්වේ.
මගේ ලොකු දුව ලොකුයි. එයාට තේරෙනවා.

මාව මතක නැතිවෙන එකම කෙනා මගේ චූටි දුවට අවුරුදු පහයි. එයා මම අඬනකොට, වැටිලා අමාරුවෙන් ඉන්නකොට මට කියනවා මගේ බැංකුවේ සල්ලි තියෙනවා අලුත් අම්මා කෙනෙක් සල්ලිවලට ගේනවා කියලා. එතකොට මගේ හිතට දැනෙන දේ මගේ දරුවාට මාව මතක තියෙයිද කියලා හිතෙනවා. දරුවෝ කිව්වාම මම පුදුම කෑදරයි හරිම ආදරෙයි. මට එතැනදි හිත හදාගන්න අමාරු වුණා. මට දරුවාව දකිනකොට දුක හිතෙනවා. මම මුලදි දරුවාව මඟහැරියා. පස්සේ මමම හිත හදාගත්තා. මම දුවලා දෙන්නට කියලා තියෙන්නේ අම්මා කොයි වෙලාවේ යයිද දන්නේ නැහැ. ඉන්නකන් මාත් එක්ක සතුටෙන් ඉන්න කියලා. මම ජීවිතේ හිරවෙලා ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම ජීවිතයේ හිනාව සංකේතයක් කරගෙන හිටිය කෙනෙක්, ඒක මගේ යාළුවෝ දන්නවා.

මම ෆැෂන් කරනවා. සමහරු දකින්නේ ඒවා වැරදි විදියට. අපි හතරදෙනා එළියට යන්නේ ලස්සනට ඇඳලා. සමහරු කියනවා ලොකු දරුවන් ඉන්න කෙනෙක් ඔහොමද අඳින්නේ කියලා. මම දරුවන්ට කියන්නේ මං වගේ වෙන්න කියලා. කවුරුවත් කියන දේට වැටෙන්න එපා. කෙළින් ඉන්න මේ සමාජේ විවේචනය කරනවා.

මම කිමෝ තෙරපි කරලා ආව පළවෙනි දවසේ කොණ්ඩේ අතින් අවුල් අරිනකොට මගේ අතට කොණ්ඩේ සේරම ගැලවිලා ආවා. මම කෑගහලා ඇඬුවා. ගෙදර මනුස්සයෙක් මැරිලා වගේ. මම ඒකත් හිත හදාගත්තා. මගේ අන්තිම හුස්ම යනකන්ම මම ලස්සනට ඉන්නවා. මම විශ්වාස කරනවා මම අද හොඳට හිටියට තව දවස් දෙකකින් කිමෝ කරලා ගෙදර ආවාම මාව කළුවෙලා, කට දෙපැත්තේ තුවාල දානවා. කන්න බැරුව යනවා. මම වේදනා නාශක බොන්නේ නැහැ.

මොකද මට ඒක බිව්වාම පැය භාගෙන් භාගේට වමනේ යනවා. කෙළින් ඉන්න බැරුව යනවා. මම වේදනාව දරාගෙන ඉන්නවා. දැවිල්ලයි පිච්චෙනවා වගේ දැනෙනවා. නමුත් ජීවිතය බැහැ කියලා අතහරින්න එපා. මනසින් වැටෙන්න එපා. මගේ හස්බන්ඩ් සහ මගේ ගෙදර ඉන්න අම්මා මාරුවෙන් මාරුවට මගේ පිට අතගානවා රෑ එළිවෙනකන්. මම දවස් තුනක් වේදනාවෙන් ඉන්නවා. දවස් හතරක් ජීවිතය විඳිනවා. මගේ පවුල ශක්තිමත් කරනවා. සතුටෙන් ඉන්නවා. ගෙදර වෙනස් වෙනස් කෑම හදන්නේ ඒ දවස්වලට, මගේ ජීවිතේ ඉන්නේ හරි සතුටෙන්. මම අදත් එහෙමයි.

කැන්සර් හැදුණු අය තේරුම් අරන් ගිහින් තියෙන්නේ. හැබැයි කාටවත් ඒක දීලා ගිහින් නැහැ. කැන්සර් හැදුණාම කට්ටිය අනුකම්පා කරනවා. හැදුණු අයට දරාගැනීමේ පුදුම ශක්තියක් තියෙනවා. නැගිට්ටවලා ගන්න විතරයි ඕනේ.

මේක ඇහුවාම හැදුණු අය කියයි ඔව් ඔව් කියලා. වටේ ඉන්න අය තමයි බය කරන්නේ. මාත් එක්ක අවුරුදු 52ක රෝගියෙක් ඉන්වා. එයත් ඉන්නේ කෑගහලා හිනාවෙලා. හැදුණු කෙනෙක්ට අත දුන්නොත් එයා මැරෙන්නේ සාමාන්‍ය ලෙඩක් හැදිලා වගේ. මරණය කියන්නේ බොරුවක්. මට මේක තමයි දෙන්න ඕනෙ වුණේ.

මම ජීවිතය ගැන හිතන්නේ, කාට හරි හිතට තට්ටු කරලා ඇහුවොත් තමන් නිවැරදිද කියලා කවුරුත් ජීවිතේ නිවැරදි නැහැ. ඇක්සිඩන්ට් එකක් වුණොත් පැයෙන් දෙකෙන් ජීවිතය අහිමි වෙනවා. කොරෝනා හැදුණොත් දවස් දාහතරයි. අපිට හිතන්න කල් නැහැ. මම හිතන්නේ පිළිකාවක් කියන්නේ ආශීර්වාදයක් කියලා.

හැමෝම නොකිව්වාට මරණයට බයෙන් ඉන්නේ. හිත් හදාගෙන නැහැ. හිත් හදාගන්නවයි ලෑස්තිවෙනවයි කියන්නේ දෙකක්. ළඟදි නෙල්කා කියලා ලස්සන ගැනු ළමයෙක් නැතිවුණා. ලස්සනට සල්වාර් එකක් අන්දවලා රෝසවලින් පුරෝලා තිබුණා. මටත් ඕනේ මගේ අන්තිම හුස්ම යනකන්ම ලස්සනට ඉන්නයි.

ජීවිතයේ අවසානය ගැන ආදරණීයයන් සමග කතාකරන්න… එහෙම කතා කළේ නැත්නම් දුක හිතෙයි මැරුණාට පස්සේ ඉන්න අයට. මගේ මිනියත් ලස්සනට අන්දවන්න. කාටවත් අඬන්න තියන්න එපා කියලයි මම ගෙදර අයට කියලා තියෙන්නේ.

අපි කාට හරි යමක් දෙනකොට දෙන චේතනාවෙන් දෙන්න. පින් කියලා දෙන්න එපා. හදවතින්ම දෙන්න…
මං ආසයි අපි හැමෝම හැම දෙයක්ම සාමාන්‍ය විදියට දකිනවාට. මමත් සතියකට දවස් තුනක් බොහොම සාමාන්‍ය කෙනෙක්…
සාකච්ඡාවේ අවසානයට ඇය කිව්වේ “ජීවිතය වින්දා… හරිම ලස්සනයි…” කියලා.
ඇය පිළිකාව දැක්කා. ජීවිතය දැක්කා. ඒක ආශීර්වාදයක් කරගත්තා. මේ සියලු දේම පිළිකා රෝගීන්ට ආත්මශක්තිය ගොඩනැගීමට, ශක්තියක්ව, ඖෂධයක් වී සුවපත් වේවා. ඇයට මේ පින් බලයම ලැබී නිරෝගී සුව ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

– නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නාගරික සංවර්ධනයත් හිටපු හමුදා නිලධාරියකුට!

Next Post

නවලෝක රෝහලේ පී.සී.ආර්. හරියන්නේ නෑ: චීනෙන් තහනමක්

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.