නවලෝක රෝහල මගින් සිදු කරන පීසීආර් පරීක්ෂණවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුවීම හේතුකොට ගෙන චීනය විසින් පිසීආර් පරීක්ෂණ සිදු කරන රෝහල් ලයිස්තුවෙන් නවලෝක රෝහල ඉවත් කොට තිබේ.
නවලෝක රෝහලේදී සිදුකර ලද පීසීආර්. පරීක්ෂණ කිහිපයක්ම ‘නෙගටිව්’ ලෙස දැක්වුණද අදාළ මගීන් චීනයේදී සිදකරන ලද පරීක්ෂණවලින් ‘පොසිටිව්’ වී තිබීම මේ සදහා හේතු වී තිබේ.
අද (13) සිට මෙය ක්‍රියාත්මක බවද චීනය දැනුම් දී ඇත.










