• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැරකොප්පුවක් වූ තුර්කිය මැතිවරණ සිතියම දිග අරිද්දී ලංකාව මැතිවරණ සිතියම අකුළයි…

February 27, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
කැරකොප්පුවක් වූ තුර්කිය මැතිවරණ සිතියම දිග අරිද්දී ලංකාව මැතිවරණ සිතියම අකුළයි…
Share on WhatsAppShare on Facebook

ආසන්න ඉතිහාසය තුළ සුනාමියෙන් පසු ලොව වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුණේ තුර්කියේ ඇතිවූ භූමිකම්පාවෙනි. මියගිය ප්‍රමාණය 46,000 ඉක්මවන බව තුර්කිය නිල වශයෙන් ප්‍රකාශ කරද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන ප්‍රධානි මාටින් ග්‍රිෆිත්ස් පවසන්නේ මේ විපතින් මියගිය පිරිස පනස්දහස ඉක්මවිය හැකි බවය. කෙසේ වෙතත් මෑත ඉතිහාසය තුළ තුර්කිය මෙන්ම ලෝකයම මුහුණ දුන් අතිශය බරපතළ ඛේදවාචකයන් අතර මුල් තැනකලා මේ ඛේදවාචකය සැලකිය හැකිය.

ජීවිතවලට අමතරව එහිදී විනාශ වූ දේපළ ප්‍රමාණය ද අතිවිශාලය. මේ සියලු ඛේදවාචකයන් අතරතුර ඔවුන්ට පලායා නොහැකි අනිවාර්යය අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබේ.

2023 යනු තුර්කි දේශපාලන කාලසටහනේ ඉතා වැදගත් වර්ෂයක් වන අතර, මෙම වසර මැද වනවිට තුර්කියේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය. සිය මතභේදාත්මක ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වීමට මත්තෙන් තවත් ධුර කාලයක් බලය රැකගැනීමට රිසෙප් තායිප් උත්සාහ කරමින් සිටි අතර, මැයි මස මුල මැතිවරණය පැවැත්වීමේ සැලසුමට ප්‍රවිෂ්ට වනවිට තුර්කියේ උද්ධමනය 57%ට වැඩි මට්ටමක පැවැතිණි.

මෑත වසර කිහිපය තුළ ඔවුන්ගේ විදෙස් මුදල් සංචිතය ද තියුණු ලෙස පහත වැටුණ අතර, රිසෙප් තායිප්ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ‘තුර්කි ලීරා’ මුදල් ඒකකයේ වටිනාකම වාර්තාගත අන්දමින් පහළ ගියේය.

මේ අර්බුදකාරී තත්ත්වය මැද තුර්කි පාලනාධිකාරිය මැතිවරණය කල්දැමීම වෙනුවෙන් පිඹුරුපත් සකසද්දී මහජනතාව සහ විපක්ෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිතව පෙන්වීම වෙනුවෙන් ඇපකැප වෙමින් සිටින අයුරු දක්නට ලැබී තිබේ.

තුර්කියේ විපක්ෂය පවසන්නේ අදාළ ව්‍යසනයේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව වන අතර කිසිදු මැතිවරණයක් කිසිදු හේතුවක් මත කල්තැබීමට ඉඩ නොදෙන බවද ඔවුන් පවසයි.

ආර්ථික අර්බුදය දඩමීමා කරගනිමින් ලංකාවේ පැවැත්වෙන්නට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටී.

‘මැතිවරණය කල්දැම්මේ නැහැ. ඉල්ලන්න මැතිවරණයක් තිබ්බේ නැහැ…’

රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ එලෙස වහසිබස් දොඩවමින්, ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය තූ තූ කොට දැම්මේය. ඔහුගේ උපහාසය සහ ඒ යටින් සැඟව තිබූ තර්ජනාංගුලිය නොදැනුණු ගානට නිවටයන් සේ ශාන්ත බණ්ඩාරලා සිය මේසවලට තඩිබාමින් අත්පොළසන් දෙමින් සතුට ප්‍රකාශ කරනු දැකිය හැකිවිය.

අතීතයේ ජේ.ආර්. ජයවර්ධන මැතිවරණ සිතියම අකුළන විටත්, පසුගිය යහපාලන සමයේ පළාත් පාලන මැතිවරණය කල්දමන විටත් ජාත්‍යන්තරයට යන්නට දෙවරක් නොසිතූ දිනේෂ් ගුණවර්ධනලා සිනාසෙමින් ජනාධිපතිවරයාගේ කතාවට රුකුල් දුන්නේය.

‘ඡන්දයක් කල්දැම්මේ නෑ. කල්දමන්න ඡන්දයක් තියන්න තිබ්බෙ නෑ’ යනුවෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිට කියද්දී පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන්ට සිය නායකයාගේ තරම සමහර විට අවබෝධ වන්නට ඇත. සමහර විට අවබෝධ කරගන්නට තරම් මානසික දියුණුවක් ඔවුන් තුළ නොතිබෙන්නට ඇත. එහෙත් ඔහු, උත්තරීතර පාර්ලිමේන්තුවේ සිටම ජනතා පරමාධිපත්‍ය බෙල්ලෙන් අල්ලා දියවන්නා ඔයේ ගිල්වා දැමීය.

මැතිවරණ කල්දමන ඉතිහාසය හැමදාම පවතින ආණ්ඩුවලට උරුම කළේ පරාජයය.

76 පවත්වන්නට තිබූ මැතිවරණය කල්දැමූ මැතිනියටත්, 83 පැවැත්විය යුතුව තිබූ මැතිවරණය කල්දැමූ ජේ.ආර්.ටත් අත්විඳින්නට වුණේ යහපත් ඉරණමක් නොවෙයි.

මැතිවරණ සිතියමේ හැටියට 83 දී මහ මැතිවරණය පැවැත්විය යුතු විය. මහ මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව පරාජය වන බවත් දිනුවත් දිනන්නේ 5/6ක බලය අහිමිව බවත් ජේ.ආර්.ට තේරුම් ගියේය. ජේ.ආර්. කළේ මහ මැතිවරණයකට යෑමට පෙර ජනාධිපතිවරණයක් පවත්වා තමාගේ බලය තහවුරු කරගැනීමය. ඒකට ඔහු කළේ මහ මැතිවරණයක් පැවැත්වීම වෙනුවට ඊට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයකට යෑමය.

ඉකුත් යහපාලන ආණ්ඩුව මැතිවරණවලට දැක්වූයේ පුදුමාකාර භීතියකි. ඒ නිසාම යහපාලන ආණ්ඩුවට එරෙහිව චෝදනා එල්ල වන්නට පටන් ගත්තේය. මැතිවරණය කල්දානවාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට පවා යන්නට පටන්ගත්තේ ඒ නිසාය. හැබැයි පළාත් පාලන මැතිවරණය යහපාලන ආණ්ඩුවට නිසි කාලයට පවත්වන්නට බැරිවුණේ නම් ඊට කලින් බැසිල් කරපු වරදක් නිසාය.

‘මේ ආණ්ඩුව මැතිවරණයකට ගෙනියනවා කියන්නේ පිස්සු බල්ලෙක් නාන්න ගෙනියනවා වගේ…’ එදා ඒකාබද්ධයේ නායකයෝ කීවේ එහෙමය.

ඒ විතරක් නොවේ, මැතිවරණ කල්දැමීමට එරෙහිව එදා ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට පවා පැමිණිලි කළහ.

2015-2019 යහපාලන රජය සමයේ පළාත් සභා මැතිවරණ දිගින් දිගටම කල්දැමුණේ මැතිවරණ ක්‍රමය පිළිබඳ තාක්ෂණික ගැටලුවක් ඉස්මත්තට ගෙන එමිනි. එම රජයටද මේ මැතිවරණය නොපැවැතවීමට එම තාක්ෂණික කරුණු ඉක්මවා ගිය දේශපාලන කරුණු තිබූ බව රහසක් නොවේ.

එකල විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂයේ නායකයන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ යහපාලන රජය ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කර ඇති බවය. හැබැයි කොයි තරම් කල්දැම්මත් අන්තිමට ප්‍රතිඵලය වුණේ යහපාලන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පරාජය වූ එකය.

අදත් සිදුවෙමින් පවතින්නේ ඉතිහාසය යළි යළි රැව් පිළිරැව් දීමකි. ලංකාවේ ජනාධිපතිවරණ අතිමහත් බහුතරයක් පැවතියේ උතුරු නැගෙනහිර යුද්ධය අතරතුරය.

පසුගිය 2020 පෙබරවාරි මාසය වන විට චීනයේ කොවිඩ් දරුණු ලෙස පැතිර යමින් තිබිණි. ඉරානය පෙබරවාරි 21 වැනිදා පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වූ අතර තායිවානයේ අතුරු මැතිවරණයද, ටෝගෝහි ජනාධිපතිවරණයද, ස්ලෝවැකියාවේ මහමැතිවරණයද පැවැත්වීය.

ලෝකයේ රටවල් රැසක්ම තම රටවල මැතිවරණ ක්‍රියාදාමයන් කල්දැමීමට කටයුතු නොකරමින් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ ලබාදෙනු දැකගත හැකි විය. ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කිරීමට ඒ රටවලට අවශ්‍ය වුණේ නැත. 2020 මාර්තු 29 වැනිදා ඔස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීය. බංග්ලාදේශය මාර්තු 21 වැනිදා ප්‍රාන්ත අතුරු මැතිවරණයක් පැවැත්වීය. මාර්තු 22 වැනිදා කැමරුන්හි මහමැතිවරණය පැවැත්වුණු අතර ඒ ආසන්නයේම කැනඩාවේ කවුන්සිල මැතිවරණයද පැවැත්වීය.

ඉතාලියේ දරුණු ලෙස කොවිඩ් වසංගතය පැතිර යමින් තිබියදී අසල්වැසි ප්‍රංශය පළාත්බද මැතිවරණයේ පළමුවටය සාර්ථකව පැවැත්වීය. ජර්මනියද බවාරියාහි පළාත්බද මැතිවරණය සාර්ථකව පැවැත්වූ අතර එහි ප්‍රථම වටය 2020 මාර්තු 16 වැනිදාද, දෙවැනි වටය මාර්තු 29 වැනිදාද පැවැත්වීමට ජර්මානු රජය සමත් විය.

ඉරානයද පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වූ අතර තායිවානයේ අතුරු මැතිවරණයද, ටෝගෝහි ජනාධිපතිවරණයද, ස්ලෝවැකියාවේ මහ මැතිවරණයද පැවැත්වීය.

ඔස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත මැතිවරණයද, බංග්ලාදේශ ප්‍රාන්ත අතුරු මැතිවරණයද, කැමරුන්හි මහමැතිවරණයද, කැනඩාවේ කවුන්සිල මැතිවරණයද පැවැත්වීය.

එපමණක්ද නොව, ව්‍යාප්තිය අතරතුර ලෝකය පුරා පැවැත්වූ මැතිවරණ අතරින් වැඩිම කතාබහට ලක්වූයේ දකුණු කොරියාව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයයි. චීනයෙන් බැහැරවූ වෛරසයේ ප්‍රථම දරුණු ප්‍රහාරයට ලක්වූ රටවල් තුන අතර දකුණු කොරියාව වුවද මාර්තු අවසන් වීමට ප්‍රථම වෛරසයේ ව්‍යප්තිය පාලනය කිරීමට දකුණු කොරියාවට හැකියාව ලැබුණු අතර ඒ ආසන්නයේම මැතිවරණය පැවැත්වීමටද දකුණු කොරියා රජය සමත් විය. වසංගතයක් අතරතුර මැතිවරණයක් පවත්වන්නේ කෙසේද යන්නට ඉතාම නිවැරදි නිදර්ශනය දකුණු කොරියාව විසින් ලෝකයට සැපයීය.

ප්‍රංශය, පෝලන්තය, ක්‍රොයේෂියාව, පමණක් නොව ඒ දිනවල අතිශයින්ම දරුණු ලෙස Covid රෝගීන් හමුවූ සහ මරණ වාර්තා වූ ඇමෙරිකාවේද මැතිවරණයක් පැවැත්වීය.

ලෝකයේ මෑතකාලීනව බිහිවූ බිහිසුණුම වසංගතය වූ Corona වසංගතය අබියස පවා ඒ ඒ රටවල් ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කිරීමට කටයුතු නොකළහ.

ජනතා පරමාධිපත්‍ය බලය සමග සෙල්ලම් කිරීමට කිසිදු හේතුවක් මත කිසිදු පාලකයකුට ඉඩ නොමැති බව ලෝකයේ උදාහරණ සපයන්නේ එසේය.

එහෙත්, ශ්‍රී ලංකාව ඊට වඩා බොහෝ සෙයින් වෙනස්ය. පසුගිය කොරෝනා සමයේ මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් එවක තිබූ උනන්දුව අදහාගත නොහැකි තරම්ය. කොරෝනා ආසාදනය නොවී ඡන්ද පත්‍රිකා ගණන් කරන හැටි පවා ඇතැම් දේශපාලනඥයන් එකල උදාහරණ සහිතව පහදා දුන්නේය.

ඕන වසංගතයකින් රට බේරාගැනීමට මැතිවරණය පවත්වන ලෙස ඇතැම්හු පැවසූහ.

අද රටේ corona අවදානමක් නැත. නමුත් ආර්ථික අවපාතයක් ඇත. ආණ්ඩුව කියන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වුණාට පසුව මැතිවරණයක් පවත්වන බවය. එය එළුවාගේ කුමක්ද වැටෙනකම් බලා සිටීමක්ද කියා කියන්න දන්නේ නැත.

නමුත් මැතිවරණ නිසි කලට නොපැවැත්වූ ඉතිහාසය කාටහරි මතක තිබේ නම් කිසිවකු මැතිවරණ කල්දමන්නේ නැත. මැතිවරණ කල්දමන්නට ඉඩ දෙන්නේ ද නැත.

ක්‍රිෂාන්ති පෙරේරා

SendShareShare
Previous Post

මම ඉල්ලා අස්වෙනවා! මයන්ත කතානායකට යැවූ ලියුම මෙන්න!

Next Post

තෝ වාගේ ….කෙක් මින්පෙර මගේ රට… ආවා, ඇවිත් කෑවා කිව නොහැක මට…

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.