• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෝ වාගේ ….කෙක් මින්පෙර මගේ රට… ආවා, ඇවිත් කෑවා කිව නොහැක මට…

February 28, 2023
in Exclusive, News
Reading Time: 15 mins read
A A
තෝ වාගේ ….කෙක් මින්පෙර මගේ රට… ආවා, ඇවිත් කෑවා කිව නොහැක මට…
Share on WhatsAppShare on Facebook

“මොකක්ද අනේ මේ ඔයාගෙ තියෙන ඔය කැත පුරුද්ද?” මම අපේ ගෘහ මූලිකයාගේ අඬඇඬියාව නෑසුණාක් මෙන් බෝතලෙන් සීනි අහුරක් අල්ලට හලාගෙන කටට දාගත්තෙමි.

“මොකද නැන්දි ඔයා කෑගහන්නෙ, මොකක්ද මාම කෙරුවෙ?” සවස අපේ ගෙදර ඇවිදින් සිටි ලොකු නංගිගේ දුව එසේ අසමින් කුස්සියට ආවාය. ඇයට අපේ නෝනා නැන්දිය. මම මාමාය. ඇය සිතන පරිදි මට අංකල් යැයි කීම ගෞරවය, ළෙන්ගතුකම නසන “නොසරුප්” යෙදුමකි.

“නෑ දූ, මෙයාගෙ තියෙන නරක පුරුදු තමයි, රෑට බත් කාලා සීනි කන්න ඕනැ” අර අඬඇඬියාව, එවිඩේ නෝක්කාඩුවකට පෙරැළුණේය. (එවිට යන පදය අපේ ගැමි කටවහරේ යෙදෙන්නේ “එවිඩේ” ඒවෙලාවෙ යන ලෙසටය)

“අයියෝ මාමෙ සීනි කන්න හොඳ නෑ ෂුගර් වැඩිවෙනව…” ඇය “පේරා” (පේරාදෙණියේ) මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙකි.

සීනි අහුරක් කාල මැරුණත් මොකෝ පුතේ” (දුවකට පුතේ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ ඉතාම ආදරේ බව කීමටය) මම හිමින් සීරුවේම එතැනින් මාරු වෙන්නට ගියෙමි.

“එයත් එක්ක කතාකරල දිනන්න බෑ පුතේ” යැයි ගෘහමූලිකයා කියද්දී “ෆ්‍රිජ් එකේ රටින් ගෙනාපු කේක් එකක් පුස්කකා තියෙන්නෙ, කෑල්ලක් කපල ගෙනැත් දෙන්න ද මාමේ” දුව ඇසුවාය.

“ඒක ඔයාගෙ නැන්දිගෙ නෑකෙනෙක් රටින් ගෙනාපු එකක්. පුස් රටින් ගෙනැල්ලා…”

“මගේ කවුරු හරි මොනවා ගෙනාවත් දුවේ, මෙයා කතා කරන්නෙ ඒක අවතක්සේරු කරල. ඒක මෙයාගෙ හැටි තමයි…”

“පුස් රටින්, පුස්රටිං” මම ගෘහමූලිකයාට ඔලොක්කු කරමින් මගේ කාමරයට ගොස් ඇඳේ ඉඳගතිමි. විවර වූ දොරෙන් මා සිටි තැනට ආලින්දයේ “මෝඩපෙට්ටිය” ද පෙනෙයි. එහි මොකක්දෝ යාංහෑල්ලක් (ටෙලිනාට්‍යක්) දිගහැරෙමින් තිබුණේය.

නිදාගැනීමට පෙර සුපුරුදු අන්දමට මම පොතක් අතට ගතිමි. එය හිට්ලර්ගේ ඝාතන ගැන ලියැවුණු Savage Truthය. එහි පිටුවක් හෝ කියවන්නට පෙර “මාමෙ මේ” යැයි කියමින් දුව කාමරයට ආවාය.

“ඇයි” යන්න ඇඟවෙන නියායෙන් මම ඇය දෙස බැලුවෙමි.

“මාම පුස්රටිං, පුස්රටිං කියන කොට මට කොහේ හරි ඊට සමාන මොකක් හරි මතක්වුණා. ඔච්චර වෙලා කල්පනා කෙරුවෙ ඒක. පස්සෙ මට මතක් වුණා ඒ රස්පුටිං කියන නමක්. ඇත්තට මාමෙ “රස්පුටිං” කියන්නෙ කවුද?”

“වාඩිවෙන්ඩ”

ඕ ලියන මේසය අසල ඉඳගත්තාය.

“රස්පුටිං කියන්නේ රුසියන් විප්ලවය කාලෙ රුසියාවෙ සාර් රජ මාලිගාවට සම්බන්ධ වෙලා හිටිය බලසම්පන්න පූජකයෙක්. ඒ මනුස්සයට අධිමානසික ශක්තියක් තිබුණා. අධික කාමාශක්ත කෙනකු හැටියටයි හැඳින්වෙන්නෙ. රජමාලිගාවෙ සෑම කුමාරිකාවක් එක්කම එයා සම්බන්ධකම් පැවැත්තුවලු. සාර් රජතුමා ඒ සියල්ල දැනගත්තත් මිනිහට තිබුණු බය නිසා නිහඬව හිටියලු. පූජකයාට උන්මත්තක ගතියකුත් තිබුණලු. අන්තිමේදී ඒ මාලිගාවෙ හිටිය කුමාරයෙක් ඒ මනුස්සයට වහ දුන්නලු. එසේ දුන්න වසවලින් ඩිංගක් වෙන මිනිහෙකුට දුන්න නං, ඒ මොහොතෙම මැරෙනවලු. ඒත් මේ මිනිහාට ඒ වසවලින් විශාල ප්‍රමාණයක් දීලත් පැය දහයක් විතර ජීවත්වෙලා හිටියලු. අර කුමාරයා අන්තිමේදී ඒ මිනිහට පිහියෙනුත් ඇන්නලු. ඊටත් බොහෝ වෙලාවකට පස්සෙලු මැරුණ කියන්නේ. මාලිගාවම හොල්ලගෙන මිනිහ රජෙක් වාගෙලු ජීවත් වුණා කියන්නෙ.

“පුදුමයි නේද මාමෙ” පුටුවේ ඉඳගෙන, කම්මුලට අත තියාන ධ්‍යානෙකට සමවැදී මෙන් සිටි ඇය කීවාය.

ඒ වෙලාවේ මඳක් උස් ලෙස හේවිසි හඬක් ඇසුණෙන් මම ආලින්දය දෙස බැලුවෙමි. කුස්සියේ වැඩ නිමකළ බිරිය අවුත් හඬ වැඩිකර රූපවාහිනිය ඉදිරියේ වාඩිවීම නිසා එතෙක් පැවැති වාතාවරණයේ ඇතිවූ වෙනස නිසා මට එසේ බලන්නට සිදුවිය.

.“පුදුම වෙන්න දෙයක් නෑ දුවේ. රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙච්චි ඒ වාගෙ මිනිස්සුත් වරින්වර හිටිය. ඒ වාගෙ මින්ස්සුත් රටවල් පාලනය කළා. ඒ වාගෙ අයට රටේ සාමාන්‍ය මිනිස්සු සත්ව කොට්ඨාසයක් විතරයි. හිත්පිත් තියෙන මිනිසුන් කියල ගානක්වත් නෑ.

නීරෝ කියල පාලකයෙක් රෝමයේ හිටියා. ඒකා තමන්ගෙ රටේ අගනුවර ගිනි ඇවිලිලා මිනිස්සු දරුවො පිච්චිලා මැරෙද්දි මාලිගාවෙ වීණා ගැහුවලු.

රස්පුටිං හිටිය සාර්ගෙ කාලෙත් ඒ වාගෙ මිනිස්සුන්ඩ කන්න දෙයක් තිබුණෙ නෑ. ඔවුන් සිටුවරයින්ගෙ ඉඩම්වල වැඩකළ වහල්ලු. හම්බකරන හැම රූබල් එකක්ම බදුවලට ගෙවන්න වුණා. කන්න දෙයක් තිබුණෙ නෑ.

‘පයදෝර් දොස්ත් වොස්කි’ ලියපු Crime and Punishment පොතේ තියෙනවා මිනිස්සුන්ට අඳින්න කලිසං නෑ. උඩ කමිසෙ (කබාය) විතරයි. රෑට ඔක්කොම මිනිස්සු එකතුවෙලා ගිනිගොඩක් ගහගෙන වටේට ඉන්නව. ගෑනු පිරිමි වෙනසක් නෑ. දවසටම ඔවුන් කන්නෙ එක වේලයි. ඒකත් තම්බපු ගෝව කොළ කෑල්ලයි ඒ තැම්බුං වතුර ටිකයි විතරයි.

මිනිස්සු ජීවත්වෙන්ඩ බැරුව උද්ඝෝෂණය කරන කොට අල්ලල හිරේ දැම්මා. දැන් ඔය අපේ මුදලිගේල වාගෙ ක්‍රියාකාරීන් අල්ලල හිරේ දාන්නෙ. හිර කාරයන්ගෙන් රුසියාවෙ හිරගෙවල් පිරුණා. නැත්තං සයිබීරියාවටත් පිටුවහල් කරනවා. මාරි ඇන්ටොනයිට් පාන් නැත්තං කේක් කාපල්ලා කීවෙ කෑම ඉල්ලපු මහජනයාට.

ඔය කොයි එකත් එකයි. අර මිනිහ, නීරෝ තමන්ගෙ රට ගිනිගනිද්දි රවිකිඤ්ඤා ගගහා හිටිය වාගෙ තමයි. අපේ රටේ පාස්කු දා බෝම්බ පුපුරලා තුන්හාරසියයක් මැරෙනකොට අතපය නැති වෙනකොට රට ගැන කැක්කුම තියෙනවා කියන අපේ සිංහ පුත්‍රයා නෙමෙයි පූසිගෙ පුත්‍රයා සිංගප්පූරුවෙ ගිහින් හිටියෙ.

හරි දැන් ඇති මටත් නිදාගන්න ඕනෑ. මොකක්ද පුතේ අර ටී.වී. එකේ පෙරහරක් වාගෙ පේන්නෙ….?”
“මාමෙ අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් පවත්වන ජනරජ පෙරහැරනෙ….”

“කිරිඅප්පට බල්ලො පැනපි කීව පුතේ. හුම් හුම්, මටත් ටිකක් බලන්න ඕනෑ දොර වහන්නෙ නැතුව යන්ඩ මම පස්සෙ වහගඤ්ඤං…”

පෙරහැර පෙන්නන්න පටන් ගෙන ටික වේලාවක් ගතවී තිබේ. මා දුවත් සමග ලොකු කතාවකට බැස සිටියෙන් ටී.වී. එක ගැන සිහිය සම්පූර්ණයෙන්ම අමතකව ගොස් තිබිණි. පේරාදෙණිය කාලයේදී ඕනෑ පදං පෙරහැර බැලූ නිසා දැන් ඒතරං ආශාවක් ද නැත. ඊට වඩා කරන්න වැඩ තිබේ.

පෙරහැරේ මේ වන විට යමින් තිබුණේ පන්තේරු කණ්ඩායමය. පන්තේරු නැටුමේ නිර්මාතෘ රඹුක්කන කඩිගමුවේ ටිකිරි බණ්ඩා නිලමේය. ඔහුගේ පියා දළදා මාලිගාවේ ආවතේවකරුවෙකි. එමෙන්ම උඩරට නැටුම් පරම්පරාවකින් පැවැතෙන්නෙකි. දස හැවිරිදි ටිකිරි බණ්ඩා නිලමේ ද සිය පියා සමග නිතිපතා මාලිගාවට යාමේදී නැටුම් ගැන හිතවැටී ගෙදර අවුත් කුස්සියේ වළං තැබීමට ගන්නා දරණුවක් (ඉඳි කොළ, පුවක් කොළ ආදියෙන් සකසා ගන්නා වළල්ලක්) ගෙන නටා වැඩිදියුණු කළ නාට්‍ය කලාව පන්තේරු නම් විය. මේ ලියුම්කරුගේ වයස අවුරුදු විස්සේදී තරමේදී එතුමා හමුවන විට එතුමාගේ වයස අවුරුදු අසූවක් පමණ වූවේය.

“පස්වාන් දහසකට බුදුවෙන්ඩ දේවයන්වහන්ස. මේ බලු ගැත්තාට සමාව දෙවා වදාරත්වා” යි ඇසුණෙන් මම හොල්මන් වීමි. පෙරහැර ගෙවැදී තිබිණි. (ගෙවැදීම නම් නිමාවී මාලිගයට ඇතුළුව තිබීමය) පෙරහැරේ වැඩම කළ මහ රජාණන්වහන්සේ සිංහාසනාරූඪව හෙවත් මස්තකප්‍රාප්තව උන්හ.

“මහරජාණන්වහන්සේ තට සමාව දෙවා වදාරනවා” යන හඬ ඇසෙනවාත් සමගම ඇතැම් යුවතියන් හෑන්ඩ් ෆෝන් එකට ඇනගෙන ඇනගෙන යන්නාක් මෙන් මහසෝනා මගේ ඔළුවට ටොකු හැට හැත්තෑවක් ඇනගෙන ඇනගෙන යන්නාක් සේ දැනුණේය.

ඇත්තටම මට පිස්සු හැදෙන්න එනවා දැයි මටම සිතුණේය. උම්හු. හොඳම හොඳ ඔරිජිනල්ම සිහිය තිබෙන බව මට දැනුණේය. එහෙනං මේ සිහිනයක්ද?මම මගේම අත හපා බැලුවෙමි. නැත යකෝ නැත. මම ඇහැරලාය. එහෙනං මේකා රජවෙලාද? හිත බෙරිහං දුන්නේය.

මට ඇසුණු කටහඬ රනිල් රාජපක්‍ෂගේමය. මා කරකවා අතහැරියාක් මෙන් දැනුණේ ඒ නිසාය. මම මොහොතක් කල්පනා කෙළෙමි. ටිකෙන් ටික සියල්ල මෙනෙහි වන්නට වූයේය.

ඒ පෙරහැර “අරමහ රජා” (පස්ස දොරෙන් පැනගොස් ත්‍රිකුණාමලෙන් මතුවූ) කැටුව ආවක් නොව රනිල්තුමා වෙනුවෙන් පැවැත්වූවකි. ජනරජ ලාංඡනය ඇතා පිටේ තියාන ආවකි.

රටේ මහජනයාට කන්න නැත. සංඛ්‍යා ලේඛන අනුව හැට ලක්‍ෂයක පිරිසකට දවස ගෙවන්න සිදුවී ඇත්තේ එක වේලකිනි. දරුවන් විසිලක්‍ෂයකට වැඩි ගණනකට මන්දපෝෂණයයි. රෝහල්වල බේත් නැත. ජල, විදුලි, තෙල් සහ වරාය යන ආයතනවල සේවක පිරිස් පාරට බැස විරෝධය පාති. මේ දහදුක් තවත් විඳින්න බැරිය. අප වැනි වයසක පොරවල් නොව කොල්ලන් අරගලයක් කළේ වෙනසකට මිස “ගෝතයකු” පුටුව උඩ තියන්න නොවේ. දැන් මොකාද එකා වෙල්ලෑවට නැග්ගා සේ වහසිබස් කියයි.

“කෝ මේ පුරෝහිත “සාගල” යැයි සිංහාසනය උඩ සිටම එතුමා කෑගෑවේය.

“සාගල, සා..ගල…අ..අ..”

ඒ පාර ලොක්කා “සාගලට” කතා කරනවා. කවුරුදෝ මිමිණුවේය. ඒ හාම පුරෝහිත ළංවූවේය.
“ඇමැතිවරු ඔක්කොම ඉන්නව නෙවද?”

“අපේ රටට පෞරාණික සෞභාග්‍ය උදාවෙලා කියල ජාත්‍යන්තරේ කල්පනා කරයි. මේක හොඳ පෙරහැරක්” ලොක්කා ඇමැති ගණයාට කීවේය. සියල්ලෝම හිස් වැණූහ.

“මුං නං පෙර විතරක් නෙමෙයි දැනුත් හරක්” කවුරුදෝ මගේ කනට කොඳුරන සෙයක් දැනුණේය.

“අයි.එම්.එෆ්. එක කියපු කරුණු පහළොවක් අපි ඉෂ්ට කළා. විදුලි බිල වැඩිකළා. බදු වැඩිකළා. දැන් චීනෙ ණය ප්‍රතිව්‍යුහගත කරන්නත් ලෑස්තියි. පොඩි පරහකට තියෙන්නෙ එහෙ දැන් කොණ්ඩෙ බැඳපු චීන්නු නැති එකයි. ඒකට කාරි නෑ.

ඉංගිරිසි පාලන යුගයේ “තන” බද්ද කියල එකකුත් තිබුණා. අපි ඒ “උක්කුං පෙයාර්” බද්දත් රටේ සංවර්ධනය වෙනුවෙන් පනවන්න තීරණය කළා. Tax of the Ukkung Pair. හැබැයි කලබල වෙන්න එපා. මේ බද්ද වැටෙන්නෙ ගම්බද කාන්තා ප්‍රජාව ඉලක්ක කරගෙන නෙමෙයි. කුරුඳුවත්ත අරමුණු කරගෙනයි. ස්වභාවික සම්පත් අපි උපරිම සංවර්ධනය වෙනුවෙන් ආයා්ජනය කරන්න ඕනෑ…”

“යකෝ කොල්ලො අරගලය කරල හොරු ටික පැන්නුවෙ, වලහ කේතලේ බදාගත්ත වාගෙ ඔය පුටුවෙ ඔහේට අරක්ගන්න නෙමෙයි. රටේ ඉන්න නිර්පාක්‍ෂික බුද්ධිමතුන් තෝරල ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවල ඒ අනුව මාස හයක හෝ අවුරුද්දක පාලනයක් ගෙනිහින් රට ටිකක් කූල්ඩවුන් වුණාට පස්සෙ මහ මැතිවරණයක් පවත්වල මහජනයාට ඕනෑ අය පත්කර ගන්න ක්‍රමයක්.

එහෙමත් නැත්නම් නිර්පාක්‍ෂික විද්වත් මණ්ඩලයක් උපදේශක සභාවක් හැටියට පත්කරල, ඒ කොමිටියෙ අනුශාසනාව පරිදි අර වාගෙම පාලනයක් ගෙනිහිං මහජනයාට කැමැති ආණ්ඩුවක් පත්කරගන්න ඉඩ දෙන එකයි.

දැන් මේකා කරන්නෙ කොල්ලො අපේක්‍ෂා කරපු මහජනයා ආරක්‍ෂාකරන එක නෙමෙයි, රාජපක්‍ෂ හොර නඩේට අවස්ථාව එනතුරු හොරගල් ඇහිඳින එකයි….” අර අදෘශ්‍යමානව මුමුණන කෙනා මෙවරත් මගේ කනට කෙඳිරුවේය.

“දැන් විපක්‍ෂ කණ්ඩායම්, පළාත් මැතිවරණෙ ඉල්ලනව, ඒක අපේ මහජනයා මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. අපරාධෙ කෝටි සියයක් විතර වියදම් දරන්න වෙනව. ඒකෙන් වෙන්නෙ තවත් රට අගාධයකට පත්වෙනවා විතරයි.

අධිකරණෙ විභාග වෙන නඩුවෙන් තීන්දුවක් ලැබුණොත් මැතිවරණෙ තියන්න කියලා, අපට ඒ තීන්දුවට ගරු කරල මැතිවරණෙ තියන්නම වෙනවා. එතකොට අපට සල්ලිත් හොයන්නම වෙනවා. දැන් තියෙනවට වැඩිය එතකොට බඩු මිල තුන්හතර ගුණෙකින් ඉහළ යයි….”

මේකා මේ ඇමැති නඩේම මෙහාට දක්කගෙන ඇවිත්, පිටරට්ටුත් එක්ක මේ නටන නෛයාඩගම මොකක්ද? මේකට කීයක් වියදම්ද? අර නිදහස් උස්සවේ කියල නටාපු ජෝගියටත් කෝටි හතළිහක්. අම්මපා මෙච්චර දියුණු තාක්‍ෂණේට තවමත් බැරි වුණානේ ටැලිවිෂන් පෙට්ටියට ගැහුවාම කතාකරන එකාට වදින ක්‍රමයක් හෙයාගන්න…” මගේ හිත කීවේය.

“මම ස.ජ.බෙටයි, මාලිමාකාරයින්ඩයි කියන්නෙ, ඔයගොල්ලො කරන්ඩ බලාපොරොත්තු වෙන සංවර්ධන සැලැසුම් තියෙනව නං මට කියන්න, ඒවා මට ඉදිරිපත් කරන්න. මම ඒවා කරන්නං…” ලොක්කා ප්‍රතිපත්ති ප්‍රකාශයක් සේ කීවේය.

(ඒ අතරේ මගේ දකුණු අත උඩට මොකුන්දෝ පැන්න බවක් දැනුණේය. බැලින්නං මහ උකුණන් රෑනකි)

“මට ඔය කෝකත් කරන්න පුළුවං. මේ සංකල්පෙ මට පහළ වුණේ මා කුඩා කාලෙ. අපේ පාර දිගේ මොකක්දෝ කරේ තියාගත්ත මිනිහෙක් කෑගගහා ගියා. මිරිස්ගල් කොටනවා, කතුරු මුවාත් කරනවා, සෙරෙප්පු මහනවා, සුදුලූනුත් පොඩිකරනවා කිය කියා.

අපි පාරම්පරික දේශීය ඤාණය සංවර්ධනයට යොදාගන්න ඕනෑ. අපේ ඩයනා ඇමැතිතුමී හොඳ යෝජනාවක් ගෙනාවා. අපේ රටෙන් ගංජා අපනයනය කරන්න පුළුවන් කියලා. ගංජාවලට “භේසජ්ජ මංජුසාව” ග්‍රන්ථයේ තියෙන්නෙ ත්‍රෛලෝක විජය පත්‍රම් කියලා. ඒ කියන්නෙ තුන්ලොව දිනූ පත්‍ර කියලා. ඔතන තුන් ලෝකය කියන්නෙ රුහුණු මායා පිහිටි කියන ඒවා.

ඒ ව්‍යාපෘතිය පටන්ගන්න හදනකොට හැමෝම කෑගහන්න පටන්ගත්තා අපේ බෞද්ධ සාරධර්ම පිරිහෙනවා කියලා. නෑ එහෙම වෙන්නෙ නෑ. එහෙම කියන්නෙ ධර්මය ගැන නියම අවබෝධයක් නැති අඤාණ උදවියයි.

දැන් බලන්න කුමාරතුංග මුණිදාස මහත්තයගෙ කවියක තියෙනවා,
‘ගහ වතු සුදු-වේ පිරිසිදු
පොහොය නැතිදු-සිලිගත් බඳු’ කියල

එතන “වේ පිරිසිදු” කියන්නෙ පිරිසිදු වෙනව කියන එකයි. “වේ” කියන එකේ අර්ථය “වෙනව” කියන එකයි. “වේ රමණී” කියන්නෙ රමණීය වෙනවා, ප්‍රිය වෙනවා මිහිරි වෙනවා කියන එකයි.

දැන් බලන්න සුරාමේරය මජ්ජපමා දට්ඨානා “වේ රමණී” එතන වේ රමණී කියන්නෙ ප්‍රියයි, හොඳයි මිහිරියි කියන එකයි. සුරාව මඳ පමණින් ගැනීම රමණීයයි. ප්‍රියයි. මිහිරියි කියන එකයි. එහෙමයි නිවැරැදි අර්ථය තෝරගන්න ඕනෑ. නිකං වලිගෙ පාගාගෙන සජිත්ලා අනුරලා කියනව වාගෙ ආවට ගියාට කෑගහල බෑ. වැඩක් නෑ…”

A king with no kingdom is worth a fart ලොක්කා කීවේය.

“ඇත්තට හැබෑවට මේ මනුස්සයට නං හොඳටෝම පිස්සු. මොනව කියනවද, මොනව කරනවද මංදා…?” මගේ හිත කීවේය.

ඒ අතරතුරේ අර අදෘශ්‍යමාන සත්වයා මගේ කනට යළිත් කොඳුරන්නට පටන්ගති.

“දළදා පෙරහැර මෙහෙම ආවට ගියාට පවත්වනවා කියන එක ඒ තරං හොඳ සෙල්ලමක් නෙමෙයි. වස් වදිනවා. බුදුන් වහන්සේගේ දළදා වහන්සේ වැඩවසන මේ පුණ්‍ය භූමියේ මේ තරං නොසණ්ඩාල දේ කරන්නෙ උන්නු කල් ඇතිවෙලා මොළේ නරක්වෙලාද කොහෙද? මේ රට ආරක්‍ෂා කරන්නෙ ධෘතරාස්ට්‍ර, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ කියන යක්‍ෂ සේනාධිපතිවරුන් හතර දෙනා. මේක ඔළුව හත්කඩකට පුපුරන මහපොළොව නුඋසුලන අපරාධයක්. දෙවියන් පය ගහන්ඩ බය තැන්වල අමනයෝ කරණං ගහනව කියන්නෙ මේකයි…” අර අමනුෂ්‍යයා කෝපයෙන් කීවේය.

මගේ ඇඟේ හිරිගඩු පිපී ගියේය. මුළු ඇඟම වෙව්ලා ගැහෙන්නට පටන් ගත්තේය. මට නොදැනීම දාඩිය දෙකාංශයෙන්ම ගලමින් තිබුණේය. ඇත්තටම ඔය කටහඬ අර යක්‍ෂ සේනාධිපතියන් හතර දෙනාගෙන් කාගෙ හෝ වෙන්න බැරි නැතැයි මගේ සිත කෙඳිරීම නිසා එසේ වෙන්නට පටන් ගත්තේය. මම ඇදවැටෙතැයි යන බියෙන් ළඟ තිබූ පුටුවක් අල්ලා ගත්තෙමි.

ඒ අවස්ථාවෙදී සිංහාසනය අබියසට පැමිණි වන්දියෙක් (වන්දිභට්ටයෙක්) ප්‍රශස්තියක් ගායනා කරන්නට වූවේය.

ජා වා බුරුම බලුකිස්තානයේ සිට
මේ වා නැතොත් වෙන අන්කිසි දෙසක සිට
තෝ වාගේ ….කෙක් මින්පෙර මගේ රට
ආවා, ඇවිත් කෑවා කිව නොහැක මට

තොහුව (ප්‍රශස්තිය) නිමවනු හාම මා සිටින්නේ ඇලිස්ගේ Wonder Land වලදැයි හිතෙන්නට පටන් ගත්තේය. එවිටම පුරෝහිත සාගල තෙමේ රජා ළඟට අවුත් ළංව සිටගත්තේය.

“සර් මුළු රටම අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරලා. ඔබතුමා වාඩිවෙලා ඉන්නෙ ගිනි කන්දක් උඩ. ඕක පුපුරන්න ළඟයි. ඔය සිංහාසනයක් නෙමේ….” හෙතෙම රජාට මුමුණන්ට පටන් ගත්තේය.

“ඇත්තද සාගල…? එහෙනං මගේ පශ්චාත්භාගය බේරාගන්න ඕනෑ. අනේ මගේ පශ්චාත්භාගය…” ලොක්කා බෙරිහං තළන්නට වූවේය.

“මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ…? ඕක බේරගන්නෙ කාගෙන්ද? මම කියලා තියෙනවනෙ ඔය අනංමනං පොත් නිදාගන්න ඉස්සර කියවන්න එපා හීනෙන් බය වෙනවා කියලා…. පන්සිල් අරන් නිදාගන්න කීවත් අහන්නෙ නෑ…”

ගෘහ මූලිකයාගේ යාගයෙන් මම උඩගොස් බිම වැටී අවදි වුණෙමි.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කැරකොප්පුවක් වූ තුර්කිය මැතිවරණ සිතියම දිග අරිද්දී ලංකාව මැතිවරණ සිතියම අකුළයි…

Next Post

‘9’ තවත් අරගලයක් එනවා! වෘත්තීය සමිති දැන් තියාම සූදානම් වෙයි! VIDEO

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.