• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාසා එක හොයාගත්ත අලුත්ම දේ… වතුර තියෙනවා… ලෑස්ති වෙන්න… අඟවරු ලෝකෙට යන්න I Sri Lanka Latest News

February 4, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සැන්දෑවේ හිරු බැස ගිය පසු අහස් කුසින් දිස්වන්නේ අතිශය අපූරු සුන්දරත්වයකි. හිස් අවකාශයක් ඇති තැනකට ගොස් අහස් කුස දෙස බැලූ විට අපගේ දෙනෙත්වලට අදහාගත නොහැකි ආකාරයෙන් එම සුන්දරත්වය විරාජමාන වෙයි. මන්දාකිණි රැසකින් සැදුම්ලත් විශ්වය අපගේ දෙනෙත් ඉදිරිපිටදී එසේ දිගහැරෙන්නේය. අනන්ත සංඛ්‍යාවක් වූ ග්‍රහලෝක, තාරකා සහ වෙනත් අභ්‍යවකාශ සංඝටක රාශියකින් මෙම අපූරු විශ්වය නිර්මාණය වී ඇත.(Sri Lanka Latest News)

එය සැබැවින්ම ඉමක් කොනක් නොපෙනෙන මහා අනන්තයකි. ජීවීන් වාසය කරන එකම ලෝකය පෘථිවිය පමණක් නොවන බැව් හැඟෙන්නේ මෙම අභ්‍යවකාශය දෙස දෙනෙත් යොමා සිටින විටදීය. මෙලෙස ග්‍රහ තාරකා මණ්ඩලයන්හි පෘථිවිය හා සමාන ජීවීන් සිටින වෙනත් ග්‍රහලෝක පැවැතීමේ හැකියාවද ඉතා ඉහළ බැව් ඒ අනුව හැඟීයයි. එය එසේ නොවන්නේ යැයි යමෙකුට කිව නොහැක. එසේ පැවැසුවහොත් එය මෝඩ තර්කයක් හා න්‍යායකි. එනම් මෙම ග්‍රහ මණ්ඩලවල පෘථිවිය හා සමාන වෙනත් ග්‍රහලෝක පැවැතීමේ සම්භාවිතාවද ඉතා ඉහළය.

අද මිනිසා සඳ තරණය කර අවසානය. එසේම සඳ මත කිසිදු ජීවයක් නොමැති බැව්ද අවබෝධ කරගෙන සිටින්නේය. අඩුම තරමේ ජලය වැනි සංඝටකයක් හෝ සඳ මත නැති බැව් අවබෝධ කරගෙන ඇත. මිනිසාට නිසි ලෙස අවශ්‍ය වන ඔක්සිජන් වායුව හෝ සඳ මතින් සොයාගන්නට නැත. සඳ තරණය කළ මිනිසා මේ සංඝටක සියල්ල කෘත්‍රිම නිපදවා ගනිමින් එම තරණය සිදුකළේය. මිනිසා සඳ තරණයෙන් පසුව තමන්ගේ දැනුම් සම්භාරය කැපකරනු ලැබුවේ පෘථිවියට ආසන්නව ඇති තවත් ග්‍රහලෝකයක් වන අඟහරු ග්‍රහයා ගැන වගතුග සොයා බලන්නටය.

ඒ අනුව දැනට වසර ගණනාවක සිට අඟහරු ග්‍රහයා වෙත විවිධ අභ්‍යවකාශ යානා යවමින් පර්යේෂණයන් සිදු කළේය. මිනිසකු සජීවීව අඟහරු ග්‍රහයා මතට යැවීමට නම් මෙතෙක් අවස්ථාවක් ලැබී නැත. එහෙත් මෙයට වසර දෙක තුනකට පමණ පෙර මිනිසා විසින් නිර්මාණය කරන ලද අභ්‍යවකාශ රථයක් අඟහරු ග්‍රහයා මතට පතිත කරවූයේය. එය රෝවර් රථයක් ලෙසට නම් කෙරිණි. චන්ද්‍රයා සේම අඟහරු මතද බොහෝ විට දක්නට ලැබුණේ පස් කඳු සහ ආවාට පමණි. අඟහරු ග්‍රශයා මත ජලය පැවැති ආකාරයකට පමණක් නිරීක්ෂණයන් සිදුකිරීමට හැකි විය. එහෙත් එම ජලය පවා සිඳීගොස් ඇති ආකාරයක් දක්නට හැකි විය.

මේ ආකාරයට අඟහරු මත විද්‍යාඥයන් විසින් සිදුකළ පර්යේෂණ ඉතා පුළුල් පරාසයක විය. මෙලෙස වසර කිහිපයක කාලවකවානුවක් ගතව ගියේය. එවැනි වටපිටාවකදී පසුගිය 2023 වසරේදී අඟහරු මතට යැවුණු රොබෝ රෝවර් රථයකින් ලබාගත් ඡායාරූපවලින් පෙනීගොස් තිබුණේ විශාල අයිස්වලින් වැසීගත් ප්‍රදේශයකට යටින් ජලය පිරි විලක් තිබෙන ආකාරයයි. එවැනි දසුනක් විද්‍යාඥයන්ට දැකගන්නට ලැබුණේ ප්‍රථම වතාවටය.

අද ඔබට මෙලෙස අඟහරු ග්‍රහයා ගැන මේ වගතුගක් ලියා තබමින් මෙම ලිපිය ආරම්භ කළේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට පෙරදී ඇමෙරිකාවෙන් අපට අසන්නට ලැබුණු අති සුවිශේෂ වගතුගකි. මෙය මුළු මහත් ලෝකයම මහත් ආන්දෝලනයකට පත්කරන ලද පුවතක් විය. එනම් මෙම වගතුගෙන් කියැවුණේ අඟහරු ග්‍රහයා මත ජලය පිරි විශාල විලක් තිබෙන බවට සාක්ෂි සොයාගැනීමය. මෙම සුවිශේෂ සාධක පසුගියදා සොයාගෙන ඇත්තේ අඟහරු ග්‍රහයා මත යවන ලද රෝබෝ රෝවල් රථයක ආධාරයෙන් ලබාගත් විවිධ තොරතුරු මතය.

එනම් ප්‍රධාන වශයෙන්ම මෙම රොබෝ රථය මගින් ලබාගන්නා ලද ඡායාරූප සහ වීඩියෝ දසුන් මගින් මෙම නිගමනයන්ට පැමිණ ඇත. මෙම දත්ත ලබාගැනීම පසුගිය වසරක පමණ කාලය තුළදී සිදුකර ඇත. මෙහිදී අඟහරු ග්‍රහයා මත පිහිටා තිබෙන විශාල ආවාටයක් කෙරෙහි විද්‍යාඥයන් තම අවධානය දිගින් දිගටම යොමු කළේය. ඔවුන් මෙම ආවාටය ‘ජෙසීරෝ ආවාටය’ නමින් නම්කර තිබිණි. මෙය අඩි 820ක් පමණ ගැඹුරින් යුක්ත එකක් විය.

මෙම රොබෝ රෝවර් රථයෙහිම සවිකර ඇති කුඩා හෙලිකොප්ටරයක්ද ඇති අතර, එය අවශ්‍ය විටදී රථයෙන් පිටතට නික්ම ගොස් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගැනීම සිදුකරයි. එනම් ඉහත ජෙසීරෝ ආවාටයෙහි දුෂ්කර ස්ථාන කරා මෙම කුඩා හෙලිකොප්ටරය පියාසර කර ගොස් ඉතා වැදගත් සාක්ෂි රැසක් ලබාගෙන ඇත. කෙසේ හෝ පසුගිය වසරකට අධික කාලයක් පුරා ලබාගත් විවිධ දත්තවලට අනුව ඇමෙරිකාවේ නාසා ආයතනයෙහි අභ්‍යවකාශ විද්‍යාඥයන් යම් අවසන් නිගමනයකට පැමිණ ඇත්තේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් ඔවුන් දැඩි අවධාරණයෙන් සහ බොහෝ විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර ඇත්තේ අඟහරු ග්‍රහයා මත යම් ජීවීභාවයක් පවතින බැව්ය.

මෙලෙස අඟහරු ග්‍රහයා මත ජලයෙන් පිරි කිලෝමීටර් 20ක පමණ දිගු ප්‍රමාණයකින් යුක්ත විලක් පිහිටා ඇත්තේ මෙම ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ඇති විශාල අයිස් තට්ටුවට අභ්‍යන්තරයෙන් බැව් පර්යේෂකයෝ පවසති. අඟහරු ග්‍රහයාගේ මතුපිට සිට ගලායන ජලය මෙන්ම පොළොව අභ්‍යන්තරයේ ඇති සමහර ජල උල්පත් මගින් මෙම විශාල වැව නිර්මාණය වී ඇතැයි ඔවුහු අනුමාන කරති. මෙම වැව විශාල අයිස් කුට්ටියකට සිරවී තිබෙන ආකාරය පැහැදිලිවම දක්නට හැකිය.

එනම් රොබෝ රෝවරය විසින් ලබාගත් ඡායාරූපවලින් පැහැදිලිවම පෙනීයන්නේ අයිස් ස්ථරයකට පහළින් නිල්වන් විශාල ප්‍රදේශයක් තිබෙන ආකාරයයි. රොබෝ රෝවරයේ ඇති සේයාරූ ගැනීම් පහසුකම්වලට අමතරව එහි ඇති නවීනතම රේඩාර් සන්නිවේදන පද්ධතියෙන් ලබාගන්නා සංඥා පරාවර්තනයෙන්ද මෙම නිගමනයන්ට පැමිණ ඇත. මෙම රේඩාර් සන්නිවේදන පද්ධතිය පොළොව විනිවිද යන තරමේ නවීන තාක්ෂණයේ ප්‍රබලත්වයකින් යුක්තය. මෙහිදී ජලය සහිත විල ඇතැයි පැවැසෙන විශාල ආවාටයේ පාෂාණ ස්ථරවල හරස්කඩ දර්ශනයන්ද ලබාගෙන ඇත.

පෘථිවියේ විල්වල තිබෙන ආකාරයටම ජලයෙන් ගෙන යන පාංශු අවසාදිතයන් මෙම ජෙසීරෝ ආවාටයේ සහ එහි ඩෙල්ටාවේ එය පෝෂණය කරන ගංගාවක තැන්පත් වූ බවට එම පාෂාණ ස්ථරවලින් නොවරදින සාක්ෂි සපයා ඇත. මෙම රෝද 06කින් සමන්විත අති නවීන තාක්ෂණයෙන් යුත් රෝවර් රථය මුලින්ම අඟහරු ග්‍රහයා මතට යැවුණේ 2021 පෙබරවාරි මාසයේදීය. එනම් පසුගිය වසර 03ක් පුරා මෙම සංකීර්ණ පර්යේෂණයන් සිදුකර ඇත. මෙම අවසාන නිගමනයන් නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගිය ජනවාරි 26 වැනිදාය.

ඇමෙරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් මේ අනුව නිගමනය කර ඇත්තේ මෙයට අවුරුදු බිලියන 03කට පමණ පෙරදී මෙම මුළුමහත් ජෙසීරෝ ආවාටයම පැහැදිලි ජලයෙන් පිරී පවතින්නට ඇති බවය. එසේම එම කාලවකවානුවේදී යම් ජීවී කොට්ඨාස අඟහරු ග්‍රහයා මත ජීවත්ව සිටින්නට ඇති බවද අනුමාන කරති. දැනට ආවටය යටින් නිල්වන් පැහැයට දක්නට ඇති ප්‍රදේශයෙහි ජලය සජීවී ආකාරයෙන් පවතින බවක් විද්‍යාඥයන්ට නිර්ණය කළ නොහැක.

එම වර්ණය ඇත්තේ පෙර තිබුණු විලක අවසාදිත තත්ත්වයක් පමණක් යැයි ඔවුන් නිගමනය කර ඇත. ඉදිරියේදී අඟහරු ග්‍රහයා මතින් නොයෙකුත් සජීවී සාම්පල වර්ග ලබාගනිමින් ඒවා පෘථිවියට ගෙන ඒමට බලාපොරොත්තු වෙයි. රොබෝ රෝවර් රථය මගින් එම මෙහෙවර සිදුකර ගැනීමට බලාපොරොත්තු වෙයි. මේ අතර අඟහරු ග්‍රහයා වටා ගමන් කරන ‘මාස් ඕබිටර්’ අභ්‍යවකාශ යානයද මෙම පර්යේෂණයන් සඳහා මහත් පිටිවහලක් සපයයි. මේ වන විට මෙම පුළුල් අභ්‍යවකාශ පර්යේෂණය සඳහා නාසා ආයතනය සමග කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සහ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ද එකතුවී සිටිති. මෙම පර්යේෂණ කණ්ඩායම් අනාවරණ කරගෙන තිබෙන සුවිශේෂ වගතුග මේ වන විට ලොව මහත් ආන්දෝලනයකට පත්කර ඇත.

අඟහරු ග්‍රහලෝක යනු සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වෙයි. මෙයට ‘රතු ග්‍රහයා’ යන නමද භාවිත වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මෙම ග්‍රහයාට ‘මාර්ස්’ යන ඉංග්‍රීසි නාමය ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවියා සිහිපත් කරමිනි. පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා වෙත දුර කිලෝමීටර් මිලියන 225කි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජවිපෙ නායක අනුර ඇතුලු පිරිසක් ඉන්දියාවට! I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවේ කාශ්මීරය හෙල්ලෙයි! I Sri Lanka Latest News

MORE NEWS

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

Load More
උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ගේ (Volker Türk) ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ කිරීම සඳහා එක්සත්...

Read more
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.