ගණේමුල්ල සංජීව ඝාතනය සිදුවූ දිනයේ සෙව්වන්දි සමග ආ තවත් වෙඩික්කරුවකු අධිකරණ ශාලාවෙන් පිටත සූදානමේ සිටි බවට ලැබී ඇති තොරතුරක් සනාථ කරගැනීම සඳහා ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම රැඳවුම් භාරයේ සිටින වෙඩික්කරුගෙන් ප්‍රශ්න කරගෙන යයි.Sri Lanka Latest News
එවැනි අන්දමට දෙවැනි වෙඩික්කරුවකු අධිකරණ ශාලාවෙන් පිටත සිටියා නම් ඔහු සෙව්වන්දි ආරක්ෂා සහිතව රැගෙන ගියේද යන්න ගැනද පොලිසියට සැක මතුවී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
සෙව්වන්දි පලාගොස් මේ වනවිට මාස එකහමාරක් ගතවී ඇතත් ඇය මෙතෙක් සොයාගැනීමට පොලිසියට නොහැකි වී ඇතත්, විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් තවමත් සෑම සැකකටයුතු ස්ථානයක්ම පිරික්සමින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යති.
අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන වෙඩික්කරු සහ වෑන් රථ රියැදුරු දින 90ක් රඳවා තබාගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන අතර, අනෙක් සැකකරුවන් 14 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ප්‍රේමලාල් විජේරත්න










