• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිවන් සැප ලැබේවා කිව්වම දඬුවම් කරන්නේ කොහොමද? අධිකරණ තීන්දු විවේචනය කරන්න පුළුවන්ද? -ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්- I Sri Lanka Latest News

March 8, 2024
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් මරාදමමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසනවා. අධිකරණය බියගන්වමින්, ආයතන පද්ධතිය දුර්වල කරමින්, විවිධ මර්දනකාරී අණ පනත් සම්මත කරගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට පාලකයන් ක්‍රියා කරමින් සිටින බව එහිදී සාලිය පීරිස් මහතා අවධාරණය කර සිටියා.(Sri Lanka Latest News)

ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මෙම අදහස් පළකර සිටියේ Mee Massoo TV යූටියුබ් නාලිකාව සමග පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එම වැඩසටහනේ කොටසක් ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස පළකරමු.

පසුගිය දවසක සම්මත වෙනවා මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත. අත්දැකීම් බහුල නීතිඥවරයෙක් විදියට ඔබේ විග්‍රහය මොකක්ද මේ සම්බන්ධයෙන්?

ඒ පනත සම්මත වීමේ ක්‍රියාදාමය ගැන ගැටලුවක් තියෙනවා. නමුත් ඒ පනතෙත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයා උත්සාහ කරනවා කියන්නේ මේ රටේ කාන්තාවන්, ළමයින් ආරක්ෂා කරන්න කියලයි. නමුත් ඒ පනත සමස්තයක් හැටියට ගත්තොත් එහි වගන්ති කිහිපයක් පමණයි තියෙන්නේ කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කරන්න.

කොලේ වහලා බොරුවක්ද මේ කරන්න හදන්නේ?

අනිවාර්යයෙන්ම. ඒකේ වැඩි උත්සාහයක් තියෙන්නේ සමාජ මාධ්‍ය නියාමනයට. අපි දකිනවා පහුගිය කාලේ ප්‍රධාන මාධ්‍යවලටත් වඩා සමාජ මාධ්‍ය හරහා තමයි ජනතාවගේ අදහස් හුවමාරු වෙන්නේ. ඒ තුළ මේ පනත් කෙටුම්පත ගේන්නේ සමාජ මාධ්‍ය නියාමනයට. මොකද ඒකේ තියෙන එක අංගයක් තමයි කොමිෂන් සභාවක් පත්කරන්න යනවා ජනාධිපතිවරයා විසින්. ඒක තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව කියලා. නමුත් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කොමිෂන් සභාවක් පත්කරලා ඒ කොමිෂන් සභාවට පුළුවන් තීරණය කරන්න යම් යම් ප්‍රකාශ තහනම් ප්‍රකාශද කියලා. එතකොට කොටින්ම කිව්වොත් සත්‍යය, ඇත්ත තීරණය කිරීමේ බලය තියෙන කොමිෂන් සභාවක් ඇතිකරන්නයි යන්නේ.

උදාහරණයක් විදියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ළඟදී ඇතිවුණු ප්‍රශ්නය ගත්තොත්, අපි කියනවා අහවල් පුද්ගලයා යම් ආකාරයකින් වංචනික කටයුතුවල යෙදුණා කියලා. එවැනි තත්ත්වයක් ඇතිවුණොත් දේශපාලනඥයෙකුට පුළුවන් කොමිෂන් සභාවට ගිහින් පැමිණිලි කරන්න මේ පෝස්ට් එකේ තියෙන කරුණු අසත්‍යයි කියලා. ඒ පෝස්ට් එක තහනම් ප්‍රකාශයක් බවට පත්කරන්න කියලා. එතකොට කොමිෂන් සභාවට බලය එනවා එවැනි ප්‍රකාශයක් තහනම් කරන්න. එහෙම කරලා කොමිෂන් සභාවට හැකියාව ලැබෙනවා අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක කරන විදෙස් සමාගම්වලට විධානයක් යවන්න මේක නවත්වන්න කියලා.

ඒ වගේම පුළුවන් මහෙස්ත්‍රාත් අධිකරණයට ගිහිනුත් යම් යම් නියෝග ලබාගන්න. ඒ නියෝගවලට අවනත නොවුණොත් දඬුවම් කරන්න පුළුවන්. ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා විදෙස්ගතව තියෙන ආයතනවලට කොහොමද නඩු පවරන්නේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ තුළින් උත්සාහ කරන්නේ යම් ආකාරයකින් සත්‍ය නියාමනය කරන්න සහ අසත්‍ය යැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන්ට දඬුවම් කරන්න.

ඒක හොඳ නැද්ද?

ප්‍රශ්නෙ තියෙන්නේ යම් ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා තීරණය කරන එක කරන්න පුළුවන්ද කියන එක. සත්‍ය කියන දේ සාපේක්ෂයි.

අපේ රටේ පැවැති සාමාන්‍ය නීතිය යටතේ යම් පුද්ගලයකුට අපහාසයක් සිදුවුණොත් කරන්නේ, තමන් නොකරපු වරදකට ප්‍රසිද්ධ මාධ්‍යයකින් චෝදනාවක් එල්ල කළොත් කරන්නේ ඒ සම්බන්ධයෙන් අපහාස නඩුවක් පවරලා හෝ තහනම් නියෝගයක් අරගෙන ඒ ප්‍රකාශයට සමාව ඉල්ලන්න කියලා වන්දි නඩුවක් පවරන එක.

ඔබතුමා කියන්නේ ඒ කාරණාව සම්පූර්ණයෙන්ම බැහැර කරලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා කිව්ව සැණින්ම කොමිසමට බලය තියෙනවා අර ප්‍රකාශය තහනම් ප්‍රකාශයක් බවට පත්කරන්න?

ඔව්. තහනම් ප්‍රකාශයක් බවට පත්කරලා, නඩු පවරන්න පුළුවන්. මේ රටේ සාමාන්‍ය මනුස්සයෙකු අත්අඩංගුවට අරගෙන නඩු පැවරීමේ ක්‍රියාදාමයකට මුහුණ දෙන්න වුණොත් සමහර අය තීරණය කරයි තමන්ගේ අදහස් ප්‍රකාශ නොකර ඉන්න. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයම කියලා තියෙනවා සමහර ප්‍රකාශ අප්‍රසන්න වෙන්න පුළුවන්. නුරුස්සන ප්‍රකාශ වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමාජ මාධ්‍ය ඔස්සේ සමහර අය අපට නුරුස්සන දේවල් කියනවා. ඒවා අපට දරාගන්න වෙනවා. එහෙම අපි අකැමැති ප්‍රකාශයක් කරපු පමණින් ඒ පුද්ගලයන්ව අල්ලලා දඬුවම් කරන්න උත්සාහ කළොත් ඒකෙන් වෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමාවෙන එක.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පාවිච්චි කරලා යම් කෙනෙක් කාගේ හෝ පෞද්ගලික නිදහසට අපහාස කරනවා නම්, චෝදනා කරනවා නම් ඒකට මොකක්ද කරන්න පුළුවන්?

ඒකට මේ රටේ සිවිල් නීතිය යටතේ අපහාස නීතිය තියෙනවා. ඒ හරහා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ හැම නීතියක්ම ප්‍රමාණවත්. උදාහරණයක් ගත්තොත් ෆේස්බුක් එකේ ෆේක් පේජ් එකකින් අපහාස කිරීමක්. මේක මටම වෙලා තියෙනවා. එතකොට ඒ ෆේක් පේජ් එක ක්‍රියාත්මක කරන්නේ කවුද කියලා අපට හොයාගන්න බැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට එරෙහිව අපහාස නඩුවක් දාන එක අපහසු වෙන්න පුළුවන්. එතැනදී මේ පනතෙන් කරන්න පුළුවන් දේ තමයි ඒ පෝස්ට් එක ඉවත් කරන්න කියලා අදාළ සමාජ මාධ්‍ය ආයතනයට විධානයක් නිකුත් කරන්න පුළුවන්.

දේශපාලකයන් එක්ක අපි කතාකරනවා. අපි දන්නවා මේ දේශපාලනඥයන් ලොකුවට අපහසුතාවට පත්වෙලා තියෙනවා පහුගිය කාලේ සමාජ මාධ්‍යවලින් ඔවුන්ට කරන යම් යම් චෝදනා නිසා. දේශපාලනඥයෙක් මොනවා හරි දෙයක් ප්‍රකාශ කළාම ඒකෙ කමෙන්ට්වල ‘නිවන් සුව ලැබේවා’ කියලා දානවා. ඒක අපහසුවක් තමයි. නමුත් ඒ නිවන් සුව ලැබේවා කියලා දාපු අයට දඬුවම් කරන්න පුළුවන්ද? ඒක විරෝධය දැක්වීමේ එක ක්‍රමයක්. කෙනෙක්ට හූ කීම, උද්ඝෝෂණය කිරීමත් විරෝධය දැක්වීමේ ක්‍රම. ඒ නිසා පුරවැසියන්ව මෙල්ල කරන්න හදන එක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නෑ.

මේ නීති සෑදීම කියන එක ලහි ලහියේ, එක්ස්ප්‍රස් ක්‍රමයට කරන්න නරකයි. එංගලන්තයේ ගත්තොත් ඔන්ලයින් සේෆ්ටි පනත අවුරුදු 7ක කාලයක් සාකච්ඡාවට අරගෙන තමයි ඒ පනත ගෙනල්ලා තියෙන්නේ.

ඔබතුමා දකින විදියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවට්ටන්න කාටද ඕනෙ වෙලා තියෙන්නේ?

තනි පාර්ශ්වයක් නෙවෙයි. බහු පාර්ශ්වයන් ඉන්නවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමන්න අවශ්‍ය කරන. විශේෂයෙන්ම මම දකින්නේ බලයේ ඉන්න පිරිස තමයි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ සීමා කරන්න හදන්නේ. මේකෙ අවදානම තමයි බලය නැති පිරිස බලයට පත්වුණාමත් මේ වගේ මර්දනකාරී නීතිවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. උදාහරණයක් ගමු විධායක ජනාධිපති ක්‍රමය. විපක්ෂයේ ඉන්නකොට කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා, ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට ඒකේ බලය උපරිම ලෙස යොදාගන්නවා. මේ නීති ගැනත් තියෙන අවදානම තමයි මේ නීතිය වෙන ඕනෙම දේශපාලනඥයෙක් අවභාවිත කරන්න පුළුවන්. ඒ දේශපාලන අධිකාරියට අවනත වෙන පොලිසිය විසින් මේවා අවභාවිත කරන්න පුළුවන්.

කවදාවත් අපි හිතන්න නරකයි අධිකරණයේ තීන්දු විවේචනය කරන්න බැහැ කියලා. අධිකරණයේ තීන්දු විවේචනය කරන්න පුළුවන්. විනිශ්චකාරවරුන් අතින් වැරැදි වෙච්ච තැන්වල, වැරැදියි කියලා කියන්න අපට හැකියාව තියෙනවා. ඒක අධිකරණයට කරන අපහාසයකුත් නෙවෙයි. ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීරණය මම හිතන්නේ ඉදිරියේදී අපි ඒක අධ්‍යයනය කරලා විවරණයක් කළ යුතුමයි. මම කලින් කියපු පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධිකරණවල තීන්දු සම්බන්ධයෙන් තියෙන සීමාවන් මේ තීරණයටත් අදාළ වෙනවා. මේ පනත් කෙටුම්පත ගත්තොත් මේක හඳුන්වා දෙන්නේ එක පැත්තකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් වෙන්න ඕනේ කියන එක.

ඒ ගැන තර්කයක් නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරලා තියෙන පනතක්. නමුත් මේ ගෙනල්ලා තියෙන පනත් කෙටුම්පත ඒ විදියටම අවභාවිත කරන්න තියෙන අවකාශය වැඩියි. උදාහරණයක් හැටියට මේ අලුත් පනත යටතේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පුළුවන් ත්‍රස්තවාදී චෝදනා මත පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න. මාස 2ක් දක්වා කාලයක් රඳවාගන්න පුළුවන්. ඒ මාස 2 තුළ මහෙස්ත්‍රාත්වරයාට තියෙන අභිමතය සීමිතයි. මාස 12ක් දක්වා රැඳවුම් භාරයට පත්කරන්න පුළුවන්. ජනාධිපතිවරයාට පුළුවන් සංවිධාන තහනම් කරන්න. මේ ආකාරයෙන් විවිධ බලතල ජනාධිපතිවරයාට තියෙනවා. හමුදාවට යම් යම් බලතල දීලා තියෙනවා. ත්‍රස්තවාදය නිර්වචනය ගැන ගැටලු තියෙනවා.

විශේෂයෙන්ම මේ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හදලා තියෙන්නේ රහසිගතව. ප්‍රමාණවත් අදහස් වීමකින් තොරව. ප්‍රතිත්‍රස්ත පනත හදන්න පත්කරපු කමිටුවේ සම සභාපති නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්. ඒ නිලධාරියාම තමයි මේ පනත පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කළේ. මම හිතන හැටියට මේ පනත් කෙටුම්පත හඳුන්වා දීලා තියෙන ආකාරය ගත්තොත් එය ගැටලුසහගතයි. මේ නීති සෑදීම සම්බන්ධයෙන් මේ රටේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි රහසිගතව නීති හදන එක.

ඔබතුමාලා ඒකට යම් විරෝධයක් දක්වන්නේ නැද්ද?

අපි විරෝධතා දක්වලා තියෙනවා. අපේ නීතිඥ සාමූහිකයක් තියෙනවා. එමගින් මේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අභියෝග කළා. මම පෙනී සිටියා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම් වෙනුවෙන්. අපි අභියෝග කරලා අධිකරණයට පෙන්නන්න උත්සාහ කළා මේකෙ තියෙන අති විශාල ගැටලු ප්‍රමාණය ගැන. අපි කරුණු දැක්වූවා. අපේ කරුණු බහුතරයක් පිළිගත්තා කියලා කියන්න අමාරුයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දීලා තියෙනවා.

ලංකාවේ ඡන්ද, එහෙම නැත්නම් ජනතා පරමාධිපත්‍යය උරගා බැලෙන අවස්ථා ගණනාවක් ජනතාවට අහිමි කරපු මොහොතක අපි මේ ඉන්නේ. මේ විදියට ජනතා පරමාධිපත්‍ය බලයට පයින් ගහන්න පුළුවන්ද?

මැතිවරණ පවත්වන එක නීතියට අනුව සිදුවෙන්න ඕනේ. පළාත් සභා ඡන්ද විමසීම කල්දැම්මේ පාර්ලිමේන්තුවේ සංශෝධනයක් ගෙනාවා ඒ පනතට. කාරකසභා අවස්ථාවේදී ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා, ඒකෙ ප්‍රතිඵලයක් විදියට අද පළාත් සභා අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒක ඉතාම නරක පූර්වාදර්ශයක්. පළාත් පාලන ඡන්ද විමසීම ගැන ආපහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා. ඇයි ඒ මැතිවරණය කල්දැම්මේ? මුදල් නැහැ කියලා. අධිකරණය නියෝගයක් දුන්නට පස්සෙත් ඒකට අවනත නොවීමක් වුණා.

ඊළඟට එන්නේ ජනාධිපතිවරණය. නීතියේ හැටියට ජනාධිපතිවරණය කල් දාන්න බැහැ. මොකද ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉවර වෙනවා නොවැම්බර් 18 වැනිදා. ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. එතුමාට කියන්න බෑ මම තව මාස 2ක් ඉන්නම් කියලා. එහෙම ප්‍රතිපාදනයක් නෑ. ඒ නිසා ජනාධිපතිවරණය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස අතර පවත්වන්න ඕනේ.

දිගටම මුදල් නැතිවුණොත් රටේ ඡන්දයක් තියන්නම වෙන්නේ නැද්ද?

ජනාධිපතිවරණය සාක්ෂාත් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්මයි. 1978 සිටම ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් තමයි ජනාධිපතිවරණය. ඒ නිසා මම දකින්නේ නෑ ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙම වුණොත් විශාල ව්‍යවස්ථා අර්බුදයක් වෙයි. එහෙම බලෙන් වෙනස් කරනවා නම් ඒක කුමන්ත්‍රණයක් බවට පත්වෙනවා. ඒක ඇත්තටම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් බවට පත්වෙනවා. මේ රට කවදාවත් එතැනට ගිහින් නෑ. හැම වෙලේම රටේ නායකයා කවුරු වුණත් අවසාන විග්‍රහයේදී මැතිවරණවලට ගරුකරලා තියෙනවා, ප්‍රතිඵලවලට ගරු කරලා තියෙනවා. 2015 එක වෙලාවක යම් බියක් ඇතිවුණා හිටපු ජනාධිපතිවරයා ඡන්ද ප්‍රතිඵලවලට ගරු කරයිද නැද්ද කියලා. නමුත් එහෙම වුණේ නෑ. මේ රටේ පළාත් පාලන ඡන්ද විමසීම විටින් විට කල්දාපු අවස්ථා තියෙනවා. නමුත් ජනාධිපතිවරණයකට මම හිතන්නේ නෑ එහෙම අවදානමක් තියෙනවා කියලා. රටේ ජනතාව ඒ වගේ දේකට ඉඩ නොදිය යුතුයි.

රටේ තියෙන වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔබතුමාගේ දළ අදහස මොකක්ද?

පොතක් තියෙනවා How Democracies Die (ප්‍රජාතන්ත්‍රවාදය මියයන්නේ කොහොමද?) කියලා. ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් මියයන්නේ විප්ලවවලින් හරි, කුමන්ත්‍රණවලින් හරි නෙවෙයි. මේ පොතේ කියන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය මියයන්නේ ක්‍රමක්‍රමයෙන්. ආයතන දුර්වල කරලා, අධිකරණය දුර්වල කරලා, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ගරු නොකර තමයි ප්‍රජාතන්ත්‍රවාදය හෙමින් හෙමින් මරලා දාන්නේ. ඒක තමයි අපි වළක්වන්න ඕනේ දේ.

මම දකින හැටියට මේ පනත් කෙටුම්පත්, මේ ආයතන දුර්වල කරන එක, අධිකරණයට තර්ජනය කරන එක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තර්ජනය කරන එක, දේශපාලන සම්ප්‍රදායන්ට ගරු නොකරන එක හරහා සමහර දේශපාලනඥයන් උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන්න. ඒකෙ ප්‍රතිඵලය වෙන්න පුළුවන් කවදා හරි ප්‍රජාතන්ත්‍රවාදය මියයන එක. වාසනාවකට අද අපි තවමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මම දන්නේ නෑ ඒක තරු 5 එකක්ද කියලා. අඩු ගානේ මම හිතන්නේ තරු 3ක් වත් අපට දෙන්න පුළුවන්. නමුත් අපි හැමෝම වෘත්තිකයන්, මාධ්‍යවේදීන්, මහජනතාව අවධානයෙන් ඉන්න ඕනේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගන්න.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

‘පුංචි මොස්කව්’ බවට පත්වූ උණවටුනේ ‘සුදු මුහුණු සාදය’ I Sri Lanka Latest News

Next Post

ආර්ථිකයට අගතිදායක බලපෑමක්! ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් කොටස් පැවරීමට එරෙහි ‌ලයිකා මොබයිල් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න! අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අභියාචනාධිකරණයෙන් ඉල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.