සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවල පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බවද, විශේෂයෙන් මෙම තත්ත්වය මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපෑ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ අතර දිවයින හරහා හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.










