උපකාරක පන්ති වෙළෙඳපළෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 200 ඉක්මවා ඇති බව මෑතකදී සිදුකළ අධ්‍යයනයකින් හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
සාමාන්‍යයෙන් ලංකාවේ 3, 4, 5 පන්තිවල ඉගෙනුම ලබන දරුවන්ගෙන් 75%ක් පමණ කුමන හෝ ආකාරයේ උපකාරක පන්තියකට සහභාගි වන බව දැකගත හැකිය.
එසේම 10, 11 පන්තිවල ළමුන්ගෙන් 80%ක් පමණ අවම වශයෙන් උපකාරක පන්ති එකකට හෝ සහභාගි වීමක් පෙන්නුම් කෙරේ.
උසස් පෙළ ළමුන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් කුමන හෝ ආකාරයේ උපකාරක පන්තියකට සහභාගි වීමක් දැකගත හැකිය.
මේ අනුව ලංකාවේ සාමාන්‍යයෙන් ලක්ෂ 40කට ආසන්න ළමුන් ප්‍රමාණයක් සිටින අතර, ඔවුන්ගෙන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් කුමන හෝ ආකාරයකට උපකාරක පන්තිවලට සහභාගි වීමක් හඳුනාගත හැකිය.
මේ නිසා වර්ෂයක් තුළ උපකාරක පන්ති සඳහා සමස්තයක් ලෙස මවුපියන්ට දැරීමට සිදුවන වියදම රුපියල් බිලියන 200 ඉක්මවා ඇතැයි අනාවරණ වන බවද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දුන්නේය.
ප්‍රේමලාල් විජේරත්න