නගරසභා, මහ නගරසභා හැටපහක් තුළ මෑතදී කරන ලද යාචකයන් (සිඟන්නන්) පිළිබඳ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ අති යාචකයන් සංඛ්‍යාව 1003 දෙනකු බව හෙළිව තිබේ. (Sri Lanka Latest News)
අදාළ නගර සබා මහ නගරසභා ආසන්නයේ සිටින යාචකයන් සංඛ්‍යාව 3,661ක් බවද හෙළිව ඇතැයි සමාජසේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය.
එම සංඛ්‍යාව අතරින් බස්නාහිර පළාතේ පමණක් යාචකයන් 1,618ක් සිටින බව සඳහන්ය.
පසුගිය කොරෙfා්නා වසංගතයෙන් පසු ඇතැම් පවිත්‍රතා ආයතන වැසී යෑමත් සමග එම පිරිස්ද යාචකයන් අතරට එක්ව ඇති බව හෙළිව තිබේ.
කොළඹ විදුලි සංඥා පුවරු අසල සිටින යාචකයන් වැඩි දෙනකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවද සමීක්ෂණ නිලධාරීන් විසින් අනාවරණ කරගෙන ඇත.
යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට පිහිටුවා ඇති රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 500කට අධික පිරිසකගෙන් පිරී පවතින බවත්, මෙතෙක් එහි පාලනය දකුණු පළාත් සභාව විසින් සිදුකළ නමුත් එය ලබන ජනවාරි 02 වැනිදා සිට මධ්‍යම රජය යටතට ගන්නා බවද සමාජ සේවා දෙපාර්තමේන්තුව පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










