දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
ඒ අනුව ලබන 09 වැනිදායින් පසු උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතර දිස්ත්‍රික්යේත් සවස් කාලය තුළ වැසිවාර කිහිපය බැගින් ඉදිරියේදී ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
තවද දිවයිනේ සෙසු ප්‍රදේශවලට සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටී.
මිලිමීටර් 75ට වැඩි තරමක වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර, සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කියයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










