• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් අයවැය එනවා… ඊට කලින් බලමු 23 අයවැයෙන් ගහපු බොරු-කරපු කෙළි I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තවත් තියෙන්නේ දින කිහිපයක් විතරයි. ඒ කෙරෙහි රටේම අවධානයත් දැන් යොමුවෙලා තියෙනවා. පසුගිය වසරේ අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා කිව්වේ රට ගොඩදැමීමට මෙම අයවැය යෝජනා ඉදිරිපත් කරන බව. ඒ යෝජනා කියෙව්වොත් අපට දැනෙනවා ඒවා ඉතා ප්‍රශස්ත මට්ටමේ යෝජනා බව. ඒ වුණත් ඒ යෝජනා ඇත්තටම මහපොළොවේ ක්‍රියාත්මක වෙනවද?(Sri Lanka Latest News)

2024 අවුරුද්ද වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන්න සූදානම් වෙන මේ වෙලාවේ, 2023 අයවැය මගින් යෝජනා කරපු සංවර්ධන ව්‍යාපෘති, ලබාදීපු පොරොන්දු අද වෙනකොට ඉටුවෙලා තියෙනවද කියන එක ගැන විමසා බැලීම වැදගත් වෙනවා. මේ මාතෘකාව සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය අධ්‍යයනයක් කළා. එම ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ සුභාෂිණී අබේසිංහ මහත්මිය සමග එම අධ්‍යයනය ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ.

2023 අවුරුද්දට ඉදිරිපත් කරපු අයවැය යෝජනාවලින් සමස්තයක් හැටියට ගත්තාම, ඔබේ අධ්‍යයනය අනුව කොයි තරම් දේවල් ඉටුකරලා තියෙනවද?

අලුත් පොරොන්දු මල්ලක් එන්න කලින් 2023 දීපු පොරොන්දු මල්ලට මොකද වුණේ කියලා සොයා බලන එක ඉතා වැදගත්. අපි මේක 2017 ඉඳලා කරන කාර්යයක්. පළමු මාස හය තුළ අපි උත්සාහයක් දැරුවා රජයෙන් දැනගන්න, මේ යෝජනාවලින් රජය යම් ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවද කියන එක සම්බන්ධයෙන් වගේම ඒ යෝජනාවලට මොකද වුණේ කියන එක ගැන. අපි බැලුවේ අයවැය කතාවේ ඉහළම අගයක් තියෙන යෝජනා 25 ගැන.

ඉහළම අගයක් තියෙන කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

අයවැයෙන් වැඩිපුරම මුදලක් වෙන්කරලා තිබුණු යෝජනා 25 ගැනයි අපි සොයා බැලුවේ. මේක අගයක් හැටියට ගත්තොත් බිලියන 49ක් වෙන්කරලා තියෙනවා මේ යෝජනා 25 වෙනුවෙන්. මේ යෝජනා 25 ක්‍රියාත්මක වෙලාද නැද්ද කියන එක ගැන අපි දැනගන්න ඕනේ ඒ අදාළ ආයතනවලින්. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අයවැය සම්බන්ධ කටයුතු, තමන්ගේ ක්‍රියාකාරී සැලසුම්, ප්‍රගති වාර්තා, වියදම් සම්බන්ධයෙන් අපි අහන්නේ නැතුව අදාළ රාජ්‍ය ආයතන ප්‍රකාශයට පත්කළ යුතුයි කියලා තොරතුරු දැනගැනීමේ පනතේ කියලත් තියෙනවා.

නමුත් බොහෝ ආයතන මේ තොරතුරු ප්‍රගාමීව ඉදිරිපත් කරන්නේ නෑ. මේ අයවැය යෝජනා 25 ක්‍රියාත්මක කරන්න රාජ්‍ය ආයතන 15ක් කටයුතු කළ යුතුයි කියලා අපට අයවැය දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. එතකොට මේ 15න් එක ආයතනයක් වන ධීවර අමාත්‍යාංශය විතරක් තමන්ගේ තොරතුරු ප්‍රගාමීව පළකරලා තිබුණා. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත අනුව අපට ඉතා සාධනීය විදියට පිළිතුරු දුන්නා. ඉතුරු ආයතන 14න් බහුතරයක් අපට තොරතුරු ලබාදුන්නේ නෑ. තොරතුරු දැනගැනීමේ අයිතිය අපට ව්‍යවස්ථාවෙන් ලැබිලා තිබිලත්, පළමු මාස හය තුළ මේ අයවැය යෝජනාවලින් 68%ට ප්‍රගතිය මැනීමට අවශ්‍ය තොරතුරු ලබාගන්න අපට බැරිවුණා.

මේකෙන් 40%ක් අපේ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඉතිරි 20%ට ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් ඒ ලැබුණු ප්‍රතිචාරය සහ තොරතුරු ප්‍රමාණවත් වුණේ නෑ ප්‍රගතිය අගයන්න. ඒක නිසා 68%ක ප්‍රගතිය ගැන අපට කියන්න බෑ. ඉතිරි 32%න් යෝජනා දෙකක් (8%) ක්‍රියාත්මක වෙනවා. ඒක තමන්ගේ ක්‍රියාකාරී සැලසුමේ තියෙන ඉලක්ක කරා ඒ ආයතනය ගිහිල්ලා තියෙනවා. ඉතිරි එක තමන්ගේ ඉලක්කවලින් පිටිපස්සේ ඉන්නේ.

මේකෙදී ධීවර අමාත්‍යාංශයෙන් අපි අහනවා ඔබ ලබා තිබෙන ප්‍රගතිය මොකක්ද, ඒ ප්‍රගතිය ලබාගන්න බැරිවෙලා තිබෙනවා නම් ඒකට හේතුව මොකක්ද කියලා. ධීවර අමාත්‍යාංශය අපට දැනුම් දීලා තියෙනවා පසුගිය ගෙවීම් කරන්න තිබීම සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතීන් ලබාගැනීමට ප්‍රමාදවීම් ආදී හේතු නිසා ඒ අයට ඉලක්ක කරා ළංවෙන්න බැරිවුණා කියලා. ඒ යෝජනාවලින් දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තව 6ක් ක්‍රියාත්මක වෙනවා, හැබැයි පසුගාමී මට්ටමක තියෙන්නේ. ඉතිරි යෝජනා 17 පිළිබඳ තොරතුරු නැහැ.

මේක බරපතළ තත්ත්වයක්නේ. ඇයි මේ වගේ තැනකට ගමන් කරලා තියෙන්නේ?

මේ ලිපිය කියවන ඕනෑම කෙනකුට publicfinance.lk කියන වෙබ් සයිට් එකට ගියාම ඒකෙ තියෙනවා Budget Promises කියලා එකක්. ඒක භාෂා තුනෙන්ම තියෙනවා. මේ තත්ත්වය අද වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ තොරතුරු හෙළිදරව් කිරීමේ අඩුකම අඩුවෙයි කියලා. ඇත්තටම අපිට තොරතුරු ලැබෙයි කියලා. නමුත් කනගාටුදායක කරුණ තමයි අතුරු අයවැය සහ 2022 සහ 2023 අයවැය දෙකේ තොරතුරු නොමැතිකම නිසා ප්‍රගතිය ඇගයීමට නොහැකි යෝජනා ප්‍රතිශතය ඉතා විශාලයි. උදාහරණයක් ලෙස ගත්තොත් 2017 – 2021 අතර තොරතුරු නොමැතිකම නිසා ප්‍රගතිය ඇගයීමට නොහැකි වූ ප්‍රතිශතය සියයට හතළිස් ගානක්. නමුත් 2022 – 2023 වෙනකොට 70%ක ආසන්න ප්‍රතිශතයක යෝජනා පිළිබඳ ප්‍රගතිය ඇගයීමට තොරතුරු නැහැ.

අයවැයෙන් වැඩිම මුදලක් වෙන්කරපු යෝජනා ගැන ඔබ අවධානය යොමුකළා කියලා ඔබ මුලින් සඳහන් කළා. එම යෝජනාවලින් වඩා වැදගත් කියලා හිතන්නේ මොන යෝජනාද?

අපි දන්න දෙයක් තමයි අපේ රට ගොඩගන්න බදු ආදායම වැඩකරන්න ඕනේ කියලා. හැබැයි මේ බදු ආදායම අපි මොනවටද පාවිච්චි කරන්නේ කියන එක තමයි වඩාත් වැදගත්, බදු ආදායම වැඩිකිරීමට වැඩිය. බදු ආදායමේ ඉලක්ක වැදගත්. නමුත් අපි ඇත්තටම බලන්නේ වැය යෝජනා ගැන. වැය යෝජනාවල තියෙන ප්‍රධානතම දෙයක් සහ විශාලතම අවශ්‍යතාවක් තමයි විශේෂයෙන්ම ආයෝජන වෙළෙඳපළ ඉලක්ක කරගත්ත කර්මාන්ත රටේ ස්ථාපිත කිරීම වැදගත් කියන දේ. මේ කර්මාන්තකරුවන්ට බලපාන විශාලම බාධකයක් තියෙනවා.

ඒ තමයි තමන්ගේ ආයෝජන සඳහා අවශ්‍ය කාර්මික ඉඩම් ලබාගැනීමේ හැකියාවක් නොමැති වීම. මේ සඳහා 2023 මේ අයවැයෙනුත් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා තෝරාගත් ප්‍රදේශවල අපනයන සැකසුම් කලාප හදනවා කියලා. ලංකාව පසුගිය අවුරුදු 20ක විතර කාලය තුළ සෑම රජයක්ම මේ ගැන කතා කළත් ඇත්තටම අපි අපනයන සැකසුම් කලාපයක් හදලා නෑ. 2020 විගණකාධිපතිවරයා මේ පිළිබඳවම වාර්තාවක් ඉදිරිපත් කළා. එහි කියනවා 2002 ඉඳලා 2020 වෙනකල් කිසිදු ආයෝජන කලාපයක් හදන්න පැවැති රජයන් අපොහොසත් වෙලා තියෙනවා කියලා.

පසුගිය 2023 අයවැයෙන් යෝජනා කළේ අපනයනය සැකසුම් කලාප කොයි ප්‍රදේශයේ හදන්නද?

බස්නාහිර පළාතේ, ත්‍රිකුණාමලයේ, හම්බන්තොට ප්‍රදේශවල හදනවා කියලා යෝජනා කරලා තිබුණා. ආයෝජන පිළිබඳ අමාත්‍යාංශය තමයි එහි වගකීම භාරගෙන තිබුණේ. අපි තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතක් යොමු කළත් අද වෙනතුරු කිසිදු ප්‍රතිචාරයක් ලැබිලා නෑ.

මාස 06ක් යද්දී තමයි ඔබ තොරතුරු ඉල්ලුම් කළේ. නමුත් ඒ කාලයෙන් පස්සේ ඒක ක්‍රියාත්ම කරන්න පටන්ගත්තා වෙන්න බැරිද?

අපි සමහර යෝජනා සම්බන්ධයෙන් ඉල්ලන්නේ ඔබේ ක්‍රියාකාරී සැලසුම සහ ප්‍රගති වාර්තාව. ඇතැම් ක්‍රියාකාරී සැලසුම් අපට ලැබිලා තියෙනවා. ඒකෙ පැහැදිලිව සඳහන් වෙනවා තුන්වැනි කාර්තුවේ තමයි අපි මේ කටයුතු භාරගන්නේ කියලා. ඒ වෙලාවට අපි ඒක ක්‍රියාත්මක වෙන බවට සඳහන් කරනවා. අපි නිතර දකින දෙයක් තමයි නැවත නැවත එකම යෝජනාව සෑම අයවැයකදීම ඉදිරිපත් කරනවා. මේ අපනයන කලාප සහ කර්මාන්ත පුර ඉදිකිරීම පිළිබඳ යෝජනා 2017 සඳහන් වෙලා තියෙනවා. 2017 ඉඳලා අපි බලන්නේ. 2017දී අපිට තොරතුරු ලැබිලා නෑ, 2018දී අපිට පොඩ්ඩක් කෙරිලා තියෙනවා කියලා.

2021 ආයෙත් යෝජනා වෙලා තියෙනවා. ආයෙත් 2023ත් යෝජනා වෙලා තියෙනවා. මේක ඉතා අවාසනාවන්ත සිද්ධියක්. අපි දන්නවා ලංකාව මුහුණ දීලා තියෙන ගැටලුවට ප්‍රධාන හේතුව තමයි අපනයය වර්ධනය කරන්න බැරිවීම. අපි හැමෝම කියනවා අපට නිෂ්පාදන ආර්ථිකයක් නෑ කියලා. නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නම් අයෝජකයන්ට අවශ්‍ය ප්‍රධානම දේ තමයි තමන්ගේ කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න ඉඩමක්. මේක ඇයි අපි කර්මාන්ත පුර, අපනයන සැලසුම් කලාප ගැන කතාකරන්නේ? මේක ඕනෑම ඉඩමක් වෙන්න බෑ.

කාර්මික ඉඩමක් කියන්නේ ඒ සඳහා ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕනේ. පාරක් තියෙන්න ඕනේ. විදුලිබලය තියෙන්න ඕනේ. ජලය ඇතුළු සියලු පහසුකම් සහිත ඉඩමක් තමයි කාර්මික ඉඩමක් ලෙස සලකන්නේ. ඒ නිසා තමයි කර්මාන්ත පුරයන් හදන්නේ. අපි ආයෝජකයන්ට එන්න කියනවා නම් මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා ආයෝජකයන්ට. බොහෝ ආයෝජකයන් කියනවා අවුරුද්දක් දෙකක් ඉඩමක් ලබාගන්න බලාගෙන ඉන්න වෙනවා කියලා. අපි ඉන්නේ ඉතා තරගකාරී ලෝකයක. මේ ආයෝජන ආකර්ෂණය කරගන්න අපිත් එක්ක තරග කරන ආසියාතික රටවල් බොහොමයක් ඉන්නවා.

බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වගේ රටවල්. මේ රටවල් පසුගිය අවුරුදු 20 තුළ කොයි තරම් කාර්මික ඉඩම්, කර්මාන්ත පුරයන් හදලා තියෙනවද? ඊට සාපේක්ෂව අපි ඉන්න මේ ඉතා පසුගාමී තත්ත්වය ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා, බදු සහන ලබාදුන්නට අපේ රටට ආයෝජන නොලැබීමට.

ඔබ කිව්වා පසුගිය අයවැයෙන් වැඩිම මුදලක් වෙන්කරපු යෝජනා 25ක් ගැන. ඒ මුදල සමස්ත අයවැය වියදමෙන් කොයි තරම් ප්‍රතිශතයක්ද?

අයවැය කතාවේ එන යෝජනා රජයේ මුළු වියදමෙන් 5%කටත් අඩු ප්‍රතිශතයක්. මේ අයවැය කතාව අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයක්. රජය ගමන් කරන්න බලාපොරොත්තු වෙන දිශාව, ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ යම් දැක්මක් අයවැය කතාවේ එන යෝජනාවලින් ප්‍රදර්ශනය වෙනවා. ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒ වගේ තමයි අයවැය කතාවේ එන යෝජනා ගොඩක් වෙලාවට අදාළ පාර්ශ්වකරුවන් විසින් එන ඉල්ලීම් සමග එන යෝජනා හැටියටත් කියන්න පුළුවන්. මොකද අමාත්‍යාංශ මට්ටමෙන් එන ඒවා ඊට කලින් අපි විසර්ජන පනතත් එක්ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. නමුත් මේ අයවැය කතාවේ යෝජනා තමයි බහුතරයම මාධ්‍යවල කතාබහ කරන්නේ.

අපේ රටේ යෝජනා කියන්නේ අලුතෙන් කරන්න හදන දේවල්. අපේ රටේ අලුතෙන් කරන්න තියෙන මුදල් ඉතා අඩුයි. මේ වගේ අර්බුද අවස්ථාවක විතරක් නෙවෙයි, අනෙක් අවස්ථාවලත් අපේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නෑ අපේ එදිනෙදා දෛනික වියදම් පවා පියවාගන්න. එතකොට මේ යෝජනා කියලා කියන්නේ දෛනික වියදම්වලින් එහාට ගිය අලුතෙන් කරන්නට යන දේවල්. අපේ රජයේ වියදමින් බහුතරයක් වැයවෙන්නේ පොලිය ගෙවන්න, රජයේ පඩිනඩි ගෙවන්න. අපි හැම වෙලාවෙම අලුත් යෝජනාවක් කරනවා නම් ඒ යෝජනාව කරන්නේ ණය අරගෙන.

ඔබේ ආයතනය අවධානයට ගත්තු යෝජනා අතරින් තොරතුරු ලැබී නැති තවත් ප්‍රමුඛ යෝජනා මොනවද?

තොරතුරු නැති යෝජනා ගොඩක් තියෙනවා. එකක් තමයි වැඩිහිටි අයට, ආබාධිත අයට ලබාදෙන දීමනාව. අයවැයෙන් යෝජනා කරලා තිබුණා ඒ දීමනාව ප්‍රමාණවත් නැති නිසා වැඩිකරනවා කියලා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ඉල්ලුම්පතක් ඉදිරිපත් කළා මේ යෝජනාවේ ප්‍රගතිය අපට ලබාදෙන්න කියලා. නමුත් ඒවා අපට ලැබිලා නෑ. අනෙක් එක තමයි ළමා පෝෂණය පිළිබඳ කරුණ. ඒ සඳහා රුපියල් මිලියන 500ක් රජය මේ සඳහා වෙන්කළා. නමුත් මෙහිදී අපි ඉදිරිපත් කළ ඉල්ලුම්පතට කිසිදු ප්‍රතිචාරයක් ලැබිලා නෑ.

කාගෙන්ද ඔබ ඒ ගැන විමසුවේ?

අයවැය කතාවේ ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතනය හඳුනාගැනීම හැම වෙලාවෙම සිදුවෙන්නේ නෑ. අයවැය සම්පාදනය කරන්න මූලික වෙන්නේ අයවැය දෙපාර්තමේන්තුව. අධීක්ෂණයේදීත් අයවැය දෙපාර්තමේන්තුව මූලික වෙනවා. ඒක නිසා අයවැය දෙපාර්තමේන්තුවට තමයි අපි මුල්ම ඉල්ලුම් පත යොමුකරන්නේ. ළමා පෝෂණය සම්බන්ධයෙන් අපට ලැබුණු ආයතනය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය.

තොරතුරු දැනගැනීමේ පනතේ තියෙන්නේ ඒ තොරතුරු ඉල්ලුම් පත්‍රය තමන්ට අදාළ නැත්නම් ඒ ආයතනය විසින් ඒක අදාළ නෑ කියලා දැනුම් දිය යුතුයි. අදාළ ආයතන දන්නවා නම් ඒ ආයතනයට මේක ට්‍රාන්ස්ෆර් කළ යුතුයි කියලා. එතකොට මේ දෙකම නොකර ප්‍රතිචාරයක් නොදක්වා සිටීම තොරතුරු දැනගැනීමේ පනත යටතේ පිළිගන්න බැහැ. ඒක පළමු එක. දෙවැන්න අයවැය දෙපාර්තමේන්තුවට අපි ඉල්ලුම්පතක් දැම්මාම ලැයිස්තුවක් එවනවානේ, මේ යේජනාවට මේ ආයතනයයි සම්බන්ධ කියලා.

එතකොට අපිට තියෙන ප්‍රධානතම ගැටලුව තමයි මේ යෝජනා සම්බන්ධයෙන් වගකීම තියෙන ආයතන මොකක්ද කියන එක. මොකද අතුරු අයවැයේදී අපට අයවැය දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් ආයතනවලින් 70%ක්ම දැනුම් දීලා තියෙනවා අපි අදාළ ආයතනය නෙවෙයි කියලා. එතකොට 2023 අපි හඳුනාගත් ආයනවලින් 44%ක් අපිට දැනුම් දීලා තියෙනවා අපි නෙවෙයි අදාළ ආයතනය කියලා.

(2023.10.31 වැනිදා සිරස රූපවාහිනියෙන් විකාශය වූ පැතිකඩ වැඩසටහනෙන් උපුටාගන්නා ලදී)

SendShareShare
Previous Post

ක්‍රිකට් ප්‍රශ්නෙදි ජවිපෙ ඉන්න තැන ගැන ඇමැති රොෂාන් ප්‍රශ්න කරද්දී ක්‍රිකට් බෝඩ් එකෙන් ජවිපෙ සල්ලි ගත්තාදැයි ප්‍රසන්න ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තැපැල් කාර්යාලය බේරගන්න මහ සෙනගක් නුවරඑළියට! පොලිසියත් පිරිලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.