• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න ගහනව නම් ගේම්… අවුරුදු 16දී බස් එකේ ගෝලයාට ගිහින්, අවුරුදු 22දී බස් 5ක් ගත්ත පුංචි කොල්ලා I Sri Lanka Latest News

October 6, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපේ කතාවේ කතානායකයා තමයි ‘කොළඹ විසේකාරයා’. ඒ කියන්නේ ‘විසේකාරයා’ බස් හැම එකකම හිමිකාරීත්වය දරන්නේ මෙන්න මේ පුංචි කොල්ලා. ඔහු තමයි තිසර සංජීව. ලොකු වැඩ ගොඩක් කරන අවුරුදු 22ක අපූරු ව්‍යවසායකයෙක් අපේ කතා නායකයා.(Sri Lanka Latest News)

තිසර මුලින්ම කියන්න දැන් බස් කීයක් තියෙනවද?

පහක් තියෙනවා.

හැම බස් එකකම ගහලා තියෙන්නේ ‘විසේකාරයා’ කියලා. කවුද මේ නම දැම්මේ?

ගෙදර අයත් එක්ක කතා කරලා තමයි නම දැම්මේ. මුලින් දාන්න හිටියේ විසේකාරි කියලා. නමුත් ඊට පස්සේ විසේකාරයා කියලා දැම්මා.

මෙතැන බස් දෙකක් තියෙනවා. අනෙක් බස් 3 කෝ දැන්?

ඒවා හයර් ගිහින්.

මුලින්ම කියන්නකො ඔබ මේ ව්‍යාපාරය පටන්ගන්නේ කොහොමද කියලා?

මගේ තාත්තාගේ බස් එකක් විකුණනවා කියලා මගෙන් ඇහුවා ගන්නවද කියලා. එතකොට ලක්ෂ 25ක් විතර ෆිනෑන්ස් එකකුත් තිබුණා මේ බස් එකට. මම කිව්වා මම ගන්නවා කියලා. එහෙම කියලා තමයි අරගෙන මම ව්‍යාපාරයට අවතීර්ණ වුණේ. ඊට පස්සේ අනුර අයියා ගාවට දාලා බස් එක සම්පූර්ණයෙන් පේන්ට් කළා. එහෙම තියෙද්දී බස් එක ලස්සන නිසා හැම තැනම ෆේමස් වුණා. මට හයර් වැඩිවුණා. ඊට පස්සේ අනිත් බස් එක ගෙනාවා. එදා ඉඳලා අවුරුද්දට එක ගානේ අලුතෙන් බස් එකක් ගේනවා.

එතකොට මේවා කළමනාකරණය කරන්නේ ඔයාද තනියම?

ඔව් මම. අම්මටයි තාත්තටයි බස් ගැන ලොකු දැනුමක් නෑ. මුලින්ම තාත්තා බස් එක විකුණන්න හදද්දී විකුණන්න එපා කියලා එකක් මම ගත්තා. ඊට පස්සේ ඒකෙන් මම මුදල් උපයලා තමයි මේ තත්ත්වෙට ආවේ.

බස් කිහිපයක් 138, 280 වගේ මාර්ගවල ධාවනය කරනවා. ගෝල්ඩ් කියලා බස් එකක් තියෙනවා. ඒක විශේෂ චාරිකාවලට දෙන්නේ. මාසේ දවස් 30න් දවස් 25ක් විතර අපේ බස්වලට හයර් තියෙනවා. නිවාඩුවක් දාන්නවත් දවසක් නෑ. ළඟදී ගත්තා කොට්ටාව පිටකොටුව දුවන්න බස් එකක්. රූට් එකේ දිව්වත් වැඩිපුරම තියෙන්නේ වෙන වෙන හයර් තමයි.

අන්තිමටම බස් එකක් ගත්තේ කොයි කාලෙද?

මාස දෙකකට කලින්.

කීයක් වුණාද?

බස් එකටයි පර්මිට් එකටයි දෙකටම එක්කෝටි 18 ලක්ෂයක් විතර වුණා. ඉදිරි මාස දෙකකට විතර දැනටම අපට හයර් බුක්වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ මුදලක් යටකරන්න බයක් නෑ.

කොහොමද මේ මුදල් කළමනාකරණය කරගෙන මේ කටයුතු කරගෙන යන්නේ?

මාසේ ලැබෙන ආදායම සහ වියදම් ටික වෙන් කළාම ඉතිරි වෙන මුදලකුත් තියෙනවා. ඒක සහ ගෙදරින් සහායක් ලැබෙනවා. හදිසියේ ලක්ෂ 10ක් විතර ඕනෙ වුණොත් ගෙදරින් මට ඒක දෙනවා. හැබැයි මාසයක් දෙකක් යද්දී මම ඒක කොහොම හරි ආපහු දෙනවා. තාම නම් ප්‍රශ්නයක් වෙලා නෑ. තව මාසයක් විතර ඇතුළත තවත් බස් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.

මේක දිගටම කරගෙන යන්නද කල්පනාව?

මගේ ටාගට් එක තිබ්බේ මුලින්ම බස් පහක් ගේන්න. දැන් ඒක හරි. ඊළඟ ආසාව තමයි බස් 10ක් අරගෙන පොඩි යාඩ් එකක් දාන්න. අමාරුයි තමයි. නමුත් ඒ ටාගට් එකට යන්න තමයි උත්සාහ කරන්නේ.

ඔයාගේ බස්වල යන මගීන්ගේ අදහස් එහෙම කොහොමද?

මම මීට අවුරුදු 5කට කලින් නම් හයර් ගියේ ගොඩක් අඩු මුදලකට. තාමත් අඩු මුදලට මම දුවන්නේ. ඒ හරහා හැදුණු කස්ටමර්ස්ලා තමයි තාමත් ඉන්නේ. මගේ බස් මොඩිෆයි කළා කියලා අමතර මුදලක් ඒ අයගෙන් ඉල්ලල්නෙ නෑ. මම දන්න විදියට මේ පැත්තෙන්ම මගේ බස් තමයි අඩුවටම දුවන්නේ. සමහර බස් අයිතිකාරයෝ නම් මට බණිනවා අඩුවට දුවනවා කියලා. නමුත් කවුරු මොනවා කිව්වත් මම දුවන්නේ මගේ රේට් එකට. ඉස්සර මම මුලින්ම දුවද්දී ඉස්කෝලෙ යන ළමයින්ගේ හයර් ගියා හරිම අඩුවට. ඒවයින් රුපියලකවත් ලාභයක් මට තිබුණෙ නෑ. නමුත් ඒ ළමයි සතුටින් ඒ ගමන ගියා. ඒ සතුට අද මට ලැබිලා තියෙනවා. ඒ ළමයින්ව සතුටු කරපු නිසා කියලයි මම අද හිතන්නේ.

බස්වල වැඩකරන අය ගැනත් ටිකක් කතා කරමු?

ඔව්, මේ හැම බස් එකකටම දෙන්නෙක් බැගින් ඉන්නවා. ඩ්‍රයිවර් සහ සහායකයා. මගේ තියෙනවා 7017 කියලා බස් එකක්. ඒ නම්බර් එක පවා අපි වෙනම ඉල්ලලා ගත්තේ. ඒක තමයි මගේ වාසනාවන්ත බස් එක. ඒකට නම් ඩ්‍රයිවර්ලා තුන්හතර දෙනෙක්ම මාරුවෙන් මාරුවට ආවා.

තිසර ඕලෙවල් ලියන කාලෙ නේද මුල්ම බස් එක ගත්තේ?

ඔව්. ඕලෙවල් ලියන්න මාස 10කට විතර කලින්. මට ඒ දවස්වල ඉස්කෝලේ සර්ලා කෑගැහුවා ඔයා බස් රස්සාවට ගිහින් ඉගෙන ගන්න එක කඩාකප්පල් කරගන්නවා කියලා. නමුත් මම අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තෙත් නෑ. දෙකම බැලන්ස් කරගත්තා. ඕලෙවල් හොඳට පාස්වෙලා කොළඹ මහානාම විද්‍යාලයට ගියා උසස් පෙළට. ඒකෙදී උසස් පෙළත් හොඳින් පාස් වුණා.

මුලින්ම බස් ධාවනය කරන්න පුරුදු වුණේ කොහොමද?

අවුරුදු 17 ඉඳලම මම බස් ධාවනය කළා. හයර් පවා ගියා. මුලදී මම ගෝලයා විදියට ගියා. එහෙම ගිහින් තමයි කස්ටමර්ස්ලා ටික හදාගත්තේ. ඒ අය කියනවා බස් එකේ සර්විස් එක හොඳයි, හොඳට සලකනවා කියලා.

ඔබ ව්‍යවසායකයෙක්. අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හදන කෙනකුට ඔබ දෙන උපදෙස මොකක්ද?

මම මේක පටන්ගත්තේ අවුරුදු 16දී විතර. ඒ වයසේ ගොඩක් කොල්ලෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා, එහෙම නැත්නම් ගෑනු ළමයි පස්සේ යනවා. මම ඒ හැම දේම පැත්තකින් තියලා මගේ ඉලක්කයට යන්නයි උත්සාහ කළේ. ඒක මගේ පොඩි කාලේ ඉඳලම තිබුණු හීනයක්. මත්ද්‍රව්‍ය මත්පැන්වලට යොමුවුණොත් දියුණුවක් වෙන්න නම් හරි අමාරුයි. ඒවයින් ඈත් වෙච්ච එක මම ලබපු ලොකු ජයක්.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

දොස්තර ජෝඩුවගේ පුතා පැදපු වාහනය පොලිස් කොස්තාපල් යටකරගෙන ගිය වීඩියෝව එළියට එයි! උඩින් විසිවෙලා ගිහින් ‌ඔළුව කෙළින්ම වදින්නේ පොකුණේ සිමෙන්ති කණ්ඩියේ! VIDEO I Sri Lanka Latest News

Next Post

තවත් විනාශයක්ද? ඇම්බර් වර්ණයේ තද වැසි එනවා! කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.