• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජයගේ මරණය ගැන හෙළිනොවූ අලුත්ම කතාව…

November 2, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
විජයගේ මරණය ගැන හෙළිනොවූ අලුත්ම කතාව…
Share on WhatsAppShare on Facebook

අපේ රටේ එතෙක් මෙතෙක් බිහිවූ වඩාත් ආදරණීයම සිනමා නළුවා විජය කුමාරතුංග බව බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණක්. රාජ්‍ය සම්මාන ඇතුළු සිනමා සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ ඔහු ඉන් ඔබ්බට ගොස් ජනතාවගේ හදවත්වල සදානුස්මරණීය සටහනක් තබන්නට සමත්වූ අතිදුර්ලභ මිනිසකු ලෙසද හැඳින්වීමේ වරදක් නැහැ. මේ ආදරණීය මනුෂ්‍යයා සාහසිකයකුගේ වෙඩිපහරට ලක්ව ජීවිතයෙන් සමුගෙන මේ වන විට දශක තුනකටත් වැඩි කාලයක් ගතවී අවසන්. විජයගේ ඝාතනය සිදුකළේ කවුද, එය සැලසුම් කළේ කෙසේද යන්න මේ වන විට කාටත් රහසක් නොවුණද, විජයගේ ජීවිතයේ අවසන් පැය 72 පිළිබඳ දැන සිටින්නේ ඉතා සීමිත පිරිසක් පමණයි. ඒ අතරින් විජය කුමාරතුංගයන්ගේ පොඩි අක්කා වන මෙරායා රූපා කුමාරතුංග මහත්මියට හිමි වන්නේ සුවිශේෂ තැනක්.

ජීවිතයේ අවසන් පැය කිහිපයේදී විජය සිය සහෝදරියට පැවසූ යම් යම් සුවිශේෂ කරුණු ඇය Asanga Live යූටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය දිනෙක සඳහන් කර තිබුණා. විජයගේ ජීවිතයට එල්ලවී තිබූ තර්ජන පිළිබඳවත්, ඒවාට නොබියව මුහුණ දීමට විජය සතුව තිබූ ශක්තියත් විජය තමන්ට පැවැසූ බව එම සාකච්ඡාවේදී රූපා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරනවා. මනුෂ්‍යත්වයෙන්, කඩවසම් බවින් පිරිපුන් මේ සුන්දර මිනිසාගේ අවසන් පැය කිහිපය ගැන කියැවෙන එම සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අපි මෙලෙස ඉදිරිපත් කරනවා.

1988 පෙබරවාරි 14 වැනිදා මල්ලි ළමයි දෙන්න එක්කගෙන යන්න ආපුවම මම කාර් එකට නැග්ගා. මට බහින්න කිව්වා නමුත් මම බැස්සේ නෑ. මං කිව්වා නෑ ඔයත් එක්ක මම ගිහින්, එදිරිතිලකත් එක්ක රෑට ආපහු එන්නම් කියලා. ‘ඉතිං එදිරිත් එක්ක එන්න ඔයා තලකොටුවට යන්න ඕනයැ බහින්න’ කිව්වා. ඒත් මම බැස්සෙම නෑ. ඊට පස්සේ එයා ගියා. එයා වාහනය පදවගෙන හොරණ පාරෙ යනකොට මගෙන් ඇහුවා, ‘දැන් හරි, ඔයාට බය මාව මරයි කියලනේ, මට වෙඩි තියයි කියලනේ. බැරි වෙලා දැන් යනකොට මට වෙඩි තිබ්බොත් ඔයා මොනවද කරන්නේ’ කියලා ඔහු මගෙන් අහුවා. එදා එදිරිතිලක හිටියේ නෑ. මල්ලි තමයි වාහනේ එළවගෙන ගියේ. එයාටත් හිතෙන්න ඇති හැමදාම කියනවනේ එයාව මරනවා කියලා. කිසිම හේතුවක් නැතුවනේ මේ මරනවා කියන්නේ. අනිත් එක මල්ලිව විතරක් නෙවෙයි නේ, රටට වටිනා මිනිස්සු සෑහෙන පිරිසක් මැරුවනේ. ඒ දවස්වල අපි දවස් 28ක් හිටියා ගෙදර ලයිට් එකක්වත් දාන්නෙ නැතුව.

මම කිව්වා මට වෙඩි වැදුණේ නැත්නම් මට කෑගහන්න හරි පුළුවන්නේ කියලා. පස්සේ විජය හිනාවුණා. හිනාවෙලා මගේ පිටටත් තට්ටු කළා.

කාර් එකේ ඉස්සරහා විජය සහ ඔබ. පොඩි දෙන්නා පිටිපස්සේ සීට් එකේ?

ඔව්. ඊට පස්සේ පොඩි දෙන්නව රොස්මීඩ් ප්ලේස් එකට දාලා අම්මගෙ ගෙදරට ආවා. අපේ අම්මා නිතරම කම්මුලට අත තියාගෙන ඉන්නේ. ඒක අම්මගෙ පුරුද්දක්. ඉතින් අම්මා වියන් ඇඳ උඩ කම්මුලේ අත තියාගෙන හිටියා. ඊට පස්සේ අම්මා අඬන්න ගත්තා. අම්මා ටිකක් තරහින් කිව්වා, ‘උඹ හැම තැනම යනවා. පණිවුඩකාරයො අතේ උඹව මරනවා කියලා තුණ්ඩු එවනවා….’ කියලා. එහෙම කියලා අම්මා අඬන්න ගත්තා. ඊට පස්සේ මල්ලි අම්මා ගාවින් ඉඳගත්තා. මම හිටියේ ඇඳ ළඟ හිටගෙන. එතකොට මල්ලි අම්මට කියනවා, ‘දැන් ඔය අම්මා අඬන්නේ අම්මගෙ පුතාව කොහෙදි හරි මරයි කියලනේ. එතකොට අම්මා දන්නවද මේ රටේ සමහර අම්මලා ඉන්නවා තමන්ගෙ දරුවො මැරුවා කියලා දන්නවා මිසක්, මරපු තැනක්වත් දන්නෙ නැති’ කියලා. ඊට පස්සේ අම්මට ඒ කතාවට තරහා ගියා. අම්මා කිව්වා, ‘එහෙනම් උඹ ඒ අම්මලා සනසලා වරෙන්කො, මම මෙතැන මැරෙනකන්’ කියලා. ඒක තමයි අම්මා සහ විජය මල්ලිගෙ අන්තිම කතාබහ.

ඊට පස්සේ අම්මා නිදාගෙ ඉඳලා ඇහැරෙනකොට අම්මගෙ අතේ සල්ලි වගයක් තියලා තිබිලා තියෙනවා. ඒක අම්මා තමයි මට කිව්වේ. අම්මාව බලාගන්න හිටියා කරුණා කියලා ගෑනු කෙනෙක්. අම්මා නින්දෙන් ඇහැරිලා කරුණාගෙන් ඇහුවලු ‘මහත්තයා ඇවිත් ගියාද?’ කියලා. කරුණා කිව්වලු ‘ඔව් මහත්තයා ආවා. එතකොට ලොකු නෝනා හොඳටම නිදි. මදුරු දැල ඈත් කරලා බලාගෙන ඉඳලා ගියා’ කියලා. එදාම තමයි මේ සිදුවීම වුණෙත්. අම්මා කියපු එක විජයගෙ හිතට වදින්න ඇති. ඒ නිසා එදාම රෑ (1988 පෙබරවාරි 14) තමයි ආපහු ඇවිත් ගිහින් තියෙන්නේ.

ඊට දවස් දෙකකට පස්සේ ටවුන්හෝල් එක හරියෙදී ඔබට විජය ඝාතනය කළා කියන ප්‍රවෘත්තිය ඇහෙනවා. ඔබට මොනවද ඒ වෙලාවෙ දැනුණේ?

මට අදටත් ඒ කිසිවක් මතක නෑ. මට මතක මෙච්චරයි. මම මොකකින් හරි ඇවිල්ලා නාරාහේන්පිට හන්දියෙන් බැස්සා. ආවෙ මොකකද කියන එක මට අදටත් මතක නැහැ. මොකද ටවුන්හෝල් එකේ ඉඳලා නාරාහේන්පිටට එන්න ඩිරෙක්ට් බස් එකක් නෑ.

නමුත් වෙඩි පහරින් තුවාල ලැබූ විජයව රැගෙන යන්නේ කොළඹ හදිසි අනතුරු ඒකකයට?

ඔව්. ඒත් මම ඒවා දන්නේ නෑ. මට ඕනෙ වෙලා තිබුණේ ගෙදර යන්න. අම්මා ගැන තමයි මම හිතුවේ. ඊට පස්සේ මම නාරාහේන්පිට හන්දියේ ඉඳලා දුවන්න ගත්තා. දිව්වා දිව්වා පොඩි දුරක් නෙවෙයි නේ. මම දන්නේ නෑ කොහෙදීද වෙඩි තිබ්බේ කියලා. නමුත් කලින් අපට තොරතුරු ආරංචි වෙලා තිබුණා විජයව මරන්න ලේසිම තැන අම්මා ඉන්න ගෙදර කියලා කතාවක් තියෙන බව. ඉතින් ඒක නිසා මම නාරාහේන්පිට තලකොටුව ගාඩ්න්ස් එකේ ගෙදරට දුවනකොට දිල්හානි අශෝකමාලාගෙ අම්මා පාරේ ඉඳලා මට කෑගැහුවා ‘මෙහෙ නෙවෙයි අරෙහෙ යන්න. පොල්හේන්ගොඩදී වෙඩිතිබ්බේ…’ කියලා. ඊට පස්සේ මම ආපහු හැරිලා පොල්හේන්ගොඩට ගියා.

ඒ වෙද්දී ඔබට ආරංචි වෙලා තිබුණේ වෙඩි වැදිලා කියල, මියගිහින් කියලා දැනගෙන හිටියේ නැද්ද?

ඔව්. මම ඒ වෙලාවෙ හිතුවෙ අබ්බගාතයෙක් වෙලා හරි කමක් නෑ විජය ජීවත් වෙන්න ඕනෙ කියලයි. ඊට පස්සේ මම එතැනට යනකොට මට මතක නෑ නම, කිරුලපන පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා මාව අල්ලගත්තා. අල්ලගෙන කිව්වා, ‘අක්කා ඒ පැත්තට යන්න එපා. එතැන ලේ තියෙනවා’ කියලා. එතකොටත් මල්ලිව ගෙනිහින්. මට නම් හිතුණෙම නෑ මල්ලි මැරුණා කියලා. මගේ හිතට ඒත්තු ගන්වන්න මම උත්සාහ කළා එක්කො අතට හරි කකුලකට හරි වෙඩි වැදිලා ඇති කියලා. රෝද පුටුවේ ඉඳලා හරි කමක් නෑ අපට ඕනෙ මල්ලි ජීවත් වෙනවා දකින්නයි. ඊට පස්සේ කාලෝ ෆොන්සේකගෙ නෝනා, මගෙ තාත්තගෙ නංගිගෙ දුව, එයා ඇවිල්ලා කිව්වා, ‘ඉතිං නංගෝ මොනවා කෙරුවත් අපට පණ දෙන්න බෑනේ…’ කියලා. එතකොට තමයි මම දැනගත්තේ විජය මියගිහින් කියලා.

මට මෙහෙම හිතෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ ලොකු පක්ෂවලට පළාත් සභා වර්ජනය කරන්න කිව්වනේ. පළාත් සභාවට අපේක්ෂකයො දාන්න එපා කිව්වා. එතකොට ඒගොල්ලො ජනතා විමුක්ති පෙරමුණට බයේ හරි, නැත්නම් ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවකින් තීන්දු කරලා හරි අපේක්ෂකයො දැම්මේ නෑ. ඒත් මල්ලි සියලු ආසනවලට අපේක්ෂකයො දාන්න කටයුතු කළානේ. මල්ලිව මරන්න ඒකත් හේතුවක් වුණා කියලා මම හිතනවා. ඒ කියන්නේ දැනට හැමෝම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් විජයව මැරුවා කියලනේ. එතකොට අපි ඒ ඔස්සේ යනවා නම් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවැත්තුවා. අනිත් පක්ෂත් මල්ලිගෙ පක්ෂයට එකතු වෙලා තමයි ඡන්දෙ ඉල්ලන්න ලෑස්ති වුණේ. එතකොට ඒගොල්ලො ඉල්ලුවේ නැත්නම් ඡන්දයක් තියන්න බෑනෙ.

විජය මියයන අවස්ථාවේ ඔහුගේ දරුවන්ගේ වයස කීයද?

දුවට අවුරුදු 7යි. පුතාට අවුරුදු 4යි.

විජයගෙ පුතා කියපු බොහොම සංවේදී කතාවක් තියෙනව නේද විජයගෙ අවමංගල්‍යය වෙලාවෙ ගහලා තිබුණු දැන්වීම් දැකලා?

ඔව්. පුතා ඇහුවා දම්පාට, සුදුපාට කොඩි දාලා සරසලා තියෙන්නේ ඇයි කියලා. එතකොට කිව්වාම තාත්තට ආදරේ මිනිස්සු, තාත්තට තියෙන ආදරේ නිසා ඔය විදියට සරසලා තියෙනවා කියලා එතකොට ටික්ක වෙලා බලාගෙන ඉඳලා පුතා ඇහුවා, ‘තාත්තට මිනිස්සු ආදරේ නම්, ඇයි තාත්තව මැරුවේ…?’ කියලා. ඒක ඒ ළමයගෙ හිතේ තාමත් ඇති. පුංචි දෙන්නා ඇහැටම දැක්කනෙ විජය මල්ලි වෙඩි වැදිලා වැටෙන හැටි. ඒ දවස්වල මිනිස්සු හරියට දොස් කිව්වා ළමයි දෙන්නට විජයගෙ මිනිය පෙන්නුවේ නෑ කියලා. නමුත් මම නම් අවංකවම සතුටු වෙනවා පෙන්නුවෙ නැති එක ගැන. මොකද ඒ පොඩි ළමයි තාත්තගෙ මළ කඳ දැකලා මොනවා තේරුම් ගන්නද?

උපාලි කියලා රත්ගම පැත්තේ කෙනෙක්ව මල්ලි එක්කගෙන ඇවිත් හිටියා මාතර ගිහින් එනකොට. එයා බැනර් අඳින කෙනෙක්. එයා කිව්වේ වෙඩි තියද්දී විජය මල්ලි ළමයි දෙන්නව පිටිපස්සට කරගත්තා කියලා. ඒ උපාලිටත් එතැනදී වෙඩි වැදුණා. එයත් දවස් දෙකකට පස්සේ මියගියා.

විජය ඝාතනය කරන්න සැලසුම් කරපු කෙනා අද වෙද්දී ජීවතුන් අතර ඉන්නත් පුළුවන්, නොඉන්නත් පුළුවන්. ඒ අයට ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

ඇත්තටම කොකා ගැස්සුවේ ජනතා විමුක්ති පෙරමුණෙන් නම්, ඔවුන් අද වෙනතුරු දිනාගත්තු දෙයක් නෑ. ලබාගත්තු ජයග්‍රහණයක් නෑ. අවුරුදු 33ක් තිස්සේ ඒගොල්ලො තවමත් උත්සාහ කරනවා. ඒක කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ. මේ ඝාතනයට වෙන වෙන අයගෙත් නම් සඳහන් වුණා. ඒගොල්ලො ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි. ඒගොල්ලොත් දේශපාලනිකව යම් තැනක ඉන්නවා වෙන්න පුළුවන්. සල්ලිත් හම්බකරගෙන ඇති. නමුත් හිතේ සැකයෙන්නෙ ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට අපි අනුකම්පා කරන්න ඕනෙ. වෛර කරලා වැඩක් නෑනෙ.



චානක ලියනගේ

SendShareShare
Previous Post

ටීචර් කෙනෙක්ගෙන් කඩා ගත් ලක්ෂ එකහමාරක මාලයයි හොරයි අල්ලාදුන් යුද්ධ හමුදා සැරයන්ගේ සේවය අගයයි!

Next Post

ජාතිවාදය-ග්‍රෝත්‍රවාදය අවුළුවමින් මිනිස්සු දස ලක්ෂයක් මරා දමන්න හවුල් වූ මාධ්‍ය ආයතන දෙකක් ගැන අහලා තියෙනවාද?

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.