• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතිවාදය-ග්‍රෝත්‍රවාදය අවුළුවමින් මිනිස්සු දස ලක්ෂයක් මරා දමන්න හවුල් වූ මාධ්‍ය ආයතන දෙකක් ගැන අහලා තියෙනවාද?

November 3, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
ජාතිවාදය-ග්‍රෝත්‍රවාදය අවුළුවමින් මිනිස්සු දස ලක්ෂයක් මරා දමන්න හවුල් වූ මාධ්‍ය ආයතන දෙකක් ගැන අහලා තියෙනවාද?
Share on WhatsAppShare on Facebook

‘මෙම සිද්ධිය ආරංචි වන විට මම හිටියේ කෙන්යාවේ නයිරෝබි නුවරයි. අපි විදේශ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් නයිරෝබි නුවර සේවය කළා. මම බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනියක හැටියටයි එහිදී කටයුතු කළේ. යාබද තවත් අප්‍රිකානු රටක් වන රුවන්ඩාවේ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය, යම් කැරැලිකරුවන් පිරිසක් විසින් වෙඩිතබා බිම හෙලූ පුවත අපට දැනගන්නට ලැබුණා. ඒත් සමගම රුවන්ඩාව තුළ තවත් උග්‍ර ජනතා නොසන්සුන්තාවක්ද ඇතිවී තිබෙන බව ආරංචි වුණා. මේ තත්ත්වය මොහොතින් මොහොත දරුණු වන බවක්ද ලැබෙන පුවත්වලින් පෙනී ගියා. අපි විදේශ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එහිදී තීරණය කළා හැකි ඉක්මනින් රුවන්ඩාවට යන්නට. අප ඉන් පසුව කුඩා ගුවන් යානයක් කුලියට ගෙන නයිරෝබි සිට තවත් අප්‍රිකානු රටක් වන උගන්ඩාවේ මබරාරා නගරයට පැමිණියා. අප එහි පැමිණියේ උගන්ඩාවේ සිට රුවන්ඩාවට යෑමට නියමිතව තිබූ එක්සත් ජාතීන්ගේ ආධාර ගුවන් යානයක් අල්ලා ගැනීමටයි. එම ගුවන් යානය මගින් අපට රුවන්ඩාවේ අගනුවර වන කිගාලි වෙත පියාසර කිරීමට හැකි වුණා. රුවන්ඩාවට පැමිණෙන අතරතුර අපට ගුවනේ සිට නිරීක්ෂණය කරන්නට හැකි වූයේ හරිම බියකරු දර්ශනයක්. රුවන්ඩාවේ නිවාස සිය ගණනක් ගිනිගෙන දැවෙන හැටි අහසේ සිට දුටුවා. ඒක එකම ගිනි ජාලාවක්. මහා විනාශයක් සිදුවන හැටි පෙනීගියා…’

මෙම සුවිශේෂ ත්‍රාසජනක කතාන්දරය කියා සිටින ඇය බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනියක වන කැතරීන් බොන්ඩ් (Catherine Bond)ය. ඇය මෙම ත්‍රාසජනක වගතුග කියා සිටින්නේ මෙයට වසර 03කට පෙර තවත් මාධ්‍යවේදිනියකගේ පුවත්පත් ලිපියක් උදෙසාය. එනම් මෙම බියකරු සිදුවීම් මාලාව සිදුවී ඇත්තේ 1994 වසරේ අප්‍රේල් මාසයේදීය. එතැන් සිට වසර 25ක් ගතවූ තැන එනම් පසුගිය 2019 අප්‍රේල් මාසයේදී අනෙක් මාධ්‍යවේදිනිය මෙම ලිපිය ලියා තබන්නීය. එසේ නම් එම කාලය හරියටම වසර 25කට පසු කාලයක්ය. අප්‍රිකානු රටක් වන රුවන්ඩාවේදී 1994 වසරේදී සිදුවී ඇති මහා ජන සංහාරයක් ගැන මෙසේ තොරතුරු ලෝක ඉතිහාසයට එක්වී ඇත. එසේ නම් එම මහා බියකරු ඛේදවාචකය සිදුවී දැනට අවුරුදු 28ක් ගතවී ඇත. කැතරීන් බොන්ඩ් නම් මෙම මාධ්‍යවේදිනිය වසර 28කට පෙර මැදි වයසේ පසුවූ කාන්තාවක වූ අතර, එහෙත් ඇය දැන් මුහුකුරා ගිය වැඩිහිටි වයසට පත්ව සිටින්නීය. ඇය දශක ගණනාවක් පුරා ලෝකයේ ප්‍රකට මාධ්‍ය සංවිධාන කිපයකටම සේවය කර ඇති අතිශය දක්ෂතා පෙන්වා ඇති ප්‍රවීණ මාධ්‍යවේදිනියකි. කෙසේ හෝ ඇයගේ මෙම දීර්ඝකාලීන පළපුරුද්ද මත ඇය මේ වන විට සේවය කරන්නේ ලෝක බැංකුවටය. ඇය ලෝක බැංකුවේ අප්‍රිකානු කලාපය භාර ඉංග්‍රීසි කතුවරිය සහ ප්‍රධාන උපදේශකවරියකද වන්නීය. ඇය ලෝකයේ ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. අප ඇයගේ ත්‍රාසජනක කතාන්දරය තවදුරටත් අසා සිටිමු.

මාධ්‍යවේදිනිය – රුවන්ඩාවේ කිගාලි අගනුවර වෙත පැමිණීමෙන් පසු මොකද වුණේ? මෙය ලෝකයේ සිදුවූ මහා දරුණු ඛේදවාචකයක් වාර්තා කිරීමේ ආරම්භයක්ද?

කැතරීන් බොන්ඩ් – ඔව් පැහැදිලිවම. කිගාලි ගුවන් තොටුපළට පැමිණි අපට එතැනින් එළියට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අගනුවරත් අනෙකුත් නගර රාශියකත් දරුණු කලබල ආරම්භ වෙලා කියලා ප්‍රකාශ වුණා. ගුවන් තොටුපළ බලධාරීන් අපට එළියට යන්න දුන්නේ නැහැ. පසුව අපි රාත්‍රි දෙකක් (දින දෙකක් පුරා) ගුවන් තොටුපළේ පර්යන්තයක බිම නිදාගත්තා. ඒ කාලයේ කිගාලි අගනුවර ඉතා කුඩා නගරයක්. අප ගුවන් තොටුපළේ දින දෙකක් ගතකරන විට දිගින් දිගටම වාර්තා වුණේ රට තුළ මහා ජන සංහාරයක් සිදුවන බවයි. යුද හමුදාවේ ප්‍රධානත්වයෙන් ඇරැඹි කැරැල්ල දරුණු ලෙස ව්‍යාප්ත වී ඉන් පසුව රුවන්ඩාවේ ප්‍රධාන ගෝත්‍ර දෙකක් අතර ඉතා දරුණු ඝාතනයන් සිදුවන බව දැනගන්නට ලැබුණා. කෙසේ හෝ දින දෙකකට පසුව අපි ප්‍රංශ, බෙල්ජියම් සහ එක්සත් ජාතීන්ගේ හමුදා සමග රට තුළට ගියා.

මාධ්‍යවේදිනිය – මේක බියකරු සිහිනයක් සැබෑ වීමක්ද? ඊට පස්සේ මොකද වුණේ?

කැතරීන් බොන්ඩ් – අප නගරය තුළින් එම මාර්ගවලට යන විට ජනතාව මහත් කලබලයට පත්වෙලා තමන්ගේ නිවෙස්වලින් එළියට බැහැලා තුෂ්ණිම්භූත වෙලා බලන් ඉන්නවා මොකක්ද මේ වෙන්නේ කියලා. ගැහැනු පිරිමි සහ ළමයින් තැනින් තැන විශාල වශයෙන් හිටියා. අපි කලබල තිබුණු පාරවල් පහුකරගෙන ගිහින් නැවත පැය දෙක තුනකට පසුව එම මාර්ගවලටම ආවා. අපගේ ඇස් අදහාගන්න බැරි මහා විනාශයක් වෙලා තිබුණේ. අපි යනකොට හොඳින් ජීවත්ව සිටි මිනිසුන් අපි නැවත එනකොට තැන තැන මරලා දාලා. රුවන්ඩා යුද්ධ හමුදාව විසින් මෙහෙයවන ලද ජාතිවාදී පිරිස් විසින් තමයි මෙම ඝාතනයන් සිදුකළේ. මේ අන්තවාදී කණ්ඩායම් අපේ රථයද තැන් කිහිපයකදීම නවත්වලා පරීක්ෂා කළා. මොවුන් සෑම කෙනකුම අතේ තිබුණේ කඩු, කැති, පොරෝ සහ විශාල පිහි වැනි ආයුධයි. අර අහිංසක මිනිස්සු ඝාතනය කරපු මේ ඝාතකයන් කණ්ඩායම් වශයෙන් අපි පසුකරගෙන ගියා. මේ භයානක දසුන් ගැන අදටත් අපට අදහගන්න බැහැ. එහෙත් කෙසේ හෝ ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම මනුෂ්‍ය සංහාරය මෙලෙස සිදුවී තිබුණා.

මාධ්‍යවේදිනිය – අප බොහෝ මාධ්‍ය වාර්තාවලින් අසා තිබෙනවා ඔබ එදා එම කලබල ආරම්භ වන අවස්ථාවේදී රුවන්ඩාවට ගොස් එම කලබල පැවැති මාස 03 පුරාම රුවන්ඩාවේ සිටිමින් බොහෝ දුෂ්කර මාධ්‍ය මෙහෙවරක් ඉටු කළා කියලා?

කැතරීන් බොන්ඩ් – ඔව්. ඒක ඉතා දිගු කතාවක්. මම 1994 අප්‍රේල් 07 වැනිදා සිට 1994 ජූලි 15 වැනිදා දක්වා පැවැති එම බියකරු මිනිස් සංහාරය වාර්තා කිරීමට කටයුතු කළා.

මාධ්‍යවේදිනිය – මෙම මහා ජන සංහාරය වඩාත් පුළුල් ලෙස මෙහෙයවීමට එකල රුවන්ඩාවේ තිබුණු මාධ්‍ය ආයතන දෙකක් සම්බන්ධ වුණා නේද? මේ වටපිටාව කුමන එකක්ද?

කැතරීන් බොන්ඩ් – පැහැදිලිවම එය සත්‍යයක්. එදා තිබුණු ඒ මාධ්‍ය ආයතන දෙකක් මේ මහා විනාශයට වගකියන්න ඕනෑ. මාස 03ක කාලයකදී අහිසංක මිනිසුන් ලක්ෂ 08ක් පමණ ඝාතනය කළා. මේක රුවන්ඩාවේ ගෝත්‍ර දෙකක් අතර ඇතිවූ කලබලයක්. එනම් ‘හුටුවරුන්’ (Hutus) විසින් ‘ටුට්සිවරුන්’ (Tutsis) ලක්ෂ ගණනක් ඝාතනය කළා. හුටුවරුන් අතරෙහි ටුට්සිවරුන් කෙරෙහි ද්වේශය ඇතිකිරීමට ඉහත මාධ්‍ය ආයතන දෙකක් ඉතා ප්‍රබලව කටයුතු කළා. ඔවුන් එසේ නොකළා නම් මේ තරම් මහා විනාශයක් වෙන්නේ නැහැ. මේ විනාශයට මුල් වුණේ ‘බොගංසෝරා’ නමැති හමුදා නායකයායි. එසේම මාධ්‍යයයි.

ලෝක ඉතිහාසයේ කළු අකුරින් මෙන්ම රක්ත වර්ණයෙන්ද ලියැවුණු මෙම මහා මනුෂ්‍ය සංහාරය ගැන ලොව පුරා ලියැවුණු දේ බොහෝය. ඉහත ඔබට ලියා තැබුවේද දිගු ලිපියකින් කුඩා කොටසක් පමණි. මෙම වගතුග ලියන්නට හේතු වූයේ පසුගියදා ශ්‍රී ලංකාව තුළින්ද අසන්නට ලැබුණු එක්තරා අපූරු කතාවකි. මේ කතාව අසන්නට ලැබුණේද හැමදාම ජන ඝෝෂාවන් අසන්නට ලැබෙන සුපුරුදු තැනක් වන අපගේ පාර්ලිමේන්තුවෙනි. සමාජයේ ප්‍රකට එක්තරා මන්ත්‍රීවරයකුගේ හඬින් මෙම වගතුග ඇසෙන්නට විය. ඔහු නම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය. ඔහුගේ වදනින්ම මෙම කතාව අසා සිටිමු.

‘මමත් මාධ්‍යවේදියෙක්. මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් ලෙසටත් මම කටයුතු කළා. මාධ්‍ය ආයතනවලට අයිතිය තියෙන්නේ වාර්තා කරන්න මිසක් තීරණ දෙන්න නෙවෙයි. අපි පසුගිය කාලයේ දැක්කා මේ වගේ ජන මනස අවුල් කරන්න දිගින් දිගටම සමහර ජනමාධ්‍ය ආයතන කටයුතු කරන හැටි. ඔවුන් තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුවයි කටයුතු කළේ. ඔබතුමාත් අපිත් පසුගිය කාලයේ රුවන්ඩාවේ සංචාරයන් සිදුකළා. 1994 වසරේදී මිලියනයක් ජනතාව මරන්න රුවන්ඩාවේ මාධ්‍ය ආයතන සම්බන්ධ වුණේ කොහොමද කියලා අපි දැක්කා. එසේම ඒ අයට මොකක්ද වුණේ කියලා අපි දන්නවා. දවස් 100ක් ඇතුළත දවසකට 10,000 ගානේ මිනිස්සු දස ලක්ෂයක් මරන්න මාධ්‍ය ආයතන දෙකක් තමයි මුල් වුණේ. අද එක්කෙනෙක් මැරිලා, එක්කෙනෙක් හිරේ ඉන්නවා. ඒ නිසා මේ තත්ත්වය කොයි වෙලාවක හරි හැදෙන්න ඕනෙ. ඒ නිසා ගරු කතානායකතුමනි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන හිතනවා නම් දේශපාලකයන් පාලනය කරලා තමන්ගේ අල්ලේ නටවන රූකඩ බවට පත්කරන්න පුළුවන් කියලා, එහෙම වෙන්න දෙන්න බැහැ. මේක නීතිය හදන තැන. රට පාලනය කරන තැන. වැරැදි පෙන්වලා දෙන්න ඒවා වාර්තා කරන්න ඔවුන්ට අයිතිය තියෙනවා. ඒත් මම මෙතැනදී කියන්නේ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ යෝජනාව අරගෙන මේ ගැන මේ තත්ත්වයට ස්ථිර තදබල වැඩසටහනක් හදන්න ඕනෙ කියලා. ඒත් එතකොට හෙට අනිද්දාම ඒකත් හුවාදක්වයි. අන්න මාධ්‍ය පාලනය කරනවා කියලා. ඒත් ඕනෙ කෙනෙක් ඕනෙ දෙයක් කියපුවාවේ. අපි නම් ඕවට බයත් නැහැ. ඒ අය හදන ජාතිවාදයන් නිසා අපි පාර්ලිමේන්තුවට එන එක නවත්වන්නත් බැහැ. ඒක වෙනම කතාවක්. ඒත් මේ තත්ත්වය ගැන ස්ථිර ප්‍රතිපත්තියක් ගන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. රුවන්ඩාව එම ගෝත්‍රික සංහාරයෙන් පස්සේ ස්ථිර තීන්දු අරගෙන එම අපරාධවලට පොළොඹවපු අය හිරගෙවල්වලට යැව්වා. ඒ වගේම එක මාධ්‍ය ආයතනයක අයිතිකරුවකු ජීවිතාන්තය දක්වා හිරේ ගිහින් තියෙනවා. අනෙක් එක්කෙනා මරණයට පත්වුණා. අද නිදහස් රුවන්ඩාවක්, නීතිගරුක සමාජයක් බවට පත්වෙලා තමයි රුවන්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්වෙලා තියෙන්නේ…’

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙවැනි අතිශය උද්වේගකර ප්‍රකාශයක් සිදුකළේ ඇයි? එයට සැබෑ ලෙසම හේතු වූයේ පසුගියදා විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා එක්තරා මාධ්‍ය ආයතනයකට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙනි. මෙම කතාවලින් අර්ථවත් වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළද ඇතැම් මාධ්‍ය ආයතන ජනතාව අතරෙහි යම් ද්වේශසහගත සහ ජාතිවාදී තත්ත්වයන් ප්‍රචාරය කිරීම සඳහා අසාධාරණ ලෙස කටයුතු කරන බවය. ශ්‍රී ලංකාවේ සමහර මාධ්‍ය ආයතනවල එම ක්‍රියාකාරිත්වය හේතුවෙන් යම් පාර්ශ්ව කෙරෙහි පොදු ජනතාවගේ ද්වේශය සහ වෛරය ඇතිවන බව මෙම දේශපාලකයන් පෙන්වාදී තිබිණි. විශේෂයෙන්ම ජාතීන් අතර අසමගිය ඇතිකරවමින්, ජාතීන් අතර වෛරය වපුරමින් ජාතිවාදී ආගම්වාදී අරගල ඉකුත් සමයේ ඇතිකිරීමට මෙරට ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කළ බවටද බොහෝ චෝදනා එල්ලවී තිබේ. දර්ගා නගරයේදී මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය, කුරුණෑගලදී එල්ල වූ ප්‍රහාරය, පාස්කු ප්‍රහාරය, දොස්තර ෂාෆි සහාබ්දීන් සිදුවීම ඊට හොඳම නිදසුන් බව ඔවුන්ගේ මතය වී තිබේ.

මෙම තත්ත්වය එක්තරා අතකින් එදා රුවන්ඩාවේ මාධ්‍ය ආයතන විසින් සිදුකරන ලද ද්වේශසහගත ක්‍රියාවලියට සමාන බවත්, ඔවුන් එම අදහස්වලින් ප්‍රකාශ කර සිටියි. කෙසේ හෝ ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයක් පුරා මේ අයුරින් කටයුතු කරන මාධ්‍ය ආයතන ඇති බවට දැඩි දෝෂාරෝපණයක්ද විවිධ පාර්ශ්ව විසින් ගෙන එන ලදී.

අද ලෝක බැංකුවේ ඉංග්‍රීසි කතුවරියක මෙන්ම උපදේශිකාවක ලෙසද සුවිශේෂ තනතුරක් දරන ඉහත රුවන්ඩා ජන සංහාරය මුල සිට අග තෙක්ම වාර්තා කළ කැතරීන් බොන්ඩ් ප්‍රවීණ මාධ්‍යවේදිනිය අවස්ථා රාශියකදීම ප්‍රකාශ කර තිබුණේ එම ජන සංහාරයට ප්‍රධාන ලෙසම වගකිව යුත්තේ රුවන්ඩාවේ එකල තිබුණු ජනමාධ්‍ය ආයතන දෙකක් බවය. එසේම මෙම මහා ඛේදවාචකය ගැන සුවිශේෂ ග්‍රන්ථයක් සම්පාදනය කරන බි්‍රතාන්‍ය ලේඛක අලන් තොම්ප්සන් මෙම තත්ත්වය ගැන දැඩි විශ්ලේෂණයකද යෙදෙයි. ඉංග්‍රීසි බසින් ලියා ඇති එම ග්‍රන්ථයෙහි නාමය වන්නේ Media and Mass Atrocity – The Rwanda Genocide and Beyond (මාධ්‍ය සහ මහා සාහසිකත්වය – රුවන්ඩා ජන සංහාරය සහ ඉන් ඔබ්බට) යනුවෙනි. එහිදී පැහැදිලිවම පෙන්වාදී ඇත්තේ රුවන්ඩාවේ ‘හුටුවරුන්’ විසින් එරටම වෙසෙන ‘ටුට්සිවරුන්’ ඝාතනය කිරීම සඳහා ද්වේශය පැතිරවීමට ඉහත අන්තවාදී මාධ්‍ය ආයතන කටයුතු කළ බවය. 1994 වසරේ මෙම මහා විනාශය පටන්ගන්නේ එකල රුවන්ඩාවේ ජනාධිපතිව සිටි ජුවෙනාල් හබ්යාරිමානා (Juvenal Habyarimana) ඝාතනය කිරීමත් සමගය. ඔහු හමුදා නායකයකු වූ අතර ඔහුගේ ගුවන් යානයට වෙඩිතබා බිම හෙළීමෙන් පසු ඝාතනය කෙරිණි. එහිදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ එවක රුවන්ඩා යුද හමුදාවේ ප්‍රධානියකු වූ තියෝනෙස්ට් බගොසෝරා (Theoneste Bagosora) වන අතර, ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු ඔහු විශාල කැරැල්ලක් මෙහෙයවනු ලැබුවේය. මෙහිදී මෙම පිරිස් ඉහත ගෝත්‍ර දෙකට අයත් වූ පිරිස් විය. ඒ අනුව බහුතරය වූයේ හුටුවරුන්ය. දෙවැනි ගෝත්‍රික පිරිසවූ ටුට්සිවරුන්ට එරෙහිව සටනක් සිදුවන්නේ එහිදීය. මෙය සැබැවින්ම ඉතා ම්ලේච්ඡ ගණයේ සටනක් විය. එහිදී බගොසෝරා තමන්ගේ යුද හමුදාවට ප්‍රකාශ කර සිටින්නේ ටුට්සිවරුන් සමූල ඝාතනය කළ යුතු බවත්, ඒ සඳහා හමුදාවේ අනුග්‍රහය ඇතිව හුටුවරුන් සන්නද්ධ කර එයට පෙලඹවිය යුතු බවත්ය.

මෙම මහා අමානුෂික ජන සංහාරය ඇරැඹෙන්නේ එවැනි වටපිටාවක් යටතේදීය. මෙහිදී මෙම මහා විනාශය සිදුකිරීමට බගසෝරා නමැති හමුදා නායකයාට රොබඩ් කජූගා (Robert Kajuga) නමැති ටුට්සිවාදී ජතිවාදී නායකයකුද එක්වෙයි. එසේම එම විනාශය සඳහා එක්වන අනෙක් පුද්ගලයා වන්නේ රුවන්ඩා ජාතික කෝටිපතියකු වූ ෆොලීෂියන් කබුගා (Felicien Kabuga)ය. කෙසේ හෝ මෙහිදී හෙළිවන අති සුවිශේෂ කරුණ නම් මෙම ප්‍රකෝටිපතියා සතුව එකල මාධ්‍ය ආයතන දෙකක් තිබීමය. එනම් ඔහු RTLM නමැති රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයේ සහ කන්ගුරු (Kangura) නමැති ප්‍රකට සහරා සහ පුවත්පත් ආයතනයේද තනි අයිතිකරුවා විය. මෙහිදී මොහු තම මාධ්‍ය ආයතනවල කර්තෘවරුන් සහ සේවක මණ්ඩලයද යොදවා ගනිමින් මෙම වෛරසහගත ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරනු ලැබුවේය. කෙසේ හෝ මෙහිදී ඔහු ප්‍රධාන කර්තෘවරුන් දෙදෙනකු වන හසන් එන්ගේස් සහ බටුට්සි බොවොකෝ නමැත්තාද යොදවා ගන්නා ලදී. එහෙත් එහිදී එම ප්‍රධාන භූමිකාව සිදුකරනු ලැබුවේ හසන් එන්ගෝස් නමැති කර්තෘවරයා විසින් වන අතර ඔහු කාලයක් පුරා ත්‍රස්තවාදී නායකයකු ලෙසද හංවඩු ගසනු ලැබූ අයෙකි. මොවුන්ගේ මෙම ද්වේශසහගත ව්‍යාපාර මගින් කියා සිටියේ රුවන්ඩාවෙන් ටුට්සිවරුන් අතුගා දැමිය යුතු බවය. ඒ අනුව කෙසේ හෝ මෙම අපරාධකාරී ව්‍යාපාරය මගින් ටුට්සිවරුන් ලක්ෂ 08ක් පමණ ඝාතනයට ලක්විය. රුවන්ඩාවේ මාධ්‍ය ආයතන දෙකක් අතිශය තිරිසන් ම්ලේච්ඡ ආකාරයෙන් මෙම මහා අපරාධයට දායක වූයේ එසේය.

ලෝක ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ මෙම මහා විනාශයේ අනෙක් සුවිශේෂම කතාන්දරය නම් එම අපරාධකරුවන් සියල්ලම පසුකාලීනව නීතියේ රැහැනට හසුවී දඬුවම් ලැබීමය. තවද මෙම දඬුවම් නියම කරනු ලැබුවේ නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ මහාධිකරණය විසින් වීමද විශේෂත්වයකි. මෙම ප්‍රධානතම අපරාධකරුවන් 04 දෙනකුගෙන් දෙදෙනකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා දඬුවම් විඳියි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

විජයගේ මරණය ගැන හෙළිනොවූ අලුත්ම කතාව…

Next Post

රහත් වුණා කියන හාමුදුරුවන්ගේ මරු කතා උසාවියේදී එළියට එයි! තිලිණි ප්‍රියමාලි එවපු SMS බලලා තිළිණි ළඟ සල්ලි දමන ලෙස ව්‍යාපාරිකයන්ට ආරූඪයෙන් පේන කියලා!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.