• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ කොටින්ට පණදෙන්න හදපු විජයකලාට දකුණේ උසාවියෙන් දීපු තීන්දුව I Sri Lanka Latest News

October 26, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

LTTE සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට 2018 වසරේ ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්, නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 19 වැනිදා නියෝග කළේය.(Sri Lanka Latest News) මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබීය. මීට පෙර පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර විජයකලා මහේෂ්වරන් අධිකරණය හමුවේ පෙනී සිටියාය. මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා තීරණය කර ඇති හෙයින් ඇය නිදහස් කිරීමට නියම කරන බවය.

2018 වසරේ ජූලි මස 02 වැනිදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති රැස්වීමක දී LTTE සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිව කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ ප්‍රසිද්ධ උත්සවයකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් (2018 ඔක්තෝබර් 08 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලද විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පසුව ඇප මත මුදාහැරිණි.

ඇය අත්අඩංගුවට ගනු ලැබුණේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරම්භ කර තිබූ විමර්ශනයක් වෙනුවෙන් ප්‍රකාශයක් ලබාදීම පිණිස පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේය.

කවුද මේ විජයකලා මහේෂ්වරන්?

යාපනයේ ව්‍යාපාරික කාන්තාවක වන විජයකලා මහේෂ්වරන්, ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූයේ සිය සැමියා වූ ටී. මහේෂ්වරන් 2008 ජනවාරි පළමු වැනි දින කොළඹදී වෙඩිතබා ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුවය.

සිවිල් යුද්ධය සමයේ උතුරට භූමිතෙල් ඇතුළු ඉන්ධන සපයන ප්‍රධාන පෙළේ නැව් හිමි ව්‍යාපාරිකයකු වූ ටී. මහේෂ්වරන්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය.

දියණියන් දෙදෙනකුගේ මවක වන විජයකලා මහේෂ්වරන් ඉන් අනතුරුව දේශපාලනයට පිවිසියේ සිය සැමියාගේ ව්‍යාපාරික කටයුතු ද මෙහෙයවමිනි. ඇය 2010 පැවැති මහ මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

ඇය 1999 සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වේ. ඉන් අනතුරුව 2015 අගෝස්තු මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඇය, අගමැති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය මත කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබීය.

දේශපාලනයට අවතීර්ණ වූ අවධියේ සිටම ආවේගශීලීව අදහස් පළකිරීම ගැන මෙන්ම ජනප්‍රිය අදහස් පළකිරීම සම්බන්ධයෙන්ද ඇය ප්‍රසිද්ධියක් ඉසිලූ බව යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පැවැසීය.

එල්.ටී.ටී.ඊ.ය ගැන ඇය කීවේ කුමක්ද?

මේ අතර උතුරේ පවතින ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැල්ල සහ මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගිය ජුලි මාසයේ යාපනයේ වීරසිංහම් ශාලාවේ දී ඇය කළ ප්‍රකාශයක් රට පුරා මහත් ආන්දෝලනයකට ලක්විය.

‘ඇත්තටම ගෑනු කෙ‍නකුගේ අමාරුව තවත් ගැහැනියකටම පමණයි තේරුම් ගැනීමට හැකියාව තිබෙන්නේ. වයස අවුරුදු හයක දැරියක් දූෂණය කොට මරාදමලා තිබෙනවා. අපේ දැරියන් අද කිසිදු සරණක් නොමැතිව දිවි නසාගැනීමේ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. අපි උරදීලා තමයි අපේ ජනාධිපති පත්කරගත්තේ. ජනාධිපතිතුමා අද මොකක්ද කරන්නේ. එයාගේ පක්ෂය විතරක් දියුණු කරනවා. අපේ මිනිස්සු ආරක්ෂා කරලා නැහැ’ ඇය සඳහන් කළාය.

‘2009 මැයි 18 දිනට කලින් අපේ ජනතාව ජීවත් වුණේ කොහොමද කියලා ඔබලා දන්නවා. මේ අවස්ථාවේ තත්ත්වය බලන විට නැවත එල්.ටී.ටී.ඊ.ය ගෙන ආ යුතු තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපේ ළමයි, අපේ ගැහැනු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කිරීමට නම් නැවත එල්.ටී.ටී.ඊ. පාලනයක් පැමිණිය යුතුයි.’

එම ප්‍රකාශය සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනයත් සමගම රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ඇය ඉල්ලා අස්වූ අතර, සිහළ රාවය සංවිධානයේ සංවිධායක මාගල්කන්දේ සුදන්ත හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ද ආරම්භ කෙරිණි.

එහෙත් කථිකාචාර්ය සාමිනාදන් විමල් සඳහන් කරන ආකාරයට ඇය එදින පළකළේ උතුරේ සාමාන්‍ය වැසියන් නිරන්තරයෙන් පළකරන සාමාන්‍ය අදහසකි.

‘එයා කීව දේ සහ උතුරේ සාමාන්‍ය වැසියන්ගේ අදහස අතරේ කිසිම වෙනසක් නැහැ. එකම වෙනස අනිත් අයට මයික්‍රෆෝනයක් නෑ. යාපනේ දුප්පත් මනුස්සයත්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයත් පළකරන්නේ ඔය වගේම අදහසක්..’ ඔහු පැවැසීය.

‘දේශපාලනිකව ගත්තහම ඒ අදහස වැරැදියි. ඒත් විජයකලා දේශපාලනඥයෙක් නොවෙයි….’

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඒ හා සමාන අදහසක් පළකළ ප්‍රථම වතාව එය නොවේ. එමෙන්ම ඇය දේශපාලන ආන්දෝලනවලට මුහුණ දුන් පළමු වතාවද එය නොවේ.

ශිවලෝගනාදන් විද්‍යා දැරිය යාපනයේදී සමූහ දූෂණයට ලක්කර මරාදැමූ ස්විස් කුමාර් නිදහස් කරන මෙන් යාපනයේ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට නියෝග කළ බවට එවක ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැති පදවිය දැරූ විජයකලා මහේෂ්වරන්ට චෝදනා එල්ලවිය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

පොහොට්ටුව ඇතුළේ එක එක වෙලාවට එක එක ඒවා! කට්ටියක් හොඳයිලු! කට්ටියක් නරකයිලු! කට්ටියක් වට්ටන්නේ නැතිලු! කට්ටියක් අයවැයෙන් පස්සේ බලමුලු! ඔන්න ඒ පාර SM තව එකක් කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

රටේ අධ්‍යාපනය නගා සිටුවන වැදගත්ම කොටස් 7ට අන්තිමට ආණ්ඩුවෙන් හිමිවන්නේ කඳුලු ගෑස්-ගුටි බැට-ප්‍රහාර-ප්‍රචණ්ඩත්වය හා රාජ්‍ය ත්‍රස්තවාදය! මේක සාධාරණද? විපක්ෂනායකවරයාගේ විසඳුම් මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.