තේ, රබර් සහ පොල් නිෂ්පාදන පිරිවැය පසුගිය වසර පහ තුළ විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මෙහිදී තේ කිලෝ එකක් නිපදවීම සඳහා 2019දී වැයවූ සාමාන්‍ය පිරිවැය රුපියල් 484ක් පමණ වූ අතර, 2023 අවසන් වනවිට තේ කිලෝ එකක නිෂ්පාදන පිරිවැය රුපියල් 885 දක්වා 83%කින් ඉහළ ගොස් ඇත.
රබර් කිලෝ එකක් නිපදවීමේ සාමාන්‍ය පිරිවැය 2019දී රුපියල් 297ක් වූ අතර, 2023 වනවිට එය රුපියල් 440ක් දක්වා 48%කින් ඉහළ ගොස් ඇත.
තවද, පොල් ගෙඩියක් නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය පිරිවැය 2019දී රුපියල් 18ක් පමණ වූ අතර, 2023 වනවිට පොල් නිෂ්පාදන පිරිවැය රුපියල් 27ක් වන බවත්, එය අදාළ කාලය තුළ නිෂ්පාදන පිරිවැය 53%කින් පමණ ඉහළ යෑමක් බවත් හෙළිවේ.
රටෙහි තේ, පොල්, රබර් නිෂ්පාදන ආශ්‍රිතව නිෂ්පාදන කාර්යයෙහි නිරත වන ගොවි පවුල් විශාල ප්‍රමාණයක් සිටින අතර, නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම මත ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.
මේ නිසා මෙම කර්මාන්තයන් කඩා නොවැටී ඉදිරියට පත්වාගෙන යෑමට නම් ඵලදායී වර්ධන වැඩසටහන් මෙන්ම පිරිවැය අඩුකර ගැනීමේ තාක්ෂණික ක්‍රමවේදයන් රටට හඳුන්වා දිය යුතු බවයි මහාචාර්යවරයා පවසන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










