• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රුසියා-යුක්රේන යුද්ධයෙන් එළියට ආ බොත්තමක් තද කරපු ගමන් ලොවක් විනාශ වන අතිභයානක ආයුධය SWIFT

March 16, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
රුසියා-යුක්රේන යුද්ධයෙන් එළියට ආ බොත්තමක් තද කරපු ගමන් ලොවක් විනාශ වන අතිභයානක ආයුධය SWIFT
Share on WhatsAppShare on Facebook

පළමුවැනි ලෝක මහා යුද්ධය අවසන් වී දැනට වසර 100ක් ඉක්මවා ඇත. එසේම දෙවැනි ලෝක මහා යුද්ධයද නිමවී වසර 75ක්ද ගතවී ඇත. මෙම යුද්ධයන් නිසා මුළු මහත් ලොවටම සිදුවූයේ අතිශය මහත් විනාශයකි. පසුගිය කාලයේ වතිකානයේ අති පූජනීය ෆ්‍රැන්සිස් පාප් වහන්සේද මළවුන්ගේ මංගල්‍යය දිනයේ පැවැති විශේෂ දේව මෙහෙයේදී ප්‍රකාශ කර සිටියේ, ඉදිරියේදී ලෝකය තවත් යුද ගැටුමකට සූදානම් වෙමින් තිබෙන බැව් පෙනෙන්නට තිබෙන බැව්ය. එවැනි යුද ගැටුමකින් ලොව ගලවන්න යැයි, දෙවියන් වහන්සේට යාච්ඥා කරමු යැයිද, උන්වහ්නසේ ප්‍රකාශ කර සිටියෝය. එම මළවුන්ගේ දින දිව්‍ය පූජාව පැවැත්වූයේද යුද සුසාන භූමියක් තුළදීය. මේ අතර පූජනීය ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දැනට ලොව උද්ගතවී ඇති නවතම යුද ගැටුම වන රුසියානු – යුක්රේන යුද්ධය ගැනද පසුගියදා තම දැඩි අවධානය පළ කර සිටියේය. උන්වහන්සේ මේ පිළිබඳව තම දැඩි කනස්සල්ල සහ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ඉතාලියේ පිහිටා ඇති රුසියානු තානාපති කාර්යාලය වෙතද ගියේය.

‘යුද්ධය යනු දේශපාලනයේ සහ මනුෂ්‍යත්වයේ අසාර්ථක වීමක් සහ ලැජ්ජාසහගත යටත්වීමක්’ යැයි උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර ඇත. සාමය සඳහා අත දිගු කරන්නට තවත් කාලය ඇතැයිද උන්වහන්සේ අවධාරණය කර ඇත. මෙලෙස අද ලොවම කතා කරන මෙම නවතම යුද්ධය යනු තුන්වැනි ලෝක මහා යුද්ධයකට දොරටු විවෘත කිරීමක්ද? අද මේ කුරිරු යුද්ධය තිබෙන්නේ කිනම් සංධිස්ථානයකද? මේ වත්මන් තත්ත්වය කුමක් දැයි සොයා බලමු. රුසියාව වැනි මහා බලවත් රාජ්‍යයක් මගින් යුක්රේනය වැනි කුඩා රාජ්‍යයක් ආක්‍රමණය කිරීම හේතුවෙන් අද රුසියාවට ලොව බොහෝ රටවල් මගින් දැඩි දේෂාරෝපණයන් එල්ලවී ඇත. එම රටවල් අතරට ලොව බලවත් රටවල් රැසක් අයිති වන අතර, එහි ප්‍රමුඛස්ථානයේ සිටින්නේ ලොව මහා බලවතා වන ඇමෙරිකාවය. මේ අනුව මෙම රටවල් රැසක්ම දැනට රුසියාවට එරෙහිව විවිධ තහංචි සහ සම්බාධක රැසක්ම පනවා ඇත. මෙසේ සිදුකෙරුණු ජාත්‍යන්තර ක්‍රියාවලිය ගැන කරුණු සොයා බලමු. මෙම සම්බාධකයන් මූල්‍ය, ආර්ථිකමය, පුද්ගල සහ වෙනත් විවිධ විෂයන් ආශ්‍රිත කරගෙන මේ වන විට රුසියාවට එරෙහිව පනවා ඇත. මෙහිදී මූල්‍යමය වශයෙන් යොදනු ලබන සම්බාධකයන් ඉතාමත්ම ප්‍රධාන තැනක් ගන්නා අතර, මෙහිදී රුසියාවේ මූල්‍යමය කටයුතු ලෝකයේ අනෙක් රටවල් අතරින් හුදෙකලා කිරීම මෙහි පරමාර්ථය වෙයි. මෙහිදී මෙම අතිශය ප්‍රබල සම්බාධකය ක්‍රියාත්මක කිරීම මේ වන විට ඉතා සාර්ථකව ආරම්භ කර ඇත.

මෙය සිදුකෙරෙන්නේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය කටයුතු සංවිධානයක් වන’ ‘ස්විෆ්ට්’ නැමැති SWIFT සංවිධානය පෙරට එන්නේ මෙතැනදීය. SWIT යන්නෙහි ඉංග්‍රීසි අරුත වන්නේ, (The Society for worldwide InterBank Financial Telecommunications) යන්නය. මෙය සිංහල බසින් අර්ථ ගැන්විය හැක්කේ, ‘ගෝලීය මූල්‍ය අන්තර් බැංකු විදුලි සංදේශ සන්නිවේදන සංගමය’ ලෙසිනි. මෙය ලොව තිබෙන ප්‍රබලතම මෙන්ම, අංක එකට තිබෙන අන්තර්බැංකු මූල්‍ය හුවමාරු සංවිධානය වෙයි. මෙම සංවිධානය හරහා ලෝකයේ රටවල් 200ක තිබෙන ප්‍රධානතම රාජ්‍ය සහ පුද්ගලික මූල්‍යමය ආයතන 20,000කට අධික ප්‍රමාණයක් මූල්‍යමය විදුලි සංදේශ සන්නිවේදනය සිදුකරයි. රුසියාවද මෙයින් එක් ප්‍රධාන රටක් වන අතර, දැනට වසර ගණනාවක සිට එම සංවිධානයේ සාමාජිකත්වය දරයි. පසුගියදා රුසියාව විසින් යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සහ යුද්ධය ඇරැඹීම හේතුවෙන් එම සාමාජිකත්වයෙන් රුසියාව ඉවත් කරන ලදී.

රුසියාවට එරෙහිව ‘ස්විෆ්ට්’ SWIFT ගෝලීය සංවිධානය, දියත් කළ ප්‍රබල සම්බාධකය ගැන සොයා බැලීමට ප්‍රථම මෙම ආයතනයේ සැබෑ ව්‍යුහය ගැන සොයා බලමු. දැනට වසර 48ක් පැරැණි මෙම ජාත්‍යන්තර සංවිධානය මුලින්ම ආරම්භ කර ඇත්තේ 1973 මැයි 03 වැනිදාය. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ, බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරින් කිලෝමීටර් 20ක පමණ දුරින් පිහිටා තිබෙන ‘ලා හල්ප්’ (La Hulp, Belgium) නමැති නගරයේය. මෙම ප්‍රධාන මූලස්ථානයට අමතරව තවත් මෙහෙයුම් සහ අණදෙන මධ්‍යස්ථාන 04ක්, ඇමෙරිකාව, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය සහ හොංකොං රාජ්‍යයේද පිහිටා තිබෙයි. එම ප්‍රධානතම මධ්‍යස්ථානවලටද අමතරව තවත් උප මෙහෙයුම් මධ්‍යස්ථාන රැසක්ද ලෝකයේ තවත් රටවල් ගණනාවක් තුළ පිහිටුවා තිබෙයි. මේ ආකාරය මෙය සුවිශාල ජාලයකින් යුක්ත ඉතා ප්‍රබල, සංකීර්ණ වූ සංවිධානයක් වෙයි. තවද මෙම සංවිධානයේ දැනට සේවය කරන සේවක සංඛ්‍යාවද 3,000 ඉක්මවයි. මෙහි වත්මන් සභාපතිවරයා ලෙස යවාර් ශා (Yawar Shah) කටයුතු කරන අතර, ඔහු ඇමෙරිකානු ජාතිකයෙකි. දැනට වසර 15ක් නොකඩවා (2006 වසර සිට) සභාපති ධුරය උසුලන ඔහු ඇමෙරිකාවේ කීර්තිමත් විශ්වවිiාලයක් වන හාවර්ඩ් විශ්වවිiාලයේ (Harvard University) උපාධිධාරියෙකි. ‘ස්විෆ්ට්’ සංවිධානයේ උන්නතිය සඳහා ඔහු බොහෝ දක්‍ෂව තම ශ්‍රමය කැප කරන හෙයින් මෙතෙක් දිගුකාලයක් සභාපතිත්වය උසුලයි.

මෙම ‘ස්විෆ්ට්’ සංවිධානයේ මෙහෙයුම් කටයුතු ප්‍රධාන වශයෙන් පරිපාලනය වන්නේ ඇමෙරිකාව, මහ බි්‍රතාන්‍ය (එංගලන්තය) සහ යුරෝපීය සංගමයේ සාමාජික රටවල් හරහාය. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට දඬුවමක් වශයෙන්, රුසියාව මෙම සංවිධානයෙන් ඉවත් කර ඇත්තේද ඇමෙරිකාවේ එංගලන්තයේ සහ යුරෝපීය සංගමයේ ප්‍රධානතම ඉල්ලීම මතය. ‘ස්විෆ්ට්’ සංවිධානයේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ ‘මූල්‍යමය විදුලිසංදේශ නියාමනය’ (Financial Telecommunications Regulatory) වෙයි. තවත් ආකාරයකින් පැහැදිලි කළහොත් එය මගින් සිදුවන්නේ, ගෝලීය මූල්‍යමය ගෙවීම් පද්ධතියට අදාළව ක්‍රියාත්මක වන පණිවුඩකරණ ජාලයකි. මෙය රටවල් 200ක පමණ ප්‍රමාණයක් තුළ ක්‍රියාත්මක වන අතිශය සංකීර්ණ ක්‍රමවේදයකි.
නූතන පරිගණක සහ ඩිජිටල් තාක්‍ෂණය හරහා ‘ස්විෆ්ට්’ සංවිධානය මෙම මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. ඒ සඳහා ඔවුන්ගේ නවීන මෘදුකාංග ලෝකයේ විවිධ රටවල් සඳහා අලෙවි කරනු ලබන අතර, ඒවා භාවිතයෙන් කටයුතු මෙහෙයවයි. මෙම සංවිධානයට සම්බන්ධ වීමට කැමැති රටවල් එහි සාමාජිකත්වය මුලින් ලබාගත යුතුය. ඒ අනුව මේ වන විට ලෝකයේ විවිධ රටවල් 200ක් පමණ එහි සාමාජිකත්වය ලබාගෙන ඇත. මෙම සංවිධානය මගින් එම රටවල් තුළ ඇති විවිධ මූල්‍යමය ආයතන හෝ පුද්ගලයන්ගේ මූල්‍යමය ගිණුම් සමග ගනුදෙනු කිරීමක් සිදුවන්නේ නැත. එහෙත් එවැනි ගිණුම් පරිහරණය ජාත්‍යන්තර ක්‍රමවේදයක් හරහා සිදුකිරීමට අවශ්‍ය වන ගෝලීය සන්නිවේදනය සිදුකරන්නේ මෙම සංවිධානය හරහාය. යම් හෙයකින් එම සංවිධානය යම් රටකට එරෙහිව සම්බාධකයක් පැනවුවහොත්, එම රට එම කටයුතුවලින් අක්‍රිය වීම සිදුවෙයි. මෙම සංවිධානය කෙතරම් ප්‍රබල ක්‍රියාකාරී සංවිධානයක්ද යත්, එක් දිනකට පමණක් ලෝකය පුරා මූල්‍ය කටයුතු වෙනුවෙන් වූ රහස්‍ය පණිවුඩ මිලියන 32ක් (ලක්‍ෂ 320ක්) හුවමාරු කිරීම සිදුකරයි. මෙම ගණන් හිලව් දිනෙන් දින ඉහළ යෑමද සිදුවෙයි.

‘ස්විෆ්ට් ජාත්‍යන්තර සංවිධානය පසුගියදා රුසියාවට එරෙහිව පනවනු ලැබූ ප්‍රබල සම්බාධකය ගැන සොයා බලමු. මෙලෙස පනවා ඇති ජගත් සම්බාධකය කෙතරම් බලගතුද යත් ඉදිරියේදී සහ දැනටමත් රුසියාවට කිසිදු ජාත්‍යන්තර බැංකුවක් හෝ සමග මූල්‍ය ගනුදෙනු සිදුකළ නොහැක. එසේම වෙනත් මූල්‍ය ආයතන සමගද එවැනි ගනුදෙනු සිදුකළ නොහැක. තවද මෙම සම්බාධකයට අනුව රුසියානු මහ බැංකුව සහ අනෙකුත් ප්‍රධානතම රුසියානු බැංකු සියල්ලම ජාත්‍යන්තර ඉලෙක්ට්‍රෝනික මූල්‍ය සන්නිවේදන ජාලයෙන් ඉවත්වීම සිදුකෙරෙයි. දේශසීමා ගනුදෙනු සන්දර්භය තුළ මෙම පියවර බොහෝ විට සිදුවන්නේ, විවිධ රටවල බැංකු සහ මූල්‍ය ආයතන එකිනෙකා සමග ඇතිකර ගන්නා මූල්‍යමය ගනුදෙනු හරහාය. මෙසේ මේ වන විට රුසියාවේ මහ බැංකුව සහ අනෙකුත් රුසියානු මූල්‍ය ආයතන සියල්ලම මෙම ජාත්‍යන්තර ජාලයෙන් විසන්ධි කිරීම සිදුකර ඇත. මෙයට පෙරද වතාවන් දෙකකදී මේ දේශපාලනික අර්බුද මත යුරෝපීය රටවල් විසින් රුසියාව මෙම ජාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියද එය ප්‍රතික්‍ෂේප විය. එහෙත් මෙවර ඉල්ලීම ප්‍රබලව, සාර්ථකව ඉටුකෙරී ඇත.

මේ අනුව මෙම ප්‍රබල සම්බාධකය යටතේ රුසියාවට කිසිදු ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනුවක් සිදුකර ගැනීමට නොහැකිව, මේ වන විට අසරණ තත්ත්වයට පත්වී ඇත. ‘ස්විෆ්ට්’ ප්‍රධාන ජාලයට අමතරව තවත් එතරම් ප්‍රකටත්වයක් නැති මූල්‍ය සන්නිවේදන ජාල කිහිපයක් හරහා යම් පමණක මූල්‍ය ගනුදෙනු සිදුකෙරෙන බැව් රුසියාව ප්‍රකාශ කර සිටියද, එහි කිසිදු ස්ථාවරත්වයක් නැති බැව් පැවසෙයි. මෙම ප්‍රභල මූල්‍ය සම්බාධකය යටතේ දැනට රුසියාවේ ආර්ථිකය කඩාවැටෙන තත්ත්වයකටද පත්ව ඇත. මේ අනුව රුසියාවේ ආනයන සහ අපනයන ක්‍ෂේත්‍රයේ කටයුතු සඳහා ඉතා ප්‍රබල ලෙස බලපෑම් එල්ලවී ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. මෙහිදී ආහාර සහ භාණ්ඩ වර්ග මෙන්ම ඉන්ධන සහ බලශක්ති ගනුදෙනු සඳහාද ප්‍රබල බලපෑම් මේ වන විට එල්ලවී ඇත. එසේ වන්නේ එම කටයුතු සඳහා වන මූල්‍ය ගනුදෙනු ජාත්‍යන්තර වශයෙන් විසන්ධි වී ඇති හෙයිනි. තවද ආරක්‍ෂක සහ යුද අවි ගනුදෙනු කටයුතු, රූපවාහිනී සේවා කටයුතු, අන්තර්ජාල සබඳකම් කටයුතු ආදියද මේ වන විට අඩපණ කර දමා හෝ සම්පූර්ණයෙන්ම නවතා දැමීමද සිදුවී ඇතැයි වාර්තා වෙයි.

යුරෝපීය සංගමයේ සභාපතිනිය වන උර්සුලා වොන් ලෝයන් පසුගියදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙම ‘ස්විෆ්ට්’ ගෝලීය මූල්‍ය සම්බාධකය මගින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ ‘යුද හදවත’ භාවිත කිරීම වහාම නවතා දැමිය හැකි බැව්ය. එසේම ඇය ප්‍රකාශ කර ඇත්තේ, රුසියාවේ සිටින ධනකුවේරයන්ට මෙතෙක් යුරෝපීය රටවලදී ලබාදුන් මූල්‍යමය පහසුකම් සියල්ලම නවතා දැමිය යුතු බවත්ය. මෙලෙස ජනාධිපති පුටින් සහ රුසියානු රජය සමග ප්‍රබල ලෙස සම්බන්ධකම් පවත්වන ප්‍රධාන ධනකුවේරයන් 12 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, එම ප්‍රකෝටිපතියන්ගේ යුරෝපීය ධන වත්කම් තහනමට ලක්කිරීමටද කටයුතු යොදා ඇත. රුසියානු ජනාධිපතිවරයාට අයත් විශාල ධන වත්කම් ප්‍රමාණයක්ද වෙනත් අන්වර්ථ නාමයන්ගෙන් බටහිර රටවල තැන්පත් කර ඇති බැව්ද පැවසෙයි. එහෙත් ජනාධිපති පුටින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට අයිති කිසිම ධනයක් බටහිර රටවල තැන්පත් කර නැති බැව්ය. ඒ වුවත් බටහිර රටවල් එම ප්‍රකාශ බැහැර කරයි.

මෙම ‘ස්විෆ්ට්’ මූල්‍ය සම්බාධකය හේතුවෙන් මේ වන විට රුසියානු කොටස් වෙළෙඳපොළද ඉතා දැඩි කඩාවැටීමකට පත්වී ඇත. එයට හේතු වී ඇත්තේ රුසියානු ආනයන සහ අපනයන ක්‍ෂේත්‍රය ප්‍රබල බලපෑමකට පත්ව ඇති හෙයිනි. ‘ස්විෆ්ට්’ සම්බාධකය හේතුවෙන් කිසිදු ආනයන සහ අපනයන කටයුත්තකටම අදාළ මූල්‍ය ගනුදෙනු අවහිර කිරීම සිදුවී ඇත. එසේම මේ වන විට යුරෝපීය සංගමයේ කොටස් වෙළෙඳපොළට රුසියාව පිවිසීම සම්පූර්ණයෙන්ම තහනමටද ලක්කර ඇත. පසුගිය දින ගණනාවක්ම රුසියානු කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම වසාදමා තිබිණි. තවද මේ තත්ත්වය යටතේ රුසියානු මුදල් ඒකකය වන ‘රූබල්,’ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව 30%ක ප්‍රමාණයෙන් අවපාතයට (අව ප්‍රමාණ) ලක්වීමක් සිදුවිය. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා රුසියානු මහ බැංකුව තමන්ගේ පොලී අනුපාතයන්ද 20%ක දෙගුණයකින්ද ඉහළ දැමුවේය. කෙසේ හෝ මෙම ‘ස්විෆ්ට්’ සම්බාධකය කෙතරම් ප්‍රබලද යත්, රුසියානු මහ බැංකුවට අයත් යුරෝ බිලියන 640ක සුවිශාල මුදලක් බටහිර විදේශ සංචිතවල තැන්පත් කිරීම තහනම් වී තිබෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මහ යුද්ධය මැද්දේ අගමැතිවරු තුන්දෙනෙක් යුක්රේන ජනපති හමුවෙන්න කෝච්චියෙන් එයි!

Next Post

සජිත් නිසා කැන්සල් වුණු දෙමළ සන්ධාන මීටිමට ජනපති අලුත් දවසක් දෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.