• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇරිය තමයි ගියේ කොහෙද දන්නේ නෑ…! ලෝකෙටම එකයි! අදට අවුරුදු 10යි! සමරමු අපි ‘චී.. චී…’ රොකට්…!

December 7, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
ඇරිය තමයි ගියේ කොහෙද දන්නේ නෑ…! ලෝකෙටම එකයි! අදට අවුරුදු 10යි! සමරමු අපි ‘චී.. චී…’ රොකට්…!
Share on WhatsAppShare on Facebook

බිම යන වාහනවලට වඩා ගුවන විනිවිද අභ්‍යවකාශයට යන රොකට්ටුව ආකර්ෂණය නිසාදෝ කොලු කුරුට්ටන් අතර කොපි පොතක කොළයක් නවා සාදාගන්නා රොකට්ටුව රබර් පටියකින් උඩ යැවීම ජනප්‍රිය විනෝදාංශයකි. ඉන් මඳක් ඔබ්බට ගොස් ප්ලාස්ටික් බෝතල් යොදා සාදාගන්නා වෝටර් රොකට් වූ කලී රොකට් විනෝදය වඩාත් වැඩියෙන් ලබන්නට හැකි ක්‍රමයකි. අනාදිමත් කාලයක සිට ලංකවේ කොල්ලන් මේ වාගේ රොකට් යැව්වත් ලංකාවේ හොඳම රොකට් එක යැව්වේ රාජපක්ෂ පවුලේ බඩපිස්සා වූ ‘චිචී’ නොහොත් රෝහිත රාජපක්ෂය. ටක්කෙටම කියනවා නම් චිචී යැවූ බව කියැවුණේ සැටලයිට් එකක් නොහොත් චන්ද්‍රිකාවකි. (ලංකාවේ බහුතරයක් චන්ද්‍රිකාවටත්, රොකට් එකටත් දෙකටම කියන්නේ රොකට් එක කියාය.) හරියටම අදින් දස වසරකට පෙර චිචීගේ ප්‍රධානත්වයෙන් යැවූ රොකට් එක නම් අමුතුම අමුතු එකකි. යැවූ බව කීවාට ගිය තැනක් සොයාගත නොහැකි චිචීගේ රොකට් එක මේ සක්වළ තලයේ කුමන කක්ෂයක තිබේදැයි දන්නා කෙනෙක් අදටත් නැත.

ලෝකයේ අතුරුදන් වූ ප්‍රථම චන්ද්‍රිකාව ලෙස සලකනු ලබනුයේ Vanguard 1 චන්ද්‍රිකාවය. සූර්ය ශක්තියෙන් විදුලි බලය ජනනය කිරීමේ හැකියාවෙන් යුතු Vanguard 1, 1964 දී පෘථිවිය සමග පැවැත්වූ සියලු සබඳතා අත්හිටුවමින් අභ්‍යවකාශයේ අතුරුදන්ව ගියේය. එහෙත් අදටත් එම චන්ද්‍රිකාව කක්ෂයේ සරන බවත්, අභ්‍යවකාශයේ ඇති පැරැණිම මිනිස් නිර්මාණය එය බවත් ලෝකයට රහසක් නොවේ. එවන් පසුබිමකදී රෝහිත රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අභ්‍යවකාශගත කළා යැයි කියන ‘සුප්‍රිම් සැට් 1’ නම් චන්ද්‍රිකාව ආගිය අතක් නැති එකක් බවට පත්වුණේ අහවල් කරුමයටදැයි සිතා බැලිය යුත්තේ කවාකාර කක්ෂයක ගමන් ගන්නා ලාංකේය දේශපාලනයේදී තවත් වරෙක මේ වාගේ අරුම පුදුම චන්ද්‍රිකා මතුවීමට ඉඩ ඇති බැවිනි.

කළු කුහරයක ගිලී සැඟව ගිය ලෙසින් අතුරුදන්ව ඇති චිචීගේ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කළ බව පැවසෙන්නේ 2012.11.27 වැනි දිනය. එදින පස්වරු 5.29ට පස්වනක් ප්‍රීතියට පත්ව ට්විටර් පණිවුඩයක් නිකුත් කරන චිචීගේ ලොකු අයියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනුයේ එදින ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන සුප්‍රීම් සැට් 1 චීනයේ ක්ෂී චෑන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථනයෙන් ගුවන්ගත කළ බවයි. නාමල්ගේ ට්විටර් පණිවුඩයට සමගාමීව ලංකාවේ මාධ්‍ය විසින් ලබාදෙන ලද ප්‍රචාරයට අමතරව ලෝකයේ වෙනත් රටවලත් ශ්‍රී ලංකාවේ සුප්‍රීම් සැට් ගැන ලියැවී ඇද්දැයි අපි සොයා බැලුවෙමු. එහිදී චීන මාධ්‍ය සහ මෙම ව්‍යාපෘතියට අදාළව යාවත්කාලීන වන විකිපීඩියා වෙබ් අඩවිය ඒ පිළිබඳ තබා ඇත්තේ මේ ආකාරයේ සටහනක්ය.

‘ඊයේ (27.11.2012) සවස චීන වේලාවෙන් 6.13ට චීනයේ සීචුඇන් ප්‍රදේශයේ ඇති සිචැන්ග් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට ChinaSat 12 (චයිනාසැට් 12) නම් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කළේය. ChinaSat 12 සන්නිවේදන චන්ද්‍රිකාව සම්පූර්ණයෙන්ම චයිනා සැටලයිට් කොමියුනිකේෂන්ස් සතු වන අතර, එහි සන්නිවේදන පහසුකමින් කොටසක් SuperSAT නම් ශ්‍රී ලාංකේය සමාගම විසින් කුලියට ගෙන ඇත. මෙම සමාගම ශ්‍රී ලංකාවේ අනාගත පරිශීලකයන් සඳහා SuperSAT)I ලෙස එම පහසුකම අලෙවි කිරීමට නියමිතය. එම චන්ද්‍රිකාව නිසි පරිදි සක්‍රීය වූ පසු එය චීනය, ශ්‍රී ලංකාව, නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව, ඔස්ටේ්‍රලියාව සහ චීන මුහුදු ප්‍රදේශය, ඉන්දියානු සාගර කලාපය සඳහා සන්නිවේදන සේවා සැපයීමට සමත්වනු ඇත…’

මේ ප්‍රකාශයෙන් පැහැදිලි වනුයේ චයිනාසැට් 12 නමින් මිස නාමල් රාජපක්ෂ පවසන පරිදි සුප්‍රීම් සැට් 1 නමින් චන්ද්‍රිකාවක් ගුවන්ගතව නැති බවය. එමෙන්ම එම චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය චයිනා සැටලයිට් කොමියුනිකේෂන්ස් සතු බවත් ඉන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් ගණනාවකට සේවය සැපයීමට හැකි බවත්ය. ශ්‍රී ලංකාව සම්බන්ධව එහි එන එකම සටහන ශ්‍රී ලංකාවේ ‘සුපර් සැට්’ නම් සමාගමක් එහි කොටසක් කුලියට ගත් බව පමණි. මේ තත්ත්වය කිසිසේත් අලුත් දෙයක් නොවේ. මීට පෙරද ශ්‍රී ලංකාවේ දුරකතන සහ රූපවාහිනී සමාගම් මෙවැනි අයිතීන් ලබාගෙන ඇත. මෙය චයිනා සැටලයිට් කොමියුනිකේෂන් සමාගමේ 13 වැනි වාණිජ චන්ද්‍රිකාව බවත්, ප්‍රංශයේ තේල්ස් ඇලීනියා ස්පේස් ආයතනය නිෂ්පාදනය කළ චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච් – 3 ඊ නම් ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් අභ්‍යවකාශ ගත කළ බවත්, ලෝන්ග් මාර්ච් ප්‍රවාහන රොකට් මාලාවේ 173 වැනි ගුවන්ගත කිරීම මෙය බවත් එම චීන මාධ්‍ය සඳහන් කර ඇත. එසේ තිබියදී ශ්‍රී ලංකාවේ පළමුවැනි චන්ද්‍රිකාව අභ්‍යවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන් ගුවන් ගත කළ බවට මෙරට ගෙන ගිය ප්‍රචාරය මුළුමනින්ම මෙරට ජනයා මුළාකරවනසුළු එකන් බව දැන් තහවුරු වී අවසානය. ලංකාවේ පෞද්ගලික සමාගමක් චන්ද්‍රිකාවක සේවය ලාබගත් පමණින් එම චන්ද්‍රිකාව අපේ රටේ එකක් යැයි කීම හරියට නිවෙසක කාමරයක් කුළියට ගත් තැනැත්තා නිවෙසම තමාගේ යැයි පවසනවා වැනි වංචනික ක්‍රියාවකි. අනෙක් වැදගත් කරුණ නරඹන්නෙක් ලෙස තම බාල සොහොයුරා සහභාගි වූ පමණින් පුද්ගලික සමාගමක් චන්ද්‍රිකාවක කොටස් අයිතියක් කුලියට ගැනීම ශ්‍රී ලංකිකයන් ජාතියක් ලෙස සැමරිය යුතු දෙයක් නොවනා බව නාමල් රාජපක්ෂ වැන්නකුට නොවැටහීමය.

රෝහිත රාජපක්ෂගේ රොකට් යැවීම හුදු ජොලියට කියූ බොරුවක් යැයි අප නොසිතන්නෙමු. මේ පිළිබඳ පසු විපරමක යෙදෙද්දී පෙනෙන වැදගත්ම කරුණ නම් අභ්‍යවකාශයට යැවූ බව කියූ මෙම SUPREMESAT-1 වෙනුවෙන්ම 2011 ඔක්තෝබර් 25 දින SuperSAT (Pvt) Ltd යනුවෙන් ආයතනයක් මෙරට පවා පිහිටුවා තිබූ බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම චන්ද්‍රිකා ක්‍රියාකරු ලෙස හැඳින්වූ එම ආයතනය චන්ද්‍රිකා නිෂ්පාදනය කරන ආයතනයක් වන China Great Wall Industry Corporation (CGWIC) සමග හවුල්කාරිත්වයක් ඇති බව එකල වාර්තා විය.

SuperSAT (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව SUPREMESAT-1 නමින් අභ්‍යවකාශයට යවන බව කියැවුණේ 2012 නොවැම්බර් 12 හෝ ඊට ආසන්න දිනකය. ඉන් තවත් දින 15කට පසුව චීනයේ Xi-Chang වෙතින් චිචීගේ චන්ද්‍රිකාව දියත් කරන ලද බව පැවසුණි. එකල සඳහන් වුණේ සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි ලොව 27 වැනි පුද්ගලික සමාගම බවට SuperSAT (Pvt) Ltd පත් වූ බවයි. චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැ‍ගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට සේවා සැපයෙනු ඇති බව එකල සඳහන් විය. මේ සියලු කරුණු අසත්‍ය බව දැන් පැහැදිලිය. සිදුව ඇත්තේ ශ්‍රී ලංකාව හෝ මෙරට සමාගමක් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම නොව චීනය යවූ චන්ද්‍රිකාවක සුළු කොටසක් කුලියට ගැනීම පමණක් බව ඒ පිළිබඳ පළවූ මාධ්‍ය වාර්තා කියැවීමේදී වටහාගත හැකිය. එය ට්විටර් පණිවුඩ නිකුත් කරමින් සමරන්නට තරම් දෙයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව වෙනුවෙන් අදාළ සමාගම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 320කට අධික ආයෝජනයක් කිරීමට සැලසුම් කර ඇති බව එවක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පවසා තිබිණි. ඊට අමතරව තවත් ඩොලර් මිලියන 20ක ආයෝජනයෙන් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස අහ්‍යවකාශ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකරන බවද එකල කියවිණි. රාජපක්ෂවරු වෙනුවෙන් හවුලට බොරු කියූ මෙරට දේශපාලනඥයෝ කී දේ පිළිබඳ සුප්‍රීම්සැට් නම් මනඃකල්පිත චන්ද්‍රිකාවට වසර දහයක් පිරෙන අද දවසේ ඔවුනට මොනවා නම් සිතෙනවා ඇති දැයි අපි නොදනිමු.

සැබැවින්ම විද්‍යාව දැනඋගත්, ජාත්‍යන්තර ආයතන රැසක තනතුරු දැරූ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවා වරක් චිචීගේ බොරු චන්ද්‍රිකාව පිළිබඳ අගය කරමින් ඒ පිළිබඳ වැය කළ මුදල පවා සාධාරණීකරණය කරන්නට විය. වරක් ඔහු ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වා තිබිණි.

‘මේ චන්ද්‍රිකාව 2013 ජනවාරි මුල සතියේ සිට අදාළ සන්නිවේදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මෙය ශ්‍රී ලංකා සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණය සපයන පදනමක් බවට මෙම කර්තව්‍යය පත්වෙනවා. මේ සඳහා අවශ්‍ය දැනුම සහ සහයෝගය ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මගින් ලබාදුන්නා. නව සන්නිවේදන චන්ද්‍රිකාව ස්ථානගත කිරීමත් සමග මෙරට විද්‍යුත් සන්නිවේදන අවශ්‍යතා මෙන්ම පරිසර ආරක්ෂාව, ආපදා කළමනාකරණය, ඛනිජ සම්පත් හඳුනා ගැනීම හා ඒවායේ ගුණාත්මකභාවය මැනීම, පතල් කැණීම්, ස්වභාවික උවදුරු හඳුනා ගැනීම වඩාත් කාර්යක්ෂම වෙනවා…’

මෙම චන්ද්‍රිකාව 2013 ජනවාරි මුල් සතියේ සිට සේවාවන් අරඹන බව මහාචාර්ය තිස්ස විතාරණ පැවැසුවද අභ්‍යවකාශ ගතකර වසර දහයකට පසු අදත් ඒ චන්ද්‍රිකාවට සිදුවූ දෙයක් සොයාගන්නට නැත. වියදම් කළ මුදලට සිදුවූයේ කුමක්දැයි මහාචාර්ය තිස්ස විතාරණ හෝ ආණ්ඩුවේ වෙනත් මන්ත්‍රීවරයෙක් ඇසූ බවට මතකයක්ද නැත.

සුප්‍රිම්සැට් ව්‍යාපෘතිය පිළිබඳ වරක් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසා සිටියේ සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 320ක් වැයවී තිබෙන බව මාධ්‍ය වාර්තා කරන බවයි.

‘මේ චන්ද්‍රිකාව සඳහා චීන ආණ්ඩුවෙන් ණය මුදලක් ගත්තා නම්, ආණ්ඩුවට ගත්තත්, සමාගමට ගත්තත්, යම්කිසි ඇපයක් ඒ සමාගමට දීලා තියෙන්න ඕනේ. භාණ්ඩාගාර බැඳුම්කර අරගෙන තියෙන්න ඕනේ. එහෙම අරන් තියෙනවා නම් ආණ්ඩුව ඒ සමාගමට ඒ සහතිකය දුන්නේ කොහොමද, මේ කටයුත්ත සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ, විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නෑ. ඒත් රුපියල් කෝටි 5000ක ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා. ඒ ගනුදෙනුව ගැන අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ…’ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලංකාවේ ජනතාව එකම මැතිවරණයකදිවත් චන්ද්‍රිකා තාක්ෂණය අත්පත් කරගන්නා ලෙස කිසිම ආණ්ඩුවකින් ඉල්ලා සිටියේ නැත. එහෙයින් කරන්නට කප්පරක් කටයුතු තිබෙන රටක ඩොලර් මිලියන ගණන් වැයකර චන්ද්‍රිකා යවන්නට ඉදිරිපත්වූ පෞද්ගලික සමාගමේ අරමුණු කවරේද, එහි දේශපාලනික භූමිකාව කෙබඳුද, මෙම කර්තව්‍ය හුදු ව්‍යාපාරික අරමුණකින් කළ එකක්ද, නොඑසේ නම් වෙනත් කිසියම් දේශපාලන අරමුණක් සහිතව කළ එකක්ද, ඔවුන් වැය කළ බව පැවසෙන ඩොලර් මිලියන 320 උපයාගත්තේ කෙසේද, එම මුදල වෙනුවෙන් ලද ප්‍රතිලාභය කුමක්ද, ජීව කාලය වසර 15ක් බව පැවැසූ මෙම චන්ද්‍රිකාව වසර දහයකට පසු අද පවතින තත්ත්වය කුමක්ද, සුප්‍රිම් සැට්හි සේවය ලබාගන්නා වෙනත් දේශීය සමාගම් මොනවාද යන ප්‍රශ්න සොයා බැලිය යුතු කාරණාය. ලංකාවට බොරතෙල් සහ නිමි ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුවට කරගසා සිටින සමාගමක ප්‍රධානියා මේ කියන සැටලයිට් එක යවන්නට සල්ලි වියදම් කළ බවත්, ඔහුගේ කොන්ත්‍රාත්තුව තව දුරටත් පවතින්නේ ඒ නිසා බවටත් මතයක්ද සමාජගත වෙමින් තිබේ. ඒ අනුව ලියන්නට තිබෙන්නේ ආගිය අතක් නැති මේ අද්භූත චන්ද්‍රිකාව වෙනුවෙන්ද අපට නොදැනී අපේම සල්ලි වියදම්ව තිබෙන්නට පුළුවන් බවය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගිය සුමානෙ අරලියගහ මැදුරේ ලොකු පාටියක්! ඊයේ වෝටර්ස් එජ් හෝටලේ ‌ලොකු පාටියක්! මිනිස්සුන්ට කන්න නෑ! දරුවන්ට මන්දපෝෂණය! කව්ද ‌ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙහෙම පාටි දාන්න සල්ලි දෙන්නේ? වහාම හොයන්න! විපක්ෂය අහයි! ආණ්ඩුවේ මන්ත්‍රීට කේන්ති යයි! (VIDEO)

Next Post

පොහොට්ටුවේ අතකොලුවක් වෙච්ච ජනාධිපතිටත් රටේ සම්පත් විකුණනවා අරෙන්න කිසිම වැඩපිළිවෙළක් නෑ! අපි ඒකට කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ! සජිත් දොම්පෙදී ජනතාවට පොරොන්දුවක් දෙයි! (PHOTOS & VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.