• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නේවාසිකාගාරවල සිසුන් මැරෙනවා! පරිපාලනය මර නින්දේ! අසව් අසව්! බැරිනම් පලයව්! Sri Lanka Latest News

April 1, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක්ව විශ්වවිද්‍යාලයකට යවන්නේ දහසක් සිහින බලාපොරොත්තු ඇතිවයි. බොහෝ වෙලාවට ඒ අම්මා තාත්තා දහසක් දුක් විඳලා හරිහම්බ කරගත්තු මුදල් තමයි දරුවන්ගේ විශ්වවිiාල අධ්‍යාපනයට යොදවන්නේ. ඒ තරම් දුක් විඳලා කැපකිරීම් කරලා දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදෙන්න මවුපියන් ඔවුන්ව විශ්වවිද්‍යාලයට යැවුවත්, විශ්වවිද්‍යාලය තුළදී ඇතැම් දරුවන්ට අත්වෙන අනුවේදනීය ඉරණම ගැන නම් ඉතාමත් කනගාටුයි. (Sri Lanka Latest News)

කැලණිය සරසවියේ සිසුවෙක් උන් හිටිගමන් ජීවිතයෙන් සමුගත්තේ කාටත් සිතාගත නොහැකි ආකාරයටයි. ඔහු ජීවිතයෙන් සමුගෙන තිබුණේ අසනීප තත්ත්වය උස්සන්න වීම හේතුවෙන් බවයි වාර්තා වුණේ. එම සරසවියේ සමාජීය විද්‍යාපීඨයේ භූගෝල අධ්‍යයන අංශයේ සිවුවැනි වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් නම් සිසුවා පසුගිය 24 වැනිදා මෙලෙස මියගොස් ඇත්තේ කන්නංගර නේවාසිකාගාරය තුළදීයි.

සිසුවාගේ අසනීප තත්ත්වය පිළිබඳ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට දුරකතනයෙන් දැනුම් දුන්නත් ඔවුන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සිසුවා ජීවිතයෙන් සමුගත් බවටයි ඔහුගේ සහෝදර සිසුන් චෝදනා කර සිටියේ. ඔවුන් පවසා සිටියේ අසනීප වී සිටි සිසුවා කඩිනමින් රෝහල්ගත කිරීමට ගිලන් රථයක් ලබාදුන්නේ නම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබූ බවයි. සිය සහෝදර සිසුවාගේ හදිසි මරණයෙන් කම්පනයට පත් මිතුරන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකර සිටියා.

‘රෑ10ට විතර ලක්මාල්ට අමාරු වෙලා අපේ කොල්ලො ටික හොස්පිටල් එකට ගෙනිච්චා. ඒ ගෙනියද්දිත් නැතිවෙලා.’

විශ්වවිiාලයේ මහා ශිෂ්‍ය සංගමයද විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විරෝධතාවක නිරතව සිටි අතර, එහිදී ඔවුන් ප්‍රදර්ශනය කළ විරෝධතා පුවරුවල ‘ආණ්ඩුවේ උවමනාව මත පරිපාලනයේ නින්දිත ක්‍රියාවලිය හෙළා දකිමු – නේවාසිකාගාරවල සිසුන් මියයයි. පරිපාලනය මර නින්දේ’ යනුවෙන් සඳහන් කර තිබුණා.
කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය තිස්සපුර සිරිසුමේධ හිමියන් මෙම මරණය සම්බන්ධයෙන් මෙලෙස පවසා සිටියා.

‘එයාට මීමැස්මොරේ තිබ්බා. මීමැස්මොරේ වැඩිවෙලා කාමරේ හිටපු ළමයි පරිපාලනයට කියන්න කෝල් කරද්දී, මේ පරිපාලනයේ අලුතින් පත්වෙලා ඉන්නවා ‘ශිෂ්‍ය කටයුතු’ කියලා කෙනෙක්. ෆෝන් එකක්වත් උත්තර දෙන්නේ නැතුව තමයි පරිපාලනයේ මැදිහත්වීම් කෙරෙන්නේ. ළමයෙක් මැරෙන්න යන වෙලාවේ වාහනයක් එවන්න කිව්වාම වාහනයක් එව්වේ නැහැ. විනාඩි 10ක් 15ක් කලින් ළමයාව එක්කන් ආවා නම් ජීවිතය පවත්වාගෙන යන්න තිබුණා. අධ්‍යාපන පොදු සාධන ගැටලු විසඳන්න කියලා අපි අවුරුදු ගානක් තිස්සේ ඉල්ලුවා. පරිපාලනය මේ ශිෂ්‍යයන්ගේ ගැටලු ගණන් ගන්නේ නැතිව අත්තනෝමතිකව කටයුතු කළා. පවතින රජයට ඕනේ විදියට තමයි වැඩකටයුතු කරන්නේ. ශිෂ්‍යයෙක් ලෙඩ වුණාම ත්‍රීවීල් එකක දාගෙන මග දුරක් යනකොට තමයි වාහනයක් එව්වේ. හොස්පිට්ල් එකට අරන් යද්දී මේ ළමයා ජීවතුන් අතර නැහැ. දොස්තර කිව්වේ විනාඩි 10ක් 15 අතර වේලාසන ගෙනාවා නම් බේරගන්න තිබුණා කියලා. ශිෂ්‍යයෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වුණේ පරිපාලනයේ වැරැද්ද නිසා. ළමයින්ට ෆෑන් නැහැ, හොස්ටල් නැහැ කියද්දී එයාලා කියන්නේ ප්‍රතිපාදන හම්බවෙන්නේ නැහැ, මුදල් නැහැ කියන කාරණය. අවුරුදු 20ක සිට සරසවියට ගිලන් රථයක් ඉල්ලනවා ඒත් තවමත් ලබාදුන්නේ නැහැ. අපි ශිෂ්‍ය සංගමයක් විදියට සිසුන්ට අසාධාරණක් වෙන්න ඉඩ තියන්නේ නැහැ…’

ලක්මාල්ගේ මව සිය ආදරණීය පුත්‍රයාගේ වියෝව දරාගැනීමට නොහැකිව හඬාවැටුණේ මෙලෙසයි.

‘විභාගය ළඟයි වැඩ ටික කරගන්න ඕනේ කියලා තමයි පුතා ගෙදරින් ගියේ. අම්මා 4 වැනි අවුරුද්ද නේ, අප්‍රේල් මාසෙන් ඉවරයිනේ කියලා කිව්වා යන්න ඉස්සෙල්ලා. හැමදාම රෑට කතාකරලා අම්මේ මොනාද කරන්නේ කියලා අහනවා. 24 වැනිදාත් කතාකරලා ඇහුවා අම්මේ මට උදේට කතාකරන්න කියලා. හැමදාම මම උදේ පාන්දර 5ට එයාට කැම්පස් යන්න නැගිට්ටවන්න කතාකරනවා…’

ලක්මාල්ගේ පියා සිය ආදරණීය පුත්‍රයාගේ වියෝව පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

‘අපි මේ දරුවාව හදාගත්තේ ගොවිතැන් කරලා දුක් මහන්සියෙන්. කුලී වැඩ කරලා ලොකු මහත් කරලා අපි දරුවා විශ්වවිද්‍යාලයට යැව්වා. මට ඉන්නේ දරුවෝ දෙන්නයි. බාල පුතා තමයි විශ්වවිද්‍යාලයේ ගියේ. අන්තිමට අපිට දරුවා නැතිවුණා. හිතාගන්න බැහැ මොනවද වුණේ කියලා…’

නිරෝෂණ ලක්මාල් සිසුවාගේ වියෝවට පාලනාධිකාරිය වගකිව යුතු බවට චෝදනා කළ මහා ශිෂ්‍ය සංගමයට එම විශ්වවිද්‍යාලයේ උපකුලපති නිලන්ති ද සිල්වා මහත්මිය පිළිතුරු ලබාදී තිබුණා. හදිසියේ රෝගී වූ දරුවා රෝහල්ගත කිරීමට යම් ප්‍රමාදයක් සිදුව ඇද්ද යන්න පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවයි ඇය පවසා තිබුණේ.

මේ අතරවාරයේ කැලණිය සරසවියේම ඉගෙනුම ලබමින් සිටි තවත් සිසුවියක්ද හදිසියේම ජීවිතයෙන් සමුගෙන තිබුණා. එලෙස මියගොස් තිබුණේ මානව ශාස්ත්‍ර පීඨයේ සිවුවැනි වසරේ ඉගෙනුම ලැබූ ගිරාඳුරුකෝට්ටේ දිවුල පැලැස්සේ පදිංචිව සිටි ලක්මිණී දිසානායකය.

උදරාබාධයක් හේතුවෙන් පීඩාවට පත්ව සිට ඇති ඇය ඒ බව පසුගිය 19 වැනිදා සිය යෙහෙළියන් කිහිප දෙනෙකුට පවසා තිබෙනවා. ඒ අනුව ඇය කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇය ශල්‍යකර්මයකට ලක්කළ යුතු බවයි. අනතුරුව ඇය රාගම මහ රෝහලට යොමුකර සැත්කම සිදුකර ඇති අතර, පසුගිය 21 වැනිදා එන්නතක් ලබාදීමෙන් අනතුරුව ඇය මරණයට පත්ව තිබුණා.

මෙලෙස මියගිය සිසුවා සහ සිසුවිය දුෂ්කර පළාත්වලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට පැමිණි දරුවන්ය. ඔවුන්ගේ එකම අභිප්‍රාය වී තිබුණේ තම අනාගතය යහපත් කරගැනීමයි. නමුත් ඒ සිහින බලාපොරොත්තු එක මොහොතකින් බොඳව ගියා. ඔවුන්ගේ මරණ පිළිබඳ සොයන්න මොන තරම් කමිටු පත්කළත්, ඒවායින් මොන තීන්දු තීරණ ලැබුණත් මේ වන විට ඔවුන් ජීවිතයෙන් සමුගෙන ගොස් අවසානය.

අනාගතයේදී හෝ විශ්වවිද්‍යාල සිසු දරුවන්ට මෙවැනි කනගාටුදායක ඉරණමක් අත් නොවන්නට කටයුතු කිරීම පාලනාධිකාරියේ වගකීමකි. දරුවෙක් හදිසියේ අසනීප වුණොත් ඔහුව රෝහල්ගත කරන්න ගිලන් රථයක් තිබීම අත්‍යාවශ්‍යම කරුණක්. නමුත් එවැනි පහසුකම් ඇත්තේ විශ්වවිද්‍යාලවලින් කීයෙන් කීයකටද?

අහිංසක මවුපියන්ගේ දූදරුවන් දහසකුත් එකක් ප්‍රශ්න මැද්දේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න ඇවිත් මේ විදියට නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගෙන යෑම මොන තරම් කනගාටුවට කරුණක්ද? ඉදිරියේදීවත් එවැනි කනගාටුදායක ඉරණමක් අපේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අත් නොවන ආකාරයට කටයුතු කරන්න අධ්‍යාපන බලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බව අපි නැවත නැවතත් අවධාරණය කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

හැමදාම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලට 15%ක් දුන්නා! ආණ්ඩුව දැන් ඒක 8%ට අඩු කරලා! වහාම මේ 15% පොලිය ලබා දෙන්න කටයුතු කරන්න! ලක්ෂ සංඛ්‍යාත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීමක් සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජපක්ෂලාගේ ගුබ්බෑයමට රනිල්ට රිංගන්න පුලුවන් වුණාට අපිට එහෙම බෑ! අපිට UNP එක්කයි රනිල් එක්කයි කිසිම සම්බන්ධයක් නෑ! සාකච්ඡාත් නෑ.. රහස් සාකච්ඡාත් නෑ…! සමහරුන්ට පුලුවන් ඕන ගුබ්බෑයමක රිංගලා ඕන කෙනෙක් එක්ක නිදියන්න! ඒත් අපිට එහෙම කරන්න බෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.