• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපටත් දවසක හඳ පායනවා එදාට මුන් බේරෙ වැවට…

April 8, 2023
in Exclusive, News
Reading Time: 14 mins read
A A
අපටත් දවසක හඳ පායනවා එදාට මුන් බේරෙ වැවට…
Share on WhatsAppShare on Facebook

“සීයෙ, සීය දන්නවද සීයගෙත් සීයා හිටපු කාලෙ කොක්කු දෙන්නෙක් එකතුවෙලා ඉබ්බෙක් “එයාර් ලිෆ්ට් කරපු හැටි?” ජ්‍යෙෂ්ට පුරවැසියකු ලෙසට ගෞරවනීය අන්දමින් හංවඩු ගසා සිටින විශ්‍රාමික රජයේ සේවකයකුද වන “රිපානිස්” දවසක් හැන්දෑවේ ඉස්තෝපුවේ පුටුවකට වී හෙට දවස ගෙවන්නේ කෙසේදැයි කිරමින් (නිදි) සිටියදී ඇසුණු මුණුබුරාගේ ප්‍රශ්නයෙන් උඩගොස් ඇහැරුණේ පුටුව පල්ලෙන්ද නොවැටී අනූනවයයි දශම නවයකිනි.

රජයේ දෙපාර්තමේන්තුවක කාර්යාල කාර්ය සහායකයකු වූ රිපානිස්ගේ අයියා “තෙපානිස්”ය. එයාගෙ අයියා “බබානිස්”ය. හිතවතුන්ට සහ ප්‍රදේශවාසීන්ට රිපානිස් “රිපා” වූවා සේ තෙපානිස් “තෙපා”ද, බබානිස් “බබා”ද වූහ. ඇතැම් දෙනාට හදිස්සියට බබානිස් බබා මෙන්ම “බනිස්” ද “බනිසා”ද වූවේය.

මුණුබුරා ප්‍රශ්නය අසන වෙලේ රිපා කල්පනා කරමින් සිටියේ පසුදා උදේ “වහවෙ” හන්දියේ කඩමණ්ඩියෙන් ඔබ්බේ පිහිටි “ගොන්දෙණිකන්ද” කැලෑවට ගොස් වැල්අල ටිකක් හාරාගෙන අවුත් දෙතුන් වේලක් පිරිමසා ගන්නටය.

තෙල් නැති, ගෑස් නැති හාල් කිලෝව රුපියල් 260ට ගිය කුකුළු මස් කිලෝව රුපියල් 2000ටත් නැග්ග මේ කාලයේ රජයෙන් ලැබෙන රුපියල් 23,000ක විශ්‍රාම වැටුපෙන් බිරියටයි තමාටයි බේත්හේත් ටික ගත්පසු දවස් තුනකට එකවේල බැගින් ජීවත්වීමේ කලාවට අනුගත වන්නේ කෙසේදැයි යන්න ඔහුගේ හිසට මහමෙරක් වුවේය. (තම පුතා දෙන සහනාධාරය නොවේ නම් ඔහුසිය බිරිය සමග මේ වනවිටත් එලොව ගොසිනි)

ගොන්දෙණිකන්ද රජයේ අක්කර දහස් ගණනක මහ වනාන්තරයේ කටුඅල, හිඟුරල, ගෝනල, රාජල, හිරිතල, කහට අඟල, ඇඟිලිඅල ආදී වැල් අලවර්ග “ඕසෙට” (බොහෝ) ඇති බව ඔහු දන්නේය. මහන්සිවී හාරාගත්තොත් ගෝනියක් පුරවාගෙන ආ හැකිය. ගෙනයා යුත්තේ නාරස්සනෙත්, වප් (වක්) පිහියත්, ගෝනියත් පමණි. එපමණක් නොව ඒ වැල්වල හැදුණු “කොඩොල්” (වැල්වල කඳේ හැදෙන අල)ද ගෝනියක් දෙකක් අහුලාගත හැකිය.

“සීයට මං කියපු දේ ඇහුණෙ නැද්ද?” උත්තරයක් නැති තැන මුණුබුරා ඔහුගේ අතින් ඇද යළි ඇසුවේය.

“ඇහුණා ඇහුණා පුතේ මොකෑ මං නොදන්නෙ, අර කොල්ලො වාගයක් “හූ” තියාපුවම ඒ සතා ගලක් උඩ වැටිල මැරුණු කතාවනෙ?” පාසලේ තුන්වැනි ශ්‍රේණියේ සිටින මුණුබුරා අහන “ලෝකෝත්තර” ශ්‍රේණියේ ප්‍රශ්නවලට රිපානිස්ට තියා රිපාගෙ “අප්පාටවත්” උත්තර දීමනං “සුම්මා”ය.

“සීයගෙ පුතා අපේ තාත්තා නේද?” මුණුබුරා එන්නේ මොකාට දැයි කල්පනා කරමින් ඔහු එය අනුමත කරන නියායෙන් හිස වැනුවේය.

“ඉතිං සීය දන්නවාද, සීයට වාගෙම ඒ කොක්කු දෙන්නටයි ඒ ඉබ්බටයි පුතාල තුන් දෙනෙක් හිටපු බව” රිපානිස්ගෙ ඇස් උඩ ගියේය.

“හිටිය සීයෙ,ඉතින් ඒ තුන්දෙනාත් අරවාගෙම යාළුවො. ඒ අයටත් ඒ ගොල්ලන්ගෙ තාත්තලෑ කාලෙ ඇතිවුණා වාගෙ ඉඩෝරයක් (නියඟය) ආවා. ඉතින් සීයෙ අර කොක්කු දෙන්නත් එයාලගෙ තාත්තල වාගෙම තමන්ගෙ යාළුවත් ඒ ළඟ වතුර පිරුණු පොකුණකට “එයා ලිෆ්ට්” කරන්න පොරොන්දු වෙලා ලී කෝටුවක් ගෙනැත් දීල කීව අර ගල ළඟ ඉස්සර තිබුණු ඉස්කෝලෙ තවමත් තියෙනව. ඒ ඉන්න කොල්ලො හූ කීවට කට අරින්න එපා කියලා” රිපානිස් මුණුබුරා දිහා උනන්දුවෙන් බලා සිටියේය.

“ඉතින් ඊට පස්සෙ කොක්කු දෙන්න අර වාගෙම ඉබ්බා උස්සාුගෙන යනකොට කොල්ලො හූ කීව්වත් ඉබ්බා කට ඇරියෙ නෑ. කොක්කුන්ට හරි සන්තෝසයි. ඉස්කෝලෙ පහුවුණාට පස්සෙ එක කොකෙක් “ආන්න එහෙම තමයි ඉන්ඩ ඕනෑ” කියන්න කට ඇරියා විතරයි. කටින් කෝටුව අතඇරුණා. ඒත් ඉබ්බා තවත් හයියෙන් කෝටුව හපාගෙන තනි කොකාගෙ පිහිටෙන් එල්ලිලා හිටිය. එතකොට අර කයිය ගහපු කොකා තමන්ගෙ මෝඩකම ගැන තමන්ටම බැණ ගනිමින් පටාස්ගාල “බල්ටියක්” ගහල අර අතෑරුණු කෝටු කෑල්ල අල්ල ගත්තා.”

“අනේ වාසනාවන් ඒ ඉබ්බා බේරුණා.” සීයා මුණුබුරාට කීවේය.

“ඉන්ඩකො සීයෙ කියනකං” යැයි කී මුණුබුරා “ඉතින් තමන්ගෙ පණ බේරල දුන්න යාළුවා ගැන ඉබ්බට හරි සන්තෝසයි. ඒ නිසා ඉබ්බා එයාට ස්තුති කරන්න Thank You කිවා. එච්චරයි.

“අපොයි දෙයියනේ” රිපානිස් සුසුමක් හෙළුවේය.

“ඉතින් සීයෙ ඒ දෙවැනි පරම්පරාව. මම ඔයාගෙ මුණුබුරානෙ නේද?” ඒ ප්‍රශ්නයටත් රිපානිස් හිස වනා අනුමතිය දුන්ණේය.

“ඔයා දන්නවද අර කොක්කු දෙන්නටත් ඉබි මහත්තයටත් සීයට මම ඉන්නව වාගෙම අර පොකුණෙ තුන්වැනි පරම්පරාවෙ මුණුබුරෝත් හිටිය කියලා?”

රිපානිස් අන්දමන්දව බලා සිටියදී මුණුබුරා ඒ කතාව ද කීවේය.

“මේ අයගෙ සීයල, තාත්තල වාගෙම මේ මුණුබුරෝ තුන්දෙනත් යාළුවො. මේ අයටත් අර වාගෙම “ඉඩෝරෙ” ආවා. තමන්ගෙ යාළුවත් එයා ලිෆ්ට් කරන්න පොරොන්දු වෙලා කීව, ඔයාගෙ තාත්තටයි, සීයටයි වෙච්චි දේ දන්නවනෙ, ඒ හින්ද ඔයා නම් කොහොමටවත් කට අරින්නේ නෑ කියල අවවාද දීලා උස්සගෙන ගියා. අර ඉස්කෝලෙ ළඟ කොල්ලො කෙල්ලොත් ඒ වගේම හිටියා. හැබැයි උන් හූ කීවෙ නෑ. බිම බලාන තමන්ගෙ වැඩ. කිසි කචල් එකක් නැතුව. ඉබ්බ අර පොකුණ ළඟ බිම තිබ්බට පස්සෙ, එක කොකෙක් ඇහුව අර ගොල්ලො හූ කීවෙ නෑ ඒනිසා ඔයා මාරකෙන් බේරුණා” කියල ඉබ්බ උත්තර දුන්නා. “ඒ බේරුණේ ජපානෙට පිං සිද්ධ වෙන්න”
කොක්කු හොල්මං උණා “ඒ කොහොමද?”

“දැන් ඉන්න මුණුබුරු මිණිබිරියන්ට උඩ බිම බලන්න තියා රටේ ලෝකෙ වෙන දේවත් හිතන්න සිහියක් නෑ. ජපනා හදල එවපු “හුචක්කුවකට” පැය විසිහතරෙම ඇන ඇන ඉන්නව විතරයි.
ඒ කතාව ඇහුව රිපානිස් කල්පනා කළා “ඇත්ත නේනං, රටේ කන්න නෑ. “අනුසුද්ද මහත්තයගෙයි, අතන මෙතන කොතන උන්නාන්සෙගෙයි” දේශීය පොහොරකරණය නිසා ගොවියන්ට වැලේවැල් නෑ. “ගෙහෙඩිය රඹුටුවැල්ලගෙ” පඹයො රට පුරාම පුච්චනව. දේශපාලන හැත්ත රටේ දේපොළ හොරකං කරගෙන පිට රට බැංකුවල දාගෙන.

ඉගෙන ගත්ත උන්ට රස්සා නෑ. මේ කාලකණ්ණි ආණ්ඩුවෙ වැඩ නිසා ලක්‍ෂ විසිගණනකට මේ වනවිටත් රස්සා නෑ. හිරුණිකා ගෝඨගෙ මිරිහානෙ ගේ ළඟ “කචල්” එකක් ඇද්ද නිසා ගෝඨට විතරක් නෙවෙයි රාජපක්‍ෂ පරම්පරාවටම රටින් පැනල යන්න සිද්ධ වුණා. දැන් රට රට කියල පිස්සු කෙළින “නාමලය” පස්ස බැලුවෙ “ගෑනිජ්ජත්” එක්ක කොහෙද? රටකට ගිහිං කොල්ලො ටික සිස්ටම් චේන්ජ් එකකට අරගලේ කෙරුවත් රට්ටු බලාපොරොත්තු වෙච්චි ප්‍රතිඵය ලැබුණෙ නෑ.

ඒකෙන් උණේ රාජපක්‍ෂලා ‘මහබැංකු හොරා’ කියල බෙරිහන් තියාපු එකාම තමන්ගෙ ගැළවුම්කාර දෙවියා කරගෙන තමන්ගෙ ආරක්‍ෂාව තහවුරු කරගත්ත එක විතරයි. පළාත් පාලන ඡන්දෙ යටගහන්න “සුහංදිරං” එක්ක ඩීල් එකක් දැම්මා බලය බෙදීම ගැන. මිනිස්සු ඒ ලණුව කාලා ඒක ගැන උද්ඝෝෂණ කරන කොට ඡන්දෙ අමතකයි. ආයෙ ඡන්දෙ මතක් වෙනකොට ඒක යටගහන්න උප්පර වැට්ටි විසිදෙකක් දැම්මා. දැන් මේකා හිට්ලර් වෙලා. අන්තරේ කොල්ලො දවස ගානේ උද්ඝෝෂණ කරනවා. හැමදාම කඳුළු ගෑස් ගහනවා.

ඉවසන්න බැරි විදිහට වැටුපෙන් බදු ගහන එකට, රටේ සම්පත් කුණු කොල්ලෙට විකුණනවට විරුද්ධව රටම පාරට බැහැලා. බැංකු, විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු එක යමරෙට විරෝධතා. වරාය විදුලිය තෙල් සංස්ථාව ඔක්කොම වර්ජනේ. වාර්ෂිකව මිලියන ගණන් ලාභ ලබන ටෙලිකොම් එක “අලියට” දෙන්න යනවා.

මුණුබුරාගෙ කතාවෙන් පස්සෙ ඔන්න ඕවා ගැන කල්පනා කරකර නිදාගත්ත රිපානිස් පහුවදා උදේම නැගිටලා අලවංගුවයි (නාරාස්සනේ) වප්පිහියයි, ගෝනියකු ඇන්න අලහාරන්න “ගොංදෙණිකන්ද” නැග්ගා.

ඒ කන්දට ඒ නම හැදුණු කියන්නෙ “ගොන් දෙන්නෙකුගෙ” බරට වස්තුව නිධන් කරල තියෙන නිසාලු. ඉතින් කන්දෙ භාගයක් විතර නගින කොට හොඳ “රාජල” (දම්පාට අල) වැලක් දැකල බිඳින්න (හාරන්න) පටන්ගත්ත. දාඩිය දෙකාංශයෙන් දාගෙන දාවල් දහය විතර වෙනතුරු හාරල හෙණ “පෙරිය” සයිස් අලයක් පාද ගත්ත. ඒක සුමානෙකට ඇති.

ඔය වෙලාවෙ රිපානිස්ට ඇහුණ කාගෙදෝ මුණුමුණුවක්. හෑරිල්ල ටිකකට නවත්තල මොකක්ද ඒ කියල විමසිල්ලෙන් කන්දිහාන බලන කොට තුන් හතර දෙනෙක් ලොකු බැරල් එකක් කන්ද උඩහට තල්ලු කරගෙන එන්න වලිකනව.

රිපානිස් දන්නව කන්දෙ කැලේ කසිප්පු පෙරන බව. මේ කට්ටිය පෙරන්ඩ “කාඩි පීප්පයක්” උඩහට ඇන්න යන බව මනුස්සයා තේරුම්ගත්තා. එතකොටම ඒ අයත් තමා ඉන්නවා දැක්ක. එසේ දැක්ක විටම ඉන් එකෙක් “රිපානිස් අංකල් අපට බැරල් එක උඩහට ගෙනියන්න පොඩි සපෝට් එකක් දෙන්ඩකො” කියල කීව.

ඉතින් රිපානිසුත් කිසි කතාවක් නැතුව පීප්පෙ උඩහට ගෙනියන්න උදව් වුණා. පැයක් හමාරක් වලිකාලා ඒ ගොල්ලන්ඩ ඕනැ තැනට “භාණ්ඩෙ” තල්ලු කරගෙන ආවට පස්සෙ ඒ අයට වගේම රිපානිස්ටත් හරි මහන්සියක් දැනුණා. ඒ නිසා ඔහු එතැන තිබුණ තඩි මාර ගහකට හේත්තුවෙලා ඉඳගත්තා.

ඔය වෙලාවෙ අර හතර දෙනාගෙන් එක් කෙනෙක් “රිපානිස් අංකල්ට ටිකක් මහන්සි ඇතිනෙ මේකෙන් පොඩි ෂොට් එකක් දාගත්තහම හරි” කියල බෝතලේකින් විදුරුවක් පිරෙන්නම වක්කරල දුන්නා. ඒක බීපුවාම තවත් එකක් දුන්න. ඒකත් ඇදල දැම්මා. ඊට පස්සෙ මහන්සියට ටිකක් ගහට හේත්තුවෙලා හිටිය. එතකොට රිපානිස්ට තේරුණා තමන් මොන ජීවිතයක් ද මේ ගෙවන්නෙ කියලා. වේල පිරිමහගන්න හැමදාම නහිනව කියල.

ආහාර දෙපාර්තමේන්තුවෙ කාර්යාල කාර්යසහායකයකු හැටියට බැඳිල අවුරුදු විසි අටක් රාජකාරි කරලා “ආරච්චි” කෙනකු හැටියට විශ්‍රාම ගියත් වැටුප විසිපන් දාහයි. වැඩ කරන දවස්වල ඕ.ටී. (අතිකාල) තිබුණු නිසා මාසෙ කොහොම හරි “ෂේප්” කරගත්තා. දැන් විශ්‍රාම වැටුප විතරයි. අතට එන පඩියෙන් දෙන්නගෙ (බිරිය) බේත් ගත්තම කන්න ඉතුරු වෙන්නෙ “හුප්පෙ” තමයි.

අරුංට අවුරුදු පහෙන් පැන්ෂන්, නිල වාහන, තව දීමනා. ඔවුන්ට නං හෙණ හත වදින්න ඕනෑ. මොනවා වුනත් කොරෝනා එන්න ඉස්සර තිබුණු ගාණට බඩු මිල තිබුණා නං ජාම බේරගන්න තිබුණා.

ඒ කාලෙ එකයි විස්සට තිබුණු සීනි කිලෝව හාරසිය ගාණට නැග්ගා. රුපියල් දෙසිය ගානට තිබ්බ පරිප්පු රුපියල් හයසිය ගානකට නැග්ගා. රුපියල් එකසිය ගානට තිබ්බ “සාඩිං හුණ්ඩුව” රුපියල් අටසියයට වැඩියි. සබන් කෑල්ල “අස්ප” ගණං. සත හැටට හැත්තෑවට ගත්ත බිත්තරේ රුපියල් පනහයි හැටයි. ඒත් හොයාගන්නත් නෑ.

දෙයියනේ කියලා උදේ නැගිට්ට ගමන් කහට ටිකට දාල බීපු පිටි හැන්දටත් මුං කෙළියා. දැන් කිරි පිටි පැකැට් එකක් එක්දාස් ගානක්. මුං රට කෑවා. දැන් කන්න තියෙන්නෙ මුන්නෙ අම්මලාගෙ “බඩකඩුත්තුව” තමයි.

අපේ ගෑනු ටික අරාබි රටවලට ගිහින් කක්කුස්සි හෝදලා නොවිඳිනා බලුදුක් විඳලා අවුරුද්දකට ඩොලර් කෝටි අටසියයක් විතර එව්වා. මේ කාලකණ්ණි හැත්ත නෙළුං කුලුණු හැදුවා. අධිවේගි මාර්ග හැදුවා. මැදපෙරදිගින් සල්ලි එවාපු එකෙකුට ඕවැං සත පහක පොරෝජනයක් තියෙනවද?

උං කඹුරල එවපු සල්ලිවලිං මුන්ගෙ නම ලොකු කරගත්ත එක විතරයි කෙරුවෙ. කුලුනෙං මුං කෝටි දෙසීයක් ගහගත්තා. පොහොර නැවෙං, සුදුලූණු, පොල්තෙල්, සීනි මුං නොගැහැවුවෙ මොනවායින්ද?ඉස්පිරිතාලවල බේත් නැතුව විතරක් නෙමෙයි “ඔපරේසනුත්” නවත්තලා.

කොරෝනා එන්නත්වලිනුත් මුං ගැහුවා කෝටි ගණනක්. ඒව ඔක්කොම වහං කරගෙන ආයෙ වෙලාව එනකං මුන් බැංකු හොරාටම රට භාර දුන්නා. ඌට මොන ජනවරමක්වත් නෑ. පොහොට්ටු නෙමෙයි හොට්ටන්ගෙ ඡන්දවලින් මේකා පුටුවට නැංගෙ. කොල්ලො අරගලේ කෙරේ නැත්තං ඌට නෝවෙයාර්.

දැන් ආයෙත් ඇමැති මණ්ඩලේ වැඩිකරගන්න යනවලු.අරූ අර ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඉන්න ඇමැතිකමක් නැතුව ඉන්න බැරි “කුජීත සේනා දළඹුවා” ඌ රටේ සංවර්ධනය බොහොම ඉහළයි කියනවා. සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් කරල පෙන්වනවලු. අම්මගෙ රෙද්ද තමයි.

මයිනා, මොළ හතා, දැන් මහජනයා ඉදිරියට ඇවිත් බලය ගන්ඩ කියන කීම්, දඟලන දැඟලිල්ල. අම්මපා මුන්ට මතක නෑ ඉනේ වස්තරෙත් නැතුව රට පෙරළගෙන දුවපු හැටි. ඊළඟට ඔටුන්නට කෙල හලන නාමලය “ අපෙ අම්මේ… ඒ… රට ගැන තියෙන කැක්කුම”.

ඇත්තට හැබෑවට මුන්ගෙ නැන්දම්මලා සනීපෙන්ද ඉන්නෙ?

දැන්නං ඔය මොකා මොනව කීවත් මේ සැරේ නං ටැලිපෝන් එක එන එක වලක්වන්න බෑ. දෙවැනියට එන්නෙ මාලිමාව. පොහොට්ටුවටයි අලියටයි ඇපවත් ඉතුරුවෙයිද දන්නෙ නෑ. මිනිස්සු උන්ගැන කතාකරන්නෙ උන්ගෙ මාළු කන්න.

ඇයි යකෝ කුඹුරු හාගන්ඩ තෙල් ටිකක් ගන්න මිනිස්සු පෝලිංවල දවස් ගනං හිටිය. පෝලිංවලම මිනිස්සු මැරුණා. ඒව අමතක වෙන්ඩ රටේ මිනිස්සු මැරිල ඉපැදුණා යැ.

ඔය අතරේ රිපානිස්ට තද සීතලක් දැනෙන්නට විය. ඔහු කකුලක් අල්ලා බැලුවේය. එය තෙමී තිබුණේය. අනිත් කකුලත් ඇල්ලුවේය. ඒකත් හොඳටම තෙමී තිබිණි. මුහුණ දිගේ වතුර පෙරෙන සෙයක් දැනුණෙන් ඔහු මුහුණ පිසදැම්මේය. පුදුමයකි උදේ පාන්දර ගෙදරින් එද්දී කපාගෙන ආ රැවුල දැන් ඝණ සැරෙට වැවී තිබුණේය. ඔහු හිස අල්ලා බැලුවේය. කන් දෙකද වසා වැවී හොඳටම සුදුවී තිබුණු කෙහෙ (කෙස්) වල්ලෙන් වතුර බේරෙමින් තිබිණි.

තද නින්දේ සිටිද්දී පටන්ගත් තද වැස්සකට තමා හොඳටම තෙමී ඇති බව ඔහුට ප්‍රත්‍යක්‍ෂ වූයේ එවිටය. පීප්පෙ තල්ලු කර දුන් උදව්වට අර මිනිහා දුන් වීදුරු දෙක හොඳටම වැඩකර ඇති බව ඔහුට සිහිවිය. රැවුල කොණ්ඩෙ වැවුණෙත් ඒවගෙ විපිරියාසෙකට වෙන්ඩෑ. ඇති ඔයිං ගියා.

වටපිට බැලූ කල තමන් ගෙනා ගෝනිය සම්පූර්ණයෙන්ම දිරාපත්ව ඇති බව හෙතෙම දුටුවේය. පිහියේ තලය මළකඩ කා තිබුණු අතර මිට මුළුමනින්ම වේයන් විසින් කාදමනු ලැබ තිබිණි. නාරාස්සනය තිබූ තැනම තිබුණත් හොඳටම මළකඩකා තිබිණි. භාගෙට මතුකරගත් රාජාලය පැලවී අඩි දෙකතුනක් උසට වැල ඇදී ගොසිනි.

මොකක් හෝ වෙනසක් සිදුවී ඇති බව තේරුම් ගත් හෙතෙම ගෙදර යාමට කන්ද බැස්සේය.
ඔහු වහවෙ කඩමණ්ඩියට එන විට සිරිකත මුදලාලිගෙ හෝටලේ ඉස්සරහ ගෝලයා කොත්තු ආප්ප දමමින් සිටයේය. එතැන බිත්තර දහ පහළොවක් තිබුණේය. බිත්තර ආප්පයක් රුපියල් දෙකයි කාඩ්බෝඩ් එකක ලියා තිබිණි. උදේ ගෙදරින් එන විට වේළිවේළි තිබුණු කඩවල්වල බඩු පුරවා තිබිණි.

හොඬවැල පැත්තෙන් ලොකු කතිරයක් ගැසු අලියකුගේ පිංතූරයක් බිත්තියේ එල්ලා තිබිණි. එපමණක් නොව කඩමණ්ඩිය පුරාම රනිල්ගෙ අලී..ඊ..ඊකටවුට් තිබුණේය. ඒ ආසන්නයේ මයිනා, ඇතුළු රාජපක්‍ෂ පරම්පරාවවේම කටවුට්ය. ලොකුවට තිබුණු නාමල්ගෙ කටවුට් එක යටින් “අපේ අනාගතය” යනුවෙන් ලොකු අකුරින් ලියා තිබිණි. ටැලිපෝන් එකක් මාලිමාවක් පැත්ත පළාතේ නැත.

“අම්මපා මට පිස්සුද මොකක්ද මේ වෙලා තියෙන්නෙ?”. රිපානිස් අන්දුංකුංදුං වූයේය. ඔහු ගෙදර ළඟට ගොස් ගේට්ටුව ඇරියේය. ඒ හඬ ඇසී මුණුබුරා ඉස්තෝප්පුවට ආවේය.

“තාත්තේ..ඒ..ඒ..ඒ මේං සීයා ඇවිල්ල” ඒ හඬට පුතා, ඔහුගේ බිරිය සේම රිපානිස්ගේ බිරිය ද එළියට ආවෝය.

“මාස හයක් තිස්සෙ කොහෙද අනේ ඔයා ගිහින් හිටියෙ?” බිරිය ඇසුවාය.

“පොලිසියයි, ආමි එකයි මුළු ගමම එක්ක ගිහින් දවස් ගානක් තිස්සෙ ගොන්දෙණිකන්ද කණපිට හරෝල තාත්තා හෙව්වා. කොහෙද ගිහින් හිටියෙ?.” ඒ රිපානිස්ගෙ පුතාය. ඔය සද්දෙට අහලපහළින් රිපානිස්ගෙ යාළුවෝ දෙතුන් දෙනෙක්ද ආවෝය. ඔය අතරේ බිරිය හොඳවැයිං කිරි ජෝගුවක්ම හදාගෙන අවුත් දුන්නාය.

“මේ හැටි හදන්න කිරිපිටි තියෙනවද?” ඔහු ඇසුවේය.

“ඔයා මොනව කියනවද?” I.M.F එකෙන් මුල් වාරිකේ ලැබුණා” බිරිය කීවාය.

“දැන් රට ස්වයංපෝෂිතයි. දැන් කන්න බොන්න විතරක් නෙමෙයි රනිල්ට බුදුබව ලැබෙන්න නෑ කියන්න දෙයක්නෑ. මම “අමුඩ” ලේන්සුම දොළහක් ගත්තා” පොල් කඩන සුන්දරා ලොක්කා බුලත් කහට බැඳිච්චි දත් තිස්දෙකම එළියට දමා සුන්දර සිනාවක් පාමින් කීවේය.

“සජිත් මහත්තයල, අනුරල?” ඇස් උඩඉන්ඳවා ගත් රිපානිස් ඇසුවේය.

“ඒ අයට දැන් නෝ ප්ලේස් මාස ගානකින් ටී.වී. එකෙන්වත් දැක්කෙ නෑ.”

“එතකොට වසන්ත මුදලිගේල?”

“හුහ්….හ්.. ඒ කජුකිරි කොල්ලන්ට පුළුවංද රිපෝ රටක් සංවර්ධනේ කරන්න? අපේ මිනිහගෙ ඔළුවට ගහන්න ඔළුවක් මේ තුන්ලෝකෙ කාටහරි තියෙනවද?” රාපපක්‍ෂලා කරඬුවක් සේ හිස මුදුණේ තියාගෙන සිටි බණ්ඩියා ලොක්කා හිනාවෙමින් ඇසුවේය.

“අපේ ලොකකා ජේ.ආර්.ගෙ බෑණා. ඔය වෘත්තීය සමිතිකාරයො නන්නත්තාර කෙරුවෙ කාටවත් හීනෙකින්වත් හිතාගන්ඩ බැරි විදිහට. ඉස්සරෝම අර හොරිකඩය. සැමන් ලජ්ජප්ප්‍රියට අධ්‍යක්‍ෂකමක් දුන්නා. දැන් ඒකා රට දෙවනත් වෙන්න බුරනවා. ඊළඟට දොස්තරලට බටර්ගාල වර්ජනෙං ෂේප් එකෙං අයිං කෙරුවා. ප්‍රභාකරන් ළඟ හිටපු කරුණා අම්මාන් තමං ළඟට කිට්ටු කරගත්ත අපේ ලොක්කට ඕවත් වැඩද රිපෝ..ඕ..ඕ…” සුන්දරා ලොක්කා වැඩිදුරටත් කියාගෙන කියාගෙන ගියේ පස්වනක් ප්‍රීතියෙනි.

“වෙනසක් අපේක්‍ෂාවෙන් රට දෙවනත් කළ අයට මක්වෙලාද? මිනිස්සු පෙළපාලි, උද්ඝෝෂණ, වර්ජන කෙළේ බේරෙ වැවේ බස්සවලා නෑව්වෙ මේකටද? එහෙනං දැන් මුං ආයෙ රජවෙලා. ගෙවිච්චි මාස හයට ඔක්කොම උඩුයටිකුරුවෙලා. ප්‍රභාකරං කියපු දේ ඇත්ත. සුමානයක් යනකොට සිංහලයට හැම දේම අමතක වෙනවලු. ගහල කීවත් ඇත්ත. ලොකු බත් පිඟානක් බෙදල දුන්නොත් ඔක්කොම හරි. පර හැත්ත.” රිපානිස් තමාටම කියාගත්තේය.

අනතුරුව “මට මහන්සියි, ඇඟ හෝදං එඤ්ඤං” කී රිපානිස් නානකාමරයට රිංගා කල්පනා කරන්නට වුවේය.

“මගෙ මුණුබුරා කීවා වාගෙ මමත් අපේ සීයගෙ මුණුබුරා. අපේ පරම්පරාව “රිප්”ල. අපේ සීයට විංකලයක් තිබුණලු. මට නැතිවුණාට මගේ සීයට ගමනට බිමනට වෑන් එකකුත් තිබුණලු. සීය කැලේ ගිහිල්ලා ආපහු ගමට ආවෙ අවුරුදු සියයකට පස්සෙලු. එයාටත් මට වගේම නින්ද ගිහිල්ල.

මගේ සීය (රිප්ට) වෑන් එකකුයි විංකලයකුයි තිබුණු නිසා මිනිස්සු එයාට කීවෙ “රිප් වෑං විංකල්” කියලලු. මම එයාගෙ මුණුබුරා. හොඳයි බලමුකො.

“අපටත් දවසක හඳ පායනවා
එදාට මුං බේරෙ වැවට….”



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පොහොට්ටුව රට වටේ කැම්පේන් පටන් ගනී! මැතිවරණ මෙහෙයුම් කමිටු පිහිටුවයි! PHOTOS

Next Post

කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන රනිල්ගෙ ගුණ වයමින් පස්ස ලෙවකන්න යන උන් වහාම පක්ෂෙන් පන්නන්න! සජිත් උන් ගැන තීන්දුවක් ගන්නෙ නැත්නම් අපි ගන්නම්! රනිල් හොඳ නම් ඇයි ඉන්නෙ! යන්නකෝ…! මේ අයට ඇමැතිකම්වලට රනිල්.. ඡන්දවලට සජිත්…! VIDEO

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.