• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මගෙ රෙද්දද? යකෝ පාර මැද කරුවලේ මහන්නෙ I Sri Lanka Latest News

November 10, 2023
in Exclusive, News
Reading Time: 16 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෘෂභ රාජයකු “නන්දි” යන අභිදානයෙන් (නමින්) හඳුන්වනු ලබන අවස්ථා දෙකක් ගැන මට පතපොතෙහි හමුව තිබේ. එක් ස්ථානයක් “ඉසුරා” (ඊශ්වර) ගැන සඳහන් වන විටය.(Sri Lanka Latest News)

අනෙක් ස්ථානය ජාතක කතා හාරසිය හතළිස් හතක් (447) පමණක් තිබුණත් පන්සිය පනස් (550) ජාතක පොත නමින් හඳුන්වනු ලබන ජාතක පොත් වහන්සේගේ බෝසතාණන් වහන්සේ වෘෂභ රාජයකු වශයෙන් උපන් බව සඳහන් “නන්දි” විශාල ජාතකයේදීය.

පොඩ්ඩක් හෝව්, කලබල නොවෙත්වා, අවසර වදාරත්වා, මන්ද බෝසතාණන් වහන්සේට වෘෂභ රාජයකු යැයි කී හෙයින් මේ පවුකාර දණ්ඩකු යැයි හංවඩු තබා මේ ලියුම්කරුගේ පමණක් නොව කර්තෘ මණ්ඩලයේ සියලු දෙනාගේම ජාතකය ඇද පෙන්නාදීමට තරම් ශුද්ධ බෞද්ධයෝ උත්සුක නොවෙත්වා.

ඉදින් ඉසුරා හෙවත් මෙහෙසුරා ගැන සඳහන් වන තැන්වල “නන්දි” යන පදයෙන් කියැවෙන්නේ ඔහුගේ (ඉසුරු) ට්‍රාන්ස්පෝර්ට් සපයන්නාවූ වෘෂභ රාජයාණෝය.

“රඟ කරන දින දින – මහලු ගොන් වාහනෙන් ඇවිදින” යැයි බුදුගුණ අලංකාරය ලියූ අපේ වීදාගම හාමුදුරුවන් වහන්සේ සඳහන් කර තිබීම ඊට උදාහරණ වශයෙන් පෙන්නීම යෙහෙකි. මෙතැනදී ටිකක් මහේෂ්වර නැතහොත් තිනෙත් (නළලෙත් ඇසක් තියෙන හෙයින් හෙතෙම තිනෙත්ය) ගැන කීම වටී.

“හනික යමං පුල්ලි ගොනෝ මෙල්ල නොවී” කියමින් දක්කන්නට ඊශ්වරයාට ගොන් වාහනයක් තිබුණත් එයාගෙ පර්මනන්ට් වයිෆ් පාර්වතීගේ වාහනේ සිංහයාය. (මෙතැන පර්මනන්ට් යන වචනය යෙදුවේ “ජහ්නුසුත” නමින් ඔහුට ස්පෙයාවීල් එකක් ඇති බවටද තොරතුරු ඇති හෙයිනි.

ඉසුරාට “නීලකණ්ඨ” පමණක් නොව “බරණිඳු”යනුවෙන්ද නමකි. ඊශ්වරන් කීවද කමක් නැත. මහේෂ්වරන් කීවද කමක් නැත. ඔහුගේ ගෙල බැඳි මාලය නාගයෙකි. “බරණිඳු ගෙල වසන නාරජ වෙමින් ගරු” ලෙසින් සුභාෂිතේ ඇත්තේ එහෙයිනි.

අපේ කට්ටිය අතරත් ගොනා නොකියා “ජොනා” ලෙසින් ස්පෙයාවීල්කාරයන් වැජඹෙන බව නොදන්නෝ වෙත්ද? ඒ ගැන වැඩිදුර ඕනෑ නැත. ඔය මදෑ.

ඊශ්වරගෙ ලොකු පුත්‍රයා පුල්ලෙයාර්ය. නැත්නම් ගණපතිය. ඒ බඩ්ඩගේ නාමාවලිය දාහක් තරම්ය. ලඹෝදර, ඒකදන්ත ආදී වශයෙනි. පිල්ලෙයාන් කීවද කාරියක් නැත. (හැබැයි කරුණා අම්මාන්ගේ ගෝලයා කියන්නට නම් නොහැකිය). එතුමාගේ වාහනේ මීයාය. මූසිකය. ඉංගිරිසියෙං Rat ය. පාලියෙං රාඛුං (රාකුං)ය.

පවුලෙ බඩපිස්සා මිස්ටර් “කතරගම”ය. එයාගෙ වාහනේ මොනරාය. හැබැයි “කතරෙ” තාත්තගෙම පුතණ්ඩියාය. තාත්තටත් දෙන්නෙකි. මෙයාටත් දෙදෙනෙකි. වල්ලි සහ තේවානි ඩබලය. තේවානි කීවට ඇත්තම නාමය දේවානිය. දේවයිනී කීවද නිවැරදිය. අපේ දෙමළ සහෝදරයන්ට “දේ” යන පදය උසුරුවීමට මඳක් දුෂ්කර හෙයින් “තේ” යැයි කියති. හැබැයි ඔය ඇතැමුන් ෂන්මුගම් (නිවැරදි වචනය ෂන්මුහම්) යැයි වලිගෙ පාගාගෙන කියන්නේ අපේ “මහසෙන්”රජතුමාට බව නම් අමතක නොකරනු මැනැවි.

(පුල්ලෙයාරෙ කොපමණ ලයින් දැම්මත් එක පැටික්කියක් හෝ ඒකා දෙස බලන්නේ ද නැත. උගේ අලි බඩ නිසා කිසිම දෙයක් කරන්න බැරි බව දන්නා හෙයිනි. ඌට මනමාල පිස්සුවය. අහවල් වාතෙ හිසට ගසා ඇත්තා සේය. (අපේ පත්‍රයක සුබසරණ සේවයටවත් දැම්මොත් චාන්ස් එකක් වදින්නට බැරිකමක් ද නැත.)

ඉතිං ඉසුරා ගෙදර නැති කල නිවැසියෝ එක එකා කාගන්නවෝය.

පාර්වතීගෙ සිංහයා ඊශ්වරගෙ ගොනා, (නන්දියා) මරාගෙන කන්න පසුපස පන්නයි. එවිට නන්දියා පණ බේරාගන්ඩ දුවන දිවිල්ල, අප්පුච්චේ කියල වැඩක් නැත. අහවල් “කුට්ටම” දෙපැත්තට වැනෙන හැටි බලන්න “සුර” ගැටිස්සියො පොරකකා එත්ල.

ඉච්චර නම් මදෑ.

බාල එකාගෙ මොනරා නිතරම මානෙ අල්ලන්නෙ නයා ගිලදැමීමටය. නයා නිතරම සර්ච් ලයිට් එක අල්ලා බලන්නේ මීයා ගිලින්නය.

ඇයි අර අම්මණ්ඩිල දෙන්න පාර්වතියි ජහ්නුසුතයි නිතරම කොණ්ඩ වලු පටලවා නොගන්නවාද නොවේ. ඒ ඔවුන් ඩයනා නෝනලෑ පරම්පරාවෙ නිසාවෙන් විය හැකිය. ඔය කතාව මහජන අවබෝධය සඳහා පමණි. ඊශ්වරන් ටිකකට හරි ඇලට් එකක් දැම්මොත් අර බෙල්ලෙ මාලෙ (නාගයා) නළල මැද තියෙන හිස් ඇහේ කුහරයට රිංගන්නේය. ඔය කතාව කීවෙ නන්දියා සර්විස් එක දෙන ෆැමිලි එක ගැන කියන්නය. මේ ටිකත් අහන්නකෝ. තව පොඩ්ඩයි ඈංංං.

අපට වැඩිපුරම ගැළපෙන කතාව නන්දි විශාල ජාතකේ “නන්දි”ය. නන්දිට හරි සවි ශක්තිය ඇති බව උගේ බොස් දනී. මොන තරම් බරක් පැටෙව්ව ද සුටුස් ගා අදින බවත් දනී. බර පටවන ලද ගැල් (කරත්ත) පන්සියයක් ඇදීම නන්දිට කජු කනවා වැනිය. එවැනි ශක්තියක් නැති බවට දිනක් වෙනත් ගැල් සාත්තු (තවලං) කාරයකු අවලං කතාවක් පැවැසීමේ වාදය කෙළවර වූයේ දෙදෙනා මසුරන් දහසකට ඔට්ටුවක් ඇල්ලීමෙනි. තම ප්‍රතිවාදියා ඉදිරියේ භාණ්ඩ පැටවූ ගැල් පන්සියය නනදිගේ කරේ ගැටගැසූ බොසා “ඒයි ඩෝ මේක උඹට අදින්ඩ බැරිකමක් නෑ. ඇදපිය යකෝ” යැයි කීවේ මේ ආර්ථික දුෂ්කරතාව ඇදගෙන විඳගෙන යන්න උඹලට බැරිකමක් නෑ යැයි අහවලා කියන්නා සේය.

මේ ගේම දැක බලා ගන්නට මිනිස්සුද වටවී උන්හ. එහෙත් නන්දියා හෙලඋණේද නැත. බොසා කොපමණ කෑගැහුවත් පලක් නොවූ තැන “නිකාං සවුත්තු” වූ ලොක්කා මසුරං දාහකට කෙළවා ගත්තේය.

ඒ පාඩුව සහ පීචං වීම නිසා පෙරේතයා පොළොවේ ගැහූ අන්දමින් විරුවාපට්ටං ගසා සිටි තමන්නෙ ලොක්කා උන් තැනට නන්දියා ආවිට “ඔහේ නිසා මට මසුරං දාහකට තට්ටු වුණා” යැයි නාහෙන් අඬමින් කීවේය.

“වැඩක් කරව ගන්න ගොනකුට වුණත් කතා කරල කියන ශෛලියක් තියෙනවා. අර මිනිස්සු මැද්දෙ මම පලිච්චි වුණා. හෙට ඔට්ටුව ඩබල් කරල කරත්ත දාහක් ගැට ගහල ෂේප් එකේ කතාකරන්ඩ මම අදින්නෙ නැද්ද බලන්ඩ” නන්දි කීවේය.

පසුදා ඒ විදිහටම කටයුතු කළ බොසා “මගෙ හොඳ පුතානෙ, මගෙ අතේ සල්ලිත් නෑ. ඉල්ල ගන්ඩ කෙනෙකුත් නෑ. කවුරුවත් ණයට දෙන්නෙත් නෑ. අපට සල්ලි අච්චු ගහන්ඩත් බෑ. මගෙ හොඳ පුතානෙ. මම දන්නව ඔයාටත් අමාරුයි තමයි” යනුවෙන් ලොක්කා හොටු පෙරපෙරා නාහෙන් අඬන්න පටන් ගත්තේය. නන්දියා ඉතිං මොනවා වුණත් ගොනා නිසා කියන විදිහට ඔහේ ඇදගෙන ගියේය.

ඉස්සර ගොවි රාළලා හරක් (ගොනුන්) දැක්කුවේ “ගොඩයන්ඩ තව ඩිංගයි මයෙ දූවෝ..ඕ..ඕ..ඕ” කියමිනි.

ඊට පස්සේ “පටි තදකර ගනිං මයෙ අප්පෝ….ඕ..ඕ..” කියමිනි.

ඊයෙ පෙරේදා හරක් දක්කනවා ඇහුනේ “කරන්න දෙයක් නැතෝ..ඕ..ඕ.. පහළොව දහඅට කෙරුවෝ..ඕ..ඕ..” කියමිනි.

දවල්ට කාලා බත් මතට ටිකක් හාන්සි වුණත් හෙට අනිද්දා එන්ඩ තියෙන අයවැය ගැන කල්පනා කරකර හිටි නිසා මොන මොන මනෝ විකාර සිහි වුණාද නං කියන්න බෑ.

දැං අය වැය කියන එක නමට විතරයි නෙ. ඔක්කොම ගැසට් නෙ. නැත්නං අය වැය අතළඟ තියෙද්දි වැට් ගහන්නෙ මක්කටෙයි.

ගතවුණු හැම අයවැයකින්ම සංවර්ධනේ ගැන බෙරිහං තැලුුවා. ඒත් දැන්නං මහ බැංකුවෙ කිරිපල්ල අතගෑවත් ඩොලර් දහයක් හොයාගන්ඩ නැති ගානයි.

මේ දක්වා හැම අයවැයක්ම පාහේ පියවන්නට සිදුවූයේ විදේශ ණයවලින් මිස අපේ නිෂ්පාදන හෝ වෙනත් ආයෝජනවලින් ලැබෙන ආදායමකින් නොවේ.

රොනී ද මැල් මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ අයවැයක් ගැන ඊට පසු දිනම ඇත්තේ (ඇත්ත පත්‍රයේ) සිරා (කර්තෘ බී.ඒ. සිරිවර්ධන) දැමූ මුල් පුවතේ හෙඩිම (ශීර්ෂ පාඨය) වූයේ “මෙවරත් අයවැයෙන් හිල්මැකුවේ” ණයටයි” යනුවෙනි.

පනහේ සිට හැත්තෑ පහ (1950-1975) දක්වා කාලය අතර අයවැයේ ප්‍රධාන අරමුණ නිකං (නොමිලේ) හාල් දීම ගැනය. 1970 මැතිනිය බලයට ආවේ හඳෙන් හාල් දෙන නියායෙනි. 1977 ජේ.ආර්. ඇට අටක් දෙන්නට ආවේය.

ඉනික්බිති කඩිනම් මහවැලිය ආවේය. එය ඉඩෝරයට පොද වැස්සක් වී කිසියම් අන්දමක තාවකාලික සහනයක් ගෙනාවේය. අනතුරුව ගෙනා විවෘත ආර්ථිකය පණුකැවිල්ලක් (දදයක්, කුෂ්ඨයක්) කසන විටෙක ලැබෙන සුවයක් වූයේය.

හැත්තෑවට පෙර අයවැයක් ඉදිරිපත් කිරීම යනු රටම හොල්මං කිරීමකි. ඊට ප්‍රධාන හේතුව වරින්වර භාණ්ඩ මිල වෙනස් නොවීමයි. මොනව වැඩිවෙයිද? මහජනයා අතර නිතැතින් තිබූ කුහුලකි. කඩකාරයන් පාරිභෝගික භාණ්ඩ සැඟවීමද ඊට සමගාමීය. දුම්වැටි, මත් වතුර බෝතල්වල මිල වැඩිවීම අනිවාර්ය බව සියල්ලෝම දත්හ.

අය වැයට දින ගණනාවකට පෙර සිට දුම්වැටියක් (සැඟවීම නිසා) බේතකට හෝ සොයාගත නුහුණු අවස්ථාවක එවකට මුදල් ඇමැති ඇන්.ඇම්. පෙරේරා දුම්වැටි මිල අඩු කෙළේය. ව්‍යාපාරිකයෝ නන්නත්තාර වූහ.

හිතු හිතූ අන්දමට භාණ්ඩ මිල ගැසට්වලින් වෙනස්වීමේ කලාව (මට මතක හැටියට) ආරම්භ කෙළේ ඇන් ඇම්.ය. මිල වැඩිවීමේ සෑම ගැසට්ටුවක්ම ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රි fදාළහේ සිට බලපවත්වන අන්දමටය.

(කාටන් ශිල්පී විජේසෝමගේ පුංචි සිංඤ්fඤා් නිදාගත්තේ නැත.

“ඇයි නිදන්නෙ නැත්තෙ?” කෙනෙක් අසති.

“නිදාගත්තොත් රෑ fදාළහට ගැසට් එකෙං බඩුමිල වැඩිවෙන හිංදා” පුංචි සිංඤ්fඤා් කීය.

කවුරු මොනවා කීවත් (මට හිතෙන හැටියට) විප්ලවකාරී (මහජන හිතකාමී) සංවර්ධන අයවැය ඉදිරිපත් කළේ ඇන්.ඇම්.ය. ඔහු තම අයවැයෙන් විදේශීය ණය විශාල ප්‍රමාණයක් පියෙව්වේය. එසේම විදේශීය ණය ගැනීමෙන් වැළකී සිටියේය.

හෙතෙම පළමුවෙන්ම වත්කම් සත්‍යාපනය කෙළේය. (අප රටේ මූල්‍ය වත්කම් ප්‍රමාණය කොපමණ දැයි සොයා බැලීම)

එවක (1970) තිබූ නෝට්ටුවල ඉහළම වටිනාකම රුපියල් පනහේ සහ සියයේ නෝට්ටුය. ඇන්.ඇම්. ඒ මුදල් නෝට්ටු අවලංගු කර අලුතින්ම නෝට්ටු දෙකක් හඳුන්වා දී තමන් සතු පරණ නෝට්ටුවලට අලුත් ඒවා බැංකුවලින් මාරු කරගන්නා ලෙසට කීවේය.

අල්මාරි පෙට්ටගම්වල පුස්කකා තිබූ සියලු මුදල් බැංකුවලට ආවේය.

දඹානේ ආදිවාසි රැහේ නායක තිසාහාමි බැංකුවට පොදියක් රැගෙන ආවේය.

“කොච්චර තියෙනවද?” බැංකුවෙන් ඇසුවේය.

“රාත්තල් හතයි” තිසාහාමිතුමා උත්තර බැංදේය.

ඇත්ත තිත්ත බව සැබැවි. තිත්ත වුවත් ඇත්ත ඇත්තමය. රට ගැන මහජනයා ගැන එදාමෙදා තුර මුදල් ඇමැති කෙනකුට නොතිබුණු කැක්කුමක් ඇන්.ඇම්.ට තිබුණේය.

මේ රටේ මැණික් එතෙක් පිට රට යැව්වේ හොර පාරේය. සියලු ආදායම පෞද්ගලික වෙළෙන්දන්ටය. ඇන්.ඇම්. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (මැණික් සංස්ථාව) පිහිටෙව්වේය. රටට හොඳ ආදායම් මාර්ගයක් වන ස්කාගාර සංස්ථාව ඔහු පිහිටෙව්වේය. (දැන් ඒක පෞද්ගලිකකරණය කෙරී තිබේ.)

ලංකා ලෝහ සංස්ථාව, ටයර් (කැලණි) සංස්ථාව, තුනී ලෑලි සංස්ථාව, තුල්ටෙක්ස්, වේටෙක්ස්, හිඟුරාන, කන්තලේ සීනි ආදී කර්මාන්ත ශාලා පිහිටෙව්වේය.

ජ.න.ව.ස.ම. සහ වැවිලි සංස්ථාව ස්ථාපනය විය. ඒවා පසු කලෙක අසාර්ථක වූයේ ගෙරි කුණකට වහ වැටුණු කැණහිළුන් සුනඛයන් සේ අතළොස්සක් වූ ගසාකන්නන් වහවැටී ඇද ඇද කන්නට පටන් ගත් නිසාය.

ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලැබුවේ අනිල් මුණසිංහ සභාපතිවරයා වශයෙන් සිටි සමයේය. ඔහු කිසිවකුට සතයක් හෝ ගසාකන්නට ඉඩ නුදුන්නෙකි.

පසු කලෙක බලයට පත්වූවෝ ගර්හිත බස් විකුණන මුවාවෙන් වංචාකර අත්පත්කරගත් බස් රථ ගෑනුදරුවන් දීග දෙන විට දැැවැද්දටත් දුන්හ.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව දුප්පතාට හිතවතෙක් වූවේය. එහි සේවකයෝ දහස් ගණනක් උන්හ. එය නැතිභංගස්ථාන වූයේ කපුරු පිළිස්සුණු තැන ලහඳුවත් ඉතුරු නොවන්නා සේය.

පුළුපුළුවං එවුං මේ සම්පත් සියල්ල විකුණාගෙන කෑවෝය. ඔය හොර යකුන් අනුගමනය කෙළේ “විකුණොමික්” ආර්ථික න්‍යයායය. අපට ඇත්තේ මේ දේවල් ගැන හිතමින් හීල්ලීම (සුසුම්ලෑම) පමණි. නුදුරු අතීතයේ සිදුවූ මේ දේවල් වර්තමානයේ දන්නෝ පවා ඉතා විරලයහ. (දුලබය) ඒවා අතීතය සමගම වැළලී ගොසිණි. මහමෙරටත් වැඩියෙන් ලොකුවට ඉතුරුවී ඇති ණය කන්ද ඒවායේ ශේෂෝපගත සාධකය.

තව ටික දවසකින් 2024 අයවැය ඉදිරිපත් කෙරේ. චිරාගත සම්ප්‍රදායෙන් පිටපනින අයුරක් නම් කිසිසේත්ම එමගින් අපේක්‍ෂා කළ නොහැකිය. පෙනෙන්නටත් නැත. පණගැන්වූ සෙල්ලම් දුම්රියක් වටරවුමේ කැරකෙන්නා සේ කැරකීමක් පමණි. කොළේ (ගොයම් කොළය) බැන්ද නැතහොත් ගහේ බැන්ද හරකා කැරකෙනවා සේය.

කෑගහන උන්ගේ කටවල් නිසා පහළොස් ලක්‍ෂයක් තරම් රාජ්‍ය සේවකයන්ට රුපියල් දාහක දීමනාවක් ඇතැම් විට මෙවර දෙතැයි අනුමාන කළ හැකිය.

අට ලක්‍ෂයක් තරම් විශ්‍රාමිකයන් හෙට අනිද්දා වළගම්බා රජු බැහැ දකින්නට නියමිත බැවින් ඔවුන් ගැන එතරම් සැලකිල්ලක් නොගන්නවා විය හැකිය.

අයවැයෙන් සාමාන්‍ය මිනිහාට යහපතක් නොවන බවට පූර්ව නිමිත්ත වැට් බද්ද වැඩිවීමය. සල්ලි අච්චු ගහන්නත් බෑ කියමින් නාහෙන් අඬන්නේ නන්දි විශාල ගොනා දැක්කුවා සේ මේ රටේ ඔක්කොම ගොනුන් ටික දක්කන්නටය.

ඔය සත්ත කරුණාව අර දවස්වල ඡන්දෙ කල්දාගන්න දහං ගැට ගහන කාලේ නොතිබීම ගැන අපි කනගාටුවෙමු.

රවි කරුණානායක උන්නැහේ මුදල් ඇමැති වශයෙන් සිටි යහපාලන ආණ්ඩුව සමයේ ගෙනා අයවැයේදී වර්ග අඩි 2000ට වැඩි නිවාසවලින් බද්දක් අයකරන්න ගෙනා යෝජනාව වැදූගෙයි සන්නිය හැදී වැදූගෙයිම මියගියේය.

පොඩිමිනිහා ගැන බලනවා නම් කරන්න වැඩ කෝටියකි. සීනි, පොල්තෙල්, සුදුලූනු ආදියෙන් ගසා කෑ උන්ගේ කුලලෙන් (බෙල්ලෙන්) අල්ලාගන්නට ඇත්තට මුන්ට බැරි ඇයි?

ගෝඨා කෝටි පන්සියයක් බදු සහන දුන් හැත්ත වරිගේගෙන් ඒවා අයකර ගන්න බැරි හැටියක්. (ගෝඨා පැනගිය දවසෙ කාමරේ තිබී හම්බ වූ පොකට් මනි දෙකෝටියකට ආසන්න මුදල ගැන සිතා බලත්වා. මිනිහට ඒක ගෙනයන්න බැරිවූයේ පොඩි මුදලක් නිසා විය යුතුය.

දයා ගමගේ ලොක්කාගේ කෝටි 600ක් බොල් ණය හැටියට කපා දමන්නට පිළිවන. ඇයි ඒ තමන්ගෙ එකෙක් නිසාය. අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුවලින් සියයට ආසන්න සංඛ්‍යාවක් නිසි අන්දමින් පවරා නැතැයි කියන කරුණ මත විසික්කර ඇත්තේ කාගෙ හෝ වාසනාවකටය.

අඩුම වශයෙන් මුන්ගෙන් එකෙක් හරි කුදලා හිරේ දැම්මා නම් මේ රට යන දිශානතිය දශමයකට හෝ වෙනස් කළ හැකිය. බේත්වලින් ගසාකෑ අයගේ බොටුවෙං අල්ලා ගත්තේ නම් සියයට අනූවක්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නකි.

“ඉල්ලන හිංද නිදහස දෙනව. ඒත් මේ අයට ඒ නිදහස භුක්ති විඳින්න පුළුවංද කියන එක ගැන නං සැකයි.” ලංකාවට නිදහස දීමේ දී මේ ප්‍රකාශය කෙළේ අයිවර් ජෙනිංස්ය.

මේ අයවැය ගැන කතාකිරීමත් වැඩක් නැති වැඩකි. පේන හොඳක් නැති නිසාය. පුළුවං එකෙකුටවත් කරන්න දී යන්නෙ නැතුව අඳුරේ අතපතගාමින් පෙරේතකමේ එල්ලී සිටිනවාය.

පනස්ගණන්වල මුල (1950) අප කුඩා කාලයේ පෞද්ගලික ගමනාගමනය වශයෙන් තිබුණේ මුදලාලිලාගේ බසයක් ධාවනය කිරීමයි.

අපේ පංසලේ නායක හාමුදුරුවන් වහන්සේ ගමනක් වැඩ (ගොසින්) බස් එකක් නැතිව රාත්‍රී අටට නවයට විතර තට්ට තනියම පට්ට කරුවලේ (ඒ දවස්වල විදුලිය තිබණේ නැත) ගමේ වෙල මැද අඩිපාර දිගේ දවසක් එමින් සිටියෝය.

ඒ පාරේම අනිත් පැත්තෙන් අපේ අවිවාහක බාරමාමා (බාරොං කියන නම කෙටියෙං) එමින් සිටියේය. ඔහු ගමේ අයියාය. එසේම අපේ අම්මාගේ මල්ලී කෙනෙකි.

බාරමාමා ඔය වෙලාවට බේබි නැන්දාලාගේ (ඒ කාලෙ ඇය ගැටිස්සිය) ගේ ළඟින් එන්නේ රා අඩ්ඩ ගසා සරම අංශක විසිතුන හමාරක් උඩට එසවෙන්නට වම් අතින් අල්ලාගෙන “යං ළඳේ..ඒ..ඒ.. රටක කාටත් නොකියාම..අ..අ..අඅ” කියමින් ගමටම ඇසෙන්නට ඕසෙ අදිමිනි.

ඔන්න ඔහොම බාරමාමාත් හිතේ පුරුද්දට කරුවලේම එසේ එනවිට අනිත් පැත්තෙන් වඩිමින් සිටි නායක හාමදුරුවන්ගෙ ඇඟේ “දඩාස්ගා” හැපුණේය. හැපුණ ගමන්ම බාරමාමා
“කවුද යකෝ” කියා ඇසුවේය.

“මම අ..අ,මම..අ..අ,”යැයි කනට ඇහෙන නෑහෙන හඬින් නායක හාමුදුරුවෝ කීහ.

“කවුද යකෝ මම කියන්නෙ” මාමා කඩා පැන්නේය.

“මම..අ..අ.මම..අ.. මේ මහණ කෙනෙක්, මහණ කෙනෙක්” හාමුදුරුවෝ කීහ.

“අම්මගෙ රෙද්දද? යකෝ පාර මැද කරුවළේ මහන්නෙ” මාමා ඇසුවේය.

අපට අහන්න තියෙන්නෙත් ඔන්න ඕකට සමාන එකක්මය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

විජයදාස ඇමැතිතුමනි කතාව ඇති නම් ටික එළියට දාන්න අපි ඔබට අභියෝග කරනවා I Sri Lanka Latest News

Next Post

ICC එක ලංකාවේ ක්‍රිකට් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.