• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලිසමේ චූ යනවා! අවශ්‍ය දේ අමතක වෙනවා! තව තව පිස්සු කෙළිනවා! අනේ නායකයිනි හැටපහ පැන්නට පස්සෙවත් ගෙදර පලයල්ලා…! සුඩානයේ කලිසමේ චූ ගිය ජනාධිපතිගෙන් පාඩමක් ඉගෙන ගනිල්ලා…!

January 20, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
කලිසමේ චූ යනවා! අවශ්‍ය දේ අමතක වෙනවා! තව තව පිස්සු කෙළිනවා! අනේ නායකයිනි හැටපහ පැන්නට පස්සෙවත් ගෙදර පලයල්ලා…! සුඩානයේ කලිසමේ චූ ගිය ජනාධිපතිගෙන් පාඩමක් ඉගෙන ගනිල්ලා…!
Share on WhatsAppShare on Facebook

“මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. මෙහෙම කතාවක් අපට මීට පෙර අසන්නට ලැබිලා නැහැ. දකුණු සූඩානයේ යුද හමුදාවට සහ එම රජයේ මිත්‍ර සන්නද්ද කණ්ඩායම්වලට මාසික වේතනයන් ගෙවා ගන්න මුදල් නැහැ. මේ නිසා රජය හමුදා සාමාජිකයන්ට කියලා තිබෙනවා ඒ වේතනයට හිලව් වෙන්නට සුඩාන තරුණියන් දූෂණයට ලක්කරන්නට කියලා. එසේ ස්ත්‍රී දූෂණය සිදු කිරීමේදී රජය කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් එම සොල්දාදුවන්ට එරෙහිව නොගන්නා බවත්, ඒ ක්‍රියාවලිය සඳහා සම්පූර්ණයෙන් අවසර ලබාදෙන බවත් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අනුව පසුගිය වසර තුළදී පමණක් දකුණු සුඩානයේ තරුණියන් 1300ක් පමණ අමු අමුවේ දූෂණයට ලක්වෙලා තිබෙනවා. මේ තරුණියන් අවුරුදු 13 සිට 30 දක්වා වයස්වල පසුවන පිරිසයි. පාසල් සිසුවියන් විශාල පිරිසක්ද මේ අතර ඉන්නවා. මේ ස්ත්‍රී දූෂණයන් බහුතරයක්ම සිදුවෙලා තිබෙන්නේ අර යුද හමුදා වේතනයට හිලව් වන ගෙවීමක් ලෙසයි. දකුණු සුඩානය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වෙලා දැනට වසර 05ක් ගතවෙලා තිබෙනවා. රට තුළ කිසිම දියුණුවක් නැහැ. දවසින් දවස විකාශයට පත්වෙමින් තිබෙනවා.”

මෙම ගත සිත කීරි ගැසෙන කතාව අසන්නට ලැබෙන්නේ මෙයට හරියටම වසර 07කට ඉහතදීය. මේ වගතුග කිසිවකු විසින් විනෝදයට ගොතන ලද්දක් නොවේ. ලෝකයේ සැබෑ ලෙසම සිදුවූ සජීවී කතාන්දරයකි. හමුදා වේතනය වෙනුවට තරුණියන් දූෂණය කිරීමට අවසර ලබාදීම යම් රටක රජයක් විසින් සිදු කරන්නේ යැයි පැවසීම අප මින් පෙර කිසි දිනෙක අසා නැති කතාවකි. එහෙත් දැන් එය සත්‍ය වගතුගක් බවට පත්වී ඇත. මෙයට වසර 07කට පෙර ප්‍රකාශයට පත්වුණු බීබීසී ජාත්‍යන්තර මාධ්‍ය සේවයේ වාර්තාවකින් මේ බැව් ප්‍රකාශ කර තිබිණි. එනම් එම ප්‍රකාශය සිදුව තිබුණේ 2016 මාර්තු 11 වැනිදාය. බීබීසී වාර්තාවට අනුව පැවසෙන්නේ ඉහත බැරෑරුම් ප්‍රකාශය සිදුකර ඇත්තේ එසේ මෙසේ පාර්ශ්වයකින් නොව ඍජුවම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බැව්ය. එනම් එකල එක්සත් ජාතීන්ගේ නිල වාර්තාවකට අනුව එම බීබීසී මාධ්‍ය වාර්තාව සකස් කර තිබිණි. එම වාර්තාව මගින් එකල ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ අංක එකට ඇති ලිංගික අපරාධ සිදු කරනා රට දකුණු සුඩානය බවයි. තවද හෙළිවන සුවිශේෂී කරුණක් නම් මෙම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ප්‍රකාශ වී තිබෙන්නේ එවකට මානව හිමිකම් කොමසාරිස් වූ සොයිඩ් රාද් අල් හුසේන්ගේ අධීක්ෂණය යටතේය. ඔහු ඒ මගින් තවදුරටත් අවධාරණය කර ඇත්තේ ලෝකයේ දරුණුතම සහ පිළිකුල්සහගතම මානව හිමිකම් උල්ලංඝනය වන රට දකුණු සුජානය බවයි. සමහර දකුණු සුඩාන හමුදා සාමාජිකයන් විසින් පාසල් සිසුවියන් දූෂණයට ලක්කරන විටදී එම තරුණියන්ගේ මව්වරුන්ට එම දසුන් දක්නට සලස්වන ආකාරයෙන්ද එම අපරාධ තිරිසන් අයුරින් සිදුකළ බැව්ද ඉහත එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙයි.

කාලයක් පුරා අපට ලෝකයෙන් අසන්නට ලැබුණේ එක් සුඩානයක් ගැන පමණි. එහෙත් මෙලෙස තවත් සුඩානයක් ගැන අසන්නට ලැබුණේ පසු කලකදීය. එනම් වසර ගණනාවක් පුරා පැවැති සුඩානයේ සිවිල් යුද්ධයෙන් පසුව 2011 ජූලි 09දා දකුණු සුඩානය වෙනම රාජ්‍යයක් ලෙසට බිහිවිය. ඉන් පසුව එතැන් සිට මේ තාක් දක්වා වෙනම රාජ්‍ය පාලනයක් යටතේ එරට පාලනය වෙයි. එනම් වසර 12කට පෙර එසේ කැඩී වෙන්වුණු දකුණු සුඩානය නම් ස්වාධීන රාජ්‍යයට වෙනම ජනාධිපතිවරයකුද පත් වූයේය. ඔහු ප්‍රධාන සුඩානයට එරෙහිව සිවිල් යුද්ධයක් මෙහෙයවූ යුද හමුදා ප්‍රධානියකුද වූයේය. එලෙස දකුණු සුඩානයේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසට පත්වූයේ සැල්වා කීර් මයාර්ඩිට් (Salâ Kiir Mayardit) නමැති සුඩාන දේශපාලකයාය. ඔහු ඉන් පෙර ප්‍රධාන සුඩාන රාජ්‍යයේ උප ජනාධිපතිවරයා විය. එසේම එරට යුද හමුදාපතිවරයාද විය. දැනට 71 වැනි වියෙහි පසුවන මොහු එදා එම රාජ්‍යය පිහිටුවාගත් දිනයේ සිටම මේ තාක් දක්වා දකුණු සුඩානයේ ජනාධිපති ධුරයෙහි වසර 12ක් රැඳී සිටියි.

මෙම දකුණු සුඩානය නමැති රාජ්‍යයේ ඉහත ශෝචනීය වගතුගක් ලියා තබමින් මේ ලිපිය ආරම්භ කිරීමට හේතු වූයේ කුමක්ද? එය නම් එක්තරා අතිශය අපූරු කතාන්දරයකි. එනම් මෙයට දින කිහිපයකට පෙරදී මෙම වගතුග ආරංචි වූයේ දකුණු සුඩානයේ ‘ජ්‍රබා’ අග නගරය තුළිනි. එනම් එම නගරයේ අලු‍තින් ඉදිකරන මහා මාර්ගයක් විවෘත කිරීම සඳහා දකුණු සුඩාන ජනාධිපති සැල්වා කීර් මයාර්ඩ්ට් පැමිණ ඇති අතර, උත්සවය ආරම්භ වී එරට ජාතික ගීය වාදනය කිරීම උදෙසා සියලු‍ම පිරිස් සීරුවෙන් සිටගෙන ඇත. ගතවූයේ විනාඩියක පමණ වේලාවකි. ජාතික ගීය වාදනය වෙමින් තිබුණේය. ජනාධිපතිවරයා සීිරුවෙන් සිටගෙන සිටින විටදී ඔහුගෙන් දක්නට හැකි වූයේ ඉතාමත්ම අස්වාභාවික දසුනකි. එනම් ඔහු යම් අපහසුතාවකින් සිටින ආකාරයක්ම සැණෙන් දිස්වන්නට ගත්තේය. තම ළය මතට එක් අතක් තබාගෙන ජාතික ගීයට ගෞරවය දක්වන ජනාධිපතිවරයාගේ ශරීරයෙන් පහළ කොටසෙහි යම් ලක්ෂණයක් දක්නට හැකි වූයේය. එනම් ඔහුගේ යුරෝපීය දිගු කලිනමේ ඉහළ සිට දෙපතුළ දක්වා යම් ද්‍රාවණයක් බේරීගෙන පහත දක්වා ගලා යන ආකාරය දිස්වන්නට විය. මෙම ද්‍රාවනය පහතට ගලාගෙන එන්නේ ඔහුගේ ලිංගික ප්‍රදේශයේ සිට බැව් පෙනෙන්නට විය. සැණෙන් ඔහුත්, මෙම දසුන නෙත ගැටෙන්නට වූ පිරිසත් මහත් අපහසුතාවයට පත්විය. සිදුවන්නේ කුමක්දැයි රැස්ව සිටි පිරිසත්, ජනාධිපතිවරයාත් වහා අවබෝධ කර ගත්තේය. ජනාධිපතිවරයාට නොදැනුවත්වම මුත්‍රා පිටවන බැව් පෙනී ගියේය. ඔහු එම අවස්ථාවේ පැලඳ සිටියේ ළා නිල් පැහැති දිගු කලිසමක් හෙයින් මෙසේ මුත්‍රා පිටව යන ආකාරය ඉතාමත් පැහැදිලිවම දක්නට හැකි විය. තත්පර කිහිපයක් පුරාම එසේ මුත්‍රා පහව ගිය පසු ඔහුගේ සපත්තු පැලඳි දෙපතුළ ළඟ කුඩා තටාකයක ආකාරයෙන් මුත්‍රාවලින් පිරී ගියේය. මෙම සිදුවීම වන විටද ජනාධිපතිවරයාද තමන්ට සිදුවන්නේ කුමක්දැයි තම හිස බිමට නැඹුරු කරමින් බලන ආකාරයද දක්නට හැකි විය. එසේම උත්සව සභාවේ පිරිසද මහත් අපහසුතාවයකට පත්වන ආකාරයද දක්නට හැකි විය.

දකුණු සුඩානයේ ජනාධිපති සැල්වා කීර් මයාර්ඩිට්ට මුහුණ දෙන්නට සිදුවූ මෙම අකරතැබ්බය දුටු එතැන සිටි මාධ්‍යවේදීන් කිහිපදෙනකුම එම දසුන් තමන්ගේ කැමරාවන්ට හසුකර ගත්තේය. තත්පර ගණනාවක්ම සිද්ධිය නිමවන තුරුම එම ඡායාරූප මාධ්‍යවේදීන් සජීවී දසුන් රූපගත කර ගත්තේය. ඉන් පසුව උත්සවයෙන් අනතුරුව මෙම දුර්ලභ දසුන් විවිධ මාධ්‍ය හරහා විකාශනය කරන්නට ගත්තේය. සිද්ධියේ දෙවැනි ජවනිකාව පටන් ගන්නට වූයේ එතැන් සිටය. එනම් සිදුවීම ගිනි ජාලාවක් බවට පත්වන්නටද ගත්තේ එතැන සිටය. දර්ශන රූපගත කරගත් ඡායාරූප මාධ්‍යවේදීන් 06 දෙනකු පමණ තමන්ගේ දුර්ලභ දසුන් මාධ්‍ය ආයතන හරහා විකාශනය කළේය. එසේම සමාජ මාධ්‍ය ජාලා රැසකද සිදුවීමේ දසුන් විකාශනය වන්නට විය. එසේ සිදුවන්නටවී ගතවූයේ හෝරාවකටත් වඩා අඩු කාලයකි. මාධ්‍යවලින් තමන්ට මුහුණ දෙන්නට වූ සිදුවීම විකාශනය වන අයුරු දකුණු සුඩාන ජනාධිපතිවරයා බොහෝ අවධානයෙන් බලා සිටියේය. තවත් ගතවූයේ විනාඩි කිහිපයක් පමණි. ජනාධිපතිවරයා මහා කෝපයකට සහ ආවේගයකට පත්වන්නට විය. තමන් සම්බන්ධ මෙම දසුන් විකාශනය කළ මාධ්‍යවේදීන් 06 දෙනාම වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ජනාධිපති සල්වා කීර් මයාර්ඩිට් තම ආරක්ෂක අංශවලට නියෝග කළේය. ආරක්ෂක අංශද සැණෙන් තම පාලකයාගේ නියෝගය ක්‍රියාත්මක කළේය. මාධ්‍යවේදීන් 06 දෙනාම හැකි ඉක්මනින් අත්අඩංගුවට ගනු ලැබුවේය. කෙසේ හෝ මෙම සිද්ධියේ දසුන් දකුණු සුඩාන රූපවාහිනිය මගින් විකාශනය කිරීම නවතන ලදී. එසේ වූයේ රාජ්‍ය රූපවාහිනිය මගින් මෙම දසුන් විකාශනය කළහොත් එම මාධ්‍යවේදීන්ටද සිදුවන ඉරණම අවබෝධ කරගෙනය. තත්ත්වය එසේ වුවද සමහර මාධ්‍ය හරහා ප්‍රකාශ වී තිබුණේ සුඩාන රාජ්‍ය මාධ්‍යයට සම්බන්ධ මාධ්‍යවේදීන් කිහිප දෙනකු ඉහත දර්ශන ප්‍රචාරණය කිරීම සඳහා කටයුතු කළ බැව්ය. කෙසේ හෝ අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් අතර, සුඩාන රජය විසින් පාලනය කරනු ලබන සුඩානයේ ගුවන් විදුලි සංස්ථාවට (South Sudan Broadcasting Corporation) සේවය කරනු ලබන මාධ්‍යවේදීන්ද සිටින බැව් වාර්තා වෙයි. කෙසේ හෝ මෙලෙස අත්අඩංගුවට ගෙන මේ වන විටත් රඳවාගෙන සිටින මාධ්‍යවේදීන්ගේ නම් පවා සමහර මාධ්‍ය හරහා විකාශනය වී තිබිණි. මෙහිදී විදේශ මාධ්‍යවේදීන් කිසිවකුත් නොවන අතර, එරට සුඩාන ජාතික මාධ්‍යවේදීන් පමණක් වන බැව්ද පැවසෙයි.

කෙසේ හෝ සුඩාන ජනාධිපතිවරයාගේ මෙම හිතුවක්කාර, අසාධාරණ ක්‍රියා කලාපය ගැන විවිධ මාධ්‍ය සංවිධාන කිහිපයක්ම තම විරෝධය පළකර ඇත. මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (Committee to protect Journalists) නමැති ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටින මාධ්‍යවේදීන් සියලු‍මදෙනා වහාම නිදහස් කරන ලෙසය. දකුණු සුඩානයේ මාධ්‍යවේදීන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙසය. මේ අතර මාධ්‍යවේදී සංවිධාන මෙන්ම මෙම සිදුවීමට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක්ද තම විරෝධතාවය දකුණු සුඩාන රජයට එරෙහිම එල්ල කර ඇත. කෙසේ හෝ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින මාධ්‍යවේදීන් මේ තාක් දක්වා නිදහස් කර නැත. මෙම සිද්ධිය වාර්තා කරනු ලැබූ දැනට සැඟවී ඇතැයි පැවසෙන මාධ්‍යවේදීන් දෙදෙනකුද සොයා මේ දිනවල එරට පොලිසිය මෙහෙයුම් අරඹා ඇත.

කෙසේ හෝ දකුණු සුඩාන ජනාධිපතිවරයා මුහුණ දුන් මෙම සිදුවීම මාධ්‍යයෙහි ප්‍රචාරණය වීමෙන් පසුව විවිධ සමාජ මාධ්‍ය හරහා විවිධ පිරිස් තම අදහස් සහ විවිධ මතිමතාන්තර ඉදිරිපත් කර ඇත. බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි ශාරීරික ආබාධ ඇති වැඩිහිටි මහලු පුද්ගලයකු රටක නායකත්වයට සුදුසු වන්නේද යන පැනය විය. දැනට 71 වැනි විය ගත කරන සුඩාන ජනාධිපතිවරයාට එරට නායකත්වය දැරීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයක් සහ ශක්තිමත්භාවයක් තිබේද යන්න මෙම පාර්ශ්වවල පැනයට බඳුන්වී ඇත. තවද දකුණු සුඩානය තුළ පවතින සිවිල් ගැටුම්, දරිද්‍රතාවය, කුසගින්න, දැඩි දේශගුණික විපර්යාස හමුවේ මෙවැනි වැඩිමහලු, රෝගී තත්ත්වයේ සිටින පුද්ගලයකු රටේ නායකත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි පැනයක් වී ඇත. මෙම සිදුවීමේදී බොහෝ විට ජනාධිපතිවරයාට මුත්‍රා පිටවී ඇත්තේ ඔහුගේ නොදැනුවත්කමින් බැව්ද, එය යම් රෝගී තත්ත්වයක් බැව්ද වෛද්‍ය පාර්ශ්ව විසින් සිදුකරන ලද නිරීක්ෂණයන්ට අදාළවද අදහස් දක්වා ඇත. යහපත්ම කාර්යය නම් මෙවැනි රෝගී වැඩිහිටියන් වගකිවයුතු තනතුරුවලින් බැහැරව නිදහසේ සිටීම යැයි ඔවුන් තවදුරටත් අවධාරණය කර ඇත.

වෛද්‍ය විද්‍යාවේ මෙවැනි රෝගී තත්ත්වයක් හඳුන්වනු ලබන්නේ නොදැන මුත්‍රා පිටවීම (Uriírg Incontinence) යන නාමයෙනි. මෙම රෝගී තත්ත්වය බොහෝ විට ඇති වන්නේ වැඩිහිටි පිරිස්වලටය. කිසියම් පුද්ගලයකු සිතාමතාම තමන්ගේ ශරීරයෙහි මුත්‍රා පිට කරන්නේ නැත. එහෙයින් නොදැන මුත්‍රා පිටවීම මුළු‍මනින්ම රෝගී තත්ත්වයකි. වෛද්‍ය විද්‍යාව තුළ මෙම රෝගී තත්ත්වය කාණ්ඩ 04කට බෙදා වෙන්කර දක්වා ඇත. එම වගතුග මෙසේය.

■ ආතති අසහනය (Stres Incontinence) යමකුගේ මුත්‍රාශයේ පීඩනය ඇති වන විට නොදැනී මුත්‍රා පිටවීම. උදාහරණයක් ලෙස කැස්ස සහ අධික සිනහව ඇතිවන විටද සිදුවේ. ■ නොසන්සුන්තාවට පෙලෙඹවීම (Urge Incontinence) මුත්‍රා කිරීමට දැඩි ආශාවක් ඇතිවන විටදී නොදැනී මුත්‍රා පිටවීම.
■ පිටාර ගැනීම (Overflow Incontinence) මුත්‍රාශය සම්පූර්ණයෙන් පිරී ඉතිරී පිටාර ගැනීමට පටන් ගැනීම.
■ සම්පූර්ණ නොගැලපීම (Total Incontinence) අසම්පූර්ණ මුත්‍රාශය නිසා මුත්‍රා කාන්දු වීමට පටන් ගැනීම.

මේ ආකාරයට බලන විට මෙම තත්ත්වය මුළු‍මනින්ම රෝගී තත්ත්වයකි. මේ රෝගීතාවය උදෙසා විවිධ වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ වර්ගද වෛද්‍ය විද්‍යාවෙහි ඇත. එසේම ‘පෑඩ්’ වර්ග පැලඳීම ආදියද සිදුකරනු ලබයි. කෙසේ හෝ දකුණු සුඩාන ජනාධිපතිවරයාද එදින එවැනි ප්‍රතිකර්මයක් සිදුකරගෙන සිටියේ නම් යටකී අර්බුදයට මුහුණ දෙන්නේ නැත. ඔහුට එවැනි මුත්‍රා රෝග තත්ත්වයක් තිබුණේ නම් මහජන සභාවකට පැමිණෙන විටදී ‘පෑඩ්’ ඇඟලු‍ම් පලඳනයක් පැලඳීම සිදුකළ හැකිය. අවුරුදු 70 ඉක්මවා ගිය බොහෝ රාජ්‍ය නායකයන්ට මේ සිදුවීම කදිම ආදර්ශයකි. අපේ රටේද බහුතර රාජ්‍ය නායකයන් අවුරුදු 70 ඉක්මවූ පිරිස්ය. ලෝකයේ තවත් දස දෙසද එවැනි මහලු‍ නායකයන් රැසකි. එහෙත් ඔවුනට පෑඩ් පලඳන්නට යැයි උපදෙස් දෙන්නේ කවුද?

අනෙක් අතට පසුගිය දිනෙක ආණ්ඩුව අවුරුදු 60 ඉක්මවූ රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යැවිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කළේය. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් රැසක්ද විශ්‍රාම ගියේය. අප නම් කියන්නේ එම නීතිය 60 පැන්න මෙරට දේශපාලකයන්ටද අදාළ විය යුතු බවය. මන්ද 60 පැන්න දේශපාලකයන් රැසක්ම මේ වන විට ඇවිදගන්නටවත් නොහැකිව පාර්ලිමේන්තුව නියෝජන කරන බැවිනි. ඇතැමුන් කියන්නේ මේ නිසාම පාර්ලිමේන්තුව මහලු‍ මඩමක් බවට පත්ව ඇති බවකි. ඒ අනුව සුඩාන ජනපතිගේ සිදුවීම අපේ රටේ මහලු‍ දේශපාලකයන් පාඩමකට ගත යුතු කාලය එළැඹ තිබේ.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලක්ෂ ගණන් වටින රෝසිගෙ කෑම මේස අස්සේ…! බඩගින්නයි දුක් ගින්නයි රටේම වැහි වැස්සේ…!

Next Post

සුඩාන කතාවේ දෙවැනි කොටස! ඉන්දියාවෙන් ප්ලේන් එකේ චූ කරලා වෙච්ච දේ…!

MORE NEWS

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වී අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙන්නේ නැති බව කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේ දී පිළිගනියි...Sri Lanka Latest News

Read more
ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.