• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ ගණන් වටින රෝසිගෙ කෑම මේස අස්සේ…! බඩගින්නයි දුක් ගින්නයි රටේම වැහි වැස්සේ…!

January 19, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ලක්ෂ ගණන් වටින රෝසිගෙ කෑම මේස අස්සේ…! බඩගින්නයි දුක් ගින්නයි රටේම වැහි වැස්සේ…!
Share on WhatsAppShare on Facebook

පහුගිය දවස්වල දේශපාලන විපර්යාස කීපයක්ම රටේ සිදු විය. ඒවා අතර සමහර ඒවා කතාබහට ලක් වුණේ ඒවායේ අමුතු ස්වරූපය නිසාය. මේ ඒ සමගම සමාජ ගත වූ පින්තූර කතාවකි. එහි පෙර ලතා සහ පසු කතා මේ සමග අමුණා තිබේ.

තම නිල නිවෙසේ කෙටි කෑම ආදිය වෙනුවෙන් පසුගිය වසර සඳහා රුපියල් ලක්ෂ 3කට අධික මහජන මුදල් අවභාවිත කළේ යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට එරෙහිව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

පසුගිය වසරේදී ඇය විසින් නිල නිවෙසට කෙටි කෑම ඇතුළු ආහාර පානාදිය සඳහා ජනතාවගේ මුදලින් රුපියල් 318645ක මුදලක් ඇය වැය කර ඇතැයි හෙළිවී ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම වියදම් පිළිබඳව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා විසින් ලබා ගත් තොරතුරුවලට අනුවය.

එම මුදලින් චීස් සඳහා පමණක් රුපියල් 68185ක් වැය කර ඇතැයි ද සඳහන් වේ. රෝසි සේනානායක මහත්මිය විසින් සිය නිල නිවාසයට වායුසමීකරණ යන්ත්‍ර 14ක් සවිකර ඇති බවට ද එහිදී අනාවරණය වී තිබේ.

මෙය අප විසින් දක්නා ලදුව ලියන ලද්දක් නොවන අතර මෙය 2021 වසරේ ඔක්තෝබර් මස පළ වූ වාර්තාවකි.එහි සත්‍ය අසත්‍ය බව පිළිබඳ අප විශ්වාස තබන්නේ ඒවා ප්‍රසිද්ධ වාර්තා නිසාය.

ලක්ෂ 57ක් වියදම් කොට ඉදිකරන්නට ගිය වැසිකිළියක් ගැන ද පහු දිනක ඇයටම චෝදනා එල්ල විය.

“නගරාධිපතිගේ නිල නිවෙස කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන පෞරාණික ගොඩනැගිල්ලක්. මම ඒකේ ජීවත් වෙන්නේ නෑ. මට ලස්සන ගෙයක් තියෙනවා. මම ඒකේ ජීවත්වෙන්නේ. මේ ගොඩනැගිල්ල විතරක් නෙමෙයි කොළඹ නගරයේ ඓතිහාසික වටිනාකමක් තියෙන සියලු‍ ගොඩනැගිලි නැවත පිළිසකර කිරීමට මම යෝජනා කළා.. වාස්තු විද්‍යාඥයින්ව ගෙනල්ලා. මොකද සැඟවිලා තියෙන පෞරාණික ගොඩනැගිලි කඩලා විවිධ ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම් වෙනවයි කියලා ආපු චෝදනා නිසා.

නගරාධිපති නිල නිවෙසේ අඩුපාඩු ගොඩාක් තිබ්බා. උඩ තට්ටුවේ ලෑලි පොළොවල්, තරප්පුපෙල අබලන් වෙලා තිබුණේ. පොළොව අන්තිමටම ජරාජීර්ණ වෙලා. මේ අලු‍ත්වැඩියාවන් සියල්ලම මුදල් කමිටුවට දැම්මා. මමමයි තීරණය කළේ කොන්ත්‍රාත් පදනමට නොදී අපේ කර්මාන්ත අංශයට දෙන්න. සියලු‍ අලු‍ත්වැඩියාවන් සඳහා මිලියන 5.2ක් තමයි තිබුණේ වියදම.

ඒකෙන් වැසිකිළි හයක් හතක් තියෙනවා ඔය ගෙදර. ඒකට ගිහින් තියෙන්නේ මිලියන 1.3යි. මිලියන 1.7කට වැඩිය වියදම් වෙන්නේ පොළොව අලු‍ත්වැඩියා කරන්න. මේක මුළු ගණනම එකතු කරලා වැඩියෙනුත් එකතු කරලා තමයි සමාජජාල මාධ්‍යවල ගියේ. ඒ ගැන මම කනගාටු වෙනවා. මේක මගේ දෙයක් නෙමෙයි.. ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීමක් කරන්නේ.”

නගරාධිපතිනිය ඒ පිළිබඳ මෙසේ දිගු අදහසක් දක්වා තිබුණේය.

දැන් ආයෙත් එහෙම ලෙඩක් වැටුණේය. ඒ කෑම මේසයක් ගැනය. නගරාධිපතිනිය සුපිරි කෑම මේසයකින් සංග්‍රහ කර තිබුණේ නත්‍තලටය.

එය ලක්ෂ ගණනක සංග්‍රහයක් බව පැහැදිලිය. එහෙම සල්ලියක් මෙහෙම වෙලාවක නාස්ති කිරීම බොහෝම නරකය. එය මහජන මුදල් නම් එය බරපතළ අකටයුත්තකි. එසේ නොමැතිව එය පුද්ගලික මුදලකින් වුවද නාස්ති වෙන්නේ රටේ මුදල්ය. මේ ලක්ෂ තුනහමාරක මුදලකට අම්මෙක් දරු දෙනෙනාට වස පෙවූ රටය. එහෙව් ණයක් ගෙවා දමන්නට මේ කෑම මේසයේ ඉවත දානා කොටසට වුව හැකි විය හැක. ඒ නිසා මෙහෙම සල්ලි නාස්ති නොකර ඉන්නවා නම් හොඳ. අනික වගකීමක් සහිත අය වගකීම් විරහිතව වැඩ කරනා එක අසාධාරණය.

හැබැයි එකක් අමතක නොකළ යුතුය. මේ රටේ ප්‍රධානතම පළාත් පාලන ආයතනයේ ලොක්කිගේ කෑම මේසයයි. ඒක ටිකක් ලොකු වෙන එකේ ප්‍රශ්නයක් නැත. කොහොම නමුත් ඕනෑම එකක දෙපැත්තක් තිබේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රටේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙච්ච සනත් නිශාන්තට ගමේ සමූපකාර ඡන්දයවත් දිනාගන්න බැරිවෙයි! අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා කුල්ලකුජීත වෙන්නම පරාද වෙයි! තේරුණේ 9යි! සනත් නිශාන්ත 11..! ඔන්න ගමේ තත්ත්වේ!

Next Post

කලිසමේ චූ යනවා! අවශ්‍ය දේ අමතක වෙනවා! තව තව පිස්සු කෙළිනවා! අනේ නායකයිනි හැටපහ පැන්නට පස්සෙවත් ගෙදර පලයල්ලා…! සුඩානයේ කලිසමේ චූ ගිය ජනාධිපතිගෙන් පාඩමක් ඉගෙන ගනිල්ලා…!

MORE NEWS

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වී අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙන්නේ නැති බව කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේ දී පිළිගනියි...Sri Lanka Latest News

Read more
ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.