• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුඩාන කතාවේ දෙවැනි කොටස! ඉන්දියාවෙන් ප්ලේන් එකේ චූ කරලා වෙච්ච දේ…!

January 20, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
සුඩාන කතාවේ දෙවැනි කොටස! ඉන්දියාවෙන් ප්ලේන් එකේ චූ කරලා වෙච්ච දේ…!
Share on WhatsAppShare on Facebook

‘මුත්‍රා’ ගැන කතාබහ කිරීම එතරම් සුළුපටු කාරණයක් ලෙස ගන්නට බැරිය. එහෙම කියන්නේ විවිධාකාර වූ මුත්‍රා ආබාධයන් කුඩා අවධියේ හෝ බිළිඳු වයසේ සිටම මිනිසුන් වූ අපට නේක ආකාරයට පීඩා කරන නිසාය.

මේ කියන්නට යන්නේද මුත්‍රා ගැන කතාවකි. ඒ කතාවට මුත්‍රාවල ගල් හෝ මුත්‍රා අඩස්සිය සහ වෙනත් කිසිදු රෝගාබාධයක සබැඳියාවක් නැත. පැහැදිලිවම එතැන ඇත්තේ නැහැදිච්චකම ගැන කතන්දරයකි. ඒ නැහැදිච්ච මුත්‍රා සම්බන්ධ කතන්දරය දැනටමත් සමාජය ජාල වෙබ් අඩවි හරහා මහා ගින්නක් අවුලුවා අවසානය. ඒ විතරක් නෙමේය. මුත්‍රා කතාවට සම්බන්ධ නැහැදුණු එකාව නීතිය ඉස්සරහට අරන් ඇවිදින් රාජකාරිමය වශයෙන්ද දඬුවම් ලබාදී අවසානය. ආරංචියේ හැටියට ඔහුට තම සුපිරි රැකියා තනතුරද අහිමිව ගොස් ඇත.

මුත්‍රා කත්නරදය කෙටියෙන් කියනවා නම් මෙහෙමය.

ටාටා සමාගමට අයිති එයාර් ඉන්දියා ගුවන් යානයකදී තරුණ පිරිමියකු විසින් 72 හැවිරිදි කාන්තාවකගේ සිරුරට මුත්‍රා පහකර ඇත. තරුණයාගේ විස්තර සරලව කෙටියෙන් පවසනවා නම් ඔහු ඉන්දියානු ජාතිකයකු වූ ශංකර් මිශ්‍රාය. කඩවසම් දැනඋගත් තරුණයකු වූ මිශ්‍රා උසස් සමාජය නියෝජනය කරන එක්සත් ජනපදයේ බැංකු සමාගමක් වන වෙල්ස් ෆාගෝ හි වගකිවයුතු නිලයක් දැරූ අයෙකි. ඉතා තදින් බීමත්ව සිටි බව කියන මිශ්‍රා ඉහත කී අවුරුදු 72ක් වයස වැදගත් කාන්තාවකට හිරිහැරයක් වන ආකාරයට පළමුව දොඩමලු වී නන් දොඩවමින් සිටි අතර එයට පසුව ඇය තමාව කිසිදු තැකීමකට බඳුන් කෙරුවේ නැතියි කියන අස්ථාන කෝපය මත ඇගේ සිරුර මතට වෑහෙන සේ මුත්‍රා පිටකර ඇත. මම අශ්ලීල සිදුවීම නිසා එම කාන්තාව සේම ඒ ආසන්නයේ සිටි මගීන්ද දැඩි අපහසුතාවට පත්ව ඇත.

2023 අවුරුද්දේ හාහා පුරා කියා සිදුවූ මේ ලැජ්ජාසහගත වැඩෙන් ටාටා සමාගම දැඩි කම්පාවකට පත්වෙන්නට ඇත.

මුත්‍රා සිදුවීම සැලවූයේ ජනවාරියේ වූවාට මේ අශුද්ධ සිදුවීම සිදුවූයේ 2022 නොවැම්බරයේය. මෙවැන්නක් මෙලෙස සිදුවූ බව මාධ්‍යයන්ට ආරංචි වූයේ ඊයේ පෙරේදාය. එය එලෙස සිදුවූයේද මුත්‍රා පහකිරීමට හසුව අපහසුතාවට පත් කාන්තාව ටාටා ගුවන් සමාගමට විරුද්ධව එහි සභාපතිවරයා වූ චන්ද්‍රසේකරන් මහතා වෙත කළ පැමිණිල්ල නිසාය.

‘ඔහුගේ හැසිරීම ඉතාම අශෝභනව තිබුණා. ඔහු මුත්‍රා කෙරුවේ මගේ ඇඳුම් සපත්තු සහ අත්බෑගය සම්පූර්ණයෙන්ම තෙතබරිත වී යන ආකාරයටයි. ඉන්දියානුවාගේ අශ්ලීල හැසිරීම දැක ආසන වෙනස් කිරීමක් ඉල්ලා සිටියද කාර්ය මණ්ඩලය ඒ වෙනුවෙන් මට සෑහීමකට පත්විය හැකි යමක් කිරීමට උත්සාහ කළේ නැති එක ගැන මා තදින් කනගාටු වෙනවා.

ඒ වාගේම මගේ ජීවිතය තුළ මා මෙතෙක් ආගිය ගුවන් ගමන් තුළ ඉතාම දැඩිව මසිත සහ මනස කම්පනයට පත්කළ ගුවන් ගමන මෙය බව මම පවසා සිටින්නේ දැඩි පිළිකුලෙනුයි…’

තරුණ ඉන්දියානුවාගේ අශෝභන මුත්‍රා ප්‍රහාරයෙන් ශෝකයට පත් කාන්තාව සිය කෝපය සහ කලකිරීම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ එලෙසිනි. 72 හැවිරිදි කාන්තාව වෙනුවෙන් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ පෙනී සිටි එකම ගුවන් මගියා ඉන්දියානු ජාතිකයෙකි. වෘත්තියෙන් වෛද්‍යවරියක වූ ඈ සුගතා භට්ටාචාර්ජිය.

‘මිශ්‍රා හැසිරුණු ආකාරය ඉතාම නින්දිතයි. සීමාවක් නැති එම තරුණයාගේ කියවිල්ල සහ නොමනා වංහුං සෙවීම ගැන මා දැඩි අපහසුතාවකට පත්ව සිටියා. එයාර් ඉන්දියා වෙත මම මේ සියලු සිදුවීම් ගැන පැමිණිල්ලක් කළමුත් මට හිතේනේ එම පැමිණිල්ල ඔවුන් යට ගැසූ බවයි.’

වෛද්‍ය සුගතා භට්ටාචාර්ජි NDTV නාලිකාව වෙත ප්‍රසිද්ධියේ සිය ප්‍රතිචාරය එලෙස දක්වා තිබිණි. එම ප්‍රතිචාරයෙන් පසුව එයාර් ඉන්දියා සමාගම ශංකර් මිශ්‍රාට එරෙහිව විමර්ශනයක් දියත් කිරීමට කමිටුවක් පත්කර තිබිණි.

ශංකර් මිශ්‍රාට ගුවන් සමාගම දුන් දඬුවම සෑහෙනවද?

දින 30ක ගුවන් ගමන් තහනමක් පැනවීම එතරම් තෘප්තිමත් විය හැකි දඬුවමක් ලෙස දැකිය නොහැකි බව මුත්‍රා නෑමෙන් ශෝකයට පත් අවුරුදු 72ක් වයස කාන්තාව සහ වෛද්‍ය සුගතා භට්ටාචාර්ජී පවසා තිබිණි. එලෙසම සිදුවීම වූ මොහොතේ රාජකාරියෙහි යෙදී සිටි ගුවන් නියමවකු ඇතුළු කාර්ය මණ්ඩලයේ හතරදෙනකු සේවයෙන් නෙරපා හැරීම තුළ ටාටා සන්ස් ගුවන් සමාගම සිය ජාම යම් තරමකින් බේරාගෙන තිබිණි. කාර්ය මණ්ඩලයෙහි හැසිරීම කිසිදුම වෘත්තීය මට්ටමක තිබුණේ නැති බව එම සේවයෙන් නෙරපා දැමීම ගැන හේතුපාඨ දක්වා තිබිණි.

මෙම අශීලාචාර මුත්‍රා සිදුවීමට කිසිසේත්ම වගකීමක් නොගත යුතු වෙල්ස් ෆාගෝ මූල්‍ය සමාගම ශංකර් මිශ්‍රාව සේවයෙන් පහකර දැමීම තුළ ලබාගත් ප්‍රසාද ලකුණු මෙම සංගදිය තුළ මොනවට කැපී පෙනුණේය.

ටාටා සන්ස් ගුවන් සමාගම විසින් 72 හැවිරිදි බවලතා වෙනුවෙන් ඉටුකළ සාධාරණය කුමක්ද?

ඇගේ ගුවන් ටිකට් පත සඳහා වැය වූ මුදල ගෙවා ඇති බව පමණක් ආරංචි මාර්ගවල සඳහන්ව තිබිණි.

එයට අමතරව බීමතින් මුත්‍රා කළ මිශ්‍රා, කාන්තාවගේ නොනවතින දුක් අඳෝනාව මත තමා ඇගේ බෑග් සහ ඇඳුම් දින දෙකකට පසුව පිරිසිදු කොට දුන් බව සිය නීතඥයා මගින් දන්වා ඇත.

මුත්‍රා පහකරලීමේ කැත සිදුවීම එතෙකින් අවසන්ද?

මේ සිදුවීම මෙතෙකින් අවසන් වුවද තවත් මුත්‍රා පහකරලීමේ සිදුවීම ආරංචි වීම බොහෝ විට වළකාලන්නට නොහැකි වනු ඇත. නවදිල්ලි සහ නිව්යෝර්ක් ගුවන් ගමනේදී මිශ්‍රා ඒ විදියට අසාමාන්‍ය හැසිරෙන විට එයාර් ඉන්දියා ගුවන් ගමනක තවත් මුත්‍රා පහකිරීමක් සැලවිය.

ඒ පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 06 වැනිදා පැරීසියේ සිට නවදිල්ලි බලා යමින් තිබූ ගුවන් යානයකදී මගියකු හිස්ව තිබූ අසුනකට සහ තවත් මගියකුගේ බ්ලැන්කෙට්ටුවකට මුත්‍රා කිරීමේ සිදුවීමය.

නවදිල්ලි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත් අතර පසුව වින්දිතයාගේ කාරුණික වූ ලිඛිත සමාව මැද ඔහු ෆෙඩරල් පොලිසිය විසින් මුදාහරින ලදී.

සුඩානයේ අගමැතිද පසුගිය දවසක ප්‍රසිද්ධියේ මුත්‍රා පහකිරීමකට බඳුන්ව තිබිණි. හැබැයි එය නම් නැහැදුණුකමක් නොවීය. එතැන සිදුවූයේ මොන මට්ටමේ තානාන්තර දැරුවද වයස ගියාට පසු බොහෝ මිනිසුන්ට තම සිරුර තමාට වුවමනා ලෙස පාලනය කරගත නොහැකි බවකි.

71 හැවිරිදි සුඩාන ජනාධිපති සල්වා කීර් ජාතික ගීය අතරතුර නොදැනුවත්වම මුත්‍රා ඉහිරවා ගත් සිදුවීම තුළ ලෝකයා වරද පැටවූයේ එය පිටස්තර සමාජය වෙත හුවා දැක්වූ නොහොබිනා මාධ්‍යකරුවන්ටය.

සත්තකින්ම කියනවා නම් මිශ්‍රා ශංකර්ගේ මුත්‍රා පහ කිරීම සහ සල්වා කීර්ගේ මුත්‍රා පහව යෑම යන සංගදි දෙක සැබෑම වෙනස්ය.

ඒ වෙනස්කම පැහැදලිවම හඳුනා ගන්නේ සංවේදී මිනිස් හැඟීම් සහ අත්වැරැදීම් මොනවාදැයි දන්නා මිනිස් සිත් ඇත්තවුන් පමණය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කලිසමේ චූ යනවා! අවශ්‍ය දේ අමතක වෙනවා! තව තව පිස්සු කෙළිනවා! අනේ නායකයිනි හැටපහ පැන්නට පස්සෙවත් ගෙදර පලයල්ලා…! සුඩානයේ කලිසමේ චූ ගිය ජනාධිපතිගෙන් පාඩමක් ඉගෙන ගනිල්ලා…!

Next Post

මෛත්‍රී වෙනුවෙන් පාරේ කැට හොල්ලපු සුදා..! මෛත්‍රී ගැන කවියෙන් කියපු කතා…! VIDEO

MORE NEWS

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වී අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙන්නේ නැති බව කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේ දී පිළිගනියි...Sri Lanka Latest News

Read more
ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.