• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංගප්පූරුවෙ නීතිය ලංකාවට ගෙනාවොත් Facebook-YouTube-Whatsapp-Twitter පාවිච්චි කරන්න වෙන්නෙ මෙහෙම තමයි! කන්න නැති වුණත් අපිම නීති හදමු…

January 18, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
සිංගප්පූරුවෙ නීතිය ලංකාවට ගෙනාවොත් Facebook-YouTube-Whatsapp-Twitter පාවිච්චි කරන්න වෙන්නෙ මෙහෙම තමයි! කන්න නැති වුණත් අපිම නීති හදමු…
Share on WhatsAppShare on Facebook

මීට දින කිහිපයකට පෙරදී වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීම උදෙසා යම් නව ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බැව්ය. එනම් සමාජ මාධ්‍ය මෙරට තුළ භාවිතා වීමේදී තිබෙන තත්ත්වයට යම් නීති රීති සහ සීමාවන් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියකි. ඒ සඳහා සිදුකළ යුතු අපූරු පියවරක්ද ජනාධිපතිවරයා විස්තර කර සිටියේය. එනම් දැනට සිංගප්පූරුවේ භාවිතා කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා නියාමන පනත හා සමාන පනතක් ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කළ යුතු යැයි ඔහු කියා සිටියේය. ඔහුගේ මෙම ප්‍රකාශය එක්තරා අතකින් බැරෑරුම් ස්වරූපයක් ගන්නට වූ හෙයින්, එයට අදාළව මේ වන විට විවිධ පාර්ශ්ව තම මති මතාන්තර ප්‍රකාශ කර සිටියේය. පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් අමතා පැවැති සාකච්ඡාවකදී මේ බැව් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර එය ඔහුගේම වදනින් මෙසේය.

“යූටියුබ්, ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කිරීම සඳහා දැනට සිංගප්පූරුවේ භාවිතා කෙරෙන‘විදුලි සංදේශ සහ සමාජ මාධ්‍ය පනතට’ සමාන පනතක් ශ්‍රී ලංකාව තුළද හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා විවිධ නීති රීති සහ ක්‍රියා පටිපාටියන් තිබුණත් සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීතිමය රාමුවක් නැහැ. ඒ නිසා වර්තමානයේදී බොහෝ පාර්ශ්ව අර්බුද රැසකට මැදිව සිටිනවා. මේ තත්ත්වය නිසයි අප එවැනි තීරණයකට පැමිණ සිටින්නේ. දැනට සිංගප්පූරුවේ භාවිතා වන එම විදුලි සංදේශ සහ සමාජ මාධ්‍ය පනත ගැන මේ වන විට අප රජය අධ්‍යයනය කරමින් සිටිනවා. සිංගප්පූරුවේ අනුගමනය කෙරෙන එම නීතිමය රාමුව ආදර්ශයක් ලෙසට යොදා ගනිමන් ශ්‍රී ලංකාවේද සමාජ මාධ්‍ය නියාමනය කිරීමට අපි හැකි ඉක්මනින්ම කටයුතු කරනවා”. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සිංගප්පූරුවේ එම අදාළ පනතෙහි පිටපතක් තමන් වෙත ලැබී ඇති බවත්, මේ දිනවල එය අධ්‍යයනය කරමින් සිටින බවත්ය. එය ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයන් ක්‍රියාත්මක කරනු ලබන බවත් පැවසීය.

සමාජ මාධ්‍ය ජාලා යනු රකුසෙක්ද? පසුගියදා මෙරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති ආකාරයට සමාජ මාධ්‍ය ජාලා යනු රකුසෙක් බැව්, ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වී ඇති ආකාරය සමහර පාර්ශ්ව තම අදහස් මගින් ප්‍රකාශ කර සිටියේය. පසුගිය 2022 වසර පුරාවටම පැවැති ප්‍රබල ජන අරගලවලදී සහ ඒවායෙහි ප්‍රතිඵල ලෙස රජයන් පෙරළීම සහ රාජ්‍ය නායකයින් ගෙදර යැවීම සිදුවූයේද මෙම සමාජ මාධ්‍ය ජාලා පෙරළිය මගින් යැයි අවිවාදයෙන් පිළිගත යුතුය. එසේම ඒ බැව් පිළිගෙනද හමාරය. සමාජ මාධ්‍ය භාවිතය යනු අද ලෝකයේ තිබෙන ප්‍රබලතම මෙන්ම. ජනප්‍රියතම මාධ්‍යය බවට පත්ව තිබීම රහසක් නොවන්නේද ඒ හෙයිනි. කෙසේ හෝ මේ වන විටද මෙරට වත්මන් රාජ්‍ය පාලනයට අදාළව සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශිත වන ආකල්ලප සහ මතිමතාන්තර බොහෝය. එම බොහෝ ප්‍රකාශවලින් කියැවෙන්නේ වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය තුළ තිබෙන හිතුවක්කාර, මර්ධනකාරී පාලන තන්ත්‍රයක වගතුගකි. ඒ හෙයින් මේ වන විටද වත්මන් රජය සමාජ මාද්‍ය කෙරෙහි ඇත්තේ ප්‍රබල බියක් බැව් විවිධ අදහස් ප්‍රකාශ වෙති. ජනාධිපතිවරයාට හැකි ඉක්මනින් මේ තත්ත්වය වෙනස් කිරීමටද අවශ්‍ය වී ඇත්තේද මෙම බිය සහ චකිතය නිසා යැයි එම පාර්ශ්ව තවදුරටත් තම අදහස් දක්වා සිටිති. කෙසේ හෝ මෙහිදී සිංගප්පූරුවේ පවතින නීති, රීති ශ්‍රී ලංකාවට අදාළ කිරීමට ඔහු දරන උත්සාහය ගැන ඇත්තේ දැඩි විවේචනයක් සහ අප්‍රසාදයකි. ශ්‍රී ලංකාව එක් රටක්ය, සිංගප්පූරුව තවත් රටක්ය.

එම තත්ත්වය කෙසේ වුවත් සහ එම පනතේ තත්ත්වය කුමක් වුවත් අප මෙහිදී මුලින්ම සොයා බැලිය යුත්තේ සිංගප්පූරුවේ වත්මන් වගතුගයි. සිංගප්පූරුව ගැන අප දශක ගණනාවක සිට විවිධ වගතුග අසා තිබුණත් අද එරට තත්ත්වය කුමක්ද? මෙයට දශක ගණනාවක පෙර සිංගප්පූරුව දියුණු වන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය බලමිනි. එහෙත් අද සිංගප්පූරුව දියුණුවේ ගව් දහස් ගණනාවක දුර ගොස් ඇතත්, ශ්‍රී ලංකාව ගව් දහස් ගණනාවක්ම ආපස්සටම ගොස් ඇත. එය අතිශයම ඛේදනීය තත්ත්වයකි. සිංගප්පූරුව යනු ලෝකයේ තිබෙන ඉතාමත්ම කුඩා රාජ්‍යයක් වන අතර, එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 733ක් පමණක් වන අතර, ප්‍රමාණත්වය අතින් ලෝකයේ රටවල් අතර 178 වැනි ස්ථානය ගනියි. එම රට කොතරම් කුඩාදැයි එයින් ඔබට අවබෝධ කරගත හැකි අතර, මෙහි ජනගහනය වන්නේ 56,37,000ක් පමණි. එනම් ලක්ෂ 56කට මඳක් වැඩි ජනතාවකි. සියයට 75කට ආසන්න පිරිස චීන ජාතිකයන් වන අතර, සියයට 14ක් මැලේ ජාතිකයන්ය. කෙසේ හෝ මෙහිදී හෙළිවන සුවිශේෂී කරුණ නම් මෙම සමස්ත ජනගහනයෙන් සියයට 32ක්ම බෞද්ධයන් වීමය. කිසිදු ආගමක් නොඅදහන පිරිස සියයට 20ක් වන අතර, කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව සියයට 20ක් වන අතර, ඉස්ලාමිකයන් සියයට 16ක් සිටින අතර, ඉතිරි පිරිස විවිධ ජාති, ආගම්වලට අයත් වෙති. සිංගප්පූරුව යනු ලෝකයේ තිබෙන අතිශයම ධනවත් සහ දියුණු රාජ්‍යයක් වෙයි. මෙම රටෙහි වත්මන් ඒකපුද්ගල ආදායම අදහාගත නොහැකි ආකාරයේ අතිශයම ඉහළ අගයක් ගනියි. එනම් ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 79,576ක් වන අතර, එය ලෝකයේ 07 වැනි ස්ථානයට පත්ව සිටියි. යුරෝපයේ බොහෝ බටහිර ධනවත්, දියුණු රටවල් පවා සිටින්නේ සිංගප්පූරුවට බොහෝ පසුව පිහිටන ස්ථානයන්හිය. ශ්‍රී ලංකාවේ තවද ඒකපුද්ගල ආදායම වන්නේ ඩොලර් 3840ක් වැනි අතිශයම අඩු අගයකි. එයින්ම ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් ඇත්තේ කොතැනකදැයි තක්සේරු කරගත හැකිය. සිංගප්පූරුවේ ඇති අතිශයම වාර්තාකාරී ඒකපුද්ගල ආදායම අතින් පෙනී යන්නේ එම රටෙහි සිටින බහුතර ජනතාවක්ම ධනවතුන් බැව්ය. කෙසේ හෝ එරට සාමාන්‍ය ජනතාව පවා බොහෝ සුඛිත, මුදිත තත්ත්වයෙන් සිටිති. සිංගප්පූරුවේ 2022 වාර්ෂික දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 702කි. එයට හේතුව වන්නේ සිංගප්පූරුවේ තිබෙන අතිශය සාර්ථක ව්‍යාපාරික සහ මූල්‍යමය වටපිටාවකි. කර්මාන්තකරණය අතින්ද එරට ඉතා දියුණු තත්ත්වයක ඇත.

දැන් ඔබට එම වටපිටාව හොඳින් පැහැදිලි වනවා ඇතැයි සිතමි. එසේ නම් මෙම ලිපියේ හැරවුම් ලක්ෂ්‍යයට අප පැමිණෙන්නේ මෙතැනදීය. එය නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කියා සිටින ලද ශ්‍රී ලංකාවටද අනුගත කිරීමට නියමත සමාජ මාධ්‍ය නියාමන පනතයි. අද සිංගප්පූරුව තුළ ස්ථාපිත කර ඇති මෙම පනත කුමක්ද? සිංගප්පූරුව තුළ මේ වන විට ලෝකය තුළ ක්‍රියාත්මක වන බොහෝ සමාජ මාධ්‍ය ජාලා රාශියක්ම ක්‍රියාත්මක වෙයි. කාලයක් පුරාම එම මාධ්‍ය ජාලා ක්‍රියාත්මක වුවද ඒ සඳහා රාජ්‍ය නියාමනයක් 2019 වසරේ මුල් භාගය වන තෙක්ම නොතිබිණි. එහෙත් සිංගප්පූරුවේ රජය තීරණය කළේ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විශේෂ පනතක් ගෙන ඒමටය. ඒ අනුව 2019 ජුනි 28 වැනිදා සිංගප්පූරුවේ රජය එම පනත අදාළ කර විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කළේය. 2019 අංක 18 යටතේ එය හඳුන්වාදී තිබුණේ ‘මාර්ගගත අසත්‍යය හා හැසිරවීම් ආරක්ෂණ පනත 2019’ (protection from online falsehoods and Manipulation act 2019) යනුවෙනි. මෙම පනත 2019 මැයි 08 වැනිදා සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර, 2019 ජුනි 03 වැනිදා සිංගප්පූරුවේ ජනාධිපති හලීමා යාකොව් මහත්මිය විසින් අනුමත කරන ලදී. මෙම පනත ප්‍රධාන පරිච්ඡේද 62කින් සහ උප වගන්ති 250කට අධික ප්‍රමාණයකින් සමන්විත පිටු 40කින් පමණ සමන්විත වූ අතිශය දීර්ඝ ලේඛනයකි. සිංගප්පූරු ජනරජයේ ගැසට් ප්‍රකාශන අධිකාරිය විසින් ප්‍රකාශිත මෙම සුවිශේෂී පනත මා විසින් අන්තර්ජාලය හරහා ලබාගෙන කියවා බැලු‍වෙමි. එය කියවා බලන්නටම හෝරා දෙකක කාලයක්වත් අවශ්‍ය අතර, එහි සඳහන් කරුණු අධ්‍යයනය කරන්නට නම් දින ගණනාවක් හෝ ගතවනු ඇත. එසේම එහි සඳහන් වගතුග ලියා තබන්නටද මෙම ලිපිය ඉඩ මදිය. එසේම එය සම්පාදනය කර ඇත්තේ අතිශයම දැඩි නීති, රීති රැසක් යටතේ බොහෝ සංකීර්ණ ආකාරයෙනි.

සිංගප්පූරුවේ මෙම සමාජ මාධ්‍ය නියාමන පනත හරහා කියැවෙන ප්‍රධානතම තේමාව නම් මහජන යහපත සඳහා එකී සමාජ මාධ්‍යයන් භාවිතා කළ යුතුය යන්නය. එහිදී ප්‍රධානතම වශයෙන් දක්වා ඇති කරුණු මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

■ සිංගප්පූරුවේ හෝ සිංගප්පූරුවේ ඕනෑම ප්‍රදේශයක ආරක්ෂාව වෙනුවෙන් කටයුතු සිදුකළ යුතුය.
■ මහජන ආරක්ෂාව හෝ මහජන සාමය හෝ රාජ්‍ය මූල්‍ය ආරක්ෂා කිරීම හෝ මහජන සෞඛ්‍ය හෝ සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කළ යුතුය.
■ සිංගප්පූරුවේ අනෙකුත් මිත්‍ර රටවල් සමග මිත්‍රශීලී සබඳතා රැක ගැනීම උදෙසා කටයුතු කිරීම.
■ ජනාධිපති මැතිවරණයක්, පාර්ලිමේන්තු මහ මැතිවරණයක්, අතුරු මැතිවරණයක් හෝ ජනමත විචාරණයක කටයුතුවලට බාධා කිරීම හෝ ඒවායෙහි ප්‍රතිඵලවලට බලපෑම් සිදුකිරීම නොකළ යුතුය.
■ විවිධ පුද්ගල කණ්ඩායම් අතර සතුරුකම, වෛරය හෝ අයහපත් හැඟීම් හෝ උද්දීපනය කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කළ යුතුය.
■ පනතේ අරමුණු ඉටුකර ගැනීම සඳහා නිසි බලධාරියකු සහ අධිකාරියක් පත් කිරීම.
■ පනතේ වගන්ති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම. වරදකරු වන පුද්ගලයකුට සිංගප්පූරු ඩොලර් 50,000 සිට 5,00,000 දක්වා දඩ මුදල් නියම කිරීම සහ වසර 5 දක්වා වන සිර දඬුවම් නියම කිරීම. එසේම උපරිම වැරැදි සඳහා ඩොලර් මිලියන 01 දක්වා දඩ මුදල් නියම කිරීම.

මේ ආකාරයට මෙම සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ පනතේ ඇත්තේ අතිශයම දරදඬු නීති රීතිය. එමෙන්ම ඉතාමත්ම උච්ච ආකාරයේ දඬුවම්ය.

මේ අතර මෙම ප්‍රධාන පනතට අමතරව පසුගිය 2022 වසරේ නොවැම්බර් 09දා සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසින් නැවත වතාවක් සමාජ මාධ්‍ය නියාමනය සඳහා අදාළ වන නව නීති රීති කිහිපයක්ද සම්මත කර ගන්නා ලදී. සමාජ මාධ්‍ය ආරක්ෂණය තවත් උච්ච කිරීමේ පරමාර්ථයෙන් මෙසේ නැවත වරක් නීති, රීති ගෙන එනු ලැබුවේය. දැනට මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා අධිකාරියක්ද පිහිටුවා ඇති අතර, එය ‘ඉන්ෆෝකොම් මාධ්‍ය සංවර්ධන අධිකාරිය’ (Infocomm media Development authority) ලෙසින් නම්කර ඇත. මේ ආකාරයට දැනට සිංගප්පූරුව තුළ වසර 03 පමණ කාලයක සිට සමාජ මාධ්‍ය නියාමනය සිදු කෙරෙයි. මේ අතර සිංගප්පූරුව තුළ තම සේවාවන් සපයන සමාජ මාධ්‍ය සමාගම්, මෑතකදී ඉදිරිපත් කරන ලද නව නීති, රීති සහ අණ පනත් ගැන බොහෝ අවබෝධයකින් කටයුතු කළ යුතු යැයි සංගප්පූරුවේ රජය අවධාරණය කර ඇත. ඉහත අණ පනත් යටතේ යම් පාර්ශ්ව ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටීමද අතිශය බලවත් වරදක් ලෙස පෙන්වා දී ඇත. කෙසේ හෝ පසුගියදා සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව නව නීති රීති සම්මත කර ගත්තේ 2019 දී ස්ථාපිත කෙරුණු ප්‍රධාන පනතට සංශෝධනයක් වශයෙනි.

මෙවැනි තත්ත්වයක් සිංගප්පූරුව තුළ තිබුණත් සිංගප්පූරුවේ කිසිදු ජන අගලයක් හෝ උත්ඝෝෂණයක් පැවැත්වෙන ආකාරය දැකීම ඉතාම දුර්ලභය. එසේ වන්නේ එරට තුළ ජන විරෝධයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා මුලින්ම රජයෙන් අවසර ලබාගත යුතුය. ඉන් පසුව සිංගප්පූරුව තුළ ඇති එක්තරා වෙන් කරන ලද නාගරික ස්ථානයක් තුළදී පමණක් එම විරෝධතාවයන් දැක්විය හැකිය. මේ හෙයින් සිංගප්පූරුවේ මහජන පෙළපාළි ඉතාමත් දුර්ලභය. එසේ වුවද සිංගප්පූරුව තුළ පැවැති යම් ජන උද්ඝෝෂණ ගැනද වාර්තා ඇත. අනෙක් සුවිශේෂී කරුණ නම් සිංගප්පූරුවේ මිනිසුන්ට ජන අරගල කරන්නට ප්‍රශ්න නැති වීමය. ඔවුන් සුඛිත, මුදිතය. එහෙත් අපි?



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ආණ්ඩුව දීපු බාල පොහොර නිසා ‌ගොයම කහ වෙලා! වටපණු රෝගය හැදිලා! අස්වැන්න අක්කර 80,000ක් විනාසයි! ගොවීන් වෙනුවෙන් සජිත් කතා කරයි! උපාධිධාරීන් 456කට වෙච්ච අසාධාරණයක් වෙනුවෙනුත් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී ‌පෙනී සිටී! VIDEO

Next Post

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.