• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, September 29, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!

January 18, 2023
in Exclusive, Kendaraya
Reading Time: 11 mins read
A A
93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!
Share on FacebookShare on Twitter

පෙර රජ දවසෙන් පස්සේ ‘රාජකීය දෛවඥයා’ යන සුවිශේෂ නාමය හිමි කරගත්ත පුද්ගලයා වන්නේ සුමනදාස අබේගුණවර්ධන. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයේත්, ඔහුගේ සහ ඔහුගේ පවුලේ සියලු දෙනාගේ පෞද්ගලික ජීවිතවලත් විශේෂිත වූ අවස්ථාවන් මේ රාජකීය දෛවඥයාගේ අනුදැනුම මතම යොදාගැනීම ඔහුට එම තනතුරු නාමය පටබැඳීමට හේතු වුණා. මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ පටන්, දරු මුණුබුරන්ට රන්කිරි කටගාන සුබ මුහුර්තය දක්වාම සියලු නැකැත් සාදා දුන් මේ සුවිශේෂ ජ්‍යොතිෂවේදියා ශ්‍රී ලංකාවේ නුදුරේදීම තේරී පත්වන ජනාධිපතිවරයා පිළිබඳ අනාවරණයක් පසුගිය දිනෙක සිදුකළා. TNL TV යූටියුබ් නාලිකාව සමග ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සිදුකළ එම සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වෙන බව සඳහන් කරපු මුල්ම ජ්‍යොතිෂවේදියා ඔබ කියලා තමයි සමාජගත වෙලා තිබෙන්නේ. ඒ වගේම චන්ද්‍රිකා මැතිනියත් ජනාධිපති වෙන බව මුලින්ම කිව්වේ ඔබද?

ඔව් අනිවාර්යයෙන්ම. ඒක පුවත්පත්වල පවා පළවුණානේ. ඒක රහසක් නෙවෙයි. ලෝකයේ සුප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියෙක් සහ මම තමයි ඉරහඳ පුවත්පතේ මුල් පුවත විදියට අගෝස්තු 10 වැනිදා කිව්වේ චන්ද්‍රිකා මැතිනිය විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා 11 වැනි අගමැතිනිය වෙනවයි කියලා. මැතිවරණය තිබුණේ අගෝස්තු 16 වැනිදා. ඒ විතරක් නෙවෙයි ඊට කලින් සතියේ ඉරහඳ පත්තරේ පළවුණා ජාත්‍යන්තර කීර්තියට පත් ජ්‍යොතිෂවේදී එම්.සී.ජී. රාමන් (කනිෂ්ට) සහ සුමනදාස අබේගුණවර්ධනගේ විශේෂ ලිපියක් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ලියපු. මම හිතන්නේ එදා තමයි ඉරහඳ පත්තරේ වැඩියෙන්ම අලෙවි වෙන්න ඇත්තේ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2019 ජනාධිපති වුණා. නමුත් ඔහුගේ ධුර කාලය අවසන් වෙන්නට කලින් ඔහුට ජනාධිපතිකමෙන් ඉවත් වී යන්න සිදුවුණා. එහෙම වෙන්නේ ඇයි?

දෛවය අනුව තමයි එහෙම දේවල් වෙන්නේ.

නමුත් ජ්‍යොතිෂයට අනුව ඔබට කියන්න බැරිද කෙනෙක් ජනාධිපති වුණා වගේම ඔහුට අතරමඟදී ධුරය අහිමි වෙනවා කියලා?

මහින්ද මහත්තයා තරගෙට ඉදිරිපත් වුණු වෙලාවේ අනිත් පැත්තේ අපේක්ෂකයා කවුද කියන එක එතුමාට පහුවදා උදේ වෙනකල්ම හඳුනාගන්න බැරි වුණා. බුද්ධි අංශවලටවත් දැනගන්න බැරි වුණා. මෛත්‍රීපාල මහත්තයා ඒ වෙලාවේ අනිත් පැත්තෙන් ආවෙ. මෛත්‍රිපාල මහත්තයගෙ කේන්දරේ ඒ වෙලාවෙ බලගතුයි. යම් තරගයකදී අපේ කෙනාට වඩා අනෙක් පැත්තේ කෙනාගේ කේන්දරේ බලගතුයි නම් එයා තමයි ජයග්‍රහණය කරන්නේ. ඒක වළක්වන්න කාටවත් බෑ. එහෙම දේවල් වෙනවා. 96 වර්ල්ඩ් කප් එක අර්ජුන රණතුංග ගෙනාවා වගේ හැම පාරම ගේන්න පුළුවන් වෙන්න ඕනනේ. එහෙම වෙන්නේ නෑ මහත්තයෝ. මේක ලෝකෙ මිනිස්සු නම් තේරුම් අරගෙන තියෙන්නෙ. අපේ රටේ මිනිස්සු නම් තාම තේරුම් අරගෙන නෑ.

2023 ජනවාරි මාසේ සුවිශේෂ රාශි මාරුවක් සිදුවෙනවා කියලා කියනවා. ඒක රටට සහ ජනතාවට කොයි විදියට බලපායිද?

ජනවාරි මාසේ 22 වැනි ඉරිදා උදේ 6.22ට ධනු ලග්නයෙන් සිංහ නවාංශකයෙන් නව වසර උදාවෙන්නේ. ඒ උදාවෙන නැකැත තමයි නැකැත් පන්තියේ පළමු නැකත වන අස්විද නැකැත. නැකැත් පාදය තුන්වැනි පාදය. ධනු ලග්නයේ ලග්නයේම රවි බුධ ග්‍රහයෙන් ඉන්නවා. ධනු ලග්නයට රවි බුධ එකතු වුණයි කියන්නේ ධර්ම කර්මාධිපති රාජ යෝගය. ඒක තියෙනවා. එතකොට ධනු ලග්නෙ ලග්නාධිපති බ්‍රහස්පති හතරවැන්නේ මීන රාශියේ ගුරුවංශ කියන පංචමහා පුරුෂ යෝග බලයෙනුත් ඉන්නවා. ඒ වගේම අඟහරු ග්‍රහයා වෘෂභ රාශියේ ගතකරන අතරතුර මේෂ රාශියේ චන්ද්‍රයා සහ රාහු ග්‍රහයත් ඉන්නවා. මේ අතරතුර ධනු ලග්නෙන් දෙවැන්නේ ඒරාෂ්ටකයේ සෙනසුරු ග්‍රහයා ගමන් කරනවා. ලග්න ඒරාෂ්ටකය පවතිනවා. ඉතින් ඒරාෂ්ටකය කියනකොට විෂ්ණු දෙවියන්ටත් බටකොල කවපු කතාවක්නේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ ජනතාව කියනවා අපායෙ යතුරත් දෙව්ලොව යතුරත් තියෙන්නේ සෙනසුරු ගාව කියලා. සෙනසුරු ලග්න ඒරාෂ්ටකයෙන් ඉන්න හින්දා අපට මේ ආර්ථික අහේනියෙන් සම්පූර්ණයෙන් ගොඩ එන්න බෑ. එහෙම එන්න පුළුවන් කිව්වොත් ඒක බොරුවක්. මේ ඒරාෂ්ටක අපලය හින්දා අපට බාධක ගොඩක් එනවා. නමුත් අපට මේ ඉන්න තත්ත්වයෙන් පහළට වැටෙන්නේ නැතුව අවුරුද්ද පුරාම අල්ලගෙන ඉන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. පහුගිය කාලෙ අපට තෙල් හිඟ වුණා, ගෑස් හිඟ වුණා. අපට හැම දේම හිඟ වුණා. අපට මේ වෙද්දී ඒවා එච්චරම හිඟයක් නෑ.

අපේ රට මේ තරම් දරුණු ආර්ථික අර්බුදයකට පත්වෙන්න බලපෑ හේතුව ජ්‍යොතිෂයට අනුව විග්‍රහ කරන්නේ කොහොමද?

සෙනසුරු මකර රාශියේ ගමන් කරනකොට තමයි එහෙම වුණේ. මීට කලිනුත් එහෙම වුණු අවස්ථා තියෙනවා. ඒක අපට විතරක් නෙවෙයි ලෝකෙටම වගේ මේක සිදුවුණා. අපට වැඩියෙන් බලපෑවා. අපි ලෝකෙ රටවලින් ණය අරගෙන අමුතුම විදියේ සංවර්ධනයක්නේ කරලා තිබුණේ. ඉතින් අපට ණය වාරික ගෙවාගන්න බැරි වුණා. අපි බංකොලොත් රටක් විදියට තමයි දැන් යන්නේ.

2023 අවුරුද්ද උදාවෙ ග්‍රහචාරයත් එක්ක අපේ රටට ගොඩක් හොඳයි කියලා නම් කියන්න බෑ. නමුත් මේ ඉන්න තත්ත්වයෙන් පහළට නොවැටී ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා.

ජනවාරි 17 වැනිදා සෙනසුරු කුම්භ ලග්නයට පැමිණෙනවා. මේක අපේ රටට කොයි විදියටද බලපාන්නේ?

ජනවාරි 17 වැනි අඟහරුවාදා පස්වරු 6.03ට සෙනසුරු කුම්භ රාශියට සම්ප්‍රාප්ත වෙනවා. සෙනසුරු මෙතැනට යන්න කලින් පහුගිය අප්‍රේල් මාසේ 29 වැනිදා, සිංහල අවුරුද්දට ගනුදෙනු කරලා, ආහාර අනුභව කරලා දවස් 15ක් විතර ගියාට පස්සේ අප්‍රේල් 29 වැනිදා උදේ 7.52ට සෙනසුරු ගියා කම්භයට. ජුලි මාසේ 12 වැනිදා වෙනකල් දවස් 73ක් හිටියා. ඔය දවස් 73ට කරපු වැඩ ටික දැක්කොත් මම හිතනවා ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රි.පූ. 543න් ආරම්භ වෙච්ච අපේ ඉතිහාස කතාවේ ඒ වගේ භයානක දේවල් ටිකක් සිදුවෙලා නෑ කියලා.

1970 පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා වශයෙන් පත්වෙච්ච, දශක තුනක් පැවැති යුද්ධය අවසන් කරපු මහින්ද පර්සි රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරය දාලා යන්න සිදුවුණා. නැගෙනහිර පළාතට ගිහින් දූපතක ඉන්නත් සිදුවුණා. ඒ ගැන මටත් ටිකක් කනගාටුයි. එහෙම වුණේ සෙනසුරු ඇවිත් දවස් 10ක් යනකොට. සෙනසුරු ඇවිල්ලා මාස දෙකයි, දවස් 10ක් යනකොට ජූලි 10 වැනිදා අපේ රටේ ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ජනාධිපති මන්දිරයෙන් යන්න සිදුවුණා. එතුමා බොහොම බුද්ධිමත් කෙනෙක්. නමුත් එතුමාගේ යම් යම් තීන්දු තීරණ හින්දා රටම විනාශ වුණා.

ඔබතුමා කියන විදියට දින 73ක් ඇතුළත එච්චර දෙයක් වුණා නම්, ජනවාරි 17 වැනිදා නැවත සෙනසුරු කුම්භ රාශියට ආවට පස්සේ අපේ රටට මොනවා වෙයිද?

සෙනසුරු අවුරුදු 30කට වගේ සැරයක් තමයි ස්ථිර වශයෙන් එන්නේ. මීට කලින් සෙනසුරු කුම්භයට ආවේ 1993 මාර්තු 05 වැනිදා. එහෙම ඇවිල්ලා මාසෙකුත් දවස් 18ක් යනකොට මේ රටේ හිටපු අතිශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් වන ලලිත් ඇතුලත්මුදලි මහත්මයා කිරුළපන මහජන ක්‍රීඩාංගණයේදී මියගියා. එතුමා මියගිහින් දවස් 07ක් යනකොට දුප්පත් අසරණ ජනතාවට අසීමිත සේවයක් කරපු සජිත් ප්‍රේමදාස මහත්තයගේ ශ්‍රේෂ්ඨ පියාණන් වූ ආර්. ප්‍රේමදාස මහත්තයා මහ දවල් මහමග මියගියා. ඔය අතරතුර හොඳ දේවලුත් වුණා. චන්ද්‍රිකා මැතිනිය ලංකාවට ඇවිල්ලා 1993 මාර්තු 05 වැනිදා ඉඳලා මාස දෙකයි දවස් 16ක් යනකොට මැයි මාසේ 20 වැනිදා පැවැත්වුණු බස්නාහිර පළාත් සභා ඡන්දයට ඉල්ලලා මහ ඇමැතිනිය වුණා. එක් එක් අයගේ දෛවය අනුව සිදුවෙන දේවල්. ඒ වගේම සෙනසුරු 1993 මාර්තු 05 වැනිදා ඇවිල්ලා 1996 පෙබරවාරි 16 වැනිදා වෙනකල් හිටියා. ඒ අනුව 1997 අගෝස්තු 16 වැනිදා ශ්‍රී ලංකාවේ 11 වැනි අගමැතිනිය ලෙස චන්ද්‍රිකා මැතිනිය පත්වුණා. ඒ අවුරුද්දේම නොවැම්බර් 09 වැනිදා එතුමිය ශ්‍රී ලංකාවේ 04 වැනි ජනාධිපතිනිය ලෙස පත්වුණා. සෙනසුරු කියන්නේ හොඳ සහ නරකට දෙකටම ඉන්න ග්‍රහයෙක්.

අපි දැක්ක අවුරුදු 30කට කලින් සෙනසුරු කුම්භයට ආවට පස්සේ මේ රටේ කොයි තරම් විපර්යාස වුණාද කියලා. 2023 ජනවාරි 17 වැනිදා සෙනසුරු කුම්භ ලග්නයට ඇවිත් වසර එකහමාරක් ගතකරනවා. මේ කාලය තුළ අපේ රටේ මොන වගේ දේවල් වෙයිද?

ආර්ථික අතින් ප්‍රගතියක් කරා අපට යන්න පුළුවන් නම් අපි කවුරුත් හරි කැමැතියි. නමුත් අපට එතැනට යන්න අපහසුයි. අපට එතැනට යන්න පුළුවන් වෙන්නේ 2025දී විතර තමයි. මේ අවුරුද්දෙත්, ලබන අවුරුද්දෙත් ඇත්තටම බැරි වෙනවා.

මේ පීඩාව මේ විදියට ඉදිරියටත් තියෙයි කියලද ඔබ කියන්නේ?

ඔව්. මම කියන්නේ මේ පීඩාව මීට වඩා දරුණු වෙන්නෙ නැතිව මේ විදියටම පවතීවි.

2022 වසරේ ජන අරගල ඇතිවුණා. මෙවැනි දේවල් 2023 අවුරුද්දෙත් පවතීද?

නිතර නිතර දැඩි අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න රජයට සිදුවෙනවා. පුදුමාකාර අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න රජයට සිදුවෙනවා. ඒ පීඩාව ජනතාවටත් දැනෙනවා.

අපේ රටේ ලග්නය විදියට සැලකෙන්නේ කුම්භ ලග්නය. එතකොට සෙනසුරු එන්නේ කුම්භ ලග්නයට. මේක රටට නරක විදියටද බලපාන්නේ?

අනෙකුත් ග්‍රහ තත්ත්වයන් දෙස බලනකොට මේ වසරේ සූර්යග්‍රහණ දෙකක්, චන්ද්‍රග්‍රහණ දෙකක් සිදුවෙනවා. ග්‍රහ යුද්ධ 11ක් සිදුවෙනවා. අප්‍රේල් 20 වැනිදා, මැයි 05 වැනිදා, ඒ වගේම ඔක්තෝබර් 14 වැනිදා, ඔක්තෝබර් 28 වැනිදා සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ සිදුවෙනවා. ඒවා නිසාත් අපට අසුබදායක දේවල් සිදුවෙනවා. ඒ නිසා අපි බොහොම සැලකිලිමත්ව කටයුතු කළ යුතු වෙනවා.

මේ ග්‍රහ තත්ත්වයන් රටේ දේශපාලනයට මොන විදියට බලපායිද?

පහුගිය අප්‍රේල් මාසේ 29 වැනිදා සෙනසුරු ඇවිල්ලා ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ගෙදර පිටත් කළා. 1993 මාර්තු 05 වැනිදා ඇවිල්ලා හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයා ඝාතනය වුණා. මේ සෙනසුරු කුම්භ රාශියට පැමිණි හැම මොහොතෙම දේශපාලනඥයන්ට තමයි පීඩාව එන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනෙ. ඒගොල්ලෝ දෙවැනි සිල් පදය ආරක්ෂා කරමින්, පන්සිල් පදවලට ගරු කරමින් ඒ අනුව කටයුතු කරන්න ඕනෙ කියන එක තමයි මට පෙනී යන්නේ.

ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මැතිවරණවලින් බලයට එන්නේ මේ ජරාජීර්ණ දේශපාලනයේ ඉන්න පුරැණි නායකයොමද, එහෙම නැත්නම් අලුත් තරුණ නායකයෙක්ද?

අලුත්ම කෙනෙක් නෙවෙයි, දේශපාලන ක්ෂේත්‍රයේ දැනට ඉන්න කෙනෙක්. අවුරුදු 55ක් වගේ වයස කෙනෙක්. මම දේශපාලනය ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ. මොකද දේශපාලනඥයෝ ගැන කතා කරන්න ගිහින් මම තරම් දුක් පීඩා වින්ද කෙනෙක් ලෝකෙම නෑ. නමුත් අපි ඒවා ඉවසගෙන හිටියා. හිටපු නායකයන්ගෙ වැරැද්දෙන් තමයි එහෙම වුණේ. මගේ අතින් වැරැද්දක් නොවී තමයි මම ඒ නින්දා අපහාස වින්දේ. ලෝකෙ කිසිම රටක ජ්‍යොතිෂවේදියකුට කාටූන් ඇඳලා නෑ. මට කාටූන් 300ක් විතර වැදුණා. නමුත් මම ඒකට හරි සතුටුයි. අන්තිමට කාටූන් එකක් නැති දවසට මට කන්නත් බෑ, නින්ද යන්නෙත් නෑ. සමහර කාටූන්වල තියෙනවා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයා මගේ කකුල් දෙක පිරිමදිනවා. කෝටි ගානක් දුන්නත් ඕක කරගන්න බෑනේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයට වැඩ භාරගන්න නැකැත හැදුවෙත් මම.

කොහොම හරි ඔබතුමාලා එතුමාවත් ඔබතුමා ඉස්සරහා දණගැස්සෙව්වා?

එහෙම දෙයක් වුණේ නෑ. 1982 ඉඳන් මම මහින්ද මහත්තයත් එක්ක හිටියා. එතුමා එක්ක මම ඉන්න කාලේ මහින්ද මහත්තයට වඩා සූර වීර දේශපාලනඥයෝ මෙහේ හිටියා. ඔටුන්න දෑතින්ම අරන් ආපු අනුර බණ්ඩාරනායක මහත්තයා හිටියා. එතුමාට අගමැතිවත් වෙන්න බැරි වුණා. අවුරුදු 30න් හදන්න තිබුණු මහවැලිය අවුරුදු 6න් හදපු ගාමිණී දිසානායක මහත්තයා හිටියා, එතුමාටත් බැරි වුණා. විජය කුමාරතුංග මහත්තයටත් බැරි වුණා. දිනේෂ් ගුණවර්ධනටත් එන්න බැරි වුණා. තවත් ගොඩක් නායකයෝ අතරින් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා උපක්‍රමශීලීව ඔහොම ඉස්සරහට කැඳවාගෙන ඇවිල්ලා අපි ඒ කටයුතු ඉෂ්ට කළේ. අපි කොහොම හරි 2005 නොවැම්බර් 17 වැනිදා ඡන්දෙන් එතුමා ජයග්‍රහණය කෙරෙව්වා. අද ඒගොල්ලන්ට ඒක මතක නෑ. එහෙම දේකුත් තියෙනවා.

ඔබතුමා කියනවා 2025 වෙනකොට ජනාධිපතිවරණයක් පවත්වයි, ඒ ජනාධිපතිවරණයෙන් අවුරුදු 55ක් විතර වයස අපේක්ෂකයෙක් ජනාධිපති විදියට තේරී පත්වෙයි කියලා. එතකොට රාජපක්ෂවරුන්ට මොකද වෙන්නේ?

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය හරි ළෙන්ගතුයි. හරි පුදුමාකාර එකක්. හරි ආදරණීයයි. ඒක හින්දා ඒ රාජපක්ෂ බළකාය සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. ඒක අදත්, මේ මොහොතෙත් මේ රටේ ජනතාවගෙන් මිලියන 3කටත් වැඩි ගානක් ඒගොල්ලන්ට ඡන්ද තියෙයි කියන එක තමයි මගේ දේශපාලන දැනුම අනුව මට අවබෝධ වෙන්නේ. මොකද ඒගොල්ලො ජනතාවත් එක්ක බොහොම ආදරෙන් හිටියේ.

රාජපක්ෂ පවුලේ බලගතුම කේන්දරය තිබිලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට නෙවෙයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයට. මොකද ගෝඨාභය මහත්තයනේ වැඩිම ජනප්‍රසාදයකින් ජනාධිපති වුණේ. එතුමාගේ කඩාවැටීම ගැන ඔබතුමාට දැනුණේ නැද්ද?

ක්‍රි.පූ. 543න් ආරම්භ වෙච්ච අපේ ඉතිහාස කතාව තුළ රජවරු 194 දෙනෙක් හිටියා. සුදු ජාතිකයෝ ආවට පස්සේ ආණ්ඩුකාරවරු 30 දෙනෙක් හිටියා. ඩී.එස්. සේනානායක මහත්තයගෙ ඉඳලා ජේ.ආර්. දක්වා අගමැතිවරු 07 දෙනෙක් හිටියා. මෛත්‍රීපාල දක්වා අපේ රටේ ජනාධිපතිවරු 06 දෙනෙක් හිටියා. මේ කිසිම කෙනෙක් කාන්තාවකගෙන් උපදෙස් ගත්තද? අපේ මහාවංශයේ ඉතිහාසයේ කොහේ හරි එහෙම දෙයක් තියෙනවද? ජ්‍යොතිෂය කියන එක ශ්‍රී ලාංකික සංස්කෘතියේ ප්‍රධානම අංගයක්. සිදුහත් කුමාරයා උපන් වෙලාවේ නම් තැබීමට බමුණන් 108 දෙනෙක් ආවයි කියලා පොත්පත්වල සඳහන් වෙනවා. කවුද ඒ බමුණෝ කියන්නේ? අපි වගේ ජ්‍යොතිෂවේදීන් තමයි.

බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරයා කවුරු වේවිද කියන කාරණාව කෙරෙහි. ඔහු අවුරුදු 55ක පමණ කෙනෙක් කියලා ඔබතුමා කියනවා. අපේ රටේ දේශපාලනයේ ඉන්නේ ඒ වගේ චරිත කිහිපයයි. මේ අය අතරින් වැඩියෙන්ම ඉදිරියෙන් ඉන්නේ කවුද?

ඩී.සේ.ගේ පුතා ඩඩ්ලි මේ රටේ සිවුවරක් රාජ්‍ය නායකයා වුණා. බණ්ඩාරනායක මැතිනියගේ පුතාට ඒ තැනට එන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ 21 වැනි සියවසේ මුල් දශකයේ ජනාධිපති වෙනවා කියලා මම අනාවැකිය කිව්වේ 1982දීයි.

එහෙනම් ඔබතුමාට තව අවුරුදු දෙකකින් ජනාධිපති වෙන්නේ කවුද කියන එක කියන්න බැරිකමක් නෑනේ?

මේ දවස්වල ඉස්කෝලවලට බස් එහෙම බෙදන මහත්තයෙක් ඉන්නේ. ඒ මහත්තයා කියලා කිව්වොත් නිවැරැදියි. ඒ මහත්තයගේ කේන්දරේ තරම් බලගතු කේන්දරයක් මම දැකලා නෑ. ඩී.එස්. සේනානායක මහත්තයා උපන්නේ 1884 ඔක්තෝබර් 20 වැනිදා. එතුමාත් මිථුන ලග්නයේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 1949 මාර්තු 29 වැනිදා වගේ මට මතක. එතුමා දක්වාම කිසිම රාජ්‍ය නායකයෙක්ගේ ගජකේෂරී කියන යෝගය නෑ. මොකක්ද ගජකේෂරී කියන්නේ? චන්ද්‍රයා ඉන්න තැනින් හත්වැන්නේ බ්‍රහස්පති උච්චව සිටීමෙන් තමයි මේ ගජකේෂරී කියන යෝගය ආරම්භ වෙන්නේ. ඒක තමයි කතාව.



චානක ලියනගේ

ShareTweetSendShare
Previous Post

සිංගප්පූරුවෙ නීතිය ලංකාවට ගෙනාවොත් Facebook-YouTube-Whatsapp-Twitter පාවිච්චි කරන්න වෙන්නෙ මෙහෙම තමයි! කන්න නැති වුණත් අපිම නීති හදමු…

Next Post

පුලුවන් නම් රජයේ සේවක වැටුප දෙපාරකට ගෙවලා බලන්න! වෘත්තීය සමිති වැඩේට ලෑස්ති වෙයි! VIDEO

MORE NEWS

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

සමාජ මාධ්‍ය පනත ගේන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යංශය! හැබැයි ගේන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය! මේ හදන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න! VIDEO I Sri Lanka Latest News

පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News
Exclusive

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News
Exclusive

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…
Exclusive

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය තවත් කැපිල්ලකට ලෑස්ති වෙයි!
Exclusive

විදුලි බිල යළි ඉහළ දාන්න විදුලිබල මණ්ඩලය ඉල්ලයි! මහජන උපයෝගිතා කොමිසම සලකා බලන්න සූදානමින්! තුන්වැනි පාරටත් මිනිස්සුන්ට කරන්ට් වදින්න ළඟයි වගේ! I Sri Lanka Latest News

Load More
Leave Comment
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

සමාජ මාධ්‍ය පනත ගේන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යංශය! හැබැයි ගේන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය! මේ හදන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න! VIDEO I Sri Lanka Latest News

මර්දනයක් සඳහා පිඹුරු පත් සකස් කරන ආණ්ඩුව දැන් ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා...

Read more
පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version