සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමට අදාළ යෝජනාවලිය සකස් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.
සජබ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් මෙම කමිටුවට ඇතුළත් කිරීමට සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.Sri Lanka Latest News
සජබය සහ එජාපය එකතු වන්නේ කෙසේද, එහි ව්‍යුහය යනාදී සියලු කරුණු පිළිබඳ යෝජනාවලියක් සකස් කිරීම අදාළ කමිටුවට පැවරීමට විපක්ෂ නායකවරයා කටයුතු කොට ඇත.
කෙසේ වෙතත් යම් හෙයකින් පක්ෂ දෙක අතර එකමුතුවක් ඇතිවන්නේ නම් එය සජබය ප්‍රධාන කොටගත් එකක් විය යුතු බවට කොන්දේසියක් පැනවීමටද විපක්ෂ නායකවරයා කටයුතු කොට ඇති බව දැනගන්නට තිබේ.










