• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සූර්යාට උපහාර පිදෙන ලංකාවේ එකම පෙරහර…

April 22, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
සූර්යාට උපහාර පිදෙන ලංකාවේ එකම පෙරහර…
Share on WhatsAppShare on Facebook

“රා” සහ “රෝ” පදවලින් ඈත අතීතයේදී හිරු (සූර්යයා) හැඳින්විණි. දැනට වසර හත්අට දහසකට පෙර පැවති “මොහන්දාජාරෝ හරප්පා” ශිෂ්ටාචාරයේ “රා” නමින් හැඳින්වූයේ ද හිරුයි. රා පරපුර මේ උතුම් හෙළබිමේ හෙවත් හෙළ දිවේ අදත් කල් ගෙවත්.

“හෙළදිව” වෙසෙන්නෝ “සූර්ය වංශිකයෝ”ය. ඊට හේතුව “රාට” (සූර්ය දිව්‍යරාජයාට) “දාව” නෑඹුල් කන්‍යාවකගේ කුසින් උපන් පුණ්‍යවන්ත කුමාරයාගේ පරම්පරාවෙන් පැවතෙන්නා වූ හෙයිනි. “උහු” (ඔවුහු) සූර්ය වංශිකයෝ බව මහසම්මත “මනු” රාජවංශයේ ද කියන කතාවකි.

ලෝකාරම්භයේදී මිහිතලය (පෘථිවිය) මත කිසිදු ජීවියෙක් නොවූවේය. පැවතියේ ජල ගෝලය පමණකි. වසර ලක්‍ෂ ගණනාවක් තිස්සේ ඒ මත සූර්යාලෝකය පතිත වීමෙන් පහළ වූ ඒක ශෛලීය ජීවී “ඇමීබාවා” පරිණාමය වී මානවයා ඇතිවූවේය. එතෙක් මිහිතලයේ කිසිම ජීවියකු (ප්‍රාණියකු) ඇතිවී නොසිටි හෙයින් මිහිතලය (මිහිකත) නෑඹුල් (කන්‍යාවක්) වූවාය. ඒ අනුව මානවයාගේ මව මිහිකත වූ අතර පියා සූර්යයා වූයෙන් උපන් දරුවෝ සූර්යවංශිකයෝය.

මේ පුරාවෘත්තය චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳ සිද්ධාන්තයමය. එම සිද්ධාන්තය ඩාවින්ටත් වසර සිය ගණනාවකට පෙර පළමුවෙන්ම සොයා දැනගත්තෝ හෙළයෝය යන්නට හොඳම උදාහරණය මේ පුරාවෘතයයි. ඔවුහු එය සාහිත්‍යමය වශයෙන් දක්වා ඇත්තාහ. ඔය කතාවේ සමීකරණය “හෙළයන් සූර්ය වංශිකයන්ය” යන්නය. (බුද්ධිමත්හු විමසත්වා)

කල් යත් යත්ම සූර්යවංශිකයෝ යක්‍ෂ, රාක්‍ෂ, නාග සහ දේව වශයෙන් බෙදී ගියෙන් සිවු හෙළයන් වශයෙන් ගෝත්‍රික වූවෝය. කවර ගෝත්‍රයකට අයත් වුවද ඔවුනගේ නායකයා හිරු බව සියල්ලෝම පිළිගත්හ.

සෑම වසරකදීම මාර්තු 21 දා “සමකයට” හිරු මුදුන් වේ. සමකයේ සිට අංශක විසිතුනහමාරක් දුරින් පිහිටි “කර්කටක නිවර්තනයට” හිරු නැගෙන්නේ ජූනි 21දාය.

සමකය සහ කර්කටක නිවර්තනය අතර අංශක පහ සහ දහය අතර පිහිටි අපේ රටේ කොග්ගල සහ වලස්ගල යාකෙරෙන රේඛාව අංශක හයේ රේඛාවය. ඒ අනුව හෙළදිවට (ශ්‍රී ලංකාවට) හිරු මුදුන් වන්නේ අප්‍රේල් 13 සහ 14 යන දිනවල වේ.

තම කුලයේ (ගෝත්‍රයේ) නායකයා (හිරු) තමන්ගේ රටට (හෙළදිව) උඩින් වඩින විට අභිමානයයෙන් සලිත නොවන හෙළයෙක් වේද?

අන්න ඒ “උදාරය” යක්‍ෂ,රාක්‍ෂ සහ දේව යන ගෝත්‍රිකයෝ “සිංහල” අලුත් අවුරුද්ද ලෙසත් නාගයෝ “හින්දු” අලුත් අවුරුද්ද ලෙසත් සලකා උත්සව පවත්වති.

හෙළයේ වෙනත් කිසිදු පළාතක නැති තරමේ ළබැඳියාවක් අතීත සබරගමු පළාත් වාසීන්ට තම රැහේ (ගෝත්‍රයේ) ප්‍රධානියා ගැන තිබුණේය.

හිරු පාදක කර ගම්මාන නම්කර තිබීම ඊට හේතුවයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන එයිනුදු වෙසෙසි වේ. රඹුක්කන – කෑගල්ල ප්‍රධාන මාර්ගයේ “මාඔය” පාලම ඇති ප්‍රදේශය “හිරුවඩුන්න” (හිරුවැඩීම) නමි. හිරිවඩුන්න ලෙසින් ද වැහැරේ.

ආර්යයන් රට මැදට ගොස් ඇත්තේ “මාඔය” ඇසුරු කරගෙන (දිගේ) බව ඉගැන්වේ. එසේ පැමිණි පිරිස ස්වදේශිකයන් පදිංචිව සිටි පෙදෙසම වාසස්ථානය කරගෙන ඇත්තාහ. ඒ වන විටත් එහි පදිංචිව සිටියේ නාග සහ යක්‍ෂ යන ගෝත්‍රිකයන්ය. ඒ පිරිසට ආර්යයන් ද එක්වූ කල එහි ආර්ය, නාග සහ යක්‍ෂ යන තුන් ගෝත්‍රයේම සංයුතියක් විය.

ඒ නිසා ඒ ප්‍රදේශය (අර+නා+යක්) “අරනායක” ලෙසින් හැඳින් වෙන බව ජනමූලාශ්‍ර පුරාවෘත්තයයි. ඒ කණ්ඩායම් හිරු වඩින අන්දම නරඹා හිරු නමස්කාර පූජා (සූර්ය මංගල්‍ය) පැවැත්වූ ස්ථානය “හිරුවඩුන්න” වූ බව කියති.

රඹුක්කන නගරයේ වර්තමාන “අශෝකා බෝධිරාජාරාම” විහාර පරිසරයේ පොළොන්නරු යුගයටත් පෙර සිට පැවැත ආ ශිව කෝවිල (මොඩිෆයි වී) මේ වනතුරුත් තිබේ. එහි විසූ පූජකතුමා දෛනිකව හිරු වන්දනා කෙළේය. මේ ප්‍රදේශය සමීපයේම ඇති ගම්මානයක් පොළොන්නරු යුගයේ සිටම “සූරියමළුව” ලෙසින් හඳුන්වා තිබේ. ඒ බ්‍රාහ්මණ පූජකවරයා සූර්ය නමස්කාර පූජාව කළ හෙයිනි. (සක්මන් කරන මළුව සක්මන් මළුව යන්න විමසත්වා)

මේ කෝවිල පිළිබඳ විස්තරයක් ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතාගේ (Archaological History of Ceylon) කෘතියේ විස්තෘතය. ඉස්ලාම් භක්තික පිරිසක් ද ප්‍රදේශබදව පදිංචි හෙයින් කාලයත් සමග සූරියමළුව යන්න “හුරීමළුව” ලෙසින් ව්‍යවහාරයට පැමිණියේය. (හෙළ බසේ “ස”කාරය සහ “හ”කාරය සමානව යෙදේ. හඳ-සඳ, සම-හම, සතුරා-හතුරා ඈතන් විමසා බලත්වා)

පසුගිය තිස්අවුරුදු යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් උතුරෙන් සහ නැගෙනහිරින් පලවාහරිනු ලැබූ ඉස්ලාම් භක්තිකයෝ බොහෝ දෙනෙක් මේ ප්‍රදේශයේ මේ වනවිට පදිංචිව ඇත්තාහ. අනතුරුව දෙවසරක් ඇතුළත පල්ලියක්ද ඉදිකෙරිණි.

අතීත “සූරියමළුව” දෙවැනිවැ “හුරීමළුව” වී මේ වනවිට තුන්වැනිව “ජෙරුසලම” වී තිබීම හාස්කමකි. මේ දේවාල භූමිය සමීපයේ එවක් පටන් තිබුණු විශාල පිට්ටනිය “මඩමෙ ගාල” වශයෙන් හඳුන්වනු ලැබිණි. උඩරටට යන ගැල් (කරත්ත) නැවැත්වීමට ඒ පිට්ටනිය භාවිත කර තිබේ. ගැල්කරුවනට ගිමන් හැරීමට ඒ ස්ථානයේ මඩමක් ද තිබී ඇත. එයින් ස්ථානය “මඩමෙගාල” වත්ත වීය.

වර්තමානයේ ඒ පිට්ටනිය “අශෝක ක්‍රීඩාංගණය” බවට පත්කෙරී ඇත. (හිටපු සමාජසේවා ඇමැතිවරයකු වූ අශෝක කරුණාරත්න මහතා විසින් ඉදිකරන ලද බැවින් එය එතුමාගේ නමින් හැඳින්වේ)

දේවාලයට සැතපුම් භාගයක් තරම් අඩු දුරකින් “රඹුකන් ඔය” ගලායයි. ඒ ඔයෙන් එතෙර මෙතෙර වීමට බසින ස්ථානය (තොටුපොළ) පැරැන්නන් විසින් හඳුන්වනු ලැබුවේ “කෝවිල්මංකඩ” වශයෙනි. ඒ මේ කෝවිල නිසාය. දුරාතීතයේ සිටම උතුරෙන් සහ දකුණෙන් ශිවකෝවිලේ උත්සවවලට මහත් පිරිසක් පැමිණ ඇත්තාහ. අදට වසර දෙකතුනකට පෙරදී තොටුපොළ ආසන්නයෙන් වැළලී තිබූ දැව “ඔරුවක” ශේෂෝපගත ද වැලි ගොඩදැමූ පිරිසකට හමුවී තිබේ.

මන්නාරම, පුත්තලම ආදී ප්‍රදේශවලින් උඩරටට යාමට අනිවාර්යයෙන්ම ඒ තොටුපොළින් එතෙර වීමට සිදුවිය. රජ වාසල ඇතුළු උඩරටට භාණ්ඩ (කරවල සහ ලුණු) ප්‍රවාහන මාර්ගය වැටී තිබුණේ ඒ ඔස්සේ හෙයිනි.

යථෝක්ත මාර්ගයත් මංකඩත් සම්පූර්ණයෙන්ම ඇහිරෙන අන්දමින් (1977) ම.ග.ම. බස් ඩිපෝව ඉදිකෙරුණු හෙයින් තොටුපොළද අවභාවිතව කෝවිල්මංකඩ යන නාමය වැළලීගොස් තිබේ.

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියාට දිවයිනේ වැඩිම ගෞරවය දක්වා ඇති සබරගමුවෝ (ප්‍රජාව) තම නායකයා පිළිගැනීම උදෙසා පෙරහර මංගල්‍යයක්ද පවත්වා ඇත්තෝය.

රඹුක්කන, කඩිගමුවේ “රා” පෙරහර (රා පෙරහර මංගල්‍ය) වශයෙන් හැඳින්වෙන්නේ ඒ උත්සවයයි.
ඇතැම් පෙරහරකරුවන්(සහභාගිවූවන්) ඈත අතීතයේ දී “රා” පානය කර පෙරහර කළෙන් මේ පෙරහර “රා” පෙරහර ලෙසින් අර්ථ කථනය කළෝ මුළාවූ (වැරදි) මතයක එල්බගත්තාහු වෙත්.

මේ වර්ෂයේ (2023) පෙරහර සෙනසුරාදා 22 වැනිදා කඩිගමුව ශ්‍රී නාගවනාරාම රාජමහා විහාරස්ථානය, නැටිපාන ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, මාලියැදදේ ශ්‍රී සුදර්ශනාරාමය, කලඔටුවාවේ පුරාණ විහාරය සහ මන්නාරම ශ්‍රී ස්වර්ණ බිම්බාරාමය යන පංචමහා විහාරධිපති අල්කේගම ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.

මහනුවර දළදා මාලිගාවේ දියවඩන පත්කෙරෙන නිලවරණයේදී රඹුක්කන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඡන්ද බලය ඇති එකම භික්‍ෂුන් වහන් සේ මේ නායක හාමුදුරුවන් පමණි.
විහාරස්ථානයේ පවත්නේ මහනුවර යුගයේ ඉදිකළ ප්‍රධාන “ටැම්පිට” විහාරස්ථානයයි. ඊට සමාන්තරව තවත් ටැම්පිට විහාරස්ථානයක් ද ඉදිකර තිබේ.

මේ පෙරහර ගැන කියයුතු විශේෂ කරුණු දෙකකි. පළමුවැන්න සූර්යයා වෙනුවෙන් මෙරට පැවැත්වෙන එකම පෙරහර බවයි. දෙවැන්න වර්ෂය පුරා පැවැත්වෙන සෙසු පෙරහරවල් ආරම්භ කිරීමට පළමුවෙන්ම පැවැත්වෙන පෙරහර බවයි.

ලංකාවේ වෙනත් කිසිදු පෙරහරක නැති විශේෂ අංග කීපයක් මේ පෙරහරට ඇතුළත් වේ. මහල් ගණනාවකින් යුත් “ගෙඩි ගෙවල්” ඉතා උස උණ ගස්වලින් සැකසූ “බුලත් ගස්” රෙදි සහ කොහු ලණුවලින් නිර්මිත (ඔටුවන්) මේ පෙරහරටම පමණක් ආවේණික අංගය.

පත්තිනි දෙවොලට දේවාභරණ (සළඹ) “තෙළඟු” රටින් ගෙනා බව මතයකි. එසේ ගෙනා දේවාභරණ විහාරස්ථානය ආසන්නයේ “පත්තිනියා” වත්ත නමැති ඉඩමේ නා වෘක්‍ෂයක බෙනයක (සිදුරක) තැන්පත් කර තබා පසු කලෙක විහාරස්ථ භූමි පරිශ්‍රයේ ඉදිකළ දේවමන්දිරයේ තැන්පත් කර ඇත.

ඉන්දියාවේ “කාංචි” දේශයෙන් වැඩමකර විහාරස්ථව වැඩසිටි ධම්මානන්ද නමැති නාහිමියන් දේවාලය ඉදිකර තිබේ.

දෙවැනි බුවනෙකබාහු, හයවැනි බුවනෙකබාහු, දෙවැනි විමලධර්මසූරිය සහ කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරු විහාර දේවාල සංවර්ධනයට දායකව ඇත්තාහ.

විහාරස්ථානය පාදක කරගෙන අවට ගම්මාන නම් කෙරී තිබේ. කඩිනමින් ඉදිකළ ගම්මානය “කඩිගමුව”ය. උඩරට වාසලට “කඩු” ඉදිකළ ගම බවද මතයකි. රජුන් වෙනුවෙන් කෙළිපිටියක් ඉදිකළ පෙදෙස “කෙම්පිටිය”ය. රජවරුන් රැස්වීම් පැවත්වූ ශාලාව තිබූ ගම “ශාලාගිරිය” වර්තමානයේ “හලාගිරිය”යි. ගොනෙකු දැවුණු වළ “ගොන්දැවළ”යි. කුෂ්ඨ රෝගයකට ප්‍රතිකාර ගැනීමට පැමිණ නැවතී සිටි රජ බිසවකට අවශ්‍ය “එළුකිරි” සපයා දීම උදෙසා එළු ගාලක් රැකබලාගත් ප්‍රදේශය “එළුගල්ල”යි. වාසලට සහල් සැපයූ වෙල්යාය සහිත ප්‍රදේශය “මාලියැද්ද” (මහලියැද්ද)යි. දුනු සැපයූ ගම “දුනුගම“ය.

මේ අන්දමට හේනේපොළ, ගංගොඩ, කඹුරාගල සහ යටිවැල්දෙණිය ආදී වශයෙන් ඇති ගම්මාන බොහොමයකින් කෙරෙන අනාවරණය පළාත විශාල ජනපදයක් බවයි.

උඩුගම “එක්සත්වීර” පදනමේ නිර්මාතෘ, සාමවිනිසුරු එච්.ජී. උපාලි විජය වික්‍රම මහතා සෑම වර්ෂයකම පෙරහර ඇතුළු මංගල්‍ය සතර පේරුවේ දායක පිරිසේ සහ ප්‍රදේශවාසීන්ගේ නොමසුරු සහයෝගයෙන් සංවිධාන කරයි.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අම්පාරේ අවුරුදු 15ක සිසුවෙක් වෙඩි තියාගෙන දිවි නසාගනී!

Next Post

පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද? EXCLUSIVE

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.