• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජධානියද-ලෙෂර් පාර්කුවද… කසුප් රජුන් පාෂාණිභූත වූ සීගිරියේ නම් පෙරළිය…

October 3, 2022
in Exclusive, Mahawanshaya, News
Reading Time: 8 mins read
A A
රාජධානියද-ලෙෂර් පාර්කුවද… කසුප් රජුන් පාෂාණිභූත වූ සීගිරියේ නම් පෙරළිය…
Share on WhatsAppShare on Facebook

දඹුලු පව්ව දෙසින් හැමූ මඳනළින් සීගිරි පව්ව අසල වන ලැහැබේ ළා දලු සහිත තුරුලතා සෙමින් සැලෙමින් තිබුණේය. හැන්දෑ යාමයේ සරතැස නිවී යමින් නැගෙන සිසිලසකින් පරිසරය සනහන්නට වූවේය. සූර්යයා අවරගිර දෙසට ළං වෙමින් තිබුණද තාපය අඩුවක් නොවිණි. සියොතුන් සවස්යාමයේ කැදලි කරා එතෙක් ඇදෙමින් සිටියේද නැත. කෙත්වතු පොල්වතු ඈ නොයෙක් සශ්‍රීක වතුවලින් සජ්ජිත පරිසරය සිවු දිගන්තය දෙසටම විහිද තිබෙන අන්දම දෙස සීගිරි පර්වතය මස්ථකයේ සිට ආරෝ පරිණාහ දේහයකින් යුත් ප්‍රතාපවත් තැනැත්තෙක් බලා හුන්නේය. කෙටි සළුවකින් වැසී තිබූ ඔහුගේ උඩුකයේ බොහෝ කොටසක් නිරාවරණය. කළු දළ රෝමවලින් ගහන ළැම තලය පුළුල්ය. මුහුණ පුරා පැතිරුණු දළ රැවුළද ඊට නොදෙවැනිය. හෙතෙම නිසොල්මන්ව ගල් කුලුනක් සේ හිටගෙන සිටියද නෙත් බැල්ම අවට පරිසරය සිසාරා දිවයමින් තිබුණේය. ඉහළ ඈත ආකාශයේ පියාඹන ගිජුලිහිණියකුගේ බැල්මද මේ නරනාථයාගේ නිරීක්ෂණයට අලගු තබන්නටද තරම් නොවන්නා සේය.

‘පුරෝහිත…’ ඔහු වහාම අසල සිටි රාජපුරුෂයා ඇමතුවේය.

‘රජතුමනි…’ පුරෝහිත තෙමේ කඩිනමින් ඔහු කරා ළං වූවේය.

ප්‍රතාපයා මඳහස බැල්මෙන් මහලු මගෙත් බුද්ධියෙන් නොමහලු ප්‍රඥාවෙන් වැඩුණු අත්දැකීමෙන් පරිපාක (පැසුණු) පුරෝහිතයාණන් දෙස බලා සිටියේය.

‘මේ බළකොටුව ගැන ඔබේ මතය කුමක්ද?’ රජු විමසුවේය.

‘අද්විතීයයි රජතුමනි. මේ හෙළයේ අභිමානනීය නිර්මාණයයි. රජතුමනි සීගිරි පර්වතය මුදුනේ සිට පහළ සිංහ පාදම සමීපයේ උද්‍යානයට ජලය ගලායන ගුප්ත වාරි පද්ධතිය අනුරාධපුර යෝධ ඇළේ සැතපුමට අඟලේ බැස්ම පරිදිම සියලු ලෝ වැස්සාම අබිරහස් මෙතුටක් සේම ප්‍රහේළිකාවක්ව ඉදිරියටද පවත්නා බව සැබැවි. ඔබතුමන්ගේ සිත් වසඟ කළ ලලනාවන් මතු මත්තටද දෙස් විදෙස් රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ සිත් සතන් පුබුදනු දැක අලලෝලනය කරනු ඇත. අමන්දානන්දයට පත්කරනු ඇත….’
‘රජතුමනි, මේ දුර්ගල දක්නා විසින් වන් (පැමිණ) රසිකයන් විසින් ලියන ලද ගී චිරාත් කාලයක් පවත්නේමය…’

‘බුදල්මි නමැති කවියා හුදකලාව (සියොතු) අවුත් මෙහි පිළිබිඹු වන අයස්කාන්ත සිරියෙන් මත්වැ ගීයක් ලිවීමට සිතුවද නෙත් ගැටෙන සෑම කල්හිම කවියන් විසින් ලියන ලද අරුතෙන් රෙසෙන් (රසයෙන්) පිරිපුන් කවි දැක තමාට ලිවීමේ සිත ගිලිහී ගිය බැව් කිවමැ රසික සිත් සතන්වලට හීයකින් අනින්නා සේම කිතිකවන්නකි.

(බුදල්මි සියොවැ ආමි
බැලූ බැලූ බොහො දෙනා
ගී ලුලුයෙන් නොලිමි)
එපමණෙක්ද රජතුමනි,
නිල් කට්රොල් මලෙකැ
අමුදු වැට්කොල් මල සෙයි

කෙතරම් උචිත උපමාවෙක්ද? එයමැ රස සයුරෙකි…

ගතවූ වසර සිය ගණනාවක් පුරාමැ මේ බෙය (සීගිරි පව්ව) සියල්ලන්ගේ අගැයීමට ලක්වූයේමය.
විසිවැනි සියවසේ වුසූ (ජීවත් වූ) හෙළයේ මහා පුරාවිදුවාණන් (පුරාවිද්‍යාඥයා) වූ පරණවිතාන මහැදුරාණන් පැවැසුවේ මේ මිහිමත අලකාපුරය (කුවේරයාගේ ආලකමන්දාව) බවයි.

‘සැබැවින්මැ සැබැවි පුරෝහිත’ යැයි කී සීගිරි කස්සප නිරිඳු තෙමේ උන්වනමැ සිට (මියුරුහුඩු) දීර්ඝ සුසුමක් හෙළා ඈත ක්ෂිතිජය දෙස බලා සිටියේය.

ඉන් දොම්නස්වැ ගිය පුරෝහිත තෙමේ විපිළිසරවැ (දුර්මුඛවැ) මෙසේ විතාලේය.
‘ඔබ මා කමා කෙරෙත්වා. රජතුමනි මාගෙන් කිසියම් වරදෙක් වීද?’ ඊට කසුප් නිරිඳු නෑසු කන්වැමැ (නොඇසුණා සේ) දෙවේලාවක් සිට උන් මුහුණ බලා මෙසේ කී.

‘මේ වන විට මාගේ අභාවයෙන් වසර 1,500 ගණනක් ගෙවීගිය මේ මාහැඟි සම්පතට අත්වැ ඇති ඉරණම ගැන සිහිවැ මම් මියුරහුඩු ලෑමි. ලංකා භූමිය කරවන කිසිදු ආණ්ඩුවකින් මේ ස්ථානයට හිමිවිය යුතු නිසි තැන ලබාදුන්නේද? නොවේමැයි. කැලම (කොහෙත්ම) නැති.

මේ වටිනා ස්ථානයේ මගේ පණ සා සදිදි මේ කලා කෙතට සුරූපිනියනට කිසියම් නපුංසකයකු විසින් කවුරුන්ගේ හෝ ඉගැන්නුම් බහකට ‘තාර’ නමැති දියරයක් වත්කළා නොවේද? එය තොපට නොමතකද? මෙහි අගය දන්නෝ වම්ද?’

එබසින් පසුබාගිය පුරෝහිත තෙමේ වහා සිහි එළවාගත හැකිවූ කල්හි ඊට පිළිතුරු බස් මෙසේ කියන්නට වන.

‘දනිමි රජතුමනි, සිහි කළෙමි රජතුමනි. …. කිතු උපතින් සියවස් ගණනකින් උදාවූ නවසිය හැට (1960) දශකයේදී දළ හස්තියකුගේ සංකේතයෙන් බලයට පත් සේනාවට නායකවූ ඩඩ්ලි යන අග්‍රාමාත්‍යවරයකුගේ ධුර කාලයේ හෙළයට සහ හෙළ බසට පමණක් නොවැ හෙළ සැහියාව (සංස්කෘතිය) පිළිබඳවද හිතකාමියකු වූ ඊරියගොල්ලේ නමැති ඇමැත්තන්ගේ නතුවට (පාලනයට) යටත්වැ සීගිරිය පවත්නා කල චාර්ලිස් ගොඩකුඹුර පුරාවිදු කම්සුරුවාණන් උන් සමයේදී එබඳු දුර්දාන්ත අභාග්‍යයක් වූ බව සැබැවි.’

‘මහ රජතුමනි, කොයි කවරදාත් බත් බැලයෝ සිටින්නාහ. ඒ සිද්ධිය සැලවූ වහාම කටයුතු කළ ඇමැත්තාණෝ ඉතාලියේ ලුසියානෝ මරෙන්සි නම් විද්වතා ගෙන්වා තාර නම් වූ උග්‍ර ‘වෛති’ (මැලියම්) මකාලූහ. එමතුදු නොව පුරාවිදු කොමසාරිස් වූ චාල්ස් ගොඩකුඹුර මහැදුරාණන් තනතුරින් ඉවත් කර බුරුමයේ ලංකා තානාපති ලෙසින් යවන ලද්දේය.’

‘පුරෝහිතය, කුමරතුඟු මුනිදසුන් කී අන්දමට රට, දැය, සමය සේමැ දෙස, බස, රැස අපේ ත්‍රිවිධ රත්නයයි. එම ත්‍රිවිධ රත්නය මතු මත්තේ ඉර සඳ පවත්නා තාක් කාලයක්ම පැවැතිය යුත්තේමය. එහෙත් බලව, මේ විසිඑක් වැනි සියවසේ රටට දැයට සමයට වින්නැහිය කැට ඇති අන්දම. දෙසට බසට රැසට කවර අන්දමේ හෙළ පතයක් කඩාවැටුණේ වීද කම්නැතැයි සිතන මේ රටේ පාලක උදරම්බයියන් (බඩගෝස්තරවාදීන්) තමන් පමණක් යැපෙති. දැපෙති. පිපෙති.’

‘එසේය රජතුමනි, මේ ලෝකය වැනසෙන ඊශ්වර විංෂතිය නොවැ…’

‘පුරෝහිතය, අශූචි බුදින සූකරයනට රජ බොජුනින් පලක් නැත්තා සේ රටවැසියාගේ රිහිරි මාංශය උන්නා වූ මත් මවිසින් ඉදිකරන ලද සීගිරියද කොමු තම තමන්ට මනෝඥ වූ පරිද්දෙන් ‘කබරයා තලගොයා’ සිද්ධාන්තයට පෙරළා ගන්නට සූදානම් වන්නමෝ දයි තොප නොදන්නහුද?’
‘කමත්වා මහ රජතුමනි, වදාළ මැනවි…’

‘සංචාරක කර්මාන්තයේ ඉහළ පුටුවක අරක්ගත්තාවූ පුඟුලකු මහැදුරු පරණවිතානයන් පවා සීගිරිය බළකොටුව යැයි හැඳින්වූ මේ බෙය (දුර්ගල) ‘ලෙෂර් පාර්කුවක්’ ලෙසට නම් කෙරුණු බව අසන්නට ලැබිණි…’

‘මන්ද මානසික ආතුරයකු විය හැකි ඒ පුඟුලාගේ නම් ගොත් සහිතවැ විතරක් (විස්තරයක්) සොයාගැන්ම දේශයේ යහපත උදෙසාම වන්නේය.’

‘උහු තෙමේ විසින් මහජන සභාවකදී පවසන ලද්දේ යැයි කියන එපුවත පසල් දනව්වල ජනී ජනයාගේ කතාබහට ලක්වද්දී මාගේ චරපුරුෂයන් ගෙන් ඒ තොරතුරු මටද ලැබිණි. ඔවුන් කී පරිදි මේ තැනැත්තා වනාහි සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අමුත්තකුගේ ලේකම් මිටිය දරන්නෙකි. මේ අමුත්තාගේ නම රීන් හඩින් පුරය සාද කරන යන අරුතෙන් ‘රීන් පුරනදුය. එහෙත් හෙතෙම නමේ අරුතෙන් කටයුතු නොකරන්නෙකි. මන්ද පාස්කු ප්‍රහාරයට පූර්වක මූ තුමාගේ පියාණන් එපුවත මූණට තෙපලුවත් ඒ බැව් පුරයේ නාද නොකළ නිසාවෙනි. එසේ නාද කළේ නම් අදත් ජීවත්වෙන පිරිසකි. තුන්සියයක් පමණ එමගින් මියැදුණි. විශාල පිරිසක් ආබාධිත වූහ.’

‘හැඳින්නෙමි ස්වාමීනි, මේ සත්වයා වනාහි ඇමැතිකමක් පතා තාත්තා ගස්බැඳ මවු දේවිය වුවද පිරිනම මණ්ඩුකයෙකි (ගෙම්බෙකි).’

‘සඳ අනුව යන තරුවක් සේ යන සාහිත්‍ය පාඨය සිහිගන්වමින් බූරුවකු පසුපස යන මහීෂයකු පරිද්දෙන්ම ඇමැත්තාට අදවම ගොන්පස් අල්ලන ලේකම්මිටියා ද සංචාරක කර්මාන්තය නැංවීම පිටපොට ගසන නියාවෙන් සීගිරිය ලෙෂර් පාර්කුවක් යැයි කීවේය. චූලනී බ්‍රහ්මදත්ත රජුන් සිහිකරවන මෙතෙමේද ගිය ගිය තැන චූ හලා යන්නෙකි.’

‘චූ හලා ගැනීම නම් සැබැවින්ම සැබැවි. මහජන හිරේ යායුතු මූ තෙමේ එසේ හිරේ නොගොස් රේගුවට පමණක් ගොස් සිටියදීද නීත්‍යනුකූල නොවන අන්දමින් ආනයනය කළ සුඛෝපභෝගී වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් තරුණ නායකයකු බව කියන හිරු යන උප පදයක්ද ඇති ඇමැති කෙනකුගේ බලපෑමෙන් සුළු මුදලකට තක්සේරු කර නිදහස් කිරීමෙන් රටට රුපියල් කෝටි එක්දහස් පන්සියයකට ඇන්න බව දනිමි රජතුමනි…’

‘එසේ නම් පුරෝහිතය දැන් මේ චූවා අල්ලන්න දඟලන්නේ කවර අන්දමේ කස්තිරමක්ද?’

‘මහ රජතුමනි, මේ රට කළ උන් පසුගිය සමයේ විදේශගත කළ ශ්‍රමිකයන්ගෙන් ලද ඩොලර්වලින් කළේ තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීමට මහජනතාවට සතේක ප්‍රයෝජනයක් නැති කුලුනු හැදීමය. මංමාවත් හැදීමය. ක්‍රීඩා පිටි, වරායවල් ඉදිකිරීමය. චීනා ලෝස් නැතුව ණය දුන්නේය. එමගින් නහුතෙටම අයියා මලෝ ටික කොමිස් ගසා ගත්තෝය. දැන් රටට ඩොලර් ලබාගැනීමට සංචාරකයන් ගෙන්වාගත යුතුය. කුසගින්නේ මහජනයා කෑමොර ගසති. උන් රටට බබා පෙන්වයි.’

‘මින් පෙර මහා භාණ්ඩාගාරය කෑකබරරාළලා සේමැ චූවාද සූදානම් වන්නේ මහජනයා ගොනාට ඇන්දවීමටය. එහෙත් මේ බහුබූත මහජනයා පිළිගනිත්ද?’

‘කාශ්‍ය රජතුමා යළි සුසුමු ලෑවේය. මේ රට කරවන්නන්ට දැන් දෙවේලේ වැදිලාද යන්න තොපට හෝ අවබෝධ වේද? පුරෝහිතය, මට නම් කිසිසේත්ම සිතාගත නොහැකිය….’

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

22 ගැන පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ ගාලගෝට්ටියක්! අරන් ආවොත් අපි පරද්දනවා! පොහොට්ටු මහලේකම් සාගර ජනපතිගේ මුහුණටම කියයි!

Next Post

රැජිනගේ අවමඟුල් උත්සවය වගේ වියදම දෙගුණයයි! මිනිසුන් විරුද්ධ වෙද්දී තිබ්බ ‘අබේ’ගෙ අවමඟුල් උත්සවයේ විස්තර මෙන්න…!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.