පසුගිය ජනවාරි 01 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා කාලය තුළදී දිවයිනේ පළාත් කිහිපයකදී සංවිධානාත්මක (පාතාල) අපරාධ කල්ලි විසින් සහ වෙනත් පුද්ගලයන් සිදුකළ වෙඩිතැබීම් සිද්ධීන් 26ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය. Sri Lanka Latest News
එම වෙඩිතැබීම් අතරින් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකර ඇති වෙඩිතැබීමේ සිද්ධීන්වලින් 17 දෙනකු මියගොස් ඇති අතර, පෞද්ගලික සිද්ධීන් මත සිදුවූ වෙඩිතැබීම්වලින් 9 දෙනකු මියගොස් තිබේ.
සංවිධානාත්මක පිරිස් අතින් සිදුවූ වෙඩිතැබීම්වලින් තුවාල වූ සංඛ්‍යාව 8ක් බවද සඳහන්ය.
පෞද්ගලික හේතූන් මත සිදුවූ වෙඩිතැබීම්වලින් 5 දෙනකු තුවාල ලබා ඇති බව සඳහන්ය.
මේ අතර, 18 දින දක්වා සිදුව ඇති මාරක රිය අනතුරු 453කින් 473 දෙනු මියගොස් ඇත.
පසුගිය 14 දා වනතුරු සිදුව ඇති අනතුරු සංඛ්‍යාව 1,027කි.
ප්‍රේමලාල් විජේරත්න










