• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආනන්ද මෛත්‍රෙය හිමියන් 2023 ගැන කිව්ව දේ ඇත්තක් වෙයිද? I Sri Lanka Latest News

December 15, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වෙනකොට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අනාගතේදී මොකක් සිදුවෙයිද කියන එක. මොකද මේ වෙනකොට අපි හැමෝම මේ රටේ දේශපාලකයන්ගෙන් බැට කාලා ඉවරයි. ඉතින් 2023 අවුරුද්දත් ඉවර වෙන්න තව කෙටි කාලයක් විතරයි තියෙන්නේ. අපි හැමෝටම වඩා ආධ්‍යාත්මික අතින් පොහොසත් ආනන්ද මෛත්‍රෙය නාහිමියන් මොකක්ද අනාගත ලංකාව ගැන කිව්වේ? තමන් කියපු අනාවැකිවලින් 85%කට වඩා අද වන විට නිවැරැදි බව තහවුරු වී ඇති බාබා වැන්ගාත් මේ වසර අවසානයේදී සිදුවෙතැයි කියන විස්මිත අනාවැකිය මොකක්ද?(Sri Lanka Latest News)

ලෝකයේ හැම දෙයක්ම සිදුවෙලා තියෙන්නේ යම් රටාවකට. හිරු නැගීම, හිරු බැසීම, වගේම මානව වර්ගයාගේ හැම චර්යාවක්ම සැකසිලා තියෙන්නෙත් යම්කිසි සම්මත රටාවකට. මේ සම්මත රටාව ගැන සමහර අය ගොඩක් විශ්ලේෂණය කරනවා. අතීතය සහ වර්තමානය ගැනත් ඔවුන්ගේ අවධානය එහිදී යොමුවෙනවා. ඒ අනුව ගොඩනගා ගන්නා නිර්ණායක මත තමයි ඔවුන් අනාගතය ගැන අනාවැකි ඉදිරිපත් කරන්නේ. මේ වගේ කට්ටියට තමයි දක්ෂ අනාවැකිකරුවන් කියන්නේ. ඊටත් වඩා මනස දියුණු කරලා, අතීතය, අනාගතය, වර්තමානය දකින්න පුළුවන් ක්‍රම ගැන බෞද්ධ ඉගැන්වීම්වල වගේම ඉන්දියාවේ පැවැති පැරැණි ආගම්වල සඳහන් වෙනවා.

එවැනි විස්මිත හැකියාවක් සහිතව වැඩසිටි අතිපූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් ගැන අපි කතා කරමු. උන්වහන්සේ ශ්‍රී ලංකාව ගැනත්, ලෝකය ගැනත් සුවිශේෂ අනාවැකි කිහිපයක් ප්‍රකාශ කරපු බුද්ධිමත් හිමිනමක්. දෙස් විදෙස් ගෞරව සම්මානවලින් පුදලැබූ උන්වහන්සේ 1955 දී මියැන්මාර රජයෙන් පිරිනමන අග්ගමහා පණ්ඩිත ධුරයෙන්ද පිදුම් ලැබුවා. ඒ විතරක් නෙවෙයි සංඝරාජ පදවියට සමාන අභිධර්ම මහා රට්ඨගුරු සංඝාභිධාන කියන පදවියත් උන්වහන්සේට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, ප්‍රවචණ විශාරද, සාහිත්‍ය සූරී, විද්‍යාලංකාර පිරිවෙනේ සාහිත්‍ය චක්‍රවර්ති ආදී ගෞරව නාම රැසක් ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ට ලැබිලා තියෙනවා.

කුඩා කල සිටම මහණදම් පිරීමේ ආශාවකින් පසුවූ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් උපත ලබන්නේ 1896 අගෝස්තු 23 වැනිදා බළන්ගොඩ කිහිරිඳිගල ප්‍රදේශයේදී. මේ සිඟිත්තාව නිවැසියන් හඳුන්වා ඇත්තේ පුංචි මහත්තයා යන නමින්. ඔහු ඉපදී හරියටම සති දෙකක් ගතවූ තැන ඔහුගේ මෑණියන් මියගිය බවත් සඳහන් වෙනවා. දරුවා ප්‍රසූත කර සති දෙකකින් තමන් මියයන බව පුංචි මහත්තයාගේ මෑණියන් වූ හීන් මැණිකේ මාතාව සිහිනයෙන් දැක ඇති බවත් සඳහන් වෙනවා. ඒ අනුව හීන් මැණිකේ මාතාව සිය සහෝදරියට පවසා ඇත්තේ තමන් මියගිය පසු තම දරුවා හදාවඩා ගන්නා ලෙසයි.

පුංචි මහත්තයාට හරියටම වයස අවුරුදු 15 සම්පූර්ණ වූ 1911 මාර්තු 02 වැනිදා බළන්ගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාම විහාරයේදී පැවිදි බිමට පිවිසෙනවා. එතැන් පටන් 1998 ජූලි 18 වැනිදා උන්වහන්සේ අපවත් වන තුරුම බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ පරතෙරට ප්‍රගුණ කළ බව කියැවෙනවා. ඒ වගේම වසර 5000කට වඩා පැරැණි ඉන්දීය අනාවැකි ක්‍රමයක් වන නාඩි වාක්‍ය පිළිබඳවත් සුවිශේෂ හැදෑරීමක් උන්වහන්සේ සතුව පැවැතුණා.

ඒ අනුව උන්වහන්සේ අනාවැකියක් ඉදිරිපත් කරමින් ලංකාවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවක් විසින් හිමිකරගන්නා බවත්, ඇය සිය ධුර කාලය අවසන් වන තෙක් ධුරයේ රැඳී සිටින බවත් 1993දී ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනාවැකිය සනාථ කරමින් 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙරට පළමු ජනාධිපතිවරිය බවට පත්වුණා. ඒ විතරක් නෙවෙයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා බවට පත්වන බවටත් උන්වහන්සේ අනැවැකියක් පළකර තිබෙනවා.

ඒ අතීතයට අයිති අනාවැකි වගේම 2023න් පස්සේ අපේ රටට සිදුවෙන දේ ගැන මෛත්‍රෙය නාහිමියන් කියලා තියෙන්නේ මොකක්ද දන්නවද? 2025ත් 2030ත් අතර කාලෙදී ලොවම වන්දනා කරන ශ්‍රේෂ්ඨ නායකයෙක් ලංකාවෙන් බිහිවෙනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම 2050 වසර වෙද්දී ශ්‍රී ලංකාවේ පවතින නිර්මල බුදු දහම මුළුමහත් ලෝකයටම ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙන බවත් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ නිර්මල දහම පිටසක්වළවාසීන්ට පවා අවබෝධ කර දීමේ හැකියාව ලාංකිකයන්ට ලැබෙන බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඒ කාලය වෙද්දී තුන්වැනි ලෝක යුද්ධයක් නිර්මාණය වන බවත්, ඒ යුද්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් මෛත්‍රෙය නාහිමියන්ගේ අනාවැකි අතර කියැවෙනවා. ඊට හේතුව විදියට උන්වහන්සේ දක්වලා තියෙන්නේ ඒ වෙද්දී අපේ රට පාලනය කරන්නේ ලෝකයම වන්දනා කරන පිරිසිදු නායකයකු වීම නිසයි.

ආනන්ද මෛත්‍රෙය නාහිමියන් ගැන කියැවෙන තවත් සුවිශේෂ කතාවක් තමයි උන්වහන්සේ කතරගම දෙවියන් සහ විෂ්ණු දෙවියන්ව පියවි ඇසින් දැකලා තිබෙනවාය කියන එක. නමුත් උන්වහන්සේ ඒ පිළිබඳ වැඩි සඳහනක් කරලා නැත්තේ, සාමාන්‍ය ජනතාව එය විශ්වාස නොකර, උන්වහන්සේට චෝදනා කර අකුසල් රැස්කර ගනීවි යන අදහසින් බවයි පැවැසෙන්නේ.
අපි දැන් සොයාබලමු ලෝ ප්‍රකට අනාවැකිකරුවකු වූ බාබා වැන්ගා කියපු අනාවැකි කිහිපයක් ගැනත්. ඔහු කුඩා කාලයේදී වැලඳුණු යම් රෝගී තත්ත්වයක් නිසා ඔහුගේ දෑස නොපෙනී යනවා. ඉන් පසුව ලැබුණු යම් ආශ්චර්යවත් ශක්තියක් නිසා තමයි වසර දහස් ගණනක් එපිට අනාගතය ගැන අනාවැකි කීමේ හැකියාව ඔහුට ලැබිලා තියෙන්නේ. ඔහු කියන විදියට 2023 පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ ගමන් කරන මාර්ගය වෙනසක් ඇතිවෙනවා.

ඒ අනාවැකිය ඇත්තක් වේවිද කියලා අපි බලාගෙන ඉමු. වර්ෂ 2167දී ලෝකයේ තියෙන සියලු ආගම් නැතිවී ගොස් එක් ආගමක් පමණක් ඉතිරි වන බවත් බාබා වැන්ගා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වෙනස සිදුවෙන්නේ 2023න් පස්සේ ශ්‍රී ලංකාවෙන් බිහිවෙතැයි පැවැසෙන ලොවක් වන්දනා කරන කීර්තිමත් රාජ්‍ය පාලකයා නිසාද කියන එකත් අපි විමසා බැලිය යුතුයි. වැන්ගාගේ මේ අනාවැකියට සමාන අදහසක් පළකරමින් තාරකා විද්‍යාඥ ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කරලා තියෙනවා වර්ෂ 2500 වන විට ලොව ඇති සියලු ආගමික සංස්ථා බිඳවැටී බුදු දහම පමණක් ඉතිරි වන බවට අනාවැකියක්. ඒ කාලයේදී ලොව ආධ්‍යාත්මිකත්වයේ කේන්ද්‍රස්ථානය වෙන්නේ අනුරාධපුර නගරය කියලයි ඒ අනාවැකියේ සඳහන් වෙන්නේ.

Media M යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

වන අලින්ට කතා කරලා මෙල්ල කරන සේරුවාවිල තරුණිය I Sri Lanka Latest News

Next Post

IMF වාර්තාවේ වාසි සහගත කෑල්ල විතරයි රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වේ! මෙන්න රනිල් හිතාමතාම නොකියපු IMF වාර්තාවේ තියෙන රටට අවාසිසහගත කෑල්ල! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

Load More
කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

රටින් පලා ගොස් සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් දෙවුන්දර දේවාලයේ බස්නායක නිළමේවරයා වන තිළිණ මධුසංඛ මහතා වෙත ලබා දුන්...

Read more
ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper