• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාව මරු විකල්ලෙන් පාරට බහී… ජනාධිපතිවරණය කල් දාන්න ගිහින් සෙනගාලය ගිනි ගනී… ලංකාවේ නම් පළාත් පාලන ඡන්දය කල් දැම්මා ජනාධිපතිවරණය කල් දාන්න හදනවා කියනවා I Sri Lanka Latest News

February 12, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ජනාධිපතිවරයා මේ රටේ සියලු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා. පෙබරවාරියේදී පවත්වන්නට තිබුණු ජනාධිපතිවරණය ඔහු ඉතා හිතුවක්කාර ලෙස කල් දමලා. ඔහුට එහෙම කරන්න කිසිම ව්‍යවස්ථාමය අයිතියක් නැහැ. ඔහුට සහ ඔහුගේ රජයට සහාය දක්වන නීති සම්පාදකයන් ලවා ව්‍යවස්ථා විරෝධී ලෙස නීති සම්පාදනය කරගෙන, ජනාධිපතිවරණය කල් දමා තිබෙනවා. ඔහුට ජනාධිපතිවරණයට මුහුණ දෙන්න තිබෙන බිය නිසයි මෙහෙම කරලා තියෙන්නේ.(Sri Lanka Latest News)

ඔහුගේ මෙම හිතුවක්කාර ක්‍රියාව නිසා අද මුළු රටම එකම යුද පිටියක් බවට පත්වෙලා. බලන්න ජනතාව කුපිත වෙලා උද්ඝෝෂණ අරගලයන් කරන හැටි. එම අසාධාරණ අරගලවලට එරෙහිව රජය දරණු විදියට මර්දනය ක්‍රියාත්මක කරලා. අරගලකරුවන් සිය ගණනක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අතර පොලිසිය හා හමුදාව දිගින් දිගටම අරගලකරුවන්ට පහර දෙනවා. මෙම පෙබරවාරි 25 වැනිදාට තමයි ජනාධිපතිවරණය තියන්න තිබුණේ. ඒත් ජනාධිපතිවරයා එය දෙසැම්බර් දක්වා කල් දාලා. ඔහු මුළුමනින්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා….’

කුමක්ද මෙලෙස ඇසෙන කතාන්දරය? මෙම වගතුග අපට ඇසෙන්නේ කොතැනකින්ද? මෙම උද්වේගකර කතාව අපට ඇසෙන්නේ ශ්‍රී ලංකාවට බොහෝ දුර රාජ්‍යයක් වන සෙනගාලයෙනි. සෙනගාල් (Senegal) යනු බටහිර අප්‍රිකාවේ රටක් වන අතර, එය අත්ලාන්තික් සාගරයට මායිම්ව පිහිටා ඇත. සම්පූර්ණයෙන්ම අප්‍රිකානු කළු ජාතීන් වාසය කරන සෙනෙගාලයේ ජනගහනය ලක්ෂ 184ක් පමණ වෙයි.

බහුතරය ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් ඇති මෙම රටෙහි ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1,714ක් වැනි අවම අගයකි. ශ්‍රී ලංකාවේ වත්මන් ඒකපුද්ගල ආදායම ඩොලර් 3,300ක් පමණ වන අතර, එයද එක්තරා අයුරකින් අවම අගයකි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවද අප්‍රිකාවේ දරිද්‍රතාව ඇති රටවල් ගොන්නට වැටුණු දේශයක් විය. දැන් එම තත්ත්වය යම් පමණකින් දුරස් වී ඇත. සෙනෙගාලය පාලනය වන්නේ පාර්ලිමේන්තුවක් සහිත ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ මගින් පාලකයන් තෝරාගන්නා පාලන ක්‍රමයක් මගිනි. කෙසේ හෝ සෙනෙගාලය තමන්ගේ ආර්ථිකය සඳහා ධනය උපයා ගන්නේ පතල් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, මත්ස්‍ය හා කෘෂි කර්මාන්තය වැනි ක්ෂේත්‍රයන් හරහාය.

ඔබට මෙලෙස සෙනගාලය නමැති අප්‍රිකානු රට ගැන යම් කෙටි වගතුගක් ලියා තැබුවේ ඔබට අද කියන්න යන සිදුවීම වඩාත් පැහැදිලි කරගැනීම උදෙසාය. දැන් එසේ නම් මෙම කතාවේ මුලින්ම ඔබට ලියා තැබූ මැතිවරණයක් ගැන වගතුග කුමක්ද? එය සෙනගාලය තුළින් ඇසුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් සෙනගාලයේ ජනාධිපතිවරණය පැවැත්වීම අත්තනෝමතිකව කල්දැමීම මත එරට තුළ ඇතිවී තිබෙන මහා අර්බුදයක් එසේ ප්‍රකාශ විය. එම වත්මන් තත්ත්වය යටතේ එරට තුළ මේ වන විට මහා ජනතා අරගල රාශියක් උද්ගතව ඇත.

සෙනගාලය මෙම දිනවල එකම ගිනි ජාලාවක් බවට පත්ව ඇත. එම අර්බුදයට මැදිව සිටින ජනතාවගේ මුවින් පිටවන උද්වේගකර අදහස් පෙළක් මෙම ලිපියේ මුලින් ලියා තැබුවෙමි. සෙනගාලයේ වත්මන් ජනාධිපති මැකී සැල් (Macky Sall)ගේ හිතුවක්කාර, ඒකාධිපති ක්‍රියාකලාපයක් හේතුවෙන් මෙම ගිනි ජාලාව රට තුළ ඇතිවිය. දැනට 62 වැනි වියේ පසුවන මැකී සැල්, එරට ජනාධිපති ධුරයට පත්වන්නේ 2012 අප්‍රේල් 02 වැනිදා වන අතර, ඔහු දැනටත් එක දිගටම වසර 12කට ආසන්න කාලයක් එම ධුරයේ රැඳී සිටියි.

ජනාධිපතිවරණ දෙකක් දිනාගනිමින් එසේ ඔහු එම ධුරයෙහි කටයුතු කරන අතර, ඔහුගේ මෙවර ධුරය අවසන් වන්නේ 2024 අප්‍රේල් මාසයේදීය. එහෙයින් ඉන් පෙර නව ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා මෙම පෙබරවාරි 25 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එහෙත් පසුගියදා මැකී සැල් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණය කල්තැබෙන බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්නා බවත්ය. ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් තමන්ගේ පක්ෂයට බහුතර බලය ඇති පාර්ලිමේන්තුව ලවා සම්මත කරගත්තේය. ඒ සඳහා ආසන 165කින් සමන්විත සෙනගාල් පාර්ලිමේන්තුවේ ආසන 105කම මන්ත්‍රීවරුන් බහුතර ඡන්දය ලබාදී තිබිණි.

මේ නිසා යෝජනාව ජයග්‍රහණය කළ අතර, ජනාධිපතිවරණය 2024 දෙසැම්බර් 15 දක්වා කල්තැබිණි. එම යෝජනාවත් සමගම තවත් යෝජනාවක් සම්මත කරගත්තේ නැවත ජනාධිපතිවරණය එලෙස පැවැත්වෙන තෙක් සෙනගාලයේ ජනාධිපතිවරයා වන්නේ මැකී සෙල් ලෙසටය. මෙය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වූ අතර, එහෙත් නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව හරහා එය ඉෂ්ට කරගත්තේය.

සෙනගාලයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙලෙස මැතිවරණයක් කල් තැබූ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය සැලකෙයි. මෙම තත්ත්වය යටතේ විරුද්ධ පක්ෂය මෙම සිදුවීම හඳුන්වා දී තිබෙන්නේ ‘සංවිධානාත්මක ආයතනික කුමන්ත්‍රණයක්’ ලෙසටය. එයින් අර්ථවත් කර ඇත්තේ ජනාධිපතිවරයා ප්‍රධාන තම පාර්ලිමේන්තු බහුතර බලය යොදාගනිමින් සැලසුම් කළ කුමන්ත්‍රණයක් ලෙසය. මෙහිදී ජනාධිපති මැකී සැල් ප්‍රකාශ කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණය අපේක්ෂක ලැයිස්තුවේ ඇති අර්බුදයක් හේතුවෙන් මෙලෙස මැතිවරණය කල් දැමීමට සිදුවූ බවය.

ඇතැම් අපේක්ෂකයන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති දූෂණ වංචා චෝදනා සහ තවත් අපේක්ෂකයන්ට එරෙහිව නැගී ඇති ද්විත්ව පුරවැසිභාවයේ ප්‍රශ්නද හේතුවෙන් ජනාධිපතිවරණය නිසි අයුරින් පැවැත්වීමට නොහැකි යැයි ජනාධිපති මැකී සැල් ප්‍රකාශ කර ඇත. මෙවර පෙබරවාරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 20 දෙනකු ඉදිරිපත්ව සිටිති. මෙලෙස ජනාධිපතිවරයා නිදහසට ඉදිරිපත් කර ඇති කරුණු තමන්ට පිළිගත නොහැකි යැයි සෙනගාලයේ විපක්ෂය චෝදනා කර ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරණ දිනය සම්මත කරගැනීමේ යෝජනාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු 15ක් පමණ පාර්ලිමේන්තුවේ කතානායක අසුන අසල පීඨිකාවට කඩාවැදී විරෝධතාව ප්‍රකාශ කර ඇත. විවාදය ආරම්භ වී ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රථම මෙම කෝලාහලය සිදුව තිබිණි. මෙම උද්ඝෝෂණය පාර්ලිමේන්තුව තුළ පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අතර, පසුව ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් විසඳා ගැනීමට හැකි විය. ඡන්ද විමසීම පවත්වා ඇත්තේ ඉන් පසුවය. සෙනගාලයේ ජාතික ධජයේ වර්ණයෙන් සැරසුණු ඇඳුම් ඇඳගත් විපක්ෂයේ මන්ත්‍රීවරු මෙම උද්ඝෝෂණය මෙහෙය වූහ. විපක්ෂය ප්‍රධාන කරගත් කැරැලිකාර මන්ත්‍රී කණ්ඩායම එම විරෝධතා දැක්වූහ.

මෙලෙස සෙනගාලයේ ජනාධිපතිවරණය කල් දැමීමට එරෙහිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් තිදෙනකු නීතිමය අභියෝග ඉදිරිපත් කර ඇති අතර, දෙදෙනෙක් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු ගොනුකර ඇත. මෙම විරෝධතා පියවරයන්ට අමතරව දැනට දින ගණනාවක සිට අතිශය උග්‍රවී ඇත්තේ ජනතා උද්ඝෝෂණ සහ අරගල ගණනාවකි. එහිදී විපක්ෂයේ ක්‍රියාකාරීන් සහ පොදු ජනතාවද දසදහස් ගණනින් වීථි බැස තම අරගලයන් දියත් කරති.

මේ අතර සෙනෙගාලයේ බලධාරීන් විසින් පසුගිය ඉරිදා සිට අන්තර්ජාල ප්‍රවේශයද සීමාකර ඇත. මෙය සමාජ මාධ්‍ය ජාල මර්දනය කිරීමේ පරමාර්ථයෙන් සිදුකර ඇත. මේ අතරම ජනතා උද්ඝෝෂණවලට පූර්ණ සහාය දැක්වූ සෙනගාලයේ එක් ප්‍රකට රූපවාහිනී ආයතනයක විකාශනය සහ එහි බලපත්‍රයද අවලංගු කර දමා ඇත. මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම මාධ්‍ය මර්දනයක් ලෙස එරට විපක්ෂය හෙළාදැක ඇත. මේ අතර, පසුගියදා ඇමෙරිකාව සහ අප්‍රිකානු සංගමයද ප්‍රකාශ නිකුත් කරමින් කියා ඇත්තේ ජනාධිපතිවරණය සාධාරණ අයුරින් පැවැත්වීමට පියවර ගත යුතු බවය.

මෙම අර්බුදයේදී සුවිශේෂ වගතුගක් හෙළිවන්නේ මෙතැනදීය. එනම්, සෙනගාලයේ විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කරන ඔස්මේන් සොන්කෝ (Ousmane Sonko) නමැති 49 හැවිරිදි දේශපාලකයා පසුගිය 2023 ජුනි මාසයේදී වසර 02ක් සඳහා සිර දඬුවමකට යටත් කිරීමය. ඒ අනුව මේ වන විට ඔහු සිටින්නේ සිරගෙදරය. ඔහුගේ අනුගාමිකයන් රැසක් සහ සෙනගාලයේ හිටපු අගමැතිවරයකුගේ අනුගාමිකයන් රාශියක්ද දැනට රජයට විරුද්ධව අරගල මෙහෙයවමින් සිටිති. සෙනගාලයේ මෙම අර්බුදයට මෙතෙක් විසඳුමක් දක්නට නැත. සෙනගාලයේ පමණක් නොව අපගේ ශ්‍රී ලංකාවේද හැම විටම අර්බුද ඇති කළේ ජනාධිපතිවරුන්ය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඩයනාගේ මන්ත්‍රී ධූරයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීම අද ආරම්භ කරයි! I Sri Lanka Latest News

Next Post

විජාතිකයෝ රට ගිලගන්නවා! ඊට එරෙහිව පොදු වේදිකාවක් හදමු! විජේවීරගේ පුතා රෝහණ විජේවීරගෙන් ගිලිහුණු කොඩිය ගන්නද යන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.