• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතියෙ දෙවඟනගෙ ඇස් වහපු රෙදිකඩ ගලවලා ලෝකෙ වෙන දේ හරියට පෙන්නපු සාලිය පීරිස්…

April 1, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
නීතියෙ දෙවඟනගෙ ඇස් වහපු රෙදිකඩ ගලවලා ලෝකෙ වෙන දේ හරියට පෙන්නපු සාලිය පීරිස්…
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල සාලිය පීරිස් මහත්තයගෙ නම නිතරම ඇහෙනවා. ඒ, එතුමා නීතිඥ සංගමයේ සභාපතිකමෙන් ඉවත් වෙච්ච නිසා නෙවෙයි. එක එක දේවල්වලට සාලිය පීරිස් මහත්තයගේ නම ඈඳෙමින් ඒවාට ඔහු සම්බන්ධ බව කියමින් ඇතිවෙන කතන්දර නිසා. ඇත්තටම මාතෘකාව විය යුත්තේ සාලිය පීරිස් මහත්තයා හරක් කටා වෙනුවෙන් පෙනී සිටින්නට ගියාය කියන කාරණාවත් එක්ක. අපි දන්නවා මේ හරක් කටාලා, කුඩු සලිඳුලා කියලා කියන්නේ නමගිය අපරාධකාරයෝ. එහෙම මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න සාලිය පීරිස් මහත්තයා ගියාද? අපි හිතමු සාලිය පීරිස් මහත්තයා මේ කතාවෙන් අපි ඉවත් කරනවා කියලා. හරක් කටාට හෝ කුඩු සලිඳුට අසනීප වෙනවා. ඔවුන් රෝහලකින් බෙහෙත් ගන්නවා. අපි ඒ රෝහලේ ඔහුට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයාට චෝදනා කරනවා හරක් කටාටයි, කුඩු සලිඳුටයි බේත් කළා කියලා. ඇත්තටම හරක් කටාටයි, කුඩු සලිඳුටයි බේත් කළ යුතුද නැද්ද කියන එක ගැන අපි චුට්ටක් හිතන්න ඕනනේ. ඔවුන් සමහර වෙලාවට තුවාල වෙලා තියෙන්නේ කුඩු සම්බන්ධව තියෙන ඉතා නරක අපරාධ අවස්ථාවකදී වෙන්න පුළුවන්. බන්ධනාගාරගත වෙච්ච අපරාධකාරයෙක්ටත් තුවාල වුණාට පස්සේ සමහර වෙලාවට මරණ දඬුවම නියම වූ අයවත් මරණයෙන් ගලවාගෙන ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේ දේවලදී මේ වෘත්තීන් සහ ඔවුන්ගේ වෙනත් කාරණාවන් එකට ගළපන්නට යෑම අපි විශ්වාස කරනවා එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා.

ඇත්තටම සාලිය පීරිස් මහත්තයා හරක් කටාලා කුඩු සලිඳුලා වෙනුවෙන් පෙනී සිටියාය කියන නිසයි අපි මේක කිව්වේ. අපි දන්නේ නෑ ඇත්තටම ඔහු පෙනී සිටියද කියලා. අපට ඇත්තටම ඒක වැඩක් නෑ. අපි ඔබටත් කියන්නේ හඳට ඇඟිල්ල දික්කළාට පස්සේ ඇඟිල්ල දිහා බලන්නේ නැතුව, ඇඟිල්ලේ ඇදේ ගැන කතා කරන්නේ නැතුව, නියපොතු කපලා නෑ කියන එක ගැන කයි කතන්දර ලියන්නේ නැතුව හද ගැන අපි කතා කරමු. සාලිය පීරිස් මහත්තයලා කතා කරන්නේ මේ රටේ ආර්ථික ප්‍රශ්නයට වගකිවයුත්තෝ කවුද, මේ රටේ නීතිය බලගැන්වීම සඳහා මොනවද කළ යුත්තේ, මේ රටේ දූෂණය නවත්වන්න මොනවද කළ යුත්තේ කියන දේවල් ගැන. ඇත්තටම ඒ වෙනුවෙන් සාලිය පීරිස් මහත්තයා පහුගිය කාලේ ඉතා වැඩි වශයෙන් ඉදිරිපත් වූ බව අපි දැක්කා. මෙහෙම කෙනෙක් ඒ වගේ දේවලට ඉදිරිපත් වෙනකොට ඒකෙන් වැඩිපුර රිදෙන්නේ මේ මොහොතේ ඉන්න ඒ ජාතියේ වැරැදි කරන අයට. නැත්නම් අපරාධකාරයෝ වෙනුවෙන් පෙනීසිටීමේ වරද ගැන කතා කරමින්, මේ දේවල් ගැන කතා කරන්න තරම් රටට ජාතියට ආදරේ කරන මිනිස්සු අපේ රටේ ඉන්නවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ. අපි කියන්නේ බහුතරයක් ගැන. ඇත්තටම එහෙම අය ඉන්නවා.

කොහොම නමුත් සාලිය පීරිස් මහත්තයාව තනිකරලා ඔහුට පහරදීලා, ඔහු නරක මිනිහෙක් බවට පත්කරන්න සමහරුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ එතුමා රැඩිකල් නීතිඥවරයෙක් විදියට, රැඩිකල් සභාපතිවරයෙක් විදියට නීතිඥ සංගමය වෙනුවෙන් වැඩ කරපු නිසාද කියලා අපට නිකන් හිතෙනවා. ඔහු මිරිහානේ සිදුවීම, ගෝල්ෆේස් අරගලය, මේ පුද්ගලයන්ව නිදහස් කරගැනීම, ඒ වෙනුවෙන් පෙනීසිටීම වැනි දේවල් සාලිය පීරිස් මහත්තයා ඉතා ඉක්මනින් සිදුකළා. සමහර වෙලාවට රටේ ඇතිවෙමින් තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල කැළලකට ඔවුන් මැදිහත් වුණා. ඔවුන් ඒකෙදී ප්‍රජාතන්ත්‍රවාදය ශුද්ධ ලෙස පාවිච්චි කරන්න තමන්ට හැකි දේවල් කළ බව අපට හිතෙනවා. ඒ වගේම අපි දැක්කා සමහර තැන්වලදී ඔවුන් ලියුම් ලියනවා, සමහර කාරණාවලට මැදිහත් වෙනවා, සමහර දේවල් ගැන විමසනවා, සමහර දේවල් කරන්න එපා කියලා ඔහු කියනවා. මේවා ඔහු කළ යුතු දේවල් නෙවෙයි කියලා සමහරු තර්ක කළා. ඇතැම් විට ඒවා වෘත්තීයභාවයට හෝ සභාපති ධුරයට අවශ්‍ය හෝ එහි වපසරිය ඇතුළේ සිදුවිය දේවල් නොවෙන්න පුළුවන්. හැබැයි පුරවැසියන් ලෙස අපි මේ රටේ සාධාරණය අසාධාරණය වෙනුවෙන් පෙනීසිටින එක කොයි තත්ත්වයේදී වුණත් අගය කළ යුතුයි. ඇත්තටම බස් එකක් කැඩුණට පස්සේ ඒ බස් එකේ ධාවනය නතර වුණාට පස්සේ ඒ බස් එකේ යන කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා මම මේක හදලා දෙන්නම් කියලා කිව්වම අපි ඔහු මෝටර් රථ කාර්මිකයෙක්ද, ඔහු ලංගමයේ සේවකයෙක්ද, ඔහුට මේකට පඩි ලැබෙනවද, ඔහු මේක හදලා තව කෙනෙකුට පෙන්නලා වීඩියෝ කරලා කීයක් හරි හොයාගනීද වගේ දේවල් ගැන හිතමින් ඉන්නවා නම් අපට වෙන්නේ බස් එක මග දාලා පයින් යන්න. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ බස් එක මග දාලා පයින් යන තත්ත්වෙට අපි පත්වෙලා ඉවරයි. දැන් බස් එක කැඩිලා තියෙන්නේ. ඒ නිසා මේ බස් එක හදාගන්න පුළුවන් නම් උදව් වෙන්න. මේ වගේ හඳ දිහාට ඇඟිල්ල දික් කළාම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව. මේක එක කතාවක්. ඇත්තටම මේ කතාව අපි කියන්නේ සාලිය පීරිස් මහත්තයව දැකලවත්, එතුමාගෙන් කීයක් හරි අරන්වත්, එතුමාගෙන් පොඩි සපෝට් එකක් ගන්න හිතාගෙනවත් නෙවෙයි. අපට සාලිය පීරිස් මහත්තයෙන් ඇති වැඩකුත් නෑ. අපට කුඩු සලිඳුලගෙන්, හරක් කටාලගෙන් ඇති වැඩකුත් නෑ. නමගිය අපරාධකාරයන්ගෙන් කිසිම ආදරයක්, ගෞරවයක් අපට අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒ වගේම මේ රටේ දේශපාලකයන් විසින් තමන්ගේ දේශපාලන උපක්‍රම සඳහා බොහෝ දේ පාවිච්චි කරන බව අපි හොඳටම දන්නවා. ඒ නිසා මේ අපරාධකාරයෝ නිර්මාණය කළෙත් ඔය දේශපාලකයොම තමයි. ඒ නිසා මේ අපරාධකාරයන්ගේ මුල තියෙන්නෙත් හොයාගෙන හොයාගෙන ගියොත් ඒගොල්ලෝ ගාව. ඒ නිසා මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිය එක වැරැදියි වගේ බහුබූත කතා කියන්නේ මේ අපරාධවලම කොටස්කාරයෝ බවත් අපි හොඳටම දන්නවා.

‘2021 වර්ෂයේ පෙබරවාරි මස 24 වැනි දින ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය හා බලාපොරොත්තුව සිත්හි රඳවා තබා ගනිමින් අපගේ වෘත්තියේ ගෞරවනීය සාරධර්මවලට අනුකූලව එහි යහපත උදෙසා ක්‍රියාකිරීමට මම සෑම විටම ඉමහත් පරිශ්‍රමයක් දැරීමි. මා ධුරයෙන් ඉවත් වන මේ අවස්ථාවේදී, ඔබගේ අපේක්ෂාවන්ට අනුකූලව මෙම ධුරයේ රාජකාරි ඉටු කිරීමට සමත් වූයේ යැයි විශ්වාස කරමි. ඔබ මා වෙත ලබාදුන් සහයෝගයත් සමගින් මා නිරන්තරයෙන් ශක්තිමත් හා ධෛර්යමත් වීමි.

නීතීඥ සංගමයේ සාමාජිකයන්ගේ සුභසාධනය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය සිදුකරන අතරවාරයේ දැයේ ජනතාවගේ විශ්වාසය පුබුදුවාලමින් නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ සහ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වූ ශක්තිමත් හා ජවසම්පන්න ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැජඹෙනු ඇතැයි යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනය වේ.’
මේ, සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති පුටුවෙන් සමුගන්නා මොහොතේ කරපු කතාව. අපි මේ රටේ ක්සිවෙක්ට චරිත සහතික දෙන්න කලබල වෙන්නෙ නෑ. ඒත් ඔහු අපූරු කතාවක් කිව්වා අපි දැක්කා. ඒකෙ තිබුණෙ මෙන්න මෙහෙම අර්ථයක්.

‘ඔය කෑගහන හැමෝම ප්‍රශ්නයක් වුණම දුවගෙන එන්නෙ අපි ළඟට…’ කියලා. ඔහු එහෙම කිව්වෙ ලංකාවෙ දේශපාලකයො ගැන කතාකරන අවස්ථාවක. ඇත්තටම කියනවා නම් ඒ අයට උත්තර දුන්න අවස්ථාවක. කොහොම දේශපාලකයො ජනතාවගෙ දේවල් හොරා කාලා මිනිස්සු රිදවලා නීතියෙ හිල්වලින් පැනලා යනවා නම් හරි, එහෙම පැනලා යන්න උදව් කරනවා නම් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලයි අපිට හිතෙන්නෙ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ක්‍රිකට් අවුල දුරදිග යයි! අර්ජුන එක්ක හැප්පුණු ක්‍රීඩා ඇමැති‌ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් ඉල්ලා අස්වෙයි! අර්ජුනට බරපතළ චෝදනාවකුත් කරයි! මරණ තර්ජන කළාට නඩු දාන්නත් ලෑස්ති වෙයි! ඇමැතිට යවපු ලියුම මෙන්න! ‌

Next Post

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති හිමියන් අපවත් වීමට දින 5කට පෙර කෝටි 10ක් වටිනා ඉඩමක් තෑගි ඔප්පුවකින් පවරලා! ඔප්පුව ලියාපදිංචි කරන්න ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය බෑ කියයි! ඉඩම ලැබුණු කාන්තාව උසාවි යයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.