• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති හිමියන් අපවත් වීමට දින 5කට පෙර කෝටි 10ක් වටිනා ඉඩමක් තෑගි ඔප්පුවකින් පවරලා! ඔප්පුව ලියාපදිංචි කරන්න ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය බෑ කියයි! ඉඩම ලැබුණු කාන්තාව උසාවි යයි!

April 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති හිමියන් අපවත් වීමට දින 5කට පෙර කෝටි 10ක් වටිනා ඉඩමක් තෑගි ඔප්පුවකින් පවරලා! ඔප්පුව ලියාපදිංචි කරන්න ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය බෑ කියයි! ඉඩම ලැබුණු කාන්තාව උසාවි යයි!
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති  පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර  තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10ක වටිනාකමක් ඇති ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව විරෝධතා ලබන ජූනි මස 22වැනිදා ගොනු කරන ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට ඊයේ (30දා) නියෝග කළාය.

රුපියල් කෝටි 10ක වටිනාකමක් ඇති ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා විසින් ප්‍රතික්‍ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙස රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන මෙන් ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරියක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් විනිසුරුවරිය මෙලෙස නියෝග කළේය. දිසා විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර, නිදහස් මාවත, ඉසුරුපුර අංක 03/2 ඒ/260 ලිපිනයේ පදිංචි එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත්, නීතිඥ ආලෝක බණ්ඩාර ප්‍රේමරත්න මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක් යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, රජ්යේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා  සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයායි.

පෙත්සම්කාර දුලාංජලී දිනේෂා  කුමාරි හේරත් යන අය නීතිඥ ආලෝක බණ්ඩාර ප්‍රේමරත්න මහතා මගින් ස්වකීය පෙත්සමෙන් අධිකරණයට පවසා ඇත්තේ, තමා ත්‍යාගලාභියා වෙමින්ද හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් ත්‍යාග දීමනාකරු වෙමින්ද අනුරාධපුරයේ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් ලියා සහතික කරන ලද අංක 5493 සහ 2022.10.13 දින දරන තෑගි ඔප්පුව (අනුරාධපුර මහ නගර සභා සීමාව තුළ පිහිටි අනුරාධපුර නව නගරයේ පළමු පියවරෙහි ඇලබොඩ කැලේ නමින් හඳුන්වන ඉඩම) නිසි පරිදි සහතික කර උතුරු මැද පළාත් සභාවට ගාස්තුද ගෙවා ලියාපදිංචිය සදහා රජයට ගෙවිය යුතු ගාස්තුද නිසි පරිදි ගෙවා ලියාපදිංචිය සදහා දෙවැනි වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ බවයි.

එම ලේඛන ලියාපදිංචි කිරීම සදහා දිනපොත් අංක ඩී/බී 4787 සහ 2022.12.18 (අටමස්ථානාධිපති හිමියන් අපවත් වූ දින) දිනැතිව භාරගත් බවද අධිකරණයට සැළ කර සිටින පෙත්සම්කාරිය, එසේ ලියාපදිංචිය සදහා භාරගත් අංක 5493 හා 2022.10.13 දින දරන, ප්‍රසිද්ධ නොතාරිස් විසින් සහතික කරන ලද තෑගි ඔප්පුව දෙවැනි වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඔහුගේ අංක අනු/ඊ රෙ/2/ රපො/06/2021/42/2022 හා  2022.10.20 යන දින දාතමින් යුක්තව ඉඩම ලියාපදිංචිය ප්‍රතික්‍ෂේප කරමින් ප්‍රසිද්ධ නොතාරිස් වෙත ආපසු එවා ඇති බවද සදහන් කර තිබේ.

දෙවැනි වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉහත සඳහන් කරන ලද තෑගි ඔප්පුවේ ලියාපදිංචිය ප්‍රතික්‍ෂේප කිරීමට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ, ඔප්පුවේ පාර්ශ්වකරුවන් සහ සාක්‍ෂිකරුවන් කොළඹදී (සිරිනිවාස හිමියන් ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලේදී) අත්සන් කළ බව නොතාරිස් සහතිකයේ සඳහන් වන නමුත්, නොතාරිස්වරයාගේ අධිකරණ කලාපය අනුරාධපුර අධිකරණය කලාපය වීම යනුවෙන් බවද පෙත්සම්කාරිය ප්‍රකාශ කර ඇත. පසුව මෙම තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කිරීමට වගඋත්තරකරුවන් විසින් ගෙන  ඇති තීරණය පිළිනොගන්නා බවත්, තෑගි ඔප්පුව පාර්ශ්වකරුවන් සහ සාක්‍ෂිකරුවන් නිසි ලෙස අත්සන් කර නිසි අධිකරණ කලාපය තුළදී සහතික කර ඇති නිසා එය ලියාපදිංචි කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ නොතාරිස්වරයා මගින් වගඋත්තරකරුවන්ට නැවත අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පවසා සිටින පෙත්සම්කාරිය,  එම අභියාචනයට අනුවද වගඋත්තරකරුවන් 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කර ඇති බවද සැළ කර සිටියි.

පාර්ශ්වකරුවන් සහ සාක්‍ෂිකරුවන් නිසි ලෙස අත්සන් කර නිසි අධිකරණ කලාපය තුළදී සහතික කර ඉදිරිපත් කරන ලද අංක 5493 දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම වගඋත්තරකරුවන් ප්‍රතික්‍ෂේප කිරීම නිසා තමා දැඩි ලෙස අගතියට පත්ව සිටින බවද සදහන් කරන පෙත්සම්කාරිය, වගඋත්තරකරුවන් විසින් මුල් අවස්ථාවේදී මෙන්ම අභියාචනයේදීද තම නමින් ඇති ඔප්පුවේ ලියාපදිංචිය ප්‍රතික්‍ෂේප කිරීම නීතියට පටහැණි බවද පවසා ඇත. ඒ අනුව නොතාරිස්වරයා විසින් ලියා සහතික කරන ලද 5493 දරන  තෑගි ඔප්පුව නොතාරිස් ආඥා පනතේ විධි විධානයන්ට අනුකූලව සහතික කර ඇති ඔප්පුවක් බවට තීන්දු කරන ලෙසද පෙත්සම්කාරිය අධිකරණයෙන් අයැද තිබේ.

තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම  වගඋත්තරකරුවන් විසින් ප්‍රතික්‍ෂේප කිරීම නීතියට පටහැණි බවට තීන්දු කරන ලෙසත්, තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇති පෙත්සම්කාරිය 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයිද ඉල්ලා තිබේ.  පෙත්සම්කාර පාර්ශ්වය  වෙනුවෙන් නීතිඥ ආලෝක බණ්ඩාර ප්‍රේමරත්න මහතා පෙනීසිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මාලනී රණේපුර මහත්මිය පෙනීසිටියාය.

මෙම තෑගි ඔප්පුවේ සඳහන් කරුණුවලට අනුව එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත්ට 5493 අංක දරන අනුරාධපුර නගරයේ පළමු පියවරේ පිහිටි ඉඩමකට අදාළ ඔප්පුව හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනාවස හිමියන් විසින් තෑගි කර ලියාදී ඇත්තේ, 2022.10.13 වැනිදා සහ උන්වහන්සේ අපවත් වූයේ, 2022.10.18 වැනිදාය. ඒ අනුව මෙම තෑගි ඔප්පුව සිරිනිවාස හිමියන් විසින් උන්වහන්සේ අවසන් වරට ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලේදී ඇයට තෑගි කරදී ඇත්තේ, උන්වහන්සේ අපවත් වීමට දින පහකට පෙරය.

SendShareShare
Previous Post

නීතියෙ දෙවඟනගෙ ඇස් වහපු රෙදිකඩ ගලවලා ලෝකෙ වෙන දේ හරියට පෙන්නපු සාලිය පීරිස්…

Next Post

කංචන අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවකයන් උසාවි යන්න තීන්දු කරයි! මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලකුත් දමයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.